
අයියේ නියම තැනක් ගැන ලිපියක් ලිව්වා බ්ලොග් එකට දාන්න දෙන්න ද?. එතන ලොක්කත් ඔයා හොඳට දන්න කෙනෙක්..
කවුද අප්පේ ඒ.....
ලිපිය නම් ගිරිතලේ ජාතික වන ජීවී පර්යේෂණ හා පුහුණු කේන්ද්‍රය ගැන යි ලිව්වේ. එතැන ප්‍රධානියා ගාමිණි විජිත් සමරකෝන් කියලා ඔයාගේ යාළුවෙක්.
අපේ අප්පෝ මේ අපේ ගාමිණි ගේ විජිතය බ්ලොග් එක ලියන ගාමිණී අයියනේ...
එවන්න එවන්න ඒ ලිපිය...මම දෙවරක් නොසිතාම ඇය හා පැවසීමි.
ඉතින් කියවන්න ගාමිණී අයියලා ගේ කැපවීම මත විරාජමාන වන සුන්දර ආයතනයක් ගැන ශ්‍යාමා ලියු ලිපිය මෙතැන් සිට.......
වනයේ ප්‍රාණය වන ජීවීන්ය. වනාන්තරයට අරුතක් රැගෙන එන්නෝ මේ වන දරුවෝය. ජලාශ, තුරු ලතා හා වන දරුවන්ගේ බන්ධනය යම් සේ ද එකී වනාන්තරය මහත් වූ ප්‍රෞඪත්වයකින්, ගාම්භීරත්වයකින් වැජඹෙන්නේය. වසත් සමයට වනාන්තරයට අඬ ගසනා මේ කාලච්ඡේදය වන දරුවන්ගේ සතුටු සමයයි. ඒ අනුව සොඳුරු පරිසරය හරිත පැහැයෙන් ඔපවත් වෙද්දී වන දරුවන් තුළ ජනිත වන පී‍්‍රති ප්‍රමෝදය උත්කර්ෂය දක්වා රැගෙන යයි.
සෝබමාන සිතුවම් සොබා දහමට නිරන්තරයෙන් ලබා දෙන සත්ත්ව සම්පත වනාන්තරයට අමිල වස්තුවකි. මේ සතුන් ජීවත් කරවන්නට සොබා දහම විසින්ම ලබා දෙන ජෛව විවිධත්වය ද හරි අපූරුය. සොබා දහම, සතුන්, ජෛව විවිධත්වය යනාදී අපරිමිත මිල කළ නොහැකි වස්තූන් හි අගය සහ වටිනාකම ඔබට ලබාදෙනු වස් 2011 වර්ෂයේ දී ගිරිතලේ-වනජීවී කෞතුකාගාරය උපත ලැබීය. ගිරිතලේ ජ්‍යෙෂ්ඨ වන සත්ත්ව අඩවි ආරක්ෂක ඒ. එම්. ජයසූරිය මහතා මේ කර්තව්‍යයේ පුරෝගාමියාය.
ලංකාවේ දුර්ලභ වන ජීවීන් මහ ජනයාට දැක බලා ගැනීමටත්, ජෛව විවිධත්වය පිළිබඳ වැටහීමක් ලබාදීමටත් මෙම කෞතුකාගාරය ඉදිකිරීමේ මුඛ්‍යතම අභිලාෂයයි. තව ද වන ජීවීන් පිළිබඳ පර්යේෂණ කිරීමට අවශ්‍ය අයටත්, විදෙස් සංචාරක ආකර්ෂණය උදෙසාත්, කෞතුකාගාරය මහත් මෙහෙවරක් ඉටු කරයි. කවුඬුල්ල, මින්නේරිය, අංගමැඬිල්ල වනෝද්‍යාන සමීපව ගිරිතලේ ස්වභාවික රක්ෂිතය පිහිටුවා තිබෙන්නේ ද සොබා දහමත්, වන ජීවීනුත් පිළිබඳ වඩා හොඳ ගවේෂණ වෙනුවෙන් සුදුසුම ස්ථානය මේ වන බැවිනි.
සතුන් කෙරෙහි අපරිමිත දයානුකම්පාවක් දක්වන ගිරිතලේ වනජීවී නිලධාරීන් සතුන් මිය ගිය ද යළි පණ ගන්වා තිබේ. මිය ගිය අයෙකුට යළි පණ ලබාදීම සත්‍යයෙන් තොර වුවද, කෙසේ හෝ මොවුන් සතුන්ට පණ ලබා දී ඇත. ඒ, සතුන්ගේ ශරීර අභ්‍යන්තරයේ ඇති මිය ගිය මාංශ ඉවත් කර සම බොහෝ ප්‍රවේශමෙන් සකසා ඒ තුළ පිරවුමක් යෙදීමෙනි. එය බොහෝ සංයමයෙන් සහ ඉවසීමෙන් යුතුව කළ යුතු කර්තව්‍යයකි.
දින ගණනක් ඉතා වෙහෙස මහන්සි වී අවසානයේ මිය ගිය සතා යළි පණ ලබා ඇති ආකාරයට පිරවුම නිම කරති. හඳුන් දිවියා, වල් බළලා, දිවියා, කළු කොටියා, වලහා, ආසියානු අලියා, ගෝනා, තිත් මුවා, නරියා, උලමා, බ්‍රාහ්මණ උකුස්සා, පිඹුරා, ගැට කිඹුලා, මුහුදු නයා, හම්බාවා, කැස්බෑවා, කබල්ලෑවා ඇතුළු නොයෙක් වර්ගයේ පක්ෂීන්ගේ ද නිදර්ශන අද මෙහි ප්‍රදර්ශනයේ පවතී. ගිරිතලේ ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රයක් වෙයි. එහි සහකාර අධ්‍යක්ෂ ගාමිණී විජිත් සමරකෝන් මහතා විසින් සිය දෙපාර්තමේන්තුවේ ස්ථිර ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය උදෙසා පුහුණු වැඩසටහන් අදියර 3ක් යටතේ පවත්වයි. සිය දෙපාර්තමේන්තුවේ වඩා හොඳ හෙට දවස උදෙසාත්, වන ජීවීන්ගේ මනා ආරක්ෂිත යහ පැවැත්ම උදෙසාත් ඔවුහු අද දවසේ සිය කාලය ශ්‍රමය කැප කරති. මේ සියල්ල ඔවුන්ගේ අප්‍රතිහත උත්සාහයේ නිර්මල ඵලයයි.
![]() |
ගාමිණි විජිත් සමරකෝන් සහකාර අධ්‍යක්ෂ |
![]() |
ඒ. එම්. ජයසූරිය ජේෂ්ඨ වන සත්ව අඩවි ආරක්ෂක |
ශ්‍යාමා සමරසිංහ
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
හම්බාවා හා කබල්ලෑවා කියන්නේ මොන සත්තුන්ද?
ReplyDeleteඅර බෝතලේ ඇතුලේ සුදු පාටට ඉන්නේ මොන සතාද?
වටිනා ලිපියක් ශ්‍යාමා...
බෙදාගත්තට නලින්ට ස්තූතියි.
හම්බාවා කබැල්ලෑවා කියන්නේ අපි හෝඩි පොතේ ඉගනගත්තු ඈයා කියන සතාටයි.
Deleteබෝතලේ ඇතුළේ ඉන්නේ අලියෙකුගේ කළලයක්..
නෑ... හම්බාවා කියන්නේ වෙන එකෙක්.
Deleteඌ පියාඹනවා. පූසෙක් වගේ මූණ. වවුලෙක් වගේ තටු :)
මේ ඉන්නේ හම්බාවා (flying Squirrel)හම්බාවා
Deleteමේ ඉන්නේ කබල්ලෑවා
කබල්ලෑවා
අසමි දකිමි සොයමි ලියන විචාරක
නිවැරදි කිරීමට ස්තුතියි විචාරක තුමා සහ රජ....මට ඈයා හා හම්බාවා පැටලුනා.
Deleteඔව් අඩවි රජා හරි හම්බාවා පියාඹනවා. රජා අහලා තියෙනවද ඔය සතා කෑ ගහන හඬ ?
Deleteමේ දෙන්නා නම් දැක්කමද කොහෙද...:D:D
Deleteවිචාරක, රජා, හැමෝටම ස්තූතියි.
හම්බාවා කියන සතා ගැන දැන ගත්තේ අදනේ....
Deleteළමයිනේ, හම්බාවා කරන්නේ අතපය දිගෑරලා, එක ගහක ඉඳලා වෙන ගහක කඳක් උඩට පාවෙලා යාමක් (Gliding) උගේ පූර්ව හා අපර ගාත්‍රා අතර තියෙන තුනී හම ඒකට උදව් වෙනවා. වවුලෙක් වගේ පියා සැලීමක් කරන්නේ නෑ.
Deleteඩිස්කවරි සහ නැෂනල් ජෝග්‍රෆික් නාලිකා වල මෙවැනි සතුන් ගැන වැඩසටහන් යනවා.
Deleteහම්බාවා හරිම අසයි දුරියන් කන්න. මම නුවරදී මුන් දැකලා තියෙනවා.
Deleteගහ උඩට නගිනවා හරියට ලේනෙක් ගහකට නගිනවා වගේ ඉට පැසී ඒ ගැහෙ ඉඳන් වෙනත් ගහකට ග්ලයිඩ් වෙලා යනවා.
බෝතලේ ඇතුලේ සුදුපාටට ඉන්නේ අලි බබෙක් (කලලයක්) නේද?
Deleteස්තුතියි හැමෝටම.
Deleteදැන් ලිපි කීපෙකින්ම කියෙව්වා මෙතන ගැන...යන්නම ඕනි බලන්න දවසක..ගාමිණි අයියාව නම් මුණ ගැහුන නෙ එදා..
ReplyDeleteයමු වෙලාවක ....
Deleteකොල්ලනේ, මට ඊ මේලක් දාලාම වරෙල්ලා. gaminievijith@gmail.com
Deleteමමත් එනවා.
Deleteනියමම ස්පොට් එකක් වගේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නියම තැනක් මලයා යනවනං දැන්ම යමු. අපේ එකෙක් ඉන්න වෙලාවේ ගියොත් තමා හොඳම.
Deleteබලන්න යන්න අදහසක් තිබෙනව.
ReplyDeleteයෝජනාවක් දාන්න මලයා යනවනං සෙට් කරන්න මාත් එනවා
Deleteමමත් එනවා.
Deleteයං යං සමරකෝන් ගෙම්බත් බලා කියා ගෙන එමු
Deleteයනවනං මටත් කියන එකයි ඇත්තෙ.
Deleteමෙතනට මම ගිහින්තියනවා නලින් යුද්ද කාලේ මේ හරියේ තියනවා පරිසරයද විඳගනිමින් 'රසවත් සැන්දෑවක්' ගතකලහැකි තැන් ඒමට. හාපෝ අර, කේ. ඉඹුල්දෙනියලා හෙවත් කිඹුල්දෙනියලා තමයි භයානක. :D
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරක තුමනි, ඒ ගැන කතා කර වැඩක් නැත.. ඒ යුගයේ ඔබේම සොයුරන් හා එක්ව කුරුම්පිඩ්ඩි කැලැවේ වවුනියාව මා මඩුවෙන් ඇතුළට ඇති කැළැවේ මා දින ගනන් ගත කොට ඇත. ඒවා ලිවිම අදටත් මා සිතන්නේ රටට වරදක් වේය යනුවෙනි. මේ සටහන පවා තබන්නේ සිංහල බසින් කොටන නිසාවෙනි.
Deleteලිපියට ස්තූතියි ශ්‍යාමා..මේ තොරතුරු කියෙව්වම එතැන බලන්න යන්න අදහසක් ඇති උනා.
ReplyDeleteමේකට නම් උත්තරයක් ශ්‍යාමාම දාවි ළිහිණියෝ.
Deleteකොහොමද ගාමිණී අයියාගේ මල් හිනාව :D
ReplyDeleteගාමිණී අයියා කොයි මොහොතෙත් හිනාවෙන්ම තමා මලයා.
