හිටි අඩියේ මේ ගොටු කතාවක් මතක් වුණේ ගලායන ජීවිතය බ්ලොගේ තිබ්බ මිරිස් පැළ තවන් දාන්න හදන අඹ කොළ ගොටු දැකලයි. ඇත්තටම මිරිස් ඇට තවාන් දාන්න මේ කොස් කොළ ගොට්ට ඉතාමත්ම සරළව කිසිදු වියදමකින් තොරව හදාගන්න ඇහැකියි. ඒ වගේම අඹ කොළයේ ඇතැයි කියන විෂබීජ නසන ගුණය නිසා පැළයට ලැබෙන ආරක්ෂාවත් වැඩියි.
කිරි ගොට්ට ට සමාන සේයාරරුවක් සේයාරුව මෙතැනින් |
පුංචිම කාලේ හැදුව කොස්කොළ ගොටු මතක ද? අපි එවා හැදුවේ සෙ ල්ලම් ගෙවල් දාන වයසෙදී. ඔය වයසෙදිම වගේ මතකයට එන තවත් ගොට්ටක් තමා කිරි ගොට්ට.
අපේ ගෙවල්වල කුස්සියේ බිත්තියේ යකඩ ඇණයක් ගහල ඒ ඇණයේ තමා කිරි ගොට්ට එල්ලලා තිබ්බේ. මේ කිරි ගොට්ට හදනනේ බට පතුරුවලින්. අවුරුද්දකට සැරයක් දෙසැරයක් අපේ අත්තම්මලා මේ කිරි ගොට්ටට හොද රෙපයාර් එකක් දෙනවා මතකයි. කාන්තාවකගේ පයෝධරයක හැඩයට තිබ්බ මේ ගොට්ටෙන් කළේ පොල් කිරි හා පොල් කුඩු පෙරා වෙන් කර ගන්න එක. අද වෙන කොට කුස්සිවලින් කිරි ගොට්ට අතුරුදහන් වෙලා ඒ තැනට ප්ලාස්ටික් ගොට්ට හෙවත් පෙරනය ඇවිත් තියෙන්නේ.
ගෙදර කුස්සියේ තිබ්බ තවත් ගොට්ටක් තමා තේ පෙරණ ගොට්ට. තේකුඩු දාලා තේ හදන කොට පෙරා ගන්නේ මේ තේ පෙරණ ගොට්ට උපයෝගි කරගන. අද වන විට තේ කඩයක වගේ තැනක තේ ගොටු දකින්න ලැබුණත් ගෙවල්වලින් නම් තේ ගොට්ටත් අතුරුදන් වෙලා තියෙන්නේ.
ඉස්කෝලේ යන කාලේ වෙනකොට හිතට අල්ලලා ගිය ගොට්ට තමා රටකජු ගොට්ට. සටහන් ලියන පොතක කොළ ඉරා හදපු මේ ගොට්ටක රටකජු පිරෙන්න දාලා තියනවා. මුල්ම කාලේ මං රටකජු ගොට්ටක් ගත්තේ සත 5කට. ඒ කාලේ රටකජු වික්කේ පොතු පිටින් බැදලයි. අද වෙනකොට රටකජු ගොට්ටත් නැත්තටම නැතිවෙලා. පොතු පිටින් රට කජු වෙනුවට පොතු රහිත රට කජු පැකට් ඒ තැනට ඇවිල්ලා.
ඒකාලේ හිතට බිය ගෙනෙන ගොට්ටක් තමා දිමි ගොට්ට. ඔය දං කඩන්න එහෙම කැළේ රිංගපු වෙලාවට දිමි ගොටු ඇගට කඩන් වැටෙනවා. ඒ වෙලාවට ඉතිං ගෙදර එන්නේ මුළු ඇඟම ඉදිමුවාගෙන තමා. ඒ කාලේ අපේ ගංවල හිටිය ඇට්ටර කොල්ලන්ට දඬුවම් ක්‍රමයක් හැටියටත් දිමි ගොටු දැමිම සිද්ධ වුණා මතකයි. එව්වනං හෙන ගහන අපරාධ.
පෙරේත ගොට්ට සේයාරුව මෙතැනින් |
නමින් මේ හැම එකම ගොට්ට වුණාට මේ එක එක ගොටුවල හැඩය එකිනෙකට වෙනස්. ඒ මොනව වුණත් අද කාලේ ගොට්ට අල්ලනවා කියන්නෙ නම් වෙනස්ම අදහසක් දෙන කරුණකට. දැන් හිතල බලන්න කවදා හෝ දවසක ඔබත් ගොට්ටක් අල්ලලා තියනවද නැද්ද කියලා.
ඔය පේරෙත ගොට්ටෙ අරක්කුත් තියනවා නේ ???
ReplyDeleteතියනවා තියනවා වර්ග කීපයකින්ම
DeleteThis comment has been removed by the author.
ReplyDelete//අවුරුද්දකට සැරයක් දෙසැරයක් අපේ අත්තම්මලා මේ කිරි ගොට්ටට හොද රෙපයාර් එකක් දෙනවා//
ReplyDeleteඒ මොකක්ද?
KIRI GOTTATA OOI, KIRI GOTTATA.
Deleteබට පතුරු පැළිලා තියනවා කැඩිලා තියනවා. ඒ දේවල් අලුත් බට පතුරුවලින් වසමින් වියමනක් කරනවා. ඒ වගේම ගොට්ටේ ගැට්ට එහෙම වෙනි යොදා ශක්තිමත් කරනවා.
Deleteමට නම් එක පාරටම මතක් වුනේ තම්බපු වෙරළු, අඹ අන්නාසි දාලා කැන්දකොලෙන් හදපු අච්චාරු ගොට්ටක්....
ReplyDeleteඔව්නේ ඒකට ගොට්ට කිව්වේ නෑ නේද තුෂානි, ඒවනං මතක් වෙනකොටත් රසයි..
DeleteThis comment has been removed by the author.
ReplyDelete//කොල්ලන්ට දඬුවම් ක්‍රමයක් හැටියටත් දිමි ගොටු දැමිම සිද්ධ වුණා මතකයි. එව්වනං හෙන ගහන අපරාධ.//
ReplyDeleteමට පෙන්නේ මේ තරමට විරුද්ධ වෙන්න නලින් අයියටත් දිමි ගොටු දාලා තියෙන හැඩයි... හැක... හැක... :D
අපොයි දඬුවමක් හැටියට නං දිමි ගොටු සාත්තුව ලැබිලා නැ. ඒ වුණාට දිමිගොටු ඇගේ හැලිලා නං තියනවා. අර දඪ්‍ඬුවම දෙනවා දැකලා තියනවා.
Deleteඅඹ කඩන්න ගස් නැග්ගම ඔය ටොපිය අනිවා සෙට් වෙනවා නලින් අයියා.. ඒ වෙලාවට තමයි දිමියංගෙ අ%&$ %#%න්න හිතෙන්නේ .. අම්මපා !!!!
Deleteඅපි නම් ඔය පෙරේත ගොට්ටේ තියෙන ඒවට වග කියලා. පෙරේත තට්ටුව උස්සගෙන ගිහින් දිරවන්නේ නැති එකෙක්ගේ වත්තට දානවා, ඔය සංගීත බලලා එන වෙලාවලට. අනේ ඉතින් සමහර කේස් ඉවර වෙන්නේ පොලීසී ගිහිල්ලා. ඒක ඊට වඩා පට්ට තොවිලේ.. බලාගෙන ඉන්න ලස්සනයි..
ReplyDeleteඔය වගේ අසමජ්ජාති පජාත වැඩවලට මාත් බොහොමයක් හවුල් වෙලා තියවා පරිප්පුත් කාලා තියනවා. ඒකත් එක්තරා තොවිලයක්ම තමා.
Deleteඅනේ අම්මප.. ! මේ මනුස්සයා හැසිරෙන්නේ වයස ගැන හිතලා ද..?
Deleteමියුශිකල් බලන්න ආයේ එහෙම යනවා නෙමෙයි. ඔව්වගේ බෆල් සද්දේ පපුවේ අමාරුවට හොඳ නෑ. -_-
@ ගොට්ට අල්ලමින්
ඒ කාලේ කරපුවා මේ....
Deleteඕ යේස් !!! අපිට පෙරේත ගොටු සැට් වෙලා නෑ.. දිරවන් නැති උංගේ මල්පෝච්චි නං මාරු කරලා තියනවා මියුසිකල් ෂෝ වලට ගිහිං එද්දි .. කොටු පනින එව්වත් මාට්ටු වෙනවා අම්බානකට ..
Deleteඔය පෙරේත ගොටු කාපු හැටි එක පාරක් වෙනී මුණු පොතේ දාපු පොටෝ එකකින් මතක් වෙලා ලියප ඩ්‍රාෆ්ට් කර ගත්තා.. පස්සේ ඒක දාන්න ඕන...
ReplyDeleteඉතිං දාමුකෝ එක්ත් දේශා.. දේශ කාල නැද්ද බත් ගොටු..
Deleteමොකද නැත්තේ. අපේ ගෙවල් ගාව තියෙන මුස්ලිම් පල්ලියෙන් නිතරම ලැබෙනවා..
Deleteඔය ලොකු ලොකු ඈයෝන්ගේ පොඩි පොඩි උන් අල්ලද්දී කියන්නෙත් ගොට්ට අල්ලනවා කියලා නෙහ් :D
ReplyDeleteදවසක්දා පෙරේත ගොට්ටක් තිබ්බ ගමන්ම කන්න තුං මං හංදියට ගියා.කැවිලි ජාති මෙලෝ දෙයක් කන්න බෑ දුම්මල ගහල දුම්මල ගඳයි.පස්සෙ ඒකෙ තිබ්බ බිත්තරේ බීල තොයිල් ගෙදරට ඇවිත් කෝපි එකක් ගැහුවා.
ReplyDeleteපෙලේත හැලප මාමා .... ^ - ^
Delete// ඒ කාලේ අපේ ගංවල හිටිය ඇට්ටර කොල්ලන්ට දඬුවම් ක්‍රමයක් හැටියටත් දිමි ගොටු දැමිම සිද්ධ වුණා මතකයි. එව්වනං හෙන ගහන අපරාධ.// ඔය වැඩේ කරන්න කලින් හොඳ වතුර පාරකුත් ගහනවා...කොහොමද සනීපෙ?
ReplyDeleteමෙයා දඩිබිඩිස් වගේ උනානේ.....හික්ස්....
නලීන් අයියේ අද කාලේ ගොටු ඇල්ලීම ගැනත් ලිව්වා නම් තමයි නියම!මාත් මේ ලියන්න හිතේ තියන් ඉන්න මාතෘකාවක් තාම වෙලාවක් ලැබුණේ නැහැ ලියන්න.:)
ReplyDeleteඇත්තටම ගොට්ටට දාපු රටකජු අහුරක් ආයෙ කවදාවත් විකුණන එකක් නැතිවෙයිද නලීන් අයියේ? ඇත්තටම ආර්ථිකය, සමාජය, සමාජ භාවිතාවන් අද කොච්චර වෙනස් වෙලාද. ගොට්ටකට පුරෝපු රටකජු පොත් ඇර ඇර කකා ර්පාරක යන එක කොච්චරනම් සුන්දරද.
ReplyDeleteතාම වෙනස් වෙච්ච නැති එක ගොට්ටක් තියෙනවා. ඒතමයි සාරවිට ගොට්ට. පුංචි ගෑස් ලාම්පුව පත්තු කරපු සාරවිට තට්ටුවයි ගෙජ්ජියයි නම් තාම වෙනස් වෙලා නෑ දෙයියන්ගෙ පිහිටෙන්. බුලත් කොලෙන් ගහපු ගොට්ට තාම පොලිතීන් බෑග් එකකට මාරු නොවිච්ච එකනම් වාසනාවක්..
ආං හරි .. මෙදා පාර මං එකක් අරං බාගයක් කැව්වා ගෑණිටත් කාපිය කියලා , ඇත්තම කියනවනං පොඩි පුන්නක්කු රහකුත් ආව බං ඒකෙ .. :D කාරි නෑ . කොහොමත් මට පුන්නක්කු ඉතිං හුරුයි නෙවැ .හැක්
Deleteමට මතක ඇති කාලේ ඔය සිනි තේ කොළ වගේ දේවල් කඩෙන් කිරල දුන්නෙත් පත්තර කොලෙන් හදපු ගොට්ටකට.. එකත් දැන් සිලිකවර වලට මාරු වෙලා..
ReplyDeleteඔය කොයි කොයි ගොට්ට නැති වෙලා ගියත් ලොක්කොන්ට අල්ලන ගොට්ට නම් එදත් අදත් හෙටත් එක විදියටම තියේවි.. :)
කඩල ගොටු එහෙමත් මතක් වෙනවා දැන්
ReplyDeleteපෙරේත ගොට්ටට සමහරු ගංජා මිටියකුත් තියනවා බන්. අපි විදින්නෙම කසිප්පු, අරක්කු වීදුරුවලටයි අර මිටියටයි තමයි. මල ගෙවල්වලිනුත් ඔය වගේ එකක් තියනවා නේද. ඒකට තියන්නේ මැරිච්ච කෙනා කැමති ඒවා.
ReplyDeleteඒ කියන්නේ අරූ, මේ පෙරේතයන් වෙලා ඉන්නේ, ජිවත් වෙන කොට ගංජා ගහපු අයයි, අරක්කු බීපු අයයි විතරද? නලින් බලාගෙන!
Deleteඇත්තටම නලින් ගොට්ට අල්ලනවා කියන එක කොහොමද ආරම්භ වන්නේ. ගොටු ඇල්ලුවත් ඒකෙන් සේරම, නවත්වා ගන්න බැහැ නේද?
////මේ පෙරේතයන් වෙලා ඉන්නේ, ජිවත් වෙන කොට ගංජා ගහපු අයයි, අරක්කු බීපු අයයි විතරද?/////
Deleteනෑ මචං රයිගම්....මම හිතන්නේ ඒකේ අනිත් පැත්ත කියලා :D
අරූ අයියා.. දෙයියනේ කියල එහෙනං ලබන ආත්මෙ පෙරේතයෙක් වෙන එකක් නෑ මොකා උනත් :D
Deleteනලියා...................................
ReplyDeleteටිකකට හරි අතීතයට අපිව ගෙන ගියා සුන්දර විදිහට... ලස්සන රචනයක්... ගොටු කතා ගොඩයි.
ගොට්ට ඇල්ලීම ඉස්සරහට නැතුවම බැරි දෙයක් යන්දා දැන්ම ඉදන් පුරුදු උනාට වරදක් නෑ වගේ..
ReplyDeleteගොටු ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා නලීන්...:)
ReplyDeleteදැන් නම් වැඩිපුරම "ගොට්ට" අල්ලන්නෙ මාධ්‍ය කාරයො නේද මල්ලි.....
ReplyDeleteඋඹ හැර,,,,,, :) :)
අනේ මන්දා නලින් අයියත් ආණ්ඩුවට ගොට්ට අල්ලනවා කියලා ඔය ලෝකයා කියලා තිබ්බේ පහුගිය දවස්වල තැන් තැන් වල....:D
Deleteඋඹට පික්ෂු.... මනෝජ් මල්ලි....එහෙනං තාම කෝච්චියෙ යන්නෙ .....
Deleteආ.... මොනව කිව්ව........
බඩු දිහා බල....බල ....ඇස් පොට යවාගන්න......
කැත කතා කියන්න එපා......යකූ..... හෙක්....හෙක්.....
හේ,හේ අපි නම් ඔව්වා දන්නේ නැහැ කෙන්ජායියේ.
Deleteබඩු නම් මන්ද, මට හම්බුනා දවසක් කෝච්චියෙන් බහිනකන්ම කිර කිර ගියේ.. :)
Deleteඅපේ දිහා කිරි ගොට්ටක් තියේ හැබැයි අනාගත පරපුරට බලාගන්න සංරස්සනය කොරල හැක්...
ReplyDeleteඋඹ හැමදාම කරනවා වගේ අනිත් උන්ගේ පොත් විචාරයි, තව කෙනෙක් ලියපු දේශාඨන සටහනුයි, අරකයි මේකයි නොදා උඹම ලියපු මේ වගේ ගොට්ට අල්ලපු එකක් හරි ගැන ලියන්න ගත්ත එක හොඳ ප්‍රවනතාවයක් කියලා මම දකිනවා.
ReplyDeleteමමත් හිතන ඉන්නේ ගොට්ටක් අල්ලන්න.එත් තාම වැඩේට හරි යන හොඳ කෙනෙක් ලැබුණේ නැහැ නේ.
ReplyDeleteගොටු අල්ලන එක දැන් රටේ චාරිත්‍රයක් වෙලා තියෙන්නේ. හරියට ගොට්ට ඇල්ලුවේ නැත්නම් කිසි වැඩක් හරියට කරගන්න ලැබෙන්නේ නෑ.
ReplyDelete-------
ඒ කතා වැඩක් නෑ.
ගොටු ගැන අපි දන්නා නොදන්නා කතා ගොඩක් එකතු කරලා තියෙන පොස්ට් එකක්.
නලින් ට ස්තුතියි..
සාමා අමර විකුණති බස් පොළේ කජු
ReplyDeleteකුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ…
පෙරේත ගොට්ටක් කාලා සතියක් විතර එක දිගට බොග යන්න ගත්තම ඒ පුරුද්ද අතඇරියා.මං හිතන්නෙ යකා අපි එන්න කලින් ගොට්ටට දත ගහලා උගෙ කියලා වෙන් කරගන්න ඇති
ReplyDelete