“බේවිස්ගෙ ගහ නගර සභාවෙන් කපල දාලා”
![]() |
බේවිස් මනතුංග |
අප ගත කරන්නේ තුත්තිරි ගසක්වත් කපා දැමිය යුතු යුගයක නොවේ. වනාන්තරයක් මැද ඇති ගසක් වුව බිම හෙළීම සාහසික බව මගේ අදහසයි. නගරයක ඇති ගහ කොළ නිවසකට මල් බඳුන් වැනි ය. එහෙයින් නගර මධ්‍යයේ, වීදි දෙපස ඇති වියපත් වෘක්ෂයක් පවා දැඩි සත්කාර කරමින් රැක ගත යුතු ය.
ඛලීල් ජිබ්රාන් පවසා ඇති අන්දමට සෑම ගසක් ම කවියකි (Trees are Poems) ගසක සැඟැවුණු කවිය කියවා ගත නොහැක්කෝ එය වනසති.
බේවිස්ගේ ගස පිහිටා තිබුණේ මහනුවර දළදා වීදියේ එක් පසෙක ය. එය ඉදිරියෙන් KCC නමින් හැඳින්වෙන දැවැන්ත වෙළෙඳ සංකීර්ණය ය. අත්වාරු උදව්වෙන් ඇවිදින බේවිස්, සෑම උදෑසනක ම එම ගස් සෙවණේ පිහිටි සිමෙන්ති පිල් කඩ වෙත පැමිණ එහි හිඳ ගනී. එතැන් සිට ඔහුගේ ප්‍රධාන රාජකාරිය වන්නේ මඟ යනෙන දන්නා හඳුනන සෑම කෙනකු ම සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදීමයි.
නමින් බේවිස් මනතුංග වන ඔහු කිංස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ගායකයකු මෙන් ම දක්ෂ ගිටාර් වාදකයකු ද වන බේවිස් ශ්‍රී ලාංකික කලා – සංස්කෘතික ක්ෂේත්රය පිළිබඳ අවදියෙන් පසුවන්නෙකි. මහනුවර සිට ක්‍රියාත්මක වන ‘වික්ටර් හාරා’ සංගීත කණ්ඩායම ද බේවිස් ගේ පුරෝගාමිත්වයෙන් බිහිවූවකි.
‘යු ටියුබය’ තුළින් බේවිස්ගේ ප්‍රසංග හා ගීත දැකගත හැකි ය . ඒ අතුරින් වඩාත් ජනපි‍්‍රය “ළඳුනේ” ගීතයේ මුල් වදන් මෙසේ ය.
දහදිය මුතු බිඳු - කාසි කරන ළඳුනේ
ඒ රන් කාසියේ අයිතිය නැති ළඳුනේ
විවිධ වැඩරාජකාරි සඳහා මහනුවර නගරයට එන බොහෝ දෙනා, බේවිස්ගේ මිතුරෝ ය. ඔවුහු, බේවිස්ගේ ගස පාමුළ සෙවණේ මොහොතකට ඉසිඹු ලති. මිතුරා හා සතුටු සාමීචියක යෙදෙති. ඔවුනතර කම්කරුවෝ, ලිපිකරුවෝ, කලාකරුවෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, විශ්‍රාමිකයෝ, විදේශිකයෝ පමණක් නොව, නන්නත්තාරේ යන ආගන්තුකයෝද වෙති.
අප බොහෝ විට පණිවිඩ තබා යන්නේ බේවිස් ළඟ ය. ඔහු ඒවා නිවැරදිව සංනිවේදනය කරයි. අනෙක් අතට බේවිස්ගෙන් ද අපට කෙටි පණිවිඩ ලැබෙයි.
“ඊයේ පතිරාජව දැක්කා..” බඩෝ දැන් ටවුමට ඇවිත් ඉන්නෙ.” කිංස්ලි ළඟ දී ඉන්දියාවට යනවා එක්සිබිෂන් එකක් කරන්ඩ.” යනාදි වශයෙන් ඔහු අපව යාවත්කාලීන (update) කරයි. ඒ අතින් බලන කල, බේවිස්ගෙන් ගස් සෙවණ නගරය මැද ඉබේ පිහිටි කුඩා අම්බලමකි. ජනතා කමිටුවකි. තොරතුරු මධ්‍යස්ථානයකි.
***
බේවිස්, මහනුවර නගරයේ විශේෂාංගයකි.
ඔහු පසුකර යන ඔහු නොදත් අය පවා, නිතරම මිතුරු මිතුරියන් වට කරගෙන සංවාදයෙහි යෙදෙන මේ අමුතු පුද්ගලයා දෙස වරක් දෙවරක් හැරී බලති. මුලදී දුගී මගී යාචකයකු ලෙස දුටුවෝ ද, පසුව එය එසේ නොවන බව වටහාගත් කල, වඩාත් කුහුලින් යුතුව බලා සිටිති. බේවිස් නමැති විශේෂාංගයට සෙවණ දුන්නේ ඉහත කී ගස ය. එය ඔහුට පමණක් නොව මඟ යනෙන අයට ද, දුර තියා වීදිය දකින අයට ද ගතට සෙවණක් ඇසට සිසිලක් විය. එබඳු ගසක් කපා දැමීමට පෙර (කුමන හේතු තිබුණත්) දෙවරක් නොව තෙවරක්ම සිතා බැලිය යුතුව තිබුණේ නොවේ ද?
ගස නැති බැවින්, දැන් එක එල්ලේම දැඩි හිරු රැස් පදික වේදිකාවට පතිත වෙයි. තද වර්ණයත් වෙළෙඳ නාම පුවරු කීපයක් වෙනදාට වඩා උජාරුවෙන් මඟ යෙනෙනවුන් දෙස බලා සිටිති.
පසුගිය වසරේ දී, බේවිස් කැන්ඩි සිටි සෙන්ටර් හි ගීත ප්‍රසංගයක් පැවැත්වී ය. එහි දී ගැයීම සඳහා ගීතයක් ලියා දෙන්නැයි ඔහු මගෙන් ඉල්ලී ය. එදා මා ඔහුට ලියූ ගීතයට තනුව යෙදුවත් මෙතෙක් හඬ කවා නැත. ඒ කෙසේ වෙතත්, එම ගීය තුළ ද, බේවිස් වෘක්ෂය අතුපතර විහිදා බලා සිටී.
දුරක සිට එන මගිය
නවතිනු මැනවි එක මොහොතක්
අමතන්න එක වදනක්
පවසන්න එක වදනක්
නොපෙනේද මා නැවතිලා
දෙනෝදාහක් යනෙන මේ පදිකයේ
නොපෙනේද මා නැවතිලා
ඔබ දුටුව දෙය
මා දුටුව දෙය
හුවමාරු කර ගනිමුනැවතිලා
එක මොහොතමේ මහලු තුර යට
හුවමාරු කර ගනිමු
ගෙවූ කල ගැන නුදුටු හෙට ගැන දකින දේ
සිතෙන දේ හුවමාරු කර ගනිමු
මේ සෙවණ යට ගිම් නිවා
එක මොහොතක්
රැය තවම තරුණයි
අතිකාල නැති දිවියේ
නවතින්න එක මොහොතක්
පවසන්න එක වදනක්
නොපෙනේද මා නැවතිලා
මහලු තුර යට පදිකයේ
කපා දැමූ ගස වෙනුවට පදික වේදිකාව දිගට පැළ කීපයක් සිටවා ඇත. එය හොඳ වැඩකි. එහෙත් ඒවා සෙවණ දෙන ගස් බවට පත්වන්නට තව කොතෙක් කල් ගතවනු ඇද්ද?
තද හිරු රැස් පතිත වුව ද බේවිස් යළිත් පදික වේදිකාවට පැමිණ සුපුරුදු තැනම හිඳ සිටී.
“ගහ ගැන මට කොළඹට ආරංචි වුණා.” මම ඔහුට කීවෙමි
“ගහට මුකුත් වෙලා නෑ. ඒක තාම තියෙනවා.”
බේවිස් මඳ සිනාවකින් යුතුව කීවේ ය. මම පුදුමයෙන් යුතුව ඔහු දෙස බැලුවෙමි.
“මම ඒ ගහ මෙතන තියෙනවා කියල ඉමැජින් කර ගන්නවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ"
බේවිස් සිනාසුණ ද, සියුම් වේදනාවක සිහින් අඳුරක් ඔහු වුවණත පැතිර තිබුණි.
බේවිස්ගේ මතකය තුළ – ඔහුගේ පරිකල්පනය තුළ එම ගස පවතින තාක් කල්, නගර සභාවකට නොව රාජ්‍ය සභාවකට වුව එය කපා හෙළිය නොහැකි වනු ඇත.
එසේ හෙයින්, බේවිස්ගේ වෘක්ෂය, බේවිස් තුළ ම දලු ලමින් මල් පලගන්වමින් තවත් බොහෝ කලක් ඔහුට සෙවණ සාදනු ඇත.
සැම ගසක් ම කවියකි.
කපා දැමූ ගස වෙනුවට පදික වේදිකාව දිගට පැළ කීපයක් සිටවා ඇත. එය හොඳ වැඩකි. එහෙත් ඒවා සෙවණ දෙන ගස් බවට පත්වන්නට තව කොතෙක් කල් ගතවනු ඇද්ද?
තද හිරු රැස් පතිත වුව ද බේවිස් යළිත් පදික වේදිකාවට පැමිණ සුපුරුදු තැනම හිඳ සිටී.
“ගහ ගැන මට කොළඹට ආරංචි වුණා.” මම ඔහුට කීවෙමි
“ගහට මුකුත් වෙලා නෑ. ඒක තාම තියෙනවා.”
බේවිස් මඳ සිනාවකින් යුතුව කීවේ ය. මම පුදුමයෙන් යුතුව ඔහු දෙස බැලුවෙමි.
“මම ඒ ගහ මෙතන තියෙනවා කියල ඉමැජින් කර ගන්නවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ"
බේවිස් සිනාසුණ ද, සියුම් වේදනාවක සිහින් අඳුරක් ඔහු වුවණත පැතිර තිබුණි.
බේවිස්ගේ මතකය තුළ – ඔහුගේ පරිකල්පනය තුළ එම ගස පවතින තාක් කල්, නගර සභාවකට නොව රාජ්‍ය සභාවකට වුව එය කපා හෙළිය නොහැකි වනු ඇත.
එසේ හෙයින්, බේවිස්ගේ වෘක්ෂය, බේවිස් තුළ ම දලු ලමින් මල් පලගන්වමින් තවත් බොහෝ කලක් ඔහුට සෙවණ සාදනු ඇත.
සැම ගසක් ම කවියකි.
කපිල කුමාර කාලිංග
බද්දරමල්ලට කපිල ලියූ ලිපියකි
ඔහු දුටුවම ඔහුගේ යම් කිසි වෙනසක් පෙන්නුම් කරයි.අදහස් උනත් ඒ වගේ කියලා හිතෙනවා.සෑම ගසක්ම කවියක් කියපු එක සුන්දරයි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
නලින් අයියා මනසින් දිවියත් එක්ක තරහා වෙලාද?
Deleteනැත නැත මම එතැනට ගොඩවදිමි.
Deleteබේබිස් මනතුංග ගැන තව විස්තර කළොත් ???
ReplyDeleteයූ ටියුබ් හි මේ නමින් බලන්න ඔහුගේ නිර්මාණ එහි ඇත.
Deleteමම අහන්ට ආපු එක යසිතයා අහලනේ..
Deleteමේ ලිංකුවෙන් තවත් විස්තර බලාගන්න හැකියි.
Deletehttps://www.facebook.com/photo.php?fbid=477373418984372&set=pcb.477381418983572&type=1&theater
හදවතේ සංවේදී බව සහ සංවර්ධනයේ අවශ්‍යතාව 50 - 50 නිසා මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ....
ReplyDeleteසහතික ඇත්ත හිරුවෝ
Deleteගස සහ ළමයාගේ කතාව මතක් වුණා...
ReplyDeleteඔව්නේ..කපිලගේ ලියැවිලි සුපිරි නිසා එහෙම හැගෙනවා
Deleteඅමුතුම සිද්දියක්
ReplyDeleteදැන් ඉන්නෙ පොලවට පස්වෙන්නෙවත් නැති කාලකන්නි නිලධාරි පිරිසක්.උන්ට මහපොලවෙ වටිනාකම ගහ කොලවල වටිනාකම තේරෙන්නෙ නැහැ.
ReplyDeleteනුවර උන්නට, කොයි තරම් නිදහස තිබුනත් ඔය පැත්තේ කරක්ගහන්නට මනාපයක් නැත. ඒ වාහන ශබ්දය, වගේම මිනිසුන් අදික ලෙස ගැවසෙන ජනාකීර්න තැන් වලට මං අකමැති නිසාය. නමුත් ඒ නිසාම වැදගත් දෙයක් මට මගහැරී ඇති බව පෙනෙයි. ඇත්තේ පසුතැවීමකි
ReplyDelete“මම ඒ ගහ මෙතන තියෙනවා කියල ඉමැජින් කර ගන්නවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ"
ReplyDeleteඋසස් මනසක අඬහැරය.....ඊට වඩා දෙයක් නෑ
ස්තූතියි මේ ලිපිය බෙදා ගැනීම ගැන නලින් අයියේ..
ReplyDeleteනමුත් බෙට්ස් ගැන තව කරුණු ටිකක් කිව්වා නම්
ප.ලි. එහෙකින් , මීට වඩා වටිනවා ගොඩක් ..මීළඟ
ලිපිය ඒක ගැන දාන්නකෝ..මොකද ඔබ ඉන්න පරිසරයේ
ඕන තරම් තොරතුරු තියේ හොයාගන්න....
සැම ගසක් ම කවියකි.
ReplyDeleteහ්ම්ම්ම්....
කැමති මේ ලිපියට. :)
ReplyDeleteබේවිස් කිව්වම මතක් වුනේ බේවිස් බාවා.
ReplyDelete//සැම ගසක් ම කවියකි.// අනිවා.. ඒ කවි කියවන්න බෑ හැමෝටම. බේවිස් වගේ අයට හැර.
Dude:
ReplyDeleteමට මතක්වෙන්නෙ ශිවන්ත අර්තසාද් සහ ආචාර්ය කොටගම. සමහරවිර රැවුල නිසා වෙන්නැති.
ඔන්න මට නම් අලුත්ම කතාවක්.
හැම ගසක්ම කවියක් උනාට ඒ කවි හැමොටම තේරෙන් නැති එකනෙ ප්‍රශ්නෙ..
ReplyDeleteසැම ගසක් ම කවියක්.... මොන තරං සුන්දර කවිද....? කවදාවත් වචනවලින් අඳින්න බැරි තරං සුන්දර කවි...
ReplyDeleteමම ටිකක් පුංචි කාලේ, පැලක් හදන්න ලීයක් ඉල්ලුව පොඩි ළමයෙකුට ලීයක් හොයන්න කැලයට ගියා... ඒත් ලීයකට ගන්න පුළුවන් කිසි ම දෙයක් එදා ඒ කැලේ තිබුණෙ නෑ... මහා රූස්ස ගස් සහ පුංචි පුංචි පඳුරු, පැළෑටි, ළපටි තුරු ඇරෙන්න... කොහොම හරි ලීයකට එක ගහක් හොයාගත්තා... ඒ ගහ ම එක ලීයක්... පුදුම තරං මහන්සි වෙලා මම ඒ ගහ කැපුවා... ඒක් කපන කල් අර පුංචි කොලුවත් බලන් හිටියා...
ඒ ගහ කපල ඉවර වුණාට පස්සෙ මං දැක්කා ගහ දිගේ කඳුළු වැටෙනවා.... ඒ මොනවද කියල මම දන් නෑ... මට නම් ඒ කඳුළු ම යි... මට එදා දැනුණු හිත රිදීම වචනයෙන් කියන්න බැරි එකක්...
මගේ හිත මට බැනපු බැනුම් ටික කන් දෙක වහගෙනවත් නොඅසා ඉන්න බැරි වුණා... ඒ මම හිටවපු ගහක් නෙමේ... මම හිටවපු ගහක් වුණත් කපන්න මට අයිතියක් තියෙනවද...? ඒ වෙන ම ජීවිතයක්.... වෙන කෙනෙකුට ස්පර්ශයෙන් අයිති කර ගන්න බැරි තරම් සුන්දර කවියක්....
ඒ දුෂ්ට වැඩේ කරල අවුරුදු 10ක් ගෙවුණත් තව ම මට ඒක අද ඊයේ වගෙ යි.. මට අනුකම්පාවෙන් ම ඒ පුංචි ගහ මිය නොගොස් දළු දා වැඩෙන්නට ඇති.... කොහොම නමුත්, මේ අවුරුද්දට ගමේ ගියා ම මේ පුංචි යාළුවා ව බලල එන්න ඕනි කියල මං හිතා ගත්තා... :)
බේබිස් මනතුංග ගැන පොඩි විස්තර කිරීමක්
ReplyDeleteකපිල කුමාර කාලිංග ගේ ද මුල් මහනුවර බව මං හිතනවා. මම බේවිස්ව දැකල තියනවා. නමුත් කවුද කියල දන්නේ දැන්. කොහොම වුනත් මේ ලිපියේ සමහර තැන්වල හිතට ගොඩක් සමීපව ලියල තියනවා කියල දැනෙන එකෙන් හිතාගන්න පුළුවන් කපිලට මේ ගහ එක්ක තිබ්බ බේවිස්ගේ ඇසුර කොයිතරම් සමීපද කියල.
ReplyDelete