සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සන්සුන් දවසක ඇරඹුමත් එක්ක අනෙක් බ්ලොග් කියවමින් සිටියෙමි. ස්ත්‍රීවාදය අද දැමූ ලිපිය ළග මොහොතක් නතර වන්නට වීමි. වරක් නොව දෙවරක් ම කියවා දැමුවෙමි.
මේ ලිපිය කෙළින්ම මගේ වෘත්තීය දිවියට අදාළ ය. එසේම මෙම බ්ලොග් කරු ලොවට යමක් කියන්නට වෙර දරන්නෙකි. එනමුදු මට වැටහෙන්නේ ඔහු කියනා දේ අවශේෂයාට නොතේරෙන බවකි. එසේ වන්නේ කිව යුත්ත ඔහු වැල් වටාරම් සමග කියනා බැවින් විය හැකි ය. 
ඔහු ගෙනෙනා මතවාදයේ ඇතැම් කරුණු කෙරෙහි මා ඉදුරා  විරුද්ධ ය. එකඟ කරුණු ද නැත්තේ නොවේ.. අද ඔහුගේ පෝස්ටුවට මාතලන් සොයුරා අපූරු කොමෙන්ටුවක් දමා තිබිණි. 

//උඹට 100 ක් එන එකත් ළොකු දෙයක්. ඤං පඤං ගාන්නේ නැතුව ලියන එක ලියපන්. එතකොට මිනිස්සු බලයි. ඔය උඹේ ස්ත්‍රී වාදේ ගැන හරි අනිත් ඒවල කොමෙන්ට් එකක් දෙකක් දාපන්. මොකද උඹලට තියෙන සේ එක වැඩියි. ඒ කියන්නේ උඹලා වගේ ඒවුන්ට ඉල්ලුම වැඩියි. මමත් උඹට විරුද්ද උනත් කොමෙන්ට් එකක් දාන්නේ උඹලව කේන්ති ගස්සන්න වගේම. උඹලව උනන්දු කරන්න. දිගටම ලියපන් පුතා. උඹ ලියන ඒවල මම අකමැති කොටස ඇර ඉතිරි කොටසට මම කැමතියි. කල්ලිවාදයක් කියලා එකක් නෑ. ඒ උඹලයි මනෝ විකාර. උඹගෙයි මගෙයි මතේ මොකක් උනත්. අපි මිතුරෝ නම් ඒකයි වටින්නේ. මතක තියාගනින්, උඹේ පිරිස වැඩියි, අත්දැකීමෙන් කියන්නේ.//

මාතලන් ද මේ කියන්නේ ස්ත්‍රීවාදය ලියන දේ පිළිගන්නා පිරිස වැඩි බවයි. එහෙත් මොනයම් හේතුවක් නිසා හෝ ඔහුට එය සමාජ ගත කරගන්නට කතිකාවක් ගොඩ නගා ගන්නට තාම අවස්ථාව ලැබි ඇත්තේ අල්පවය යන්න මගේ හැගුමයි.

ඉතින් අවසරයකින් තොරව වුව ස්ත්‍රීවාදය බ්ලොගයේ මේ අලුත් පෝස්ටුව මම මෙතැනට එක් කරන්නේ ඔහුට සහායක් පිණිස ය. මේ ලිපියේ සම්පූර්ණ හිමිකම ඇත්තේ ස්ත්‍රීවාදය බ්ලොගයේ කර්තෘවරයාට ය. .

මෙන්න ඒ ලිපිය...

පුරානයේ සන්නිවේදනය කළේ ප්‍රාථමික ක්‍රමවලටය.දුම් ගැසීම,අන බෙර වැනි ක්‍රම වලින් බොහෝ විට රජුගේ මතය  ප්‍රවේනිදාසයන් වෙත දන්වන ලදී.ප්‍රවේනිදාසයන් බොහෝ විට ගම් වලට සීමා වූ අතර ඔවුනට වෙනත් ගම් අතර සන්නිවේදනයක් අවශ්‍ය නොවීය.සියලු අවශ්‍යතා අවටින්ම සපුරා ගන්නා ලදී.මේ සමාජයේ විශාල විපර්යාසයක් ඇතිවුනේ මුද්‍රන යන්ත්‍රය සොයාගැනීමත් සමගය.ඉන්පසු ගුවන්විදුලිය හා රූපවාහිනිය සොයා ගන්නා ලදී.මේවා ඉතාම කෙටියෙන්ම කියන්නේ මෙය ජනසන්නිවේදන පාඩමක් නොව මාධ්‍ය හා ස්ත්‍රීවාදය අතර සබදතාව පෙන්වීමට ලියන ලිපියක් බැවිනි.

රූපවාහිනිය ලංකාවට ආ කාලය මට මතකය.රූපවාහිනිය මට ජීවන අත්දැකීමකි.එහෙත් රූපවාහිනියද ආවේ මම යන්තමින් බහතෝරන අවදියේමය.එක් පත්තරයක් විසින් මුලු සමාජයම පාලනය කළ යුගයක්ද තිබී ඇත.එම පත්තර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රෙදි නැතිව කඩේ ගියත් ජනතාව පත්තරවල වහලුන් ලෙස ඡන්දය පාවිච්චි කර නැත.එනම් එම පත්තරය දැඩිලෙස එජාපය වෙනුවෙන් පෙනී සිටියදී ජනතාව එජාපයට එරෙහි වී ඇත

අසූ ගනන්වල පත්තර ඒකාධිකාරය බිද හෙලමින් පෞද්ගලික සමාගමක් විසින් තවත් පත්තරයක් හදුන්වා දුනි.මේ පත්තරය ජාතිකත්වය මත පදනම් විය.ආන්ඩු විරෝධී විය.මට මතක ඇති පළමු රාජ්‍ය නායකයා ජේ ආර්ය.එතුමන් ගේ දැඩි පාලනයට මේ පත්තරේ අභියෝගයක් විය.ආන්ඩු විරෝධීන්ට මේ පත්තරේ ආශ්වාදයක් විය.පත්තර වලටත් ඇබ්බැහියක් ඇත.අපේ ගෙදර ගත්තේ ආන්ඩුවේ පත්තරේය.ඉස්සර පත්තරේ ගෙදර ගෙන එනතුරු මට නිච්චි නිනවු තිබුනේ නැත.පත්තරේ ගේන කොට නිවන් ගියා මෙනි.අකුරක් නෑර කියවන තුරු ඉවසිල්ලක් නොවීය

පත්තරකාරයා මට මහ වීරයෙක් විය.මමද පුවත්පත් දෙකක් පළ කලෙමි.එයට මට විශාල වෙහෙසක් දරන්නට විය.මම පත්තරේ කරන්නේ පෑනෙන් බැවිනි.ළදරු වියේ කළ මේ සෙල්ලම් වැඩය  මට මිහිරි මතකයකි.ගෙදරට එන අයටත් පාසලේ යාලුවන්ටත් පෙන්වූ මේ පත්තරේ චිත්‍ර කතාවක්ද තිබිණි.මෙය පාසල් වැඩ අතරේ ගෙදරට හොරෙන් හොරෙන් කළ බැවින්  වැඩි දවසක් කළ නොහැකි විය

මම පාසල් ජීවිතයට සමුදෙන කාලය වන විට මාධ්‍ය ක්ශේත්‍රයේ විශාල පෙරළියක් සිදුවී තිබිණි.පුංචි පත්තර ,එෆ් එම් චැනල් ,ටී වී චැනල් වහි වහින්නට විය.පත්තරවලනම් බොහෝවිට ජේ වී පී කර පණ බේරාගත් මහත්වරු රිංගා ගත් බැවින් මාක්ස්වාදය ඒවායේ මුල්බැසගත්තේය.සාමාන්‍යයෙන් ලෝකයේ වාද දෙයාකාරයක් ඇත.ඒ ජාතික හා ජාත්‍යාන්තර ලෙසය.ඇමරිකාව ප්‍රමුක ලිබරල්වාදය,ඒ ඒ රටවල ජාතිකවාද හා ඉස්ලාමයයි.ඇත්තෙන්ම ලිබරල්වාදය යනු සෙස්සන් යටපත් කිරීමේ ඇමරිකානු ජාතිකවාදයමය.ඉස්ලාමයද ජාත්‍යාන්තරවාදයකි.රුසියානු ජාතිකවාදය අපනයනය කිරීමේ පහසුවට මාක්ස්වාදී සමාජවාදය යන ලේබලය ගසා තිබුණි.

ඉතින් 1994 වසර උදාවිය.මීට පෙර ප්‍රේමදාසට අසත්‍ය චෝදනා කරමින් ඔහුට බලුබැනුම් බනිමින් සිටි එන් ජී ඕ පත්තර කෑලි වල කාර්ය භාරය කෙබදු වේදැයි ඇතිවුනේ ගැටලුවකි.එවකට තිබූ ආන්ඩු විරෝධයත් සමග මේ පත්තර කෑලි එන් ජී ඕ යැයි ප්‍රසිද්ධියේ කියන්නත් බැරි විය.1994 න් පසු මාධ්‍ය නිදහස,මානව හිමිකම් වැනි බටහිර වටිනාකම් මේ සමාජයට ඇතුලු කරන්නට යත්න දරන සෙයක් දිස් විය.එහෙත් එම රජයේ මරනාසන්න මාක්ස්වාදීන් ට ඇමතිවරුන් ලෙස මියයාමේ වරම මිස වෙන මාක්ස්වාදයක් නොවීය.එබැවින් බටහිර වටිනාකම්  සුලුජාතික අයිතිවාසිකම් ගැන මහා ඝෝෂාවක් විය

ස්ත්‍රීවාදය ප්‍රචාරය කිරීම සදහාම එෆ් එම් චැනලයක් ආවේය.මේ චැනලය ටී වී චැනලයක්ද  එක් විය.මේ සෑම  චැනලයකා ස්ත්‍රීවාදය අඩු වැඩි වශයෙන් ප්‍රචාරය කෙරුණි.ඒ අනුව මේ සියල්ලම එක වල්ලේ පොල්ය.මාධ්‍යවේදියා සර්වබලධාරියෙක් යැයි ඒ අය සිතති.ඒ ගැන කාටවත් ප්‍රශ්නයක් නැත.බී  බී සී සංදේශය වැඩසටහන සම්බන්ධව ගැටලුවක් ආ විට එම පුද්ගලයාට එරෙහිව සරදම් කළේ මොහු හෙද සේවයේ කෙනෙක්.මාධ්‍ය ගැන දන්නේ මොනවාදැයි කියමින් හෙද සේවය සරදමට ලක්කරමිනි.ඕනෑම කෙනෙකුට මාධ්‍යවේදියෙක් විය හක නමුත් හෙද සේවයට එක් විය නොහැක.ඒ සදහා සුවිශේෂ පුහුණුවක් අවශ්‍යය

1994  සිට 1997 වන තුරු මාධ්‍ය වේදීන් සිතා සිටියේ තමන් දේවපුත්‍රයන් හෝ තොරාගත් සෙනගක් ලෙසය.අරුම පුදුම මිනිසුන් ලෙසය.ඔවුහු  පුද්ගලයන්ගෙන් පොලීසිය ලෙසින් ප්‍රශ්න කරන්නට විය.විපක්ෂ නායකයා මාධ්‍ය ගැන කළ සදහනකට සියලුම මාධ්‍ය වේදීන් උදහස් වූ සැටි මට මතකය.තෙල මාධ්‍යවේදීහුනම් අද්භුත පිරිසකි උන් අමනාප වුනොත් නම් ශට් ඩවුන් තමායැයි ජනතාව  සිතූහ.ජනතාව බියෙන් සලිත වූහ.

එවකට මාධ්‍ය ඇමතිවරයා ලෝක ප්‍රකට මාධ්‍ය මුනිවරයෙක් නොහොත් දේවතාවෙක් මෙරටට ගෙන්වා මාද්‍ය උතුමන් කැදවා දේශන පොජ්ජක් මන්දු කළේය.මේ ලෝක මාධ්‍ය ලොක්කා කීවේ මාධ්‍ය වේදීන් යනු අමුතු සතුන් නොවන බවයි.වැඩිකල්  නොගොස් මාධ්‍ය වේදීන් හා එන් ජී ඕ හා කොටින් අතර සබදතාද ප්‍රචාරය වූයෙන් ඔවුනට මග තොටේදීද සංග්‍රහ ලැබෙන තත්වයක් උදාවිය.

යමෙකුට උතුමෙකු ලෙස වැජඹීමටනම් තම ගතිගුනද උතුම් විය යුතුය.එක් මාධ්‍යවේදී උතුමෙක් ලියන්නේම ඔහු අරක්කු බීපු හටි ගැන කතාය.ඔහු රැකියාවට ආවේ ඔහුගේ පියා ඔහුගේ අතින් අල්ලා මාධ්‍ය වේදියෙක්ට භාර දී මූ උඹට බාරයි වැඩ පුරුදු කරපන් යැයි කියා ඇත.මොනම බඳවා ගැනීමේ පටිපාටි විනිවිදභාවයන් නැත.නමුත් මොහු පුහුණු කළ මාධ්‍යවේදියා විදග්ධයෙකි.එය වෙනම කතාවකි.මොනවා හෝලියන්න පුලුවන් නම් එච්චරය.ඌ එදා සිට දෙවියෙකි.


අන්තර්ජාලයේ ආගමනය ඇතිවුනේ මේ තත්වය පවතිද්දීය.අන්තර්ජාලයේ ප්‍රෙක්ෂකයන් හා නළුවන් යැයි දෙපිරිසක් නැත.විලංගු ලා සිටි මානව සංහතිය විලංගු බිදලා දෙපයින්  නැගී සිට අභීත සිංහ නාද කළේ අන්තර්ජාලයේ ආගමනයෙනි .දැන් හැමෝටම තම අදහස් ඉදිරිපත් කළ හැක.එම අදහස් වලට කොමෙන්ට් කළ හැක.කොමෙන්ට් වලට ඇප්රෲවල් එක දෙන්නේ නැත්නම් තමන්ටම බ්ලොග් එකක් ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් හදාගත හැක.ප්‍රජාතන්ත්‍රවාදය පට්ට පට පටය.එහෙත් මෙතනත් මාෆියා හදන්න සමහරු ආසාය.බ්ලොග් හදීම ගැන පුණු පාඨමාලා ඇත.කාන්තා බ්ලොග්කාරියන් සදහා එක්තරා හෝටලයක පුහුණුවක්ද තිබුණි

සාමාන්‍යයෙන් ලංකාවේ බ්ලොග්වල බටහිරවාදී අනාගමික කන්ඩායම්වල ආධිපත්‍යයක් ඇත.එහෙත් තාක්ෂනයේ සර්ව සාධාරණතවය හමුවේ එය ගැටලුවක් නොවේ.ජාතික වාදීන්හා  බටහිරවාදීන් ක්‍රියාත්මක වන අතර මුස්ලිම්වරුන්ට එරෙහිව මේ අනාගමිකයෝ ජාතික වෙස් බැද සටනට ආ සෙයක්ද දැකගත හැකිවිය.කෙසේ හෝ මේ උදවිය බ්ලොග් ලිවීම හැර වෙනත් වැඩක් කරන බවක් නොපෙනෙන්නේ හැම වෙලේම ඔන්ලයින් බැවිනි

බ්ලොග් වලටද ආචාරධර්ම අවශ්‍යය.මම නම් මට විවේක වෙලාවට බ්ලොග් ලියන බ්ලොග් ක්ෂේතයේ අතදරුවෙක්මි.එහෙත් මටම ආවේනික ආචාරධර්ම ඇත.මම කිසිවිටෙක කිසිදු කොමෙන්ට් එකක් ඩිලීට් නොකරමි.එසේම  මට ලැබෙන කොමෙන්ට් වලට ස්තුති කරමි.මගේ බ්ලොග් එකට පැමිණ මට කුනුහරපෙන් බනින්නටද අවසර ඇත.හැබැයි රටේ සම්මත සදාචාරයට එරෙහිව තිත්ත කුනුහරප ලිව්වොත් නම් ඩිලීට් කරමි.නැත්නම් මෙය අසභ්‍ය  වන බැවිනි.අන්‍ය මත වලට ඉඩ දෙන්නේ එසේ නොකළොත් මමත් බෝතල්පත්තරකාරයන්ගේ මට්ටමට වැටෙන බැවිනි


මගේ බ්ලොග් එකට එන කවුරු නමුත් මට ගෞරවනීය අමුත්තෙකි.මට හැකි උපරිමයෙන් ඔවුනට ගරු කරමි.මගේ බ්ලොග් එකේ කොමෙන්ට් දමන අයට වෙනත් අය සමග එක්වී පහර  දෙන්නේ නැත.අපහාස කරන්නේ නැත.ඒ මගේ හැදිච්චකමයි.වචන භාවිතයේදීද මම ප්‍රවේසම් වෙමි.මගේ එකම අභිලාශය මගේ මතය ප්‍රකාශ කිරීමයි.ලිපියක් පළ අලුත  සියයකට කිට්ටු පිරිසක් බ්ලොග් එකට පැමිනෙති.ඒ මට ප්‍රමානවත්ය

තාක්ෂනය දිනේවා

ගොඩවදින්න ස්ත්‍රීවාදය බ්ලොගය දෙසට මෙතැනින් 



25 comments:

  1. මත විමසින් සහ අදහස් ඉදිරිපත් කිරීම් , ඒ ඒ අයගේ සමාජ ඇසින් බලන නිසා ,
    හැබැයි අයියේ ඔය මාධ්‍ය වේදියෝ කියන ගොඩෙන් සම හරක් ගැන නම් මට දැන් තියෙනෙන් පොලිස් කාරයෝ ගැන තියෙන හැගිමමයි

    ReplyDelete
    Replies
    1. ඔබ හරි දැන් එහෙම පෙනුමක් දකින්නට හැකියි..
      ඒ වගේම ලෝකයේ කිසිම තැනක නිදහස් මාධ්‍ය භාවිතයක් නැ... මාධ්‍ය කරුවාට වැටුප් ගෙවන ආයතනයේ න්‍යාය පත්‍රයට තමා කොහෙත් වැඩ කෙරෙන්නේ.ඒ අතින් බ්ලොග් කලාව නිදහස් මාධ්‍යයේ හොඳම තැන හැටියට කිව්වත් වැරැද්දක් නැත.

      Delete
  2. මාත් ගිහින් බලන්නම්කෝ.
    ඒ බ්ලොග් එකේ තියෙන ගොඩක් ඒවා මට තේරෙන්නේ නෑ අප්පා :/

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහු ඉතා හොද සංකල්පයක් සමාජගත කරන්න හදනවා.. ඒත් කොතැනක හෝ වැරදිලා තියනවා.

      Delete
    2. ස්තුතියි මොකක් හරි අඩුපාඩුවක් බව මටත් හිතෙනවා ඒ මොකක්ද යන්න තමයි තේරෙන්නේ නැත්තේ.සමහරවිට මම ආධුනිකයෙක් නිසා වෙන්න ඇති

      Delete
  3. මම ඒ බ්ලොගය කියවන්න කැමති නැත්තේ නිස්කාරනේ මාතෘකාවටත් අදාල නොවෙන වැල වටාරක් ලියන හන්දයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත එය හදා ගත්තොත් තවත් හොඳම බ්ලොග් එකක් වෙනවා මේ ස්ත්‍රීවාදය.

      Delete
  4. ස්ත්‍රීවාදය ගැන ලියන්නේ 'ඔහු' කෙනෙක්ද? ගිහින් බලන්ට ඕනි. නලීන් උත්තර දෙන්නේ සමහර කමෙන්ට්ස් වලට විතරද? :)

    ReplyDelete
    Replies
    1. මම තාම දන්නේ නෑ මේ ලියන්නේ කවුද යන්න වග.. ඒත් පිරිමිකෙනෙක් යැයි හැගෙනවා.මං පොඩ්ඩි ඉඩක් ලැබෙන හැම වෙලාවකම උත්තර දෙනවා.. මං බේ බ්ලොගය පවත්වාගන යන්නේ කාලයත් එක්ක පුදුම සටනක් දෙමින්.සතියේ දින 6ක් රැකියාවත් එක්ක ඔට්ටුවෙමින් කොචිචියේ රෑට ගමන් කරන පැය 2තමා වැඩියම බ්ලොග් කියවන්නයි කමෙන්ට් දාන්නයි භාවිතයට ගන්නේ. ඉතිරි දවස දුවල දෙන්නගේ පන්ති ගමන් හා එයාල වෙනුවෙන් වෙන් කරලා ඉන්නේ. ඒත් ඉඩක් ලැබුණු වහා උත්තර දානවා.

      Delete
    2. මම පිරිමි කෙනෙක් ,නමුත් මම කිසිම විටෙක පිරිමින්ගෙ පැත්ත ගන්න කෙනෙක්නම් නොවෙයි.හබැයි ස්ත්‍රීවාදයට පහර දෙනවිට ඔවුන්ගේ නීති වලින් වන සමාජ හානිය පැහදිලි කළ ලිපියක පිරිමින්ගෙ පැත්ත ගන්න ආකාරයට ලිව්වා ඒ ලිපිය වෙන ක්‍රමයකට ලියන්න බැරි නිසයි.සාමාන්‍ය ජීවිතයේදී මම වඩා සමීප කාන්තාවන්ටයි.

      මමත් නලින් වගේමයි.පුදුම දුෂ්කරතා මැදයි මේ බ්ලොග් එක කරන්නේ .පොඩි විවේකයක් ලබිලා බ්ලොග් එකට ඇවිත් කොමෙන්ට් දාල ලැප් එක ශට් ඩවුන් කළාම දැනගත්තා අදට දාගෙන තිබුන වැඩේ කැන්සල් වෙලා කියලා.දැන් දවසෙම බ්ලොග් එකේ ඉන්න පුලුවන් .ඒත් ඒඅක් හෙට කරන්න වෙනනිසා නිවාඩුදාන්නත් වෙයි.මගේ අරමුණ මාධ්‍ය මාෆියාවේ වාරනයට ලක්වූ දේ සමජගත කරන්නයි

      Delete
  5. අද මාධ්‍ය ආයතන විසින් දේශපාලන පක්ෂ හසුරුවන හැටි හරි පුදුමයි නේද?
    ඔබගේ බ්ලොග් සදාචාරය ගැන සතුටුවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක පැහැදිලිවම පේන්න තියනවානේ නිර්මලා..මට අවශ්‍ය කළේ යම් මතවාදී තලයක ඉන්නා කෙනෙක්ව කරලියට ගැනීමයි.. වලපල් අතරේ හොද මතවාදත් අවශ්‍යයිනේ..

      Delete
    2. නිර්මලා මධුශානිගෙ අදහස ඉතාම වැදගත්.මාධ්‍ය සමබන්ධව කතිකාවතක් අවශ්‍යයි.මාධ්‍යවල ඉන්න අය හිතනවද දන්නෙ නෑ ඒව බලන අහන අය මීහරක් රැලක් කියල

      මම පුරුද්දක් හටියටම හම මාධ්‍යයක්ම ඇසුරු කළා .ඒ පාසල් යන කාලෙ ඉදන්මයි.ඒ කාලෙ තිබුනෙ මුද්‍රිත මාධ්‍ය.කිසිම විකල්ප මතයකට ඉඩ දෙන්නෙ නෑ.ජනහමුව කියල හරි කතුට ලියුම් කියල හරි මහජන අදහස් වලට පිටුවක් වෙන් කරනවානෙ.කවදාවත් මහජනයාට ඒ පිටුවට යමක් කියන්න බෑ.මට මතකයි එක් පත්ටහ්‍රේක මහජන පිටුවෙ කෙටි අදහස් දැක්වීම් කරපු අයගෙ නම්.කොස්සින්නේ රනසිංහ,වලිකලගේ සිරිපාල,උඩුගොඩ දයා නුගේකොටුව.මෙහෙම මිනිස්සු මේ ලෝකෙ නෑ.ලොකු බොරුවක්නෙ මේ කරන්නෙ.

      අද පත්තර බලන්නෙ මාධ්‍යවේදීන්ට වඩා කොලිෆයිඩ් අය.ඉස්සර වාගෙ අච්චු අකුරු අද මැජික් නොවෙයි.මම එකම අවස්ථාවක ස්ත්‍රීවාදයට එරෙහි ලිපියක් පලකරගන්න ගියා පත්තර කන්තෝරුවකට.ලිපිය කියවල කතෲ කියන ලියන අප්පු මොකද දන්නවාද කිව්වෙ.මේ මත දරණ අයත් සමජයේ ඉන්නවානේ කියල.ඉතින් ඒක තමයි සංවාද කරන්න ලිපිය අරන් ආවෙ.ඔය කියන පත්තරේ විකල්ප මත වලට ඉඩ නෑ කියන එකනෙ ඒ ලියන අප්පු කිව්වෙ.මම ඊට පස්සෙ ඔය කට්ටිය පස්සෙ ගියෙ නෑ.සමහරු කිව්ව මුන්ට අරක්කු පෙව්වනම් හරි.මට ඕකුන්ට අරක්කු පොවල ලිපි පළ කරගන්න රුදාවක් තිබුනෙ නෑ.

      මම මේ කියන්නෙ විද්‍යා සගරාමය පුවත්පතක්.ඒ පුවත්පත බටහිර විද්යාව ගැන සංවාදාත්මක ලිපි පළ කළ නිසා තමයි මම ලිපිය අරන් ගියෙ.
      ඔය පත්තරේ ප්‍රධාන පුවත්පත කලුතරදි ළමයෙක් ගඟට දාපු සිද්ධියේදි මුලු රටම කම්පා වෙද්දි ඒක සාධාරණීකරනය කරන්න තරම් පහත් මට්ටමකට වැටුනා

      ඉතින් මම මේ බ්ලොග් එක කරන කොට කොමෙන්ට් එකක් ඇවිත් තිබුනා මේ වාගෙම විකල්ප මත මර්ධනය කරන මාධ්‍ය මාෆියාව ගැන "හඩක් නැගිය නොහැකි මිනිසුන්ගේ හඩ කිඅයල මම ඒක ලිපියක් ලෙස පළ කළා.

      බලන්න මුන් සම්මුඛ සාකච්ඡා කරන කඩප්පුලි සිස්ටම් එක

      ප්‍රශ්නය- ඔබ හොරෙක් යැයි ජනතාව කියනවා ඒ ගැන මොකද කියන්න තිබෙන්නේ?

      මේවට මරු උත්තර ජේ වී පී කාරයො දෙනවා

      පිළිතුර - එහෙම කියන ජනතාවක් මේ රටේ නම් නෑ

      එක්තරා විද්‍යුත් මාද්‍යයක් තිබෙනවා ඒක මාධ්‍යයකට වඩා දේශපාලන සංවිධානයක්.පක්ෂ වල නායකයො මාරු කරන්න හදනවා.කුඩා සුලුජාතික පක්ෂ නිර්මානය කරනවා.ඒ හමටම වඩා වෛරය ද්වේශය මත පදනම් වී ඇති ඒ මාධ්‍ය තම සතුරන් මර්ධනය කරන්න්ට විනාඩි පහෙන් පහට ඔවුන්ට පහර දීමේ ක්‍රමයක් අනුගමනය කරනවා.ඔවුන් හිතන්නේ ඔවුන් සර්වබලධාරීන් කියායි.නමුත් 1999 දීත් 2005 දීත් 2010 දීත් ඔවුන්ගේ අසාධාරන සහාය ලත් අපේක්ෂකයා පරාජයට පත් වුනා.ඔවුන් හිතා ඉන්න ඇති රටේ මුලු සමාජයම ගොබෙල්ස් න්‍යාය අනුව හසුරුවන්න පුලුවන් කියා.දෙකෝටියක ජනතාව නූල් සූත්තරවලින් නටවන්නට රූකඩ බවට පත් කරන්නට.දේශපාලාන් පක්ෂ සල්ලි වලට ගන්න පෙළැඹෙන රූපට් මර්ඩොක් වැනි ගූඩ ව්‍යාපාරිකාය්න් ගේ ක්‍රියාකාරීතවය ඔහොමයි.

      වලන්ටයි දවස ඒ වගේම ඉන්දියානු කසිකබල් සෝප් ඔපෙරා සමාජගත කරමින් ඔවුන් කළ හානිය බලන්න.
      මම නම් කියන්නේ ඕනම මතවාදයකට ඉඩ තිබෙන්න ඕන
      බ්ලොග් වල ඒකාකාර අදහස් තිබුනට කමක් නෑ.කාටත් කොමෙන්ට් දාන්න පුලුවන්නෙ.නමුත් කුමන්ත්‍රනකාරී ලෙස අදහස් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වලින් සමාජගත කිරීම වැරදියි

      නැති සමාජ ප්‍රශ්න ඇති කරනවා මේ මාධ්‍ය වලින්.පොඩි දේවල් උලුප්පලා මහා ඝෝෂාවක් ඇති කරලා එකා දේ සිය වරක් කීවම ඇත්ත වෙන ගොබෙල්ස් න්‍යායට අනුව.උදාහරනෙකට නන්දම්ම ලේලි ප්‍රශ්නෙ ගමු මුන් ලෝකෙ නැති එවුන් මදිරියට ගෙන්වල බොරුවට මැදියෙ එවුන් හරි තේ හදන එවුන් හරි ලව්වා උන්ම හදන ප්‍රශ්න අස්සවල එකම කලබගෑනියක් කරනවා.මිනිස්සු හිතනවා යකෝ මේක තමයි ලෝකෙ තිබෙන එකම ප්‍රශ්නෙ කියලා.මුන්ට සහ ගහනව මිනිස්සුන්ගෙ මනස උන්ට ඕන විදියට සකස් කරන්න හදනවට

      Delete
  6. මම ස්ත්‍රීවාදය බ්ලොග් එක නිතර බලනවා මේ ලිපියෙන් පෙන්වාදී තිබෙන කාරණය වැදගත් එකක්.බොහේ ජනමාධ්යා අද කරන්නේ ජනප්‍රිය මතය පැත්තට බරව තොරතුරු ඉදිරිපත් කිරීමයි. මේ වැඩේ විචාරශීලී නෑ.

    ReplyDelete
  7. ස්ත්‍රීවාදය බ්ලොග් එකේ පලවුන මේක හොඳ ලිපියක්. ඇත්තටම ජනමාධ්ය කියන දේ හැමවිටම සාධාරන නෑ. අද සමහර පත්තර කාරයෝ පත්තර විකුනගන්න බොරු ප්‍රවුර්ති හදනවා. තව සමහරු තියෙන දේ වෙනස් කරල විකුර්ති කරපු තොරතුරු බෙදනවා. බොහේ මාධ්ය හැමවිටම ජනප්‍රිය මතයක් අල්ලගෙන ඒ ඔස්සේ ප්‍රවුර්ති ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. මෙතනදි විචාරය කියන එක කොහෙත්ම නෑ.

    ReplyDelete
  8. බ්ලොග් එකකට කුණු හරුප ප්‍රතිචාර දාන්නේ හිතාමතාමය.ඔවුන්ගේ පහත් මනෂිකත්වය ප්‍රදර්ශණය කිරිමක්.

    ReplyDelete
  9. ස්ත්‍රී වාදය කියන ඒවා පරස්පරයි නලින් අයියේ.
    අඩුම තරමේ වැදගත් නමක් හරි දාගෙන එනවා නම්
    හරි..ස්ත්‍රීවාදය කියන නම දුටුව හැටියේ ඔලුවට එන්නේ

    " කාන්තා හිමිකම් "

    ReplyDelete
  10. කුමක්ද පරස්පර

    silentashan

    මවුකිරිදීම ගර්භනීභාවය,ස්ත්‍රී විලාසිතා,පවුල් සංස්ථාව,මාතෲත්වය,ස්ත්‍රීත්වය විනාශකරමින් ස්ත්‍රියට පුරුෂයා සමග නිරන්තර අරගලයක් ඇතැයි පවසමින් කාන්තාවන් වියවුල් කර ඔවුන් මිරිගුවක් පසුපස එලවීම තමයි ස්ත්‍රීවාදය කියන්නේ.ලංකාවේ මෙය එන් ජී ඕ ව්‍යාපෘතියක් වුවත් බටහිර මෙය සැබවින්ම පවතින්නක්.

    ස්ත්‍රීවාදිනිය පවුල තුල සැමියාට හා පුත්‍රයාට එරෙහිව කැරලිකාර චරිතයක්.බටහිර ලෝකයේ එක් සමාජ ඛේදවාචකයක් වන මෙය ගැන දනුවත් කිරීමක් අපි කරන්නේ.මේකත් හෙරොයින් ,සාතන්ගෙ ආගම වාගෙ නිර්මානාත්මක මනස්ගාතයක්.මාධ්‍යවල මේවට ඉඩක් නෑ.

    ReplyDelete
    Replies

    1. @ ස්ත්‍රීවාදය


      ඔබ මේ කියන්නේ " කාන්තා හිමි කම් කැඩෙනවා " යැයි
      කියමින් අහිංසක කාන්තාවන්ගේ ඔලුවලට මනස්ගාත පටවමින්
      ඔවුන්ව brain wash කිරීමේ වැඩ පිළිවෙල ගැනද ?

      එසේම brain wash කිරීමෙන් පසු ඔවුන්ව පිරිමි වර්ගයා වෙත වෛරී චේතනාවෙන්
      උසි ගැන්වීම ගැනද ?

      Delete
    2. ඔවු ඒක තමයි

      Delete
  11. මෙතන මා 100ක් එන එකත් ලොකු දෙයක් කියු එක ගැන සමහර් අය වැරදි වැටහීමක් ගන්න පුළුවන්. එතන මට කියන්න ඕන උනේ. මූට 100 ක් හරි එනවා. අපිට මුල් කාලේ ආවේ කියද කියලා ඔහේලටම බලා ගන්න පුළුවන්. කියන එකයි. ස්ත්‍රිවාදියාගේ මතය කුමක් වූවත් ඔහුගේ මතයත් පිළිබිඹු විය යුතුමයි.

    ReplyDelete
  12. ඒක තමයි මමත් කියන්නෙ.පුද්ගල වන්දනාව ,ගෝත්‍රවාද ,බමුණු කල්ලි නැති හැම මතයකටම ඉඩ තිබෙන නිදහස් සමාජයක් අපට අවශ්‍යයි.මම ස්ත්‍රීවාදයට විරුද්ධ වුනත් ස්ත්‍රීවාදී බ්ලොග් අඩවියක් මගේ බ්ලොග් එකේ කොමෙන්ට් විදියට ඒ අයගෙ ලින්ක් දැම්මොත් මම පල කරනවා.විවේචනයක් සහිතව ලිපියක් ලෙස පළ කර ප්‍රචාරයක් දෙන්නත් ඉඩ තිබෙනවා.ඒ සාධාරනය අන්‍ය මත ඉවසීම ප්‍රජාතන්ත්‍රවාදය අපට අවශ්‍යයි.තාක්ෂනික දියුණුවත් සමග ඒ සුන්දර ලෝකය අපට ලැබේවි.අර බයිබලේ තියනවා වගේ සිංහයයි මුවයි එකට පිදුරු කන ලෝකයයි අපට ඕන.මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය වෛදික යුගයෙ බමුණො වගේනෙ

    ReplyDelete
  13. මම නං ස්ත්‍රිවාදය බලල නෑ තාම. ඒත් පැටලුනා මතකයි කාන්තා දින කතාවේදි හැබැයි මාත් එක්ක නෙවි. එතැනදි (නලින් ගාව) මම ලිව්ව නෙව මගේ අදහස.. ඉතිං ස්ත්‍රිවාදය ස්ත්‍රින් ගැන විතරම නං ලියන්නේ.. මගේ අදහස එයාට කියන්න ඕන අදහසෙයි කියල එයා කිව්ව නිසාත් ආයේ මොන මගුලක් බලන්නද? ස්ත්‍රිවාදය දත කන අදහස මම කියල තිබ්බ එකෙන් තේරුං ගත්ත කියලා එතුමා කියනවනං එච්චරයිනේ...

    ReplyDelete
  14. මමත් ඔය කියන බ්ලොග් එක පැත්තේ ගියා. ඒත් ලියලා තියන ගොඩක් දේවල් තේරුනේ නෑ.

    ReplyDelete
  15. ස්ත්‍රිවාදයලූ, ප්‍රජාත්‍රන්ත්‍රවාදයලූ අර වාදයලූ මෙවාදයලූ අයියො සල්ලී

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT