සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


හිටි අඩියේ මේ ගොටු කතාවක් මතක් වුණේ ගලායන ජීවිතය බ්ලොගේ තිබ්බ මිරිස් පැළ තවන් දාන්න හදන අඹ කොළ ගොටු දැකලයි. ඇත්තටම මිරිස් ඇට තවාන් දාන්න මේ කොස් කොළ ගොට්ට ඉතාමත්ම සරළව කිසිදු වියදමකින් තොරව හදාගන්න ඇහැකියි. ඒ වගේම අඹ කොළයේ ඇතැයි කියන විෂබීජ නසන ගුණය නිසා පැළයට ලැබෙන ආරක්ෂාවත් වැඩියි.
කිරි ගොට්ට ට සමාන සේයාරරුවක්
සේයාරුව මෙතැනින් mihithalamithuro.blogspot.com 

පුංචිම කාලේ හැදුව කොස්කොළ ගොටු මතක ද? අපි එවා හැදුවේ සෙ ල්ලම් ගෙවල් දාන වයසෙදී. ඔය වයසෙදිම වගේ මතකයට එන තවත් ගොට්ටක් තමා කිරි ගොට්ට. 
අපේ ගෙවල්වල කුස්සියේ බිත්තියේ යකඩ ඇණයක් ගහල ඒ ඇණයේ තමා කිරි ගොට්ට එල්ලලා තිබ්බේ. මේ කිරි ගොට්ට හදනනේ බට පතුරුවලින්. අවුරුද්දකට සැරයක් දෙසැරයක් අපේ අත්තම්මලා මේ කිරි ගොට්ටට හොද රෙපයාර් එකක් දෙනවා මතකයි. කාන්තාවකගේ පයෝධරයක හැඩයට තිබ්බ මේ ගොට්ටෙන් කළේ පොල් කිරි හා පොල් කුඩු පෙරා වෙන් කර ගන්න එක. අද වෙන කොට කුස්සිවලින් කිරි ගොට්ට අතුරුදහන් වෙලා ඒ තැනට ප්ලාස්ටික් ගොට්ට හෙවත් පෙරනය ඇවිත් තියෙන්නේ.

ගෙදර කුස්සියේ තිබ්බ තවත් ගොට්ටක් තමා තේ පෙරණ ගොට්ට. තේකුඩු දාලා තේ හදන කොට පෙරා ගන්නේ මේ තේ පෙරණ ගොට්ට උපයෝගි කරගන. අද වන විට තේ කඩයක වගේ තැනක තේ ගොටු දකින්න ලැබුණත් ගෙවල්වලින් නම් තේ ගොට්ටත් අතුරුදන් වෙලා තියෙන්නේ.
ඉස්කෝලේ යන කාලේ වෙනකොට හිතට අල්ලලා ගිය ගොට්ට තමා රටකජු ගොට්ට. සටහන් ලියන පොතක කොළ ඉරා හදපු මේ ගොට්ටක රටකජු පිරෙන්න දාලා තියනවා. මුල්ම කාලේ මං රටකජු ගොට්ටක් ගත්තේ සත 5කට. ඒ කාලේ රටකජු වික්කේ පොතු පිටින් බැදලයි. අද වෙනකොට රටකජු ගොට්ටත් නැත්තටම නැතිවෙලා. පොතු පිටින් රට කජු වෙනුවට පොතු රහිත රට කජු පැකට් ඒ තැනට ඇවිල්ලා. 
ඒකාලේ හිතට බිය ගෙනෙන ගොට්ටක් තමා දිමි ගොට්ට. ඔය දං කඩන්න එහෙම කැළේ රිංගපු වෙලාවට දිමි ගොටු ඇගට කඩන් වැටෙනවා. ඒ වෙලාවට ඉතිං ගෙදර එන්නේ මුළු ඇඟම ඉදිමුවාගෙන තමා. ඒ කාලේ අපේ ගංවල හිටිය ඇට්ටර කොල්ලන්ට දඬුවම් ක්‍රමයක් හැටියටත් දිමි ගොටු දැමිම සිද්ධ වුණා මතකයි. එව්වනං හෙන ගහන අපරාධ.
පෙරේත ගොට්ට
සේයාරුව මෙතැනින් www.silumina.lk
අපේ ගමේ තුන්මං හන්දියේ තවත් නොවරදිනම ගොට්ටක් තමා පෙරේත ගොට්ට. බලි තොවිල් හෝ යාග හෝමයක් ගමේ ගෙදරක තිබුණානං ඉතිං මේ පෙරේත ගොට්ට වරදින්නේම නෑ. ඔය පෙරේත ගොට්ට නං පුදුම ලස්සනක් තියෙන්නේ. යකැදුරන් තමන් දන්න ශිල්ප ඔක්කොම දාලා තමා ගොක් කොළයි කෙහෙල් පතුරුයි භාවිත කරලා මේ පෙරේත ගොට්ට හදන්නේ. ඔය ගොට්ට ඇතුළේ නැති දෙයක් නැ. කැවිලි පෙවිලි දිය මස් ගොඩ මස් මේ හැම දේම තියනවා. අපි ඉතිං ගැටවු කාලේ මේ ගොට්ටට ළං වෙන්නේ බාගෙට ඇවිලිලා නිවිලා ගිය පන්දම් ටික ගලෝගන්න. අපි ඒවත් අරන් ඉතිං සෙල්ලම් කළා. 
නමින් මේ හැම එකම ගොට්ට වුණාට මේ එක එක ගොටුවල හැඩය එකිනෙකට වෙනස්. ඒ මොනව වුණත් අද කාලේ ගොට්ට අල්ලනවා කියන්නෙ නම් වෙනස්ම අදහසක් දෙන කරුණකට. දැන් හිතල බලන්න කවදා හෝ දවසක ඔබත් ගොට්ටක් අල්ලලා තියනවද නැද්ද කියලා.

47 comments:

  1. ඔය පේරෙත ගොට්ටෙ අරක්කුත් තියනවා නේ ???

    ReplyDelete
    Replies
    1. තියනවා තියනවා වර්ග කීපයකින්ම

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. //අවුරුද්දකට සැරයක් දෙසැරයක් අපේ අත්තම්මලා මේ කිරි ගොට්ටට හොද රෙපයාර් එකක් දෙනවා//
    ඒ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. KIRI GOTTATA OOI, KIRI GOTTATA.

      Delete
    2. බට පතුරු පැළිලා තියනවා කැඩිලා තියනවා. ඒ දේවල් අලුත් බට පතුරුවලින් වසමින් වියමනක් කරනවා. ඒ වගේම ගොට්ටේ ගැට්ට එහෙම වෙනි යොදා ශක්තිමත් කරනවා.

      Delete
  4. මට නම් එක පාරටම මතක් වුනේ තම්බපු වෙරළු, අඹ අන්නාසි දාලා කැන්දකොලෙන් හදපු අච්චාරු ගොට්ටක්....

    ReplyDelete
    Replies
    1. ඔව්නේ ඒකට ගොට්ට කිව්වේ නෑ නේද තුෂානි, ඒවනං මතක් වෙනකොටත් රසයි..

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. //කොල්ලන්ට දඬුවම් ක්‍රමයක් හැටියටත් දිමි ගොටු දැමිම සිද්ධ වුණා මතකයි. එව්වනං හෙන ගහන අපරාධ.//
    මට පෙන්නේ මේ තරමට විරුද්ධ වෙන්න නලින් අයියටත් දිමි ගොටු දාලා තියෙන හැඩයි... හැක... හැක... :D

    ReplyDelete
    Replies
    1. අපොයි දඬුවමක් හැටියට නං දිමි ගොටු සාත්තුව ලැබිලා නැ. ඒ වුණාට දිමිගොටු ඇගේ හැලිලා නං තියනවා. අර දඪ්‍ඬුවම දෙනවා දැකලා තියනවා.

