සුපුරුදු ලෙස දිවා කාලයේ ලේක්හවුස් පිටගැට පෙළ බහින්නට එන මට ඔහුගේ රුව දිස් වෙයි. විසි වසරක් පුරාවටම මා මේ රුව දැක ඇත්තෙමි. ඔහු ඩැනි ය.
ඩැනි ලේක්හවුස් පියගැට පෙළ පාමුල |
සෑම දිනකම දහවල් 12 වන්නට ආසන්න වෙද්දී මේ රුව ලේක් හවුස් පිය ගැට පෙළ ආසන්නයේ දී කාටත් දැකගත හැකි ය. ඉඳ හිට දිනක මම ද ඩැනීගෙන් බත් පතක් මිලදී ගනිමි. එසේම ඩැනීගේ බත් පත ගන්නට ම පුරුදු වූවෝද සිටියහ. එහෙත් රසයේ වෙනසක් සොයන්නෝ විටින් විට වෙනත් අයගෙන් හෝ ආයතනයේ සුබසාධක අවන් හලෙන් දිවා වේල සරි කරගනිති.
බත් පත රසය. ඉතා සුළු ප්‍රමාණයකින් හදන නිසාත් ගමේ විදියට හදන නිසාත් එහි තරමක වෙනසක් දිවට දැනේ. මස් මාළු වෙතොත් ඒ කලාතුරකින් දවසක ය. බොහෝ විට ඇත්තේ කරවල සමග තවත් ගමේ කෑම එළවළු පළා වර්ග කීපයකි. ඇතැම්හු පවසන්නේ ඩැනීගේ බත් පත තරමක් වියළි බවයි. බොහෝ දිනවල දවල් එක වන්නට පෙර ඩැනි ගෙනෙන සියලුම බත් පාර්සල් විකුණා ගනියි. එදිනට ඒ මුහුණේ ඇත්තේ සතුටු සිනාවකි.
බත් පතක් අලවි කරමින් |
මුලදී ඩැනි මා නෙත ගැටෙනවිට තරමක සෞඛ්‍ය සම්පන්න බවකින් සිටිය ද දැන් ඔහු දකින විට සිතෙන්නේ බොහෝ අබල දුබලව සිටින සෙයියාවකි.
වසර ගණනාවක සිට ඩැනි මේසේ තම ජීවිකාව කරගත්ත ද මේ වන විට ආයතනය තුළින් ම තවත් තරඟකාරී බත් සපයන්නන් කීප දෙනකුම බිහිව ඇති බැවින් ඔහුගේ මුහුණේ පෙර තිබූ සිනහව වෙනුවට පෙනෙන්නට ඇත්තේ දුක් මුසු බවකි.
ආයතනයේම සුළු සේවකයන් කිප දෙනෙක් බත් රස්සාව පටන් ගෙන ඒවා අදාළ අයට ආයතනය තුළ දීම අලවි කර ගැනීම හා හෙට දිනයට ඇණවුම් ද භාරගන්නා නිසා ඩැනීගේ වෙළදාමට කණ කොකා හඬන්නට පටන් ගෙන ඇත. ගෙනෙන බත් පාර්සල් කීපයක්ම ආපසු රැගෙන යන්නට සිදුව ඇතැයි හේ දුක් මුසුව මා හා පැවැසී ය.
වසර 20 ගණනක සිට ඩැනීව දැන සිටියත් බත් පතක් මිල දී ගන්නවා හැරෙන්නට වෙන කිසිම දෙයක් ගැන ඔහු සමග දොඩමළු වී නැත. ඔහු එන්නේ කොහේ සිටදැයි මා අදටත් දන්නේ නෑත. අද දින මා ගෙදරින් ගෙනා බත් පතද රැගෙන පියගැට පෙළ බසින්නට එනවිට මුලින්ම ඩැනීගේ මුවේ ඇඳුණු සිනහව මගේ අතේ වූ බත් පත දැකිමෙන් වියැකී ගිය අයුරු මෙන්ම ඒ මුහුණේ ඇතිවුණු දෝමනස්සහගත සිතුවිල්ල මට ක්ෂණිකව වැටහිණි.
"මහත්තයා අද කෑම ගෙදරින් ගෙන්ත් වගේ"
"ඔව් ඩැනි. මොකද අද කෑම ඉතිරිද?"
"අද කෑම 5යි විකිණුනේ මහත්තයා. දැන් කවුරුවත් කෑම ගන්නේ නෑනේ, දැන් මට මේ රස්සාව අත්හරින්න කාලේ ඇවිත් මහත්තයා. හෙට උයන්න බඩු ගන්නවත් සල්ලි නෑ...දැන් සේරම නෝනලා මහත්තයලා ඇතුළේ අයගෙන්ම කෑම ගන්නවා වගේ."
කරන්නට කිසිම දෙයක් නැත. ඒ මුහුණ මග හැර යන්නට ද නොහැකි ය. රුපියල් සියයක් ඩැනි ගේ සාක්කුවට දැමූ මම ගෙදරින් ගෙනා බත් පත අසල ඇති නිමල් ගේ කඩයට ගොස් ගිල දැමුවෙමි.
මට ද අම්මා උයන බත් පතක රස විඳින්නට ලැබෙන්නේ පාසල් නිවාඩු කාලක දී පමණි. අම්මා උයා දෙන බත් මුලක ඇති රසය අද මට කිසි ලෙසකින්වත් නොදැණුනි. එය නිකම්ම ගිල දැමුවා පමණි. ඩැනී ගැන මතකයෙන් කම්පිත සිතට කෙසේ රසයක් දැනෙන්න ද?
වෙළඳපළ තරගකාරීත්වය අසරණ බවට කොතරම් නම් බලපෑමක් එක් කොට ඇති ද? ඩැනීලා ගේ හෙට දවස කෙසේ නම් විසැදේවි ද? හදවත දැවෙන පැණයකි මා අබිමුව.
වැඩේ හැටි ඔහොම තමයි නලීන්. ඔයා දැකල තියෙනවද සමහර දවස් වල කෝච්චියෙ එනවා යාචකයෙක්, හුණු කෑල්ලකුත් අරං. එයා කෝච්චියෙ බිම අකුරු ඇඳල පෙන්නනවා. එයා කියන්නෙ එයා ආටිස් කෙනෙක්ලු. දැං රස්සාව නෑලු. එයා ආටිස් උනත් නූනත්, ඩිජිටල් ප්‍රින්ටින් වලින් ආටිස්ලගෙ රස්සාවත් නැති උනා.
ReplyDeleteගම්බද කම්මල් වල කලදවසත් ඔහොමයි. දැං කරත්ත නෑනෙ. ඉතිං පිහියක් කැත්තක් හදාගෙන දුකසේ ඉන්නවා.
සමාජ පරිණාමයෙ හැටි නේද?
නවීන තාක්ෂණය සමග ඉදිරියට නොයෑම, ශක්තිය හීන වීම, රෝගි බව, මේ හේතුන් මත තම ජීවිකාව සරිකරගත් මාර්ග බොහෝ අයට ඇහිරිලා. හරිම දුක හිතෙන තත්ත්වයක්.
Deleteමේක කියවද්දි මට මතක් උනේ සබරේ කැම්පස් එකේ වැටේ ඇන්ටි. ඇත්තටම පවු.... ඒ ඇන්ටිගේ බත් එකක් දෙන්නෙකුට කතහැකි.... ඒ මිනිස්සුන්ටත් සාධාරනයක් වෙනව නම් කොයි තරම් හෙඳද
ReplyDeleteඔව් මචං යම් යම් ආයතන වටා ජීවිකාව ගොඩනගා ගත් පිරිස් ඉන්නවා. බොහොම නිහඩව වුණත් මේ අය සම්පුර්ණ ජීවිතය ගෙවා ගන්නේ ඉන් උපයන දේ තුළින්.
Deleteදවසකට දානී ලා කී දෙනක් දකිනවද? ඊට වඩා කී දෙනෙක් මග ඇරෙනවා ඇද්ද?
ReplyDeleteඔව් මේ වගේ නොසෑහෙන පිරිස් ඇති. මේක හිතට දැනුණේ බොහොම කාලයක ඉදන් මේ මනුස්සයාව හැම දවසකම වගේ දකින නිසා වෙන්න ඇති.
Deleteඋඔට කොහම දැනෙන්න අැද්ද?
ReplyDeleteමේ සටහන මගේ හිතට මේ තරම් දැනුනනම්.
ඔව් මෙන්ඩා හිත හුගාක් දුක්බර වුණා ඒ මනුස්සයගේ මුණ දුටුවාම.
Deleteකැලේ ගිහින් නිදි වැරුවා කැපුන සඳුන් දණ්ඩ දනී
ReplyDeleteඒ සඳුනෙන් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී
අඳුරට දුක එකතු වෙලා නින්ද බිදුණු පැලට වඩී
අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී …
බොරළු ඇනෙන පය රිදවන
Deleteවෙහෙස මදක් නිවා ගන්න
ඔබේ සතුටු මුහුණ අපට
ටිකක් හොදින් බලා ගන්න
මහත්වරුනි බදුලු ඔයෙන්
කිරි කදුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල්
කදුලු වතුර පොදක් බොන්න
කැලේ ගිහින් නිදි වරුවා..
කැකුළ සදුන් දණ්ඩ දනී
ඒ සදුනෙන් සිත තැවරු
සුවද පවා සිහින වැනී
අදුරට දුක එකතු වෙලා..
නින්ද බිදුනු තැනට වඩී
අපට නැතත් බදුලු ඔයට
හෙටත් උදෑසනක් වඩී
රෑන ගිරවු කටුසු කොබෙයි..
උරග නාග සකුණි වනේ
නුඹට වගේමයි අපටත්
දුක් පීඩා විඩා දැනේ
කදු ඉස්මත්තෙන් පාවී..
වැගිරෙන දුන්හිද හීනේ
පුංචි එවුන්ටයි ලස්සන
කිරි ගරුඩෙන් කවිය උනේ
පද රචනය - රුචිර පරණවිතාන
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
Deleteදෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ
දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි දූ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ
රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ
Artist: T.M. Jayarathne
Lyrics: Rambukan Sidhdhartha Thero
Melody: Premasiri Kemadasa
හම්මේ සාලයව දැක්ක කල්
Deleteනලින් ආපහු බත් කනව කියල දැනගන්න ලැබීමත් සතුටක්.
ReplyDeleteහැමදාම බත් තමා හැලප අයියේ. ඉද හිට දවසක තමා වෙනත් යමකට යොමුවන්නේ.
Deletehttps://en.wikipedia.org/wiki/List_of_rice_beverages
Deleteමේ වගේ අසරණ චරිත කී දාහක් අපි වටේ ඇද්ද? පව්. ඔෆිස් එකට බත් ටිකක් අරං ඇවිත් විකුණ ගන්න හදන සුළු සේවකයොත් පව්...
ReplyDeleteකොහොම වුණත් නලින් අයියා ආයෙ ට්‍රැක් එකට වැටිලා. ඒක මරු...
ජීවන සටන අපි හිතනවාට වඩා හුගාක් අසීරු පිරිස් ඉන්නවා
Deleteබිස්නස් වැඩි වෙනකොට ලාබ වැඩිකරගන්න කොලිටිය බාල කරන කෑම සපයන්නො එමටයි. ඒත මේ අය එහෙම නෑ. එදා බත් පැකට් විස්සනං අදත් විස්සයි. අද විකුණුනේ 5 යි කියලා හෙට 5ක් හදන්නෑ. ඇත්තටම පව්.
ReplyDeleteමම දන්න දා ඉදන් ගෙනාවේ මේ වගේ බෑග් එකක දාගන. ඒ කියන්නේ පැකට් 20 හෝ 25ක් විතර තමා.
Deleteමොනව කරන්නද, තරඟෙට මූන දෙන්න බැරි උනාම ඉතිං ඔය වගේ දේවල් සිද්ද වෙනව.
ReplyDeleteඅබල දුබල බව අයහපත් සෞඛ්‍ය තත්ත්වයත් බලපා තිබෙනවා
Deleteඩැනී වර්තමාන වෙළඳපොල රටාව තේරුම් ගන්න ඕනේ. (මේ වගේ අයට එවැනි ව්‍යාපාරික උපදෙසක් ගන්න තැනක් නැතිවීම පාඩුවක්) පොඩි ණයක් වෙලා, අලුත් තාලෙට ලස්සන පෙට්ටි ටිකක් මුද්‍රණය කරලා, Danny's Special Lunch වගේ නමක් දාලා, ගෙනල්ලා බලන්න කියන්න.
ReplyDeleteමෙයාලා වෙනස් නොවුණ අය. එදා වසර 20කට පෙරත් ගෙනාවේ පාර්සල් මේ ගානමයි. අදත් ඒ ගානමයි.
Deleteහැමදාම කඩෙන් කන්න පුරුදු වෙච්චි අපිට මේ වගේ ඇය කොච්චර නම් මුණ ගැහෙනවද...
ReplyDeleteඅනිවා අනිවා....
Deleteකියන්න හිතන් හිටපු සේරම උඩ කමෙන්ට් වල තියෙන නිසා ආපහු කියන එකේ තේරුමක් නෑනෙ. ඔය වගේ මනුස්සයෙකුගෙ දුක ඇහුවාම අපිටත් කරන්න දෙයක් නැති උනාම හිතට දැනෙන දේ කියන්න අමාරුයි. අර වගේ කීයක් හරි සාක්කුවට දාලා ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑ අපි ඉන්න තත්වෙ උඩ.
ReplyDeleteඇත්තටම කළ හැකි දෙයක් අපට නෑ
Deletehttp://www.hirunews.lk/114855/president-maithripala-sends-urgent-letter-to-mahinda
ReplyDeleteඑය යවන්න කලින්ම ඒ ගැන දැන සිටියෙමි.
Deleteහරිම දුකයි කියෙව්වම නලීන් අයියේ..
ReplyDeleteඒ සන්තාපය තාමත් හිතේ තියනෝ
Deleteමේ වගේ දුක හිතෙන කතා ඔය වගේ වියාපාරවල දකින්න පුලුවන්. කාලයක් ජපුර කැම්පස් ඉස්සරහ ඉඳගෙන බත් විකුනන ඇන්ටි කෙනෙක් හිටියා. මේ ඇන්ටිව එතන කාලයක් තිස්සේ බිස්නස් කරපු කලු ඇන්ටි පන්නා ගත්තා. හේතුව තමයි මේ ඇන්ටිගේ බත් හරි රසට ලොකුවට තිබුනා. කලු ඇන්ටිගේ බිස්නස් අඩු වුනා.. කලු ඇන්ටිත් ලමයින්ට ආස හිතෙන විදිහේ බත් එකක් දුන්නානම් දෙන්නම දිනනවා. අර අහින්සක මනුස්සයට ඒතරම් රන්ඩු කරන්න බැරි වෙන්න ඇති.
ReplyDeleteඇතැම් තැන්වල මේවගේ සුළු ව්‍යාපාර පිටුපසත් මැරකම රජ කරනවා.
Deleteඊයෙ රෑ ලඟ ටවුන් එකට ගියා නයිට්කඩේට.එතකොට රෝද පුටුවෙන් යන මිනිහෙක් අර පාළු ටවුන් එක පුරා දෝංකාර දෙන්න බැරැණ්ඩි හඬෙන් කෑ ගහනවා ස්වීප් ටිකට් දෙක තුනක් විකුන ගන්න.බල්ලෙක් වත් නැති පාරෙ කෑ ගගහා රෝද පුටුව පදිනවා.
ReplyDeleteඅතේ හයිය,කටේ හයිය තියෙන කල්..
ඒත්.. එතනින් පස්සෙ..??
ජයවේවා..!!
ඒක ඇත්ත..... වාරුව නැති දා රැකවරණයක් නෑ. මේ වගේ අසරණ වුණු අය කොපමණ ඇද්ද.
Deleteඩැනීලගේ කතාව හරි ඛේදණීයයි තමයි.ඔය සන්තෑසියම තමයි ගමේ,නගරේ හැම තැනම වෙන්නේ.අපි ලේසියට කියනවා මේ මිනිස්සු මාර්කටින් දන්නේ නෑ කියලා.ඒත් ඒ ඇත්ත නෙමෙයි.මොන මාර්කටින් දැනගන හිටියත් ඒ මිනිස්සුන්ට මහාපරිමාණ ව්‍යාපාරිකයන් එක්ක තරගකරන්න ආර්ථික ශක්තියක් නෑ.ලොකු එවුන්ට මිලියන ගණන් ණයදෙන බැංකු මේ මිනිස්සුන්ට රුපියල් 10,000ක් ණයට දෙන්නේ නෑ.දුන්නොත් දෙන්නේ ගිනිපොළී කාරයන් විතරයි.
ReplyDeleteඔව් කටුසූ අපට යමක් කීම ලේසියි. නමුත් ඒවා ප්‍රාෙයා්ගික තලයට ගන්න හුගක් අයට බෑ. වෙන්නේ තවත් අවුලෙන් අවුලට පත් වීම තමයි
Deleteඅර උඩ කටුස්ස කියල තියෙන දේට 100% එකඟයි. එකම තැනකට බත් දෙන්න පුරුද වුණ එකත් ඩැනීට අවාසියට හිට්ට. තැන දෙකක් තුනක් සෙට් කරන් කෝම හරි ගේම ගැහුව නං ටිකක් හරි ගොඩ යන්න තිබ්බ.
ReplyDeleteමොනා කරන්නද හැම දේටම අවසානයක් තියේනෙ නෙහ්
ඩැනීගේ ඒකායන අරමුණ අර බත් පැකට් ගණන විකුණා ගැනිම විතරයි. ඒ නිසාමයි ඔහු මේ එකම ආයතනයක් තෝරගත්තේ. ඒ වගේම ආයතන දෙකකට දෙන්න තරම් නිෂ්පාදනයක් කරගන්නත් ඔහුට බැරිව ඇති.
Deleteමම ඩැනීවනම් දැකලා නෑ, නමුත් උඹයි ජයකොඩියි එක්ක අපි තුන්දෙනා ඔයා නිමල්ගෙ බත් කඩෙන් නම් බත් ගත්තා නේද? අර කා පාක් එකත් එක්කම තියෙන එකනෙ ඔය?
ReplyDeleteදැන් ඒ කඩේ නෑ ඒක නිමල්ගේ කඩේ නෙමේ අක්කගේ කඩේ. නිමල් ගේ කඩේ තියෙන්නේ රිගල් එක ළගින් ඇතුළට යන පාරේ. ගෙදරින් නොගෙනියන දාට මමත් මාරුවෙන් මාරුවට ගන්නේ නිමල්ගේ කඩෙන් ඩැනීගෙන් නැත්නං ඒ දවස්වල අක්කගේ කඩෙන්. කා පාර්ක් එක පැකර්ට විකුණන්න හදන වෙලාවේ අක්කටත් යන්න වුණා. ඇය දැන් කිරිබත් ගොඩ දිහා කඩයක් කරනවා කියා ආරංචියි.
Deleteමේ කතාවෙන කියවෙන්නෙ , අපේ රටේ වැඩිහිටියන්ගෙ ඛේදවාචකයයි. සමාජයෙන්වත්, රජයෙන්වත් ඒ තියා තමන්ගෙම පවුලේ අයගෙන්වත් ඔවුන්ට සැලකිල්ලක් නෑ. හැබැයි මේ තරුණ පරම්පරාව වයසට ගියාම එයාලටත් මේ සබ්බුව පොලියත් එක්ක ලැබෙයි.බටහිර, මෙහෙම අය ජේෂ්ඨ පුරවැසියො ලෙස සැලකෙනවා. සමාජය ඔවුන්ට ගරු කරනවා, තමගෙන් සමාජයට වියයුතු යුතුකම් ඉටුකල අය ලෙස. "ඔන්න "චමින්ද" කෙනෙක්". බස් කාරයො මඟ හැරල යන්නෙ නෑ. බස් එක නවත්තලා. නගින්න උදව් කරනවා.
ReplyDeleteරටේ සම්පත් , වැඩි හරියක් කන්නෙ දේසපාලුවො සහ උන්ගෙ හොර නඩය. අපිට පටි තදකරගන්න කියලා, උන් උස්මුරුත්තාව හැදෙනකල් කනවා. මම කියන්නෙ , අපේ සිද්ද්ඩ් වෙන්න ඕනෙ සමාජ ආකල්පවල වෙනසක්.
රටේ සම්පත එලිපිටම හොරා කාපු දේශපලන හොරුන්ට , දේවත්වයෙන් සලකන සමාජයක්, තමන්ගෙම වැඩිහිටියනට , අතපල්ලෙන් වැටිච්ච කරදරකාරයොන්ට මෙන සැලකීම , ඇත්තෙන්ම සෝචනීයයි
ඔව් ඇනෝ මවුස්. මේ කියැවෙන්නේ රැකවරණයක් නැති වැඩිහිටි පරපුරේ වත්මන් ඉරණම ගැනයි. ඔවුන් රැකගන්න කිසිම වැඩපිළිවෙලක් කිසිම රජයකින් ඇති කර නෑ. නමට වැඩිහිටි හැදුනුම්පතක් දීලා තියනවා විතරයි.
Deleteඅපේ ඔපිසිය ගාව ඩැනී ගිය සතියේ මලා. අමාරුවෙන් කැන්ටිම කරපු ඩැනී අක්කා ගෙදර ගියා අඩ අඩ. පහු ගිය අවුරුදු ගාන තිස්සේම ඩැනීල මැරි මැරි ඉපදුනා.. සංසාර චක්‍රය...
ReplyDeleteබලනකොට මේක රට පුරාම මේ වගේ අය ඉන්නවා නේද දේශෝ
Deleteමේකෙන් කියවෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය. හැමෝම බලන්නේ මොකක් හරි ජරාවක් විකුනලා ගානක් කපා ගන්න. එකෙක් බත් පැකට් විකුණන්න පටන් ගත්තොත් තව තුන් හතර දෙනෙක් සෙට් වෙනවා. අන්තිමට එකෙකුටවත් ලාබයක් නැහැ. කව්රු හරි ගමේ කඩයක් දැම්මොත්. බිස්නස් හොඳ වෙනකොට තව දෙතුන් දෙනෙක් එතනම කඩ දානවා,අන්තිමට හැම එකාම බංකොලොත්, වගාවක් කරන්න ගියත් එහෙමයි. කාලයක් දෙතුන් දෙනෙක් තක්කාලි වගා කරලා හොද ආදායමක් ගත්තා, පස්සේ පලාතේ හැමෝම තක්කාලි වගා කරන්න පටන් ගත්තා. අන්තිමට එකෙකෙුටවත් විකුණ ගන්න බැරිවුනා නිෂ්පාදනය වැඩිවෙලා
ReplyDeleteවගාවක් කරන කොට නම් වෙළදපල ගැන ඉතාමත් හොද කල්පනාවකින් කළ යුතුයි. එනිසා තමයි නිතරම කෘෂි උපදේශනයක් ගත යුත්තේ. එවිට අප කළ යුත්තේ ඒ ඒ කාලයට කුමන වගාවද යන්න ගැන උපදෙස් අවවාද ලැබෙනවා. අර දෙවැනි කාරණයන නං එක කඩයක් ලාබ ලබන විට තව කඩ දැමීම අසාර්ථකත්වයට මුල් වෙනවා.
Deleteඔය බත් වැඩේ ලොකු ලාභයක් ගන්න පුළුවන් දෙයක් නෙමේ නලින් අයියේ.ඉස්සර අපේ ආච්චිත් ඕක කෙරුවා.ගෙදර කෑම ටික එකෙන් කවර් කරගන්න තියෙන පුළුවන් කමට වඩා වැඩි දෙයක් ඕකෙන් කරන්න අමාරුයි.
ReplyDeleteඩැනි මේ වසර විස්සම තුළ කරන්න ඇත්තේ ඔබ පෙන්වා දෙන දේ වෙන්නත් හැකියි. එදිනෙදා ගෙදර කෑම වේල පිරිමහගන්න කර දෙයක් විය හැකියි මනෝජ්
Deleteඩැනී ලේක්හවුස් එකේ මීට ගොඩක් කලකට පෙර සේවකයෙක් .පැන්ෂන් ගියපසු බත් රස්සාවට වැටුනේ .දැන් වයස80ඉක්මවලා .හැමදාටම බත් රස්සාව කරන්න බෑ යන්න ඔහු තේරුම් ගතයුතුයි .අලුත් බත්කාරයෝ රස බත් ගේන බව ..
ReplyDelete