Deleteහා.. මටත් මතක් උනා ෆොටෝ එක දක්ක ගමන්.. හි හි
ReplyDeleteඔයාට මිස් වෙන්න විදියක් නෑ හිරුවෝ
Deleteලස්සන වැදගත්, තැනක, නියමයි
ReplyDeleteඉතාම හොඳ තැනක්.
Deleteනියමයි නියමයි. මේ සත්ත්ව අනුරූ සකස් කරන එක ගැන ගාමිණි අයියා ලියල තිබුන වගේ මතකයි.
ReplyDeleteඔව් මලයා අනු රෑ නොවෙයි සංරක්ෂණය කළ සොබා රෑ තමයි මෙතැන තියෙන්නේ.
Deleteහොද ලිපියක්..... අනාගතේ දවසක යන්න බලමු....
ReplyDeleteසමනළි දුවේ අපි යන්න දවසක් දා ගත්තොත් තාත්තා එක්ක හෝ එනවද?
Deleteමරුනේ... සොභා දහම රැක ගන්න උත්සාහ ගන්න තවත් තැනක්.. අනර්ඝයි..
ReplyDeleteසුපිරිම බ්ලොග් ලියන්නෙක් තමා මෙතැන මුල් පුටුවේ ඉන්නේ.
Deleteපිස්සුද බාගෙට පිස්සු බ්ලොග් ලියන්නෙක්. අපි කිව්ව එකක් නෙමෙයි එතුමාම ලිව්ව එකක්.. හැක්...
Deleteආරාධනාවක් ලැබිලා තියෙන්නේ මටත්.දැන් නම් යන්නම හිතෙන තැනට නලින් අයියා අපිව ගෙන්නලා තියෙන්නේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
එහෙමනං මෙතැනට යන්න විදියක් හදන්නං එනවනේ යන්න.
DeleteDude:
ReplyDeleteආඩම්බරෙන් කිව්වෑකි අපි ඔතනට ගිහින් තියෙන බව. ඇත්තෙන්ම රැයක් ඉඳලත් තියෙනවා.
ලස්සන තැන.
එළ එළ... මට තාම මේක හැදුවට පස්සේ යන්න බැරි වුණානේ..කොහොම හරි යන්නම වටින තැනක්.. මෙය හදන්න කලින් මං අනුර හතුරුසිංහ කියන වනජීවි මහත්තයත් එක්ක ගිහින් රැයක් මෙතැන ඉඳලා තියනවා ඩූඩ්.
Deleteමම ගිහින් තියෙන්නෙ යාලට යි, උඩවලවෙ යි විතරයි. ගිරිතලේ යා යුතුම තැනක්.
ReplyDeleteබ්ලොග් ලියන්නන් මෙතැනට යන්න ට්‍රිපක් ලැස්ති කරමු ද සුමියා.
Deleteගිරිතලේ කෞතුකාගාරය ගැන තොරතුරු 'මිහිතුරු' සඟරාවේත්, සමකය වටේ බ්ලොගයේත් දැම්මාට ශ්‍යාමා දුවටත්, නලීන් මල්ලිටත් අනේක වාරයක් ස්තුතියි.
ReplyDeleteඒ ගැන වැඩි විස්තර මේ ලිංකුවෙන් බලන්න. http://gaminievijith.blogspot.com/2012/05/18.html
ස්තුතියි ගාමිණි අයියා...
Delete
ReplyDeleteමේ විස්තර බෙදා ගත්තට නලින් අයියටත් , ගාමිණී අයියටත්
ශ්‍යමටත් ස්තූතියි..අමතර තොරතුරු බෙදා ගැනීම ගැන විචාරක
තුමාටත් ස්තූතියි....
ඔන්න ඔහේ මටත් ස්තූතියි ..
ඔබට මාත් ස්තුතියි කියනවා සහන්.. අපිත් එක්ක ගිරිතලේ යන්න එනවද.
Deleteඅනිවා යමු වෙලාවක ගිරිතලේ..පහු ගිය ටිකේ
Deleteමම මීරිගම මළ ගෙදරක ආවා නලින් අයියේ..
ආයේ එන්න ලැබුණොත් අපි හම්බෙමු...
ගාමිණි අයියේ ඔතනට එන්න දැන් නම් මට හරිම උවමනාවක් ආවා. 2011 දී අපි ආවා එතකොට ගාමිණි අයියා ගැන දන්නේ නෑනේ. මට කැලේ රාත්‍රියක් ගත කරන්න ආසාවක් තියෙනවා. පුළුවන් වෙයිද ?
ReplyDeleteපුලුවන් මලේ. කලින් සෙට් වෙලා මට ඊ මේලක් දාන්න. ඇඩ්‍රස් එක ඉහල තියෙනවා.
Deleteනලින්, අපි කීපදෙනෙක් ගිරිතල් යමුද?
ReplyDeleteඉතාම හොඳ යෝජනාවක් මාත් කැමතියි. තව කීප දෙනෙක්ම කැමැත්ත දීල තියනවා වැඩේ සංවිධානය කරමු.. දේශකයාත් එනවා කිව්වා..මට මේලයක් දාන්න ndilruksha@gmail.com
Deleteකට්ටිය සෙට් වෙලා යනව කියද්දී පොඩි ඉරිසියවකුත් එනවා.ඉස්සර ලංකාව වටේ ගිය ඒව මතක් උනා නලින්.ගිහිල්ල හොද පින්තූර ටිකකුත් එක්ක රසවත් විස්තරයක් දාන්න.
Deleteමේ වගේ වැඩ කරන්න ගාමිනී අයියටත් ජයසූරිය මහත්තයටත් තව තවත් ශක්තිය ලැබෙන්න ඕන.
ReplyDeleteඅනිවා ප්‍රසා..
Deleteබොහොම ස්තූතියි හැමෝටම,.. මම නම් ඔය සත්තු ගැන දැනගත්තෙත් අදයි...ලංකාවට එන්න කලින් කට්ටියට කතා කරල යන්න ඕනි තැන් අහගන්න ඕනි..
ReplyDeleteඅපිනං ළගදිම යනවෝ
Deleteදැක්කමනම් යන්න ආසයි..බලමු කවද හරි
ReplyDeleteහොද අදහසක් අපි කිපදෙනෙක් නම් යන්නයි සැලසුම.
Deleteගොස් ඇත්තෙමි :)
ReplyDeleteමරුය !
:) මං අර උඩම තිබ්බ පින්තුරෙ බැලුව යකො මු අලුත්ම ජාතියෙ දිවියෙක්ද කියල බැලින්නං එක ගල් පිලිමයක් නෙ හිකිස් මොන උනත් හොද ලිපියක් ඔතනටට ගිහිං නං නෑ
ReplyDelete:) මං අර උඩම තිබ්බ පින්තුරෙ බැලුව යකො මු අලුත්ම ජාතියෙ දිවියෙක්ද කියල බැලින්නං එක ගල් පිලිමයක් නෙ හිකිස් මොන උනත් හොද ලිපියක් ඔතනටට ගිහිං නං නෑ
ReplyDeleteජනගහණය ගිහිල්ලා ඉවර උනාම අපිත් යනවා මේ අපූරු මනුස්සයා බලාගන්න ..සත්තු නං කොයිවෙලෙත් බැලුවෑකිනෙ..
ReplyDeleteමේකේ තියන pic එක හොඳයි ගාමිණි අයියගේ profile pic එකට..
ReplyDeleteමේක නම් බලන්නම යන්න වටිනවා,, දැනගෙන හිටියෙත් නැහැනේ මේම එකක් ගැන කලින්,,දැන්නම් යන්න ඕනි..
ReplyDeleteපොටෝ ගහන්න අවසර දෙනවද ?
ReplyDeleteගිරිතලේ මෙහෙම වන ජීවී කෞතුකාගාරයක් තියෙන වග මම දැනන් හිටියෙත් නැ..ගොඩාක් වැදගත් ලිපියක් නලින් අයියා.. දවසක අනිවාර්යයෙන් මේ තැන බලාගන්න යන්න ඕන..නලින් අයියා කිව්ව වගේ අපේ කෙනෙක් ඉන්න නිසා සෑහෙන දෙයක් ඉගෙනගන්න පුලුවන් වේවි..
ReplyDelete