      Delete
    2. අඹ කඩන්න ගස් නැග්ගම ඔය ටොපිය අනිවා සෙට් වෙනවා නලින් අයියා.. ඒ වෙලාවට තමයි දිමියංගෙ අ%&$ %#%න්න හිතෙන්නේ .. අම්මපා !!!!

      Delete
  7. අපි නම් ඔය පෙරේත ගොට්ටේ තියෙන ඒවට වග කියලා. පෙරේත තට්ටුව උස්සගෙන ගිහින් දිරවන්නේ නැති එකෙක්ගේ වත්තට දානවා, ඔය සංගීත බලලා එන වෙලාවලට. අනේ ඉතින් සමහර කේස් ඉවර වෙන්නේ පොලීසී ගිහිල්ලා. ඒක ඊට වඩා පට්ට තොවිලේ.. බලාගෙන ඉන්න ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අසමජ්ජාති පජාත වැඩවලට මාත් බොහොමයක් හවුල් වෙලා තියවා පරිප්පුත් කාලා තියනවා. ඒකත් එක්තරා තොවිලයක්ම තමා.

      Delete
    2. අනේ අම්මප.. ! මේ මනුස්සයා හැසිරෙන්නේ වයස ගැන හිතලා ද..?
      මියුශිකල් බලන්න ආයේ එහෙම යනවා නෙමෙයි. ඔව්වගේ බෆල් සද්දේ පපුවේ අමාරුවට හොඳ නෑ. -_-

      @ ගොට්ට අල්ලමින්

      Delete
    3. ඒ කාලේ කරපුවා මේ....

      Delete
    4. ඕ යේස් !!! අපිට පෙරේත ගොටු සැට් වෙලා නෑ.. දිරවන් නැති උංගේ මල්පෝච්චි නං මාරු කරලා තියනවා මියුසිකල් ෂෝ වලට ගිහිං එද්දි .. කොටු පනින එව්වත් මාට්ටු වෙනවා අම්බානකට ..

      Delete
  8. ඔය පෙරේත ගොටු කාපු හැටි එක පාරක් වෙනී මුණු පොතේ දාපු පොටෝ එකකින් මතක් වෙලා ලියප ඩ්‍රාෆ්ට් කර ගත්තා.. පස්සේ ඒක දාන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඉතිං දාමුකෝ එක්ත් දේශා.. දේශ කාල නැද්ද බත් ගොටු..

      Delete
    2. මොකද නැත්තේ. අපේ ගෙවල් ගාව තියෙන මුස්ලිම් පල්ලියෙන් නිතරම ලැබෙනවා..

      Delete
  9. ඔය ලොකු ලොකු ඈයෝන්ගේ පොඩි පොඩි උන් අල්ලද්දී කියන්නෙත් ගොට්ට අල්ලනවා කියලා නෙහ් :D

    ReplyDelete
  10. දවසක්දා පෙරේත ගොට්ටක් තිබ්බ ගමන්ම කන්න තුං මං හංදියට ගියා.කැවිලි ජාති මෙලෝ දෙයක් කන්න බෑ දුම්මල ගහල දුම්මල ගඳයි.පස්සෙ ඒකෙ තිබ්බ බිත්තරේ බීල තොයිල් ගෙදරට ඇවිත් කෝපි එකක් ගැහුවා.

    ReplyDelete
    Replies
    1. පෙලේත හැලප මාමා .... ^ - ^

      Delete
  11. // ඒ කාලේ අපේ ගංවල හිටිය ඇට්ටර කොල්ලන්ට දඬුවම් ක්‍රමයක් හැටියටත් දිමි ගොටු දැමිම සිද්ධ වුණා මතකයි. එව්වනං හෙන ගහන අපරාධ.// ඔය වැඩේ කරන්න කලින් හොඳ වතුර පාරකුත් ගහනවා...කොහොමද සනීපෙ?

    මෙයා දඩිබිඩිස් වගේ උනානේ.....හික්ස්....

    ReplyDelete
  12. නලීන් අයියේ අද කාලේ ගොටු ඇල්ලීම ගැනත් ලිව්වා නම් තමයි නියම!මාත් මේ ලියන්න හිතේ තියන් ඉන්න මාතෘකාවක් තාම වෙලාවක් ලැබුණේ නැහැ ලියන්න.:)

    ReplyDelete
  13. ඇත්තටම ගොට්ටට දාපු රටකජු අහුරක් ආයෙ කවදාවත් විකුණන එකක් නැතිවෙයිද නලීන් අයියේ? ඇත්තටම ආර්ථිකය, සමාජය, සමාජ භාවිතාවන් අද කොච්චර වෙනස් වෙලාද. ගොට්ටකට පුරෝපු රටකජු පොත් ඇර ඇර කකා ර්පාරක යන එක කොච්චරනම් සුන්දරද.

    තාම වෙනස් වෙච්ච නැති එක ගොට්ටක් තියෙනවා. ඒතමයි සාරවිට ගොට්ට. පුංචි ගෑස් ලාම්පුව පත්තු කරපු සාරවිට තට්ටුවයි ගෙජ්ජියයි නම් තාම වෙනස් වෙලා නෑ දෙයියන්ගෙ පිහිටෙන්. බුලත් කොලෙන් ගහපු ගොට්ට තාම පොලිතීන් බෑග් එකකට මාරු නොවිච්ච එකනම් වාසනාවක්..

    ReplyDelete
    Replies
    1. ආං හරි .. මෙදා පාර මං එකක් අරං බාගයක් කැව්වා ගෑණිටත් කාපිය කියලා , ඇත්තම කියනවනං පොඩි පුන්නක්කු රහකුත් ආව බං ඒකෙ .. :D කාරි නෑ . කොහොමත් මට පුන්නක්කු ඉතිං හුරුයි නෙවැ .හැක්

      Delete
  14. මට මතක ඇති කාලේ ඔය සිනි තේ කොළ වගේ දේවල් කඩෙන් කිරල දුන්නෙත් පත්තර කොලෙන් හදපු ගොට්ටකට.. එකත් දැන් සිලිකවර වලට මාරු වෙලා..
    ඔය කොයි කොයි ගොට්ට නැති වෙලා ගියත් ලොක්කොන්ට අල්ලන ගොට්ට නම් එදත් අදත් හෙටත් එක විදියටම තියේවි.. :)

    ReplyDelete
  15. කඩල ගොටු එහෙමත් මතක් වෙනවා දැන්

    ReplyDelete
  16. පෙරේත ගොට්ටට සමහරු ගංජා මිටියකුත් තියනවා බන්. අපි විදින්නෙම කසිප්පු, අරක්කු වීදුරුවලටයි අර මිටියටයි තමයි. මල ගෙවල්වලිනුත් ඔය වගේ එකක් තියනවා නේද. ඒකට තියන්නේ මැරිච්ච කෙනා කැමති ඒවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අරූ, මේ පෙරේතයන් වෙලා ඉන්නේ, ජිවත් වෙන කොට ගංජා ගහපු අයයි, අරක්කු බීපු අයයි විතරද? නලින් බලාගෙන!

      ඇත්තටම නලින් ගොට්ට අල්ලනවා කියන එක කොහොමද ආරම්භ වන්නේ. ගොටු ඇල්ලුවත් ඒකෙන් සේරම, නවත්වා ගන්න බැහැ නේද?

      Delete
    2. ////මේ පෙරේතයන් වෙලා ඉන්නේ, ජිවත් වෙන කොට ගංජා ගහපු අයයි, අරක්කු බීපු අයයි විතරද?/////

      නෑ මචං රයිගම්....මම හිතන්නේ ඒකේ අනිත් පැත්ත කියලා :D

      Delete
    3. අරූ අයියා.. දෙයියනේ කියල එහෙනං ලබන ආත්මෙ පෙරේතයෙක් වෙන එකක් නෑ මොකා උනත් :D

      Delete
  17. නලියා...................................

    ටිකකට හරි අතීතයට අපිව ගෙන ගියා සුන්දර විදිහට... ලස්සන රචනයක්... ගොටු කතා ගොඩයි.

    ReplyDelete
  18. ගොට්ට ඇල්ලීම ඉස්සරහට නැතුවම බැරි දෙයක් යන්දා දැන්ම ඉදන් පුරුදු උනාට වරදක් නෑ වගේ..

    ReplyDelete
  19. ගොටු ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා නලීන්...:)

    ReplyDelete
  20. දැන් නම් වැඩිපුරම "ගොට්ට" අල්ලන්නෙ මාධ්‍ය කාරයො නේද මල්ලි.....
    උඹ හැර,,,,,, :) :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා නලින් අයියත් ආණ්ඩුවට ගොට්ට අල්ලනවා කියලා ඔය ලෝකයා කියලා තිබ්බේ පහුගිය දවස්වල තැන් තැන් වල....:D

      Delete
    2. උඹට පික්ෂු.... මනෝජ් මල්ලි....එහෙනං තාම කෝච්චියෙ යන්නෙ .....
      ආ.... මොනව කිව්ව........
      බඩු දිහා බල....බල ....ඇස් පොට යවාගන්න......
      කැත කතා කියන්න එපා......යකූ..... හෙක්....හෙක්.....

      Delete
    3. හේ,හේ අපි නම් ඔව්වා දන්නේ නැහැ කෙන්ජායියේ.

      Delete
    4. බඩු නම් මන්ද, මට හම්බුනා දවසක් කෝච්චියෙන් බහිනකන්ම කිර කිර ගියේ.. :)

      Delete
  21. අපේ දිහා කිරි ගොට්ටක් තියේ හැබැයි අනාගත පරපුරට බලාගන්න සංරස්සනය කොරල හැක්...

    ReplyDelete
  22. උඹ හැමදාම කරනවා වගේ අනිත් උන්ගේ පොත් විචාරයි, තව කෙනෙක් ලියපු දේශාඨන සටහනුයි, අරකයි මේකයි නොදා උඹම ලියපු මේ වගේ ගොට්ට අල්ලපු එකක් හරි ගැන ලියන්න ගත්ත එක හොඳ ප්‍රවනතාවයක් කියලා මම දකිනවා.

    ReplyDelete
  23. මමත් හිතන ඉන්නේ ගොට්ටක් අල්ලන්න.එත් තාම වැඩේට හරි යන හොඳ කෙනෙක් ලැබුණේ නැහැ නේ.

    ReplyDelete
  24. ගොටු අල්ලන එක දැන් රටේ චාරිත්‍රයක් වෙලා තියෙන්නේ. හරියට ගොට්ට ඇල්ලුවේ නැත්නම් කිසි වැඩක් හරියට කරගන්න ලැබෙන්නේ නෑ.
    -------
    ඒ කතා වැඩක් නෑ.
    ගොටු ගැන අපි දන්නා නොදන්නා කතා ගොඩක් එකතු කරලා තියෙන පොස්ට් එකක්.

    නලින් ට ස්තුතියි..

    ReplyDelete
  25. සාමා අමර විකුණති බස් පොළේ කජු
    කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
    උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
    වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ…

    ReplyDelete
  26. පෙරේත ගොට්ටක් කාලා සතියක් විතර එක දිගට බොග යන්න ගත්තම ඒ පුරුද්ද අතඇරියා.මං හිතන්නෙ යකා අපි එන්න කලින් ගොට්ටට දත ගහලා උගෙ කියලා වෙන් කරගන්න ඇති

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT