යුද්ධය සෙල්ලම් නො වේ; එය විහිළුවක් ද නො වේ.යුද පිටියට යන සෙබළාට පෙම් කෙළින්නට වෙලාවක් නැත. ඔහු සිටින්නේ මරණය පෙනි-පෙනී ය. මේ කතුවරයා යුද පිටියේ සිටින සෙබළකු යොදාගෙන සිංහල - දෙමළ පෙම් කතාවක් ගොතයි. අමූලික බොරුවලින් සමන්විත මේ කතාව රණවිරුවාත් - යුද්ධයත් හෑල්ලුවට ලක් කරයි.
නවකතාවක් රචනා කිරීමේ අර්ථය කුමක් ද? ඉතා සරල නියැදියකට ගියහොත් කරුණු හතරක් දැක්විය හැකි ය.
(i) කතා රසය ලබාදීම (වින්දනය)
(ii) සමාජ යථාර්ථය හෙළිදරව් කිරීම
(iii) ජීවිතය පිළිබඳ නව අර්ථකථනයක් ලබාදීම
(iv) භාෂාව පෝෂණය කිරීම
කුමන අර්ථයකින් ගත්ත ද සෑම නවකතාවක ම කථාන්දරයක් තිබේ. කතාවක් නැති තැන නවකතාවක් ද නැත. එම කතාව සත්‍යයට සමීප දෙයක් විය යුතු ය. පිළිගත හැකි සිදුවීම්වලින් එය සමන්විත විය යුතු ය. නැතහොත් කතාවේ සිදුවීම්වලට තර්කයක් තිබිය යුතු ය. හසලී රාජපක්ෂගේ “මව්බිමෙන් පර්චස් දහයක්” නම් ප්‍රබන්ධයේ බොහෝ සිදුවීම්වලට තර්කයක් නැත. එම සිදුවීම් සත්‍යයෙන් බොහෝ දුරස් ය.
හසලි රාජපක්ෂ |
මෑත කාලයේ සිංහල නවකතාවේ එක් ප්‍රවණතාවක් වන්නේ කතුවරයා දකින සිහින ලියා තැබීම ය. නැතහොත් තමන්ගේ උපකල්පන - පරිකල්පන ලියා තැබීම ය. පරිකල්පිත සියල්ල නවකතාවකට සුදුසු නො වේ. ඒවා ජීවිතයේ සත්‍යය ස්පර්ශ නො කරන්නේ නම්; විශ්වසනීයභාවය බිඳී යයි. එවිට කතා රසය ද බිඳී යයි. හසලී රාජපක්ෂ සිය ප්‍රබන්ධය සඳහා යොදාගෙන ඇති යුදමය සිදුවීම් අන්තිම බොරු ය. ඒවා ඉතා බොළඳ ය. යුද්ධයෙහි අත්දැකීම් ඇති හමුදා නිලධරයකු මේ කතාව කියෙව්වොත් ඔහු සිනාසී පොත වීසි කරනු ඇත.
නවකතාවේ ප්‍රධාන චරිතය සේනානායක ය. ඔහුට තාත්තෙක් නැත. අම්මෙක් ඇත. ඉඩම් බිම් අඟලක් ද නැත. අ. පො. ස. උ/පෙළ සමත් ව රැකියා විරහිත ව සිටින ඔහු දේශපාලකයන්ට උදවු කරමින් ජීවිතය ගොඩනැඟීමට සැලැසුම් කරයි. එය වතුරේ යයි. පසු ව කළ හැකි දෙයක් නො වූයෙන් හමුදාවට බැඳෙයි. දරුණු යුද කලාපයක අතරමං වන ඔහුට කොටි සෙබළියක වන ලක්ෂ්මී හමුවෙයි. පුදුමයකට මෙන් ලක්ෂ්මී වෛද්‍යවරියෙකි. ඇයට සිංහල හොඳින් පුළුවන. ඇය සේනානායකට ආදරය කරයි.
“පිළියෙල කර ගත් ආහාරයෙන් පසු දෙදෙනා ම උත්සාහ කළේ නිදා ගැනීමට ය.
“ඔයා ඔය මැස්ස උඩ නිදාගන්න මම යට නිදාගන්නම්!”
“ඇයි මම ළඟ නිදාගන්න බය ද?
“ඔයා පිරිමියෙක්නෙ අයියා!”
“ඔයා හිතනවද මම කරදරයක් කරයි කියලා”
“මැරෙන්න ඉන්න මට කරදරයක් කළා කියල මොකක්ද වෙනස?”
“දෙයියනේ ලක්ෂ්මී එහෙම හිතන්න එපා!”
(පිටු - 84)
කතුවරයාට දෙමළ තරුණියක හා යහන් ගතවීමේ සිහිනයක් තිබේ. ඔහු එම සිහිනය සේනානායක ලවා ඉටු කරවා ගන්නේ බොළඳ ලෙස ය. යුද්ධය පිළිබඳ කිසිදු අත්දැකීමක් හෝ වැටහීමක් හෝ කතුවරයාට නැති බව ඉතා පැහැදිලි ය. ඔහුගේ නිරූපණ දකින බුද්ධිමත් පාඨකයා සිනාසෙනු ඇත. ලක්ෂ්මීගේ හා සේනානායකගේ ප්‍රේමය අතිශය බොළඳ ලෙස ගොඩනඟන ලේඛකයා එය ජනවාර්ගික සමඟියට අදාළ සාධකයක් ලෙස ඉදිරිපත් කරයි.
ජනවාර්ගික අර්බුදයට විසැඳුමක් ලෙස අන්තර් විවාහ ක්‍රමය යෝජනා වූයේ 1970 ගණන්වල ය. එහෙත් 1950 ගණන්වල සිට ඒ පිළිබඳ සංවාදයක් පැවැතිණි. ඇතැම් ආදර්ශ සිදුවුව සාංස්කෘතියට අදාළ විවිධ සාධක නිසා අන්තර් විවාහ ක්‍රමය සාර්ථක වූයේ නැත. අදත් ඉඳ-හිට මෙබඳු අවස්ථා දැකගත හැකි’මුත් ඒවා අහම්බ මිස පොදු දේවල් නොවේ. කුමක් වුව හමුදා නිලධරයකු හා කොටි සෙබළියක අතර ආදර සම්බන්ධයක් ඇතිවීමට පුළුවන. එම සම්බන්ධයට අවශ්‍ය පසුබිම හා සියුම් මානසික හැඟීම් කතුවරයා දන්නේ නැත. ඔහුට ඒ පිළිබඳ අධ්‍යයනයක් ද නැත. එබැවින් ලක්ෂ්මීගේ හා සේනාගේ ආදරය හා විවාහය කතුවරයාගේ හිතලුවක් බවට පත් වේ.
නවකතාවක කැපී පෙනෙන ලක්ෂණය සංකීර්ණ චරිත නිරූපණය යැයි කියනු ලැබේ. සාර්ථක නවකතාකරුවෝ සංකීර්ණ චරිත නිරූපණය සඳහා මහත් පරිශ්‍රමයක් දරති. චරිත නිරූපණය යනු අධ්‍යයනය කළ යුතු පුළුල් විෂයයෙකි. සමහරු සැබෑ චරිත පසුපස හඹා යමින් ඔවුන් අනුකරණය කරති. තව සමහරු පොත-පතින් චරිත අධ්‍යයනය කරති. තවත් සමහරු මේ දෙඅංශය ම භාවිත කරති. හසලී රාජපක්ෂ කිසිදු පරිශ්‍රමයකින් තොරව උඩින් - මත්තෙන් චරිත අතගා ගෙන යයි. සේනානායක, ලක්ෂ්මී, අම්මා, දේශපාලකයන් ඔහු අතින් නිරූපණය වන්නේ අති සරල බොල් ආකාරයකට ය.
අන්තර්ගතය අතින් ගත් කළ ප්‍රධාන මාතෘකා කිහිපයක් කෙරෙහි ඔහුගේ අවධානය යොමු වී තිබේ.
(i) පියා අහිමි දිළිඳු පවුලක ජීවන අරගලය.
(ii) රැකියා විරහිත තරුණ පරපුරේ ඛේදවාචකය.
(iii) මජර දේශපාලකයන්ගේ කුපාඩිකම්
(IV)ජනවාර්ගික අරගලය
(V)යුද්ධය
(VI)අන්තර් විවාහය
කතුවරයා විෂයයන් ගණනාවක් ගැන සාකච්ඡා කිරීමට ඉදිරිපත් වෙයි. එහෙත් එක දෙයක් වත් ඔහු අතින් නිසි ලෙස නිරූපණය වන්නේ නැත.සාකච්ඡා වන්නේ නැත. සරල කථාන්දරයක් හා මහා පටලැවිල්ලක් අන්තිමට ඉතිරි වී තිබේ. බොළඳ පෙම් කතාවක, සරල පැණි කතාවක ඇති දෙයින් ඔබ්බට යන්නට කතුවරයා සමත් වී නැත. දීර්ඝ කාලයක් තිස්සේ විවිධ සමාජ කාර්යයන්හි නියුතුව අත්දැකීම් ලද බව ද, සාහිත්‍යකරුවන් හා කලාකරුවන් ඇසුරු කොට සමාජ විඥානය ලබා ගත් බවද කතුවරයා ඉඟිකොට කියන්නේ වුව ඒ කිසිවක් මේ පොතෙන් නම් ප්‍රකට නොවේ.
ජනවාර්ගික අරගලය කෙරෙහි හසලි රාජපක්ෂගේ විශේෂාවධානය යොමු වී ඇති බවද පෙනී යයි. ඔහු ඒ වගත් පෙරවදනෙහි ලා සටහන් කරයි. 1950 ගණන්වල අත්දැකීම් ගැන මෙන්ම 1983 අත්දැකීම් ගැන ද ඔහු සඳහන් කරයි. එය සත්‍යයක් වන්නට පුළුවන. එහෙත් මේ අත්දැකීම් මනුෂ්‍යත්වය ඔස්සේ විග්‍රහ කර ගැනීමට ද, ඒවා කලාත්මක ලෙස නිරූපණය කර ගැනීමට ද කතුවරයා අසමත්ය. ශ්‍රී ලංකාව ප්‍රබන්ධ කථාවට අදාළ අත්දැකීම් සපයන තෝතැන්නක් ලෙස හඳුන්වති. ත්‍රස්තවාදය, ජනවාර්ගික අරගලය, දීර්ඝ කාලීනව යුද්ධය හා තරුණ නැගිටීම් එම පසුබිම නිර්මාණය කරයි. එහෙත් කිසිඳු ලේඛකයෙක් මේ අත්දැකීම් ඔස්සේ සාර්ථක නවකතාවක් බිහිකර නැත. එය අපේ සාහිත්‍යයහි ඇති පොදු දුර්වලතාවක් සේ සැලකිය හැකිය.
අපේ නවකතාකරුවන් ළඟ සුලබව දක්නට ලැබෙන දුර්වලතා තුනක් සඳහන් කළ හැකියි.
(I)ප්‍රබන්ධ කථාවේ ශිල්පී අංශය ගැන නොසැලකීම.
(II) ප්‍රබන්ධ කථාවට අවශ්‍ය පර්යේෂණවල නොයෙදීම. (III) සංස්කරණය ගණන් නොගැනීම.
කථා වස්තුව, භාෂාව, ශෛලිය, දෘෂ්ටි කෝණය, සංකේත යෙදීම, සංවාද ගොඩනැගීම වැනි ශිල්පීය ලක්ෂණ අවධාරණයෙන් ගෙන ප්‍රබන්ධකරණයෙහි යෙදෙන සිංහල නවකතාකරුවකු දැකිය හැක්කේ කලාතුරකින්ය. වැඩි දෙනා හදිස්සියේ කතාවක් ලියති. එය ප්‍රකාශන ආයතනයකට භාර දෙති. එතනින් ලේඛකයාගේ කාර්ය භාරය අවසන් යැයි ඔව්හු කල්පනා කරති. හසලි රාජපක්ෂ තම කෘතිය ගැන කෙතරම් නොසැලකිල්ලෙන් කටයුතු කර තිබේද යත්; මේ පොතෙහි මුලින් සඳහන් කර ඇත්තේ කතුවරියගේ වෙනත් කෘති යන්නය. කතුවරයකු විසින් මීට පෙර පළ කරන ලද කෘති සඳහන් කිරීම සාමාන්‍ය සිරිතකි. මේ පොතේ කතුවරයා එහිදී ගැහැනියක බවට පත් කර තිබේ. හසලි රාජපක්ෂට එම වැරැද්දවත් හසු වී නැත.
“මව් බිමෙන් පර්චස් දහයක්” යන නම දුටු සැණෙන් පාඨකයාගේ කල්පනාවට නැඟෙනුයේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයකි. ඉඩම් ගැටලු ගම, නගරය, වතු අංශය යන ක්ෂේත්‍ර තුනෙහිම ව්‍යාප්ත වූ සංවේදී අර්බුදයකි. මේ කතාවේ එන ප්‍රධාන චරිතයට ද බිම් අඟලක් නැත. ඔහු ඇතුළු පවුලේ අය ආණ්ඩුවේ ඉඩමක අනවසරයෙන් ජීවත් වෙති. මේ සංවේදී ගැටලුව කතාවේ මුල් භාගයේ දී යම් පමණකට විග්‍රහ වන අතර පසු භාගයේ දී එම ගැටලුව අමතක කර තිබේ. කතුවරයා දුප්පත්කම, විරැකියාව, යුද්ධය, හමුදා සේවය, දේශපාලනය, ජනවාර්ගික අරගලය, ප්‍රේමය යන විෂය ක්ෂේත්‍ර ගණනාවක පැටලී කතාව විනාශ කරගෙන තිබේ. ඒ හැරත් ඔහුගේ සිද්ධි අස්වාභාවිකය. යථාර්ථයෙන් දුරස්ය. නිරූපණයේ දී ඔහු දක්වන දුර්වලතාව නිසා එය තවදුරටත් විකෘත වෙයි.
නවකතාකරු පාඨකයා තුළ යම් කම්පනයක් ඇති කිරීම සඳහා බාල ගණයේ උපක්‍රම ද යොදයි. සේනානායක පොට්ටයකු කිරීම එබඳු එක් උපක්‍රමයකි. පවුලේ ඇතැම් සිදුවීම් - ගැටුම් කතුවරයා බලහත්කාරයෙන් ඔබා ඇති බවක් ද පෙනෙන්නට තිබේ. නවකාතවක මූලික ලක්ෂණය වන්නේ රසවත් හා විස්මිත කථාන්දරයක් මඟින් පාඨකයාට අපූරු ආස්වාදයක් ලබාදීම ය. එබඳු කතාවක් ගෙතීම පහසු නැත. ඒ සඳහා ජීවන අත්දැකීම් මෙන්ම භාෂාමය විභවතා ද තිබිය යුතුය. හසලි රාජපක්ෂට මේ කියන ශක්‍යතා එකක්වත් නැති බව ඉතා පැහැදිලිය.
හසලිගේ භාෂාව ද අතිශයින් දුර්වලය. නවකතාවකට උචිත හැඟුම්බර භාෂාවක් ඔහු ළඟ නැත.
රන්ජන් අමරරත්න
ඔය ෆොටෝ එකේ ඉන්නෙ හසලී ද?
ReplyDeleteඔව් ප්‍රා අන්න නම දැම්මා එතැනම
Deleteහොඳ පොතක් ගැන දුන්න ඔත්තුවට ස්තුතියි.
ReplyDelete//යුද්ධයෙහි අත්දැකීම් ඇති හමුදා නිලධරයකු මේ කතාව කියෙව්වොත් ඔහු සිනාසී පොත වීසි කරනු ඇත.// මේ ටික ඔබ නුදුටුවෙහි ද? මට එය දුටු විටම මතක් වුයේ ඔබයි.
Deleteරන්ජන් බනින පොත් හොඳයිලු.
Delete///කතුවරයාට දෙමළ තරුණියක හා යහන් ගතවීමේ සිහිනයක් තිබේ. ඔහු එම සිහිනය සේනානායක ලවා ඉටු කරවා ගන්නේ බොළඳ ලෙස ය.///
ReplyDeleteපට්ට විචාරයක්නේ!
යකෝ.. ලේඛකයාගේ අහවල් එක කැපුවා වගේ වැඩක්නේ විචාරකයා කරලා තියෙන්නේ. සහාසික වැඩි නැද්ද රන්ජන්.......
Deleteරන්ජන් පොත දෙස බලන්නේ ඔහුටම ආවේනික රසාස්වාදයකින්. එනිසා විචාරයද ඔහුගේ මිම්මෙන්.
Deleteනලියා....මට මතක්වුනේ ජයවිලාල් විලේගොඩ නම්වූ ඒ නිර්භය සිනමා විචාරකයා. මෑතකදි අයිටීඑන් හෝ රූපවාහිනිය විසින් විකාශය කල පුණ්‍යා හීන්දෙණිය නම්වූ මහා රංගන ශිල්පිනිය ගැන අති සාර්ථක වැඩ සටහනේදි මොහු ගැන සාකච්ඡා වුනා, ඒ තඹරවිල නම්වේ. නමුත් විලේගොඩයන් රන්ජන් තරම් නිර්මාන කරුවාට පෞද්ගලික ඇණුම් ඇති කලා දැයි සිතෙන්නේ රාජ් උපුටා දක්වන කොටස හා සසැඳීමේදියි. නිර්භය විචාරය සහ නිර්ධය විවේචනය තුල මා අතරමං වී ඇත.
Deleteදේෂපාලකයකු විවේචනය කිරීමේදි මේ මිණුම් දඬු අවැසි නොවන්නේ ඔවුන් තව දුරටත් ගොන් ජනයාගේ සේවකයන් ලෙස අප සලකනා බැවිනි. එය අමතක කරමු. නමුත් රන්ජන් එතනදී වෙනස් ආස්ථානයක සිටීම මට අදාල නැත. මම මේ පොත කියෙව්වෙත් නැත. කියවීමට උත්සාහයකුත් නැත.
හැබැයි නලියෝ රන්ජන්ගේ මේ පොලු පහර, ඒ ලේඛකයාගේ ආත්මයට ගැසු විනාශකාරී මිසයිලයක් නොවේද? ලේඛකයාට එවන් උවමනාවාක් ඇතැයි කියන විචාරකයාගේ වදන් හඩ්සන් සමරසිංහගේ කටවාචාල වදන් වලටත් වඩා අපහාසාත්මක නොවේද? විචාරය යනු ලේඛකයාගේ ශිෂ්නය සහ වෘෂණ කෝෂ දෙකේ දෙකේ මිණුම් බැලීමම නම් සාහිත්‍ය විචාරයත් හඩ්ඩාට ගියා වැනිය.
රන්ජන් පිලිතුරු දීම වටී.
අරූ,
Deleteරංජන්ගෙ විචාරයට ලක්වෙන තැන් මේව වෙන්න පුළුවන්. පොත නොකියව්වත් මෙයින් එකක් වෙන්න හොඳටම ඉඩ තියනව.
1.මේ පොතෙන් දැනට ලංකාවෙ දේශපාලන හෙජමොනිය වෙච්ච දේශප්‍රේමයට පහර වදිනව.
2.නැත්තං මෑන්ට මොකක් නමුත් ලිංගික ප්‍රශ්නයක් තියනව. යහන්ගත වෙන කතා කියන්නෙ එ්කයි.
3.එහෙමත් නැත්තං මේ පොත බීප් බීප් උන්නැහේල කැමති ජාතියේ එකක් නොවෙයි.
ඕකට උත්තරේ රන්ජන්ගෙ එක පොතක් හොයාගෙන කියෙව්වොත් දැනගත්තෑකි.. මුලදි මුලදි මේ විචාර කියෝල මේ මිනිහට මොකද්ද තියෙන ලෙඩේ කියලා හිතුවට එක පොතක් කියෙව්වට පස්සෙ අතෑරලා දැම්ම ඒ ගැන හිතන එක... මං කියෙව්වෙ තුන්වන හරස් වීදියෙ ගණිත ගුරුවරයා පොත.. කාගෙන් හරි ඉල්ලගෙන කියවන්න... සල්ලි දීලා ගන්න වටින පොතක් නෙවෙයි...
Delete:/ කියවලා බලන්නෝන.
ReplyDeleteඅසමජ්ජාති ආදරේ හොයන්න ගිහින් පට්ට චාටරයක් කෑව අලේ මම. වෙනම පෝස්ට් එකක් ලියන්න වටිනව ඒ ගැන.
හොඳ වැඩේ උඹට අසමජ්ජාති වැඩ කරනවට.... :P
Deleteමෙන්න ඉවාන් ඇවිත් බස්සිට අසමජ්ජාති කතාවක් කිව්වා.. හැක් හැක්..
Deleteසිරාවටම සරසවි එකේ කෙල්ල මා දිහා බැලුවෙ මේ මොන අසම්මජ්ජාතියෙක්ද කියන්නැහෙ. සැජ්ජාවෙ බෑ. නලින් මාමෙ ඇත්තට ඒ පොත හොයාගන්න පුලුවන් තැනක් (ඔහොම සාටර් නං කන්ඩ බෑ ආය.) ගැන ඔත්තුවක් දෙන්නකො.
Deleteසූරිය ප්‍රකාශකයෝ මරදාන.. අතුල ජයකොඩි මහතා හමුවන්න
Deleteරන්ජන් අමරරත්නට සුපුරුදු විචාර රටාවට කල තවත් විචාරයක්. කෙසේවෙතත් පොත නොකියවා අපිට විචාරය කිරීමට නොහැක
ReplyDeleteඑසේය එසේය. පොත කියෙව්වොත් ඔබත් මෙයිට වෙනස් දෙයක් කියන එකක් නෑ.
Deleteහසලි කියන නම දැක්කම එක පාරට හිතෙන්නෙ කතුවරියක් කියලා තමා. //කතුවරියගේ වෙනත් කෘති යන්නය.// :D
ReplyDeleteහ්ම්ම් පොත ගැන අදහසක් දාන්න විදියක් නෑ කියවලා නැති නිසා.
ලැබුණොත් කියවලා බලන්නකෝ
Deleteහ්ම්.......................
ReplyDeleteපොත ලියුවේ අපරාදේ කියලා හිතෙන්න නෙලලා නොවැ. ඇත්තට ම නලියා මේ පොත නොකියවා විචාරය ගැන අදහස් දැක්වීම වැරදි දෙයක් තමයි ඉවාන් කියනවා වගේ. ඉතින් රන්ජන් ඔබේ අදහසද සමගින් අපි කියවා බලන්නම්කෝ.................
මොනවා වුණත් ලිපියට ස්තූතියි.
හොඳ සන්සන්දනයකට නියම අවස්ථාවක් මචෝ..
Deleteපොත නොකියවා විචාරය එක්ක එකඟ වෙන්න හොඳ නැතිමුත් උඩින් උපුටා දක්වලා තියෙන පිටු අංක 84 තියෙන දෙබස් ටික දැක්කාම විවේචනයේ සාධාරණයක් තියේනවා වගේ හැගීමක් එනවා.
ReplyDeleteඑවන් තැන් බොහොමයක් මම කියවද්දිත් අහුවුණා මනෝ
Deleteනලින් අයියා දැක්ක කල් .. !!
ReplyDeleteදවස් 5ක් හයක් ජාලගත ලෝකයෙන් මිදිලා පොඩි විනෝදයක් ගන්න ගියා මලයා.. ඒකයි පහුගිය ටිකේ දකින්න නොහිටියේ.
Deleteඅමරය.......... එක්කො ඕනෙ නැහැ බං ......................
ReplyDeleteමෙතෙන්ට දාන්න ඕන එක යටය වැටිලා...
Deleteඅදත් වටින පොතක් අරං ඇවිත්. ඒත් කලිං කිව්ව පොතවත් හොයාගන්න තාම බැරිවුනා.
ReplyDeleteහැම අගහරුවාදාවකම පොතක් ගැන දාන්නයි අදහස... රන්ජ පොරොන්දු වුණා ලිපිය දිගටම දෙන්න..
Deleteඅනේ කියන්න කෙන්ජයියෛා් කියන දෙයක් අපි ඉතින් බොක්කෝ නේ..
ReplyDeleteකතුවරයාට දෙමළ තරුණියක හා යහන් ගතවීමේ සිහිනයක් තිබේ. ඔහු එම සිහිනය සේනානායක ලවා ඉටු කරවා ගන්නේ බොළඳ ලෙස ය.//
ReplyDeleteඒක තමයි ඇත්ත.ඒත් කතුවරය ඒකට යොදන බොළද උත්සාහය දැක්කහම සැබෑ ජීවිතයෙදි එහෙම අවස්ථාවක් උදා වුනත් ඒ දෙමළ තරුණිය කතුවරයගෙ සැබෑ තත්වය දැන ගන්නව..මට පේන විදියට කතුවරයත් දන්නව දෙමළ නොවෙයි මොන ගෑනියෙක් එක්ක ඉන්න එකත් එයාට හීනයක් බව.එයා ගෑනුන්ට බය වෙනව.දෙමළ ගෑනි කියන්නෙ කතුවරයට විශ්මයක්.ඈ දෙයියනේ නොතේරෙන බාසාවක් කතා කරන ගෑනිගෙ කොහොම ඇද්ද .කතුවරය අහස පොලව ගැටලනව.
කිසිම ගෑනියෙක් එක්ක ඉන්න බැරි කතුවරය තමන්ගෙ හීනය වන දෙමළ ගැහැනිය ගැන මවා ගන්න සිහින ලෝකෙ ඔහු අත්විදිනව.ඔහුගෙ ෆැන්ටසිය තමයි මේ දිග හැරෙන්නෙ.
මෙතන දෙමළ තරුණිය සේනානායකට (කතුවරයට ) වඩා උසස්.ඇය කතුවරයට කසයකින් තැලීමෙන් කතාව ඉවර වුනා නම් ලස්සනයි.කතුවරයත් තෘප්තියට පත් වේවි.
ඔව් සැබෑ මිතුරු.. මේ එවන් ෆැන්ටසි අවස්ථාවක් ....... රන්ජන් විචාරයෙන් බැට දීල තියෙන්නේ ඒ වගේ අවස්ථාවන් ගැන තමයි.
Deleteනලින් අයියේ..අද තමයි පත්තරෙං ඕක මං කියෙව්වේ.මේක ගැන විතරක් නෙමෙයි මං කලිනුත් ඔය ආර්ටිකල් එක නිතරම බලනවා.මේ රන්ජන් අමරරත්න මහත්තයා හැමදාම අලුතිං පොත් ලියන ලේඛකයන්ගේ නරක පැත්ත විතරයි දකින්නෙ.ඇයි එතුමාට සමබරව තියන හොදත් ඒකට ඇතුල් කරන්න බැරි?
ReplyDeleteඑයා අගය කළ පොත් විචාර දැක්කේ නැද්ද. මේ බ්ලොගේ විචාර ටැග් එකෙන් ගිහින් බලන්න ඒ ගැනත් පසුගිය සතියේ විචාරයෙනුත් පොතක් හොද ඇගයීමකට ලක් කොට තිබුණා.
Deleteනොනිමි ඇවිලෙමි කියන නවකථාවත් මෙි වර්ගයේම එකක්. හැබයි එක පට්ට.
ReplyDeleteඅපේ පොත් නම් රංජන් මහත්තයට කියවන්න එපා කියන්න ඕන. ඕකෙ තියෙනවා වගේ විචාරයක් දැම්මොත් පාරෙ බැහැලත් යන්න බැරිවෙනවා.
ReplyDeleteනිර්ධය විවෙචනය යනු පොත් අලවියට තවත් හොද මගකි.
Deleteකතෘ වරයගෙ වගේ නමක් ඇහුවෙ පළවෙනි වතාවට...
ReplyDeleteවිචාරය අගය කල යුතුයි..
ReplyDeleteවිවේචන වැඩි වෙන්න වැඩි වෙන්න market එකත් වැඩි වෙනවා...
ඕන කළා කෘතියක එහෙම තමයි.
කියවන්න ඕන පොතක්...
/////යන්නෙ කොහෙද? මල්ලෙ පොල් කතාවක්!/////
Deleteශෙහාන්....මාව වරදවා හිතන්න එපා. උඹ කියන පරිදි විචාරය අගය කලයුතු වන්නේ කෙසේද? ශෙහාන් පොත නොකියවා...විචාරය අගය කරන්නේ මොන මිණුමකින්ද....මම ඔබට වරදක් කියනවා නොවේ. පොත නොකියවා විචාරය අගය කරන්නේ...ලේඛකයා, විචාරකයා සහ නුඹ යන ත්‍රිත්වයම අපහසුතාවයට පත්කරමින්ය. මම කොහොමද උඹට ප්‍රතිවිරෝධයක් එල්ල කරන්නේ ෂෙහාන් ..උඹ පොත නොකියවා විචාර අගය කරන කොට.
ගණන් ගන්න එපා. ඇත්තැයි කියන්නේ.
Write more, thats all I have to say. Literally, it seems as though you relied on the video to make your point.
ReplyDeleteYou obviously know what youre talking about, why throw away your intelligence on just posting videos
to your blog when you could be giving us something informative to read?
Look at my homepage - free browser games ()
පොතට වියදම් කරන්න කලින් මේ වගේ ඔත්තුවක් දුන්න එක හොඳයි.
ReplyDelete