දැනුම ප්රාග්ධනය වන යුගයක්
පින්තුරය මෙතැනින් |
සමාජවාදයක් ගැන මේ සටහන තබන්නට සිත් වුයේ රාමචන්ද්‍ර ගේ බ්ලොග් අඩවියේ ලියැවුණු සටහනක් දෑකීමෙනි. එය මෙතැනින් කියවන්න.
//ප්‍රකට මාධ්‍යවේදී ගුනසිරි සිල්වා පසුගිය දිනෙක ‘අවිචාර සමය’ නමින් කෘතියක් එලිදැක්වීය. මෙම කෘතිය සමන්විතව තිබෙන්නේ රාජපක්ෂ පාලන සමය තුළ ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වන ‘සියරට’ පුවත්පතට ලියනු ලැබූ කතුවැකි සමූහයකිනි. ගුනසිරි සිල්වා එක්තරා යුගයක ප්රකටව සිටියේ වාමාංශික සිනමා විචාරකයෙක් ලෙසයි. බී.ඒ. සිරිවර්ධනගේ කර්තෘත්වය යටතේ කොමියුනිස්ට් පක්ෂයේ ‘ඇත්ත’ පුවත්පත පලවන යුගයේ එම පුවත්පතට සිනමා විචාර සැපයූ ප්රමුඛ විචාරකයා වූයේ ගුනසිරිය. පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ගුනසිරි කියා තිබුනේ 'ලිබරල් රනිල්' සාපේක්ෂව ඉදිරිගාමී නායකයෙක් බවයි.//
උපුටා ගැනීම රාමචන්ද්රෙග් අඩවිය.
මාක්ස්වාදි, ට්‍රොස්කිවාදි, සමාජවාදි, වාමාංශික පිරිස් මෙසේ දක්ෂිණාශික පක්ෂ වෙත සංක්‍රමණය වීම අහම්බයක් ද. දැනුම ප්රාග්ධනය වන යුගයක එය අහම්බයක් නොවේ ය යන්න අප ගේ හැගුමයි.
අපි ඒ සන්දර්භය දෙස මදක් විමසා බලමු. ඩී. එස්. යුගයේ සිට සිරිමා යුගය දක්වා මෙරට පැවතියේ වසඟය කේන්ද්‍ර කොටගත් දේශපාලන ක්‍රියාවලියකි. වලව් බලය මුදලිබලය වටා කේන්ද්රගතවුණු සමාජ වටපිටාවක් මත එකි පවුල් වටා වසඟ වූ පිරිස්වලින් සුසැදි දේශපාලන වට පිටාවකි එකල පැවතියේ. වඩාත් සරලව ගතහොත් බෝතලේ වලව්ව මහවලතැන්නවලව්ව මුදලිඳු බණ්ඩාරණායක ගේ හොරගොල්ල වලව්ව වටා රොද බැදගත් වන්දනිය පවුල් බලයෙන් වසගයට පත් සමාජයකි එදා පැවතියේ. කෙටියෙන්ම කිවහොත් වැඩවසම් යුගයකි ඒ වකවානුව.
ඉන්පසු අපේ සමාජය එළැබෙන්නේ ජේ.ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, සිට මහින්ද රාජපක්ෂ දක්වා වූ බලය ප්රාග්ධනය කොට ගත් දේශපාලන යුගයයි. (විජේතුංග යුගට අත හැර දමන ලදී).
මේ වකවානු දෙස හොඳින් බලන්න. එකි පුද්ගලයන්ගේ බල පරාක්‍රමය වටා ජනතාව රොද බැදගත් ආකාරය. මේ මුළු යුගයම තුළ එක් එක් නායකයාගේ සිට ප්‍රාදේශීය නායකයා දක්වා වූ බලය මත ජනතා ඒකරාශි වීමකි දක්නට තිබුණේ. කොටින්ම එදා තිබුණේ තම අනුගාමී නායකයාගේ බල පරාක්‍රමයෙන් බැබලෙන්නට දගලන සමාජයකි.
එහෙත් ඉදිරියට එළැබෙන්නේ දැනුම ප්රාග්ධනය වන යුගයකි. දැනුමට නිසි මිලක් ලැබෙන යුගයකි. එනිසාය ගුනසිරි සිල්වා වැනි වාමාංශික දැනුමැත්තන් දක්ෂිණාංශික ප්රවාහයන් වෙත සංක්‍රමණය වන්නේ. වම බදාගන සිටි උගතුන්ට එදා නිසි මිලක් ලැබුණේ නැත.
සොච්චම් මිලකට ඔවුන් සතු දැනුම; වසගය හා බලය යන, බල කේන්ද්‍ර වෙත ප්‍රේරණය විය.
ගුණසිරි මතු නොව සුචරිත ගම්ලතුන් වැනි මහා වියතුන්ට ද වූයේ ඒ සන්තෑසිය ම ය. එහි හොඳම උදාහරණය මහැදුරු තුමන් වසර 28ක් තිස්සේ වෙහෙසි සම්පාදනය කළ මහා ශබ්ද කෝෂය සොච්චමකට සන්නස්ගල නම් බලවතා අතට පත්වීම ය. ගම්ලත් පවුලේ සාමාජිකයන් වත්මනේ නෛතික අංශ කෙරෙහි යොමුව ඇත්තේද මේ තත්ත්වයන් මතය.
එළැඹෙන්නේ දැනුමට නිසි මිලක් ලැබෙන යුගයකි. දැනුම වටා සමාජය රොද බඳින යුගයකි.
ගුණසිරි සිල්වා වැනි වාමාංශික වියතුන් අති දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂ නිල පුවත් පතක කතුවැකි ලිවීම තව දුරටත් අරුමයක් නොවනු ඇත.
දැනුමට මුල් තැන අනාගත යහපත් සමාජයක පෙර නිමිති වේවා........
ඒක පැහැදිලියි.. සමාජවාදය ලංකාවට ඒ අයිරින්ම කොපි කරන්න බෑ. ජේවීපි එක දැං ඉන්න විදිය බැලුවනං ඒක පැහැදිලියි. හැබැයි මොන දේ උනත් ලංකාවේ වෙනස් නොවන, කඩා නොවැටෙන එකම සමාජවාදිය, වාමාංශිකයා බාහු විතරයි.
ReplyDeleteඅනිවා ජවිපේ ගමන් මග දෙස බලන කොට එය ඉතාම පැහැදිලියි. අරයනං දැන් වයසයි. ළගදි එයාටත් සියලු හිග වැටුප් එහෙමත් ගෙව්වා.
Deleteඒ ගෙවපු ගාන දැකල මිනිහට ස්ට්‍රොක් එකක් ඇවිත් හොස්පිට්ල් හිටියා. හොටල බලල කිව්වනං දැං සනීපද කියලා??
Deleteවාසුට ඒ දේවල් ලැබිය යුතු නොවේද ? එම අයිතිවාසිකම් වාසුට ලබාදිය යුතුයි කියා අධිකරණ තීන්දුවක්ද දී තිබේනවා.1994 සිට 2015 වෙනකම්ම බලයේ සිටි "ප්රගතිශීලි ආණ්ඩු" ඇයි වාසුට ලැබිය යුතු දේ ලබා නුදුන්නේ.
Delete// එළැඹෙන්නේ දැනුමට නිසි මිලක් ලැබෙන යුගයකි. දැනුම වටා සමාජය රොද බඳින යුගයකි.// ඔව්.. ඒ නිසාම අද වෙනකොට සමාජයේ බොහෝ පිරිස් දැනුම් පිපාසයකින් ඉන්නවා.
ReplyDeleteදැනුම වර්ථමානයේ හොඳ වෙළඳ භාණ්ඩයක්
Deleteපුදුම බීමක් නේ නලියෝ හැක් ස්මිරොෆ් ද
Deleteඑක ගහනකොට තුන වදින ලෙඩේ බං
Deleteඑකඟයි. බ්ලොග් අවකාශය,ඊ බුක්ස්, සමාජ ජාලා වෙබ් අඩවි හා වෙනත් බොහෝ ක්‍රම හරහා දැන් දැනුම ගලාගෙන යනවා. හැබැයි සමාජවාදයෙන් ධනවාදයට හැරීමක් නැහැ. වෙන්නේ ධනවාදයෙන් සමාජවාදයට යාමක්. හැබැයි ලංකාවේ අර්ථ දක්වපු සමාජවාදය නෙමේ. මේ ධනවාදී දියුණු රටවල දැනට තිබෙන නිදහස හා ආර්ථික ශක්තිය හරහා යාමක්. මාක්ස් කිව්වෙත් ඒකමනේ.
ReplyDeleteමම පෙන්වා දෙන්නේ ලංකාවේ වත්මන් තත්ත්වය අජිත්.
Deleteමගේ යාලුවෙක් සමාජවාදය නිසා මළා.
ReplyDeleteහුටා ඌ උඹේ යාලුවෙක්ද? කවුදෑ බං දන්නේ.
ReplyDeleteඅපේ සමාජයේ තිබුණු සාම්ප්‍රදායික චින්තනය වෙනස් වෙමින් තිබෙන බව පැහැදිලිවම පෙනෙනවා. ඇත්තෙන්ම එය සුබ අනාගතයක පෙරනිමිත්තක්.
ReplyDeleteනලියා.........................
ReplyDeleteඅගෙයි ලිපිය... විය යුත්තේ මේක තමයි මචං... මේ වෙමින් පවතින වෙනස ගමන් කළ යුත්තේ ඒතනට තමයි...
මඤ්ඤං මඤ්ඤං වගේ නලියයියේ!
ReplyDeleteසමාජ වදේ අර වෙන ලියන්න එකක් නැද්ද බන්.. මට ඕවා තේරෙන්නේ නෑනේ.. අර නෙළුන් අජිත් ලියන්නෙත් ඔව්වමයි.. :/ සැක්..
ReplyDeleteමට මඩ ගහන එක ඇර වෙන වැඩක් නැත්ද ?
Deleteහැක හැක හැක.. තැලෙන යකඩේම තලනකොට පුදුම ජොලියක් තියෙන්නේ..
Deleteමෙව්වනං ඉතිං සුන්දර මඩනේ අජිත්
Deleteමේ රටේ මිනිස්සුන්ට හම්බුන ලොකුම තෑග්ග තමයි නිදහස් අධ්‍යාපනය.ඒත් මේක මේ රටේ මිනිස්සුන්ට අගයක් නෑ.ඒ නිසාම ඒකත් පාලකයන්ට ඔනෙ විදිහට අයාලේ යනවා.මේ රට දියුණු කරන්න පුළුවන් එකම විදිහ තමයි පුද්ගල සංවර්ධනය කියන එක ඕනේකමින්ම අපි අමතක කරලා.ඒ වෙනුවට පුද්ගල ප්රතිරූප වන්දනාවට රටම හුරුවෙලා.ඒ ක්‍රමය නැතිකරොත්, මිනිස්සුන්ට කොන්ද කෙලින් තියාගන ඉන්න පුළුවන් අධ්‍යපන ක්‍රමයක් බිහිකලොත් මේ රට ලස්සනවෙයි ගොඩක්.
ReplyDeleteපළමුව නැවැත්විය යුත්තේ දෙකට නැමි වදින්න පොඩි එවුන්ට පුරුදු කරන එක. ඒ තමා රටම කන නිවටයන් හදන මුලිකම තැන. කිසිවකු කිසිවකුට වැදිය යුතු නෑ. එතැනින් පටන් ගත යුතුයි.
Deleteබොහොම වැදගත් සටහනක්.. ඒත් හුඟ දෙනෙක්ට ඔය දේ තේරුම් ගන්න තව කොච්චර කල් යාවිද කියන එකයි ප්‍රශ්ණේ..
ReplyDeleteඅපේ "සමාජවාදය"තියෙන්නේ නමට විතරයිනේ.දැනුමට නිසි මිලක් ලැබිය යුතුයි.ඒ ගැන තර්කයක් නැත.නමුත් ඒ මිල කේවල් කිරීමෙන් ලබා ගන්නා මිලක් හෝ කොන්දේසි සහිතව ලබා දෙන්නාවූ මිලක් නොවිය යුතුය.
ReplyDeleteහොඳ ප්‍රවාදයක්! ඇත්තටම ලංකාව තුල විතරක් නෙමෙයි ලෝකය පුරාම ප්‍රාග්ධනයක් ලෙස දැනුමේ වැදගත්කම එන්න එන්නම වැඩිවෙනවා. මේ යුගයේ වඩාත්ම ඵලදායී ආයෝජනය දැනුම් සංචිත පිළිබඳ දැනුම.
ReplyDelete