සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සංතෘෂ්ටිය පරම ධනය යැයි පැරැණි කියමනක් ඇත. එය සත්‍යයැකියි මට සිතේ. ඒ මන්ද යත් සතුට නොමැති තැන ජීවයක් ද නැතැයි සිතෙන 
තරමට ඉච්ඡාභංගත්වයට අප පත්වන අවස්ථාවන්ට මූහුණ දී ඇති බැවිනි. දෛනිකව එකාකාරී සේවයක යෙදෙන්නෙකුට තම වෘත්තියේ 
යෙදෙද්දී ඇතිවන ව්‍යාකූලත්වය සිතේ සංතෘෂ්ටිය මොට කරවයි. එවන් විටෙක සිතේ සංතෘෂ්ටිය වෙනුවෙන් එකිනෙකා විවිධ 
ක්‍රියාකාරකම්වල නියැළෙති. 
එයින් මිදෙන්නට මා තෝරාගත් කෙටි මගකි මුහුණු පොතට හොට දැමීම. මුලදි මුලදි බොහොම කෙටි කාලයකට මුහුණු පොතට වැදුණත් කල් යත්ම එය ඇබ්බැහියක් බවට ම පත් ව ඇතැයි හැගුණේ ඇතැම් අත්‍යවශ්‍ය වැඩ කටයුතු ද මගෙන් ගිලිහෙන බැව් පෙනෙන විටය.
හිතේ ඇති දෝමනස්සයන් පහකොට කෙටි කාලින වින්දනාත්මක සිතුවිල්ලෙන් මනස සරසා ගන්නට නම් කදිම තැනකි මුහුණු පොත. එහෙත් අවසානයේ ඉන් අප ලද දේට වඩා වැය කර ඇති කාලය අපරාධයක් යැයි සිතෙන්නේ කල් ගත වෙත්ම ය.
මුහුණු පොතේ නිර්මාණ කාර්යයන් නැත්තේම නොවේ. ඒ නිර්මාණයන් ද යටපත් කරගනිමින් බොහෝ හර සුන් දේ පිටු අතර සැරිසරයි. ඒ රැලි මතට ගොඩ බසින සියල්ලෝමද නොදැනීම රැල්ලේ ගසාගන යයි.

එහෙත් මුහුණු පොත හරහා ගොඩනගාගත් මානව සම්පත නම් අති මහත් ය. ඉතිරි කළ යමක් වේ නම් ඒ මානව සම්පතයි.මුහුණු පොතෙන් ලද එකම දෙය එයයි. ඒ සම්පත ලැබෙන විට බ්ලොග් හරහා ඇතිකරගත් මානව සම්පත මගෙන් ගිලිහෙමින් පවතින බව දැනුණේ කල් යල් ගොස්ය.
වෙනදා ඉඩ ලැබෙන හැම මොහොතකම බ්ලොග් සටහන් කියැවූ වෙක්මි මම. එහෙත් මුහුණු පොතට ඇබ්බැහි වූ පසු ඒ සියල්ල යට යන්නට විය. බ්ලොග වෙනුවෙන් වෙන්වූ කාලය එන්න එන්නම අඩු විය.
ඉදින් මම දැන් මුහුණු පොතෙන් ඇත් වන්නට තීන්දු කළෙමි. ඒ කාලය ඔබගේ බ්ලොග් සටහනක් කියවන්නට යොදමි. කමෙන්ටුවක් කොටන්නට වෙන් කරමි.
බුකියේ මිතුරු මිතුරියනි, ඉතින් දැන් මම බුකි ගතවන්නේ දිනකට විනාඩි දෙකතුනක් පමණි.
කකා ද මේ ගැන මෙයිට කලින් ලියා තිබිණි. මෙතැනින් එය කියවන්න

බ්ලොග් පෝස්ට් සඳහා ප්‍රචාරයක් ගැන්මට ට්විටර් (twitter) භාවිතයට ගන්නට ද කටයුතු කෙළෙමි. මගේ ට්විටර් පිටුවට මෙතැනින් යන්න



62 comments:

  1. එක නං ඉතා හොද අදහසක්.. මාත් ඔයාව පලෝ කරන්න එනවා තව ටික දවසකින්..

    ReplyDelete
    Replies
    1. නිකරුණේ කාලය කා දැමිමක් පමණයි. ඒ වගේම වැදගත් යමක් තිබුණත් ඒක හොයාගන්න හරිම අපහසුයිනේ. ඉතිං බ්ලොග හොදා මට නං.

      Delete
  2. ''ඉදින් මම දැන් මුහුණු පොතෙන් ඇත් වන්නට තීන්දු කළෙමි. ඒ කාලය ඔබගේ බ්ලොග් සටහනක් කියවන්නට යොදමි. කමෙන්ටුවක් කොටන්නට වෙන් කරමි.''

    වටිනවා මේ අදහස... මමත් එකඟයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලයේ බ්ලොග් කියවීම බොහෝ සෙයින් අතපසු වුණා

      Delete
  3. හප්පා මෙන්න නලිං අය්යට බුකිය එපා වෙලාලු... ඇත්තද දන්නෑ... මෙයා පහුගිය දවස් වල බුකිය බදු ඇරන් නෙව හිටියෙ... හැක්...

    ඉදල හිටල හරිඔයාලග කියල බොග් පෝස්ටුවක් දානව කියනකොට අහන්නත් සංතෝසයි...

    ReplyDelete
    Replies
    1. බුකියට ඇබ්බැහි වුණා....දැන් එය දවසට විනාඩි දෙක තුනකට පමණක් සීමා කරනවා.

      Delete
    2. ම්ම්ම ඒක හොදයි හැම අතින්ම... ජොබටත් නිර්මාණ කරණයටත්
      හැම දේකටම

      Delete
  4. \\Blogger ඕනා.. Facebook වානා...//

    එළම කිරි. පට්ටම පට්ට..වල්ලපට්ට. ඕං ඕකම තමා මගෙත් තියරිය.

    ReplyDelete
    Replies
    1. හිත ඇත්නං පත කුඩා ද?

      Delete
  5. මම ඕකෙ අනිත් පැත්ත. මුලින් බුකියට වහවැටුනත් දැං බ්ලොග් තරම් දෙයක් නෑ. ඇත්තටම ‍ෆේස්බුක් එකේ තියන සංවාද මට නං වැඩක් නෑ. මොකක් හරි වාක්‍යක් දාල "එදාවේල" පිරිමහගන්නවට වැඩිය බ්ලොග් ලිවිල්ල හොඳයි. අනෙක බුකිය සංවෘත තැනක්. යාළුවො අතර විතරයි. නමුත් බ්ලොග් කියන්නෙ විවෘත තැනක්. බ්ලොග් ලිපියක් ලිව්වම ඒක අවුරුදු ගනනක් ගියත් කවුරුහරි කියවනව. මම නං මෙතනින් යන්නෙ මීට වැඩිය හොඳ තැනක් ලැබුනොත් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි රාජ් බ්ලොග්වල විශේෂත්වය. සියලු නිර්මාණයන් සුරැකිව තියනවා. සංවාද ඇතිවනවා. බුකියේ සංවාද බොහොම විනෝදාත්මකවයි කෙරෙන්නේ. අප එයට ඇළෙනවා නොදැනම

      Delete
  6. යාන්ත්‍රිකයට නං පේස්බුක් කෙරුවාව හරියන්නෙ නෑ... ඒ නිසා තමයි බොගක් අටවගත්තෙ... ඒ පැත්තෙ ගියෙත් නෑ මාස ගානකිං............

    අපි බ්ලොග් ලියනකොට නලින් අයියා නොගිය අඩවියක් නෑ...

    ReplyDelete
    Replies
    1. ආයිත් පටන් ගනිමු ලියන්න යාන්ත්‍රිකයා.

      Delete
  7. සකර්බර්ග් ගොයියානම් ඒ හැටි කැමති වෙන එකක් නැහැ. මොකද උන්දෑට සල්ලි එන්නේ ඕකෙන් හොරකං කොරගත්තුවා විකුණලා නෙව...

    කොහොම උනත් කවුරු කවුරුත් ඔය මූණු පොත හරිහැටි අදුනගෙන වැඩකොරානම් තමා ඇගට ගුණ... එල එල නලියා...

    ReplyDelete
    Replies
    1. ඔව් බං කාලේ යනවා දැනෙන්නේ නෑ ඒත් තාවකාලික වින්දනයක් මිස අමතක නොවන මතකයක් එහි රැදෙන්නේ නෑ.

      Delete
  8. මුහුණු පොතට ඇබ්බැහි වෙලා ලබන සතුට නිසා ඊට වඩා වැදගත් යමක් අතපසු වෙනවනම් ඒ සතුටත් එතනින්ම ඉවර වෙලා එතනින් එහාට කරදරයකට පත් වෙන්නත් පුලුව්වන්.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං ඒක වැටහුණු නිසා තමා එතැනට යන කාලය අවම කරන්න

      Delete
  9. අපිත් එකෙන්ම අත උස්සනවා ඒ අදහසට :D

    ReplyDelete
    Replies
    1. එහෙමද? නියමයිනේ එහෙනං මටත් සගයෝ ඉන්නවා තව

      Delete
  10. රාජ්ගේ කෙමෙන්ට් එක බලන්න...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බැලුවා බැලුවා පොඩ්ඩක් පැටලිලා වගේ නේද එතැන. රාජ් කියන්නෙත් මං කියන දේම තමා විදානේ

      Delete
    2. ටැපලිලා නෑ. නලින් බ්ලොග් වලින් බුකියට ගියා කියලනෙ කිව්වෙ. මම බුකියෙන් බ්ලොග් වලට ආව.

      Delete
  11. බුකියෙන් ඈත වෙලා ටික දවසක් වෙනවා , එහෙම කලෙතොතන්ට ගියාම දන්නෙම් නැතුව වෙලාව ගතවෙන නිසා , වැඩ සියල්ල අතපහු වෙනවා

    ReplyDelete
    Replies
    1. බුකිය නිසා බොහෝ වැඩ මටත් අතපසු වුණා. චැට්වලට ගියාම කාලේ ගිහින් දන්නෙම නැතුව. ඒ නිසයි එතැනට යන කාලය විනාඩි දෙක තුනකට සිමා කරන්න හිතුවේ.

      Delete
  12. මම මුලිං බුකියට ගියත් මට වැඩේ ඇල්ලුවේ නෑ.එකවුන්ට් එකත් වහල දාලා බ්ලොග අටෝ ගත්තේ.අපේ උන්ට මම ෆේස් බුක් නෑ කියලා දැනගත්තම ඇස් උඩ යනවා.ඇයි යකෝ ඒකේ ඉන්නැති එකෙක්ට මේ ලෝකේ ජීව්ත් වෙන්ඩ බැරිද?

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම හිතුනා බං, බුකියේ නෑ කිව්වම අපේ එවුන් බලන්නනේ නිකන් මිනීමැරුමක් කරලා හිරේ නොගිහින් ඉන්න එකෙක් දිහා බලන ගානට ,

      Delete
    2. ඒක මාර ඇබ්බැහි වීමක් වුණා අන්තිමට. එතනත් අපි අපිම තමා. ජොක් එකට මුල් තැන මිසක් කිසි හරයක් තිබුණේ නෑ.

      Delete
  13. ෆේස් බුක් එකේ මල් කඩන්න ගිහින් ෆේක් ලගෙන් මෙයා කාලා වගේ මේ වෙනස. හයියූ සල්ලි.

    ReplyDelete
    Replies
    1. අහල බලපං උන්ගෙන්ම මචං...

      Delete
  14. මාත් ඔන්න ලයික් එකක් දැම්මා... :)

    ReplyDelete
    Replies
    1. හා පොඩ්ඩියේ..

      Delete
    2. මාත් ලයික් කරලා කමෙන්ට් එකකුත් දැම්මා. :)

      Delete
    3. අපේ නලියට නොදී බැංකු වල දාන්ඩැයි ??

      දාගනිං මගෙන් ලයික් දෙකක්ම .

      Delete
  15. ඕක නම් ඇත්තම තමා නලින් අයියෙ. ඔය ගැන අරූ අයියා කිව්වට පස්සෙ මාත් ගොඩක් උත්සහා කරනවා ඔය මරාලෙන් බේරෙන්න. කොහෙද? බලමුකො. බලමුකො.…

    ReplyDelete
    Replies
    1. හිතලා බලන්නකෝ මලයා.

      Delete
  16. දැං ටික වෙලාවට ඉඳලා මගේ ටයිම් ලයින් එකත් ක්‍රෑෂ් වෙනව... හි හි.... මට නං ඉතිං බ්ලොගුත් එකයි ෆේස්බුක් එකත් එකයි.... වෙනස තියෙන්නෙ බ්‌ලොග් වල නං කියෙව්වම කමෙන්ට් එකක් දාන්න හිතෙනව... ෆේස්බුක් එකේ ඉඳලා හිටලා තමයි යමක් තියන්න තරං වැදගත් යමක් දකින්නෙ... ඔය ඔක්කොමත් හරි මං ඇබ්බැහි වෙලා ඉන්නෙ කම්පියුටරේටනෙ.. ඒකෙන් ගැලවෙන්න විදියක් ඇත්තෙම නෑ නේ.... හි හි

    ReplyDelete
    Replies
    1. අය්යෝ සිම්පල් ප්ලෑන් එකක්නේ ඕකට තියෙන්නේ අර ඇවිදින කොම්පීතරේට ලං වුණානං වැඩේ අහවරයි .

      Delete
    2. අප්පට බොල හිරු තියනවා තියනවා,

      930 යි . කාගිල්ස් එකේ බඩු කලවං නෑ. බාර්වල කලවං.

      Delete
  17. අන්න හරි මල්ලි, අන්න හරි කියන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම කාලෙකින් චන්දි අක්කා

      Delete
  18. මමත් බුකියට සැහෙන්න ඇලිල හිටියා. හැබැයි ඒ පින්තුර ඇල්ලිල්ල නිසයි, මග හැරුණු යාලුවෝ එක්ක සබදකම් තියා ගන්නයි විතරයි. දැන් නම් බුකියට පින්තුර දැමිල්ල සැහෙන්න අඩු වෙලා. එත්, ජායාරුපකරණයට සම්බන්ද සමුහ වලට නම් නිතරම එබිලා බලනවා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා වීරේ ඔබවත් මේ පැත්තට...

      Delete
  19. blogger ඕනා facebook වානා වගේම තවත් කේස් එකක් තමයි කෝක් වානා අරක්කු ඕනා!

    http://kathandara.blogspot.com/2009/08/blog-post_14.html

    ReplyDelete
  20. සුබ පැතුම්. මාත් මේ බුකියෙන් අත්මිදෙන්න ට්‍රයි කරන ගමන්. මොනවා උනත් හවසට වැඩ ඇරිලා ගෙදර ආවයින් පස්සේ නිකන් ඉබේටම වගේ බුකියට ගොඩවෙනවා. එතනින් එහාට ඉතින් ඉවරයි.
    මාත් ට්‍රයි කරලා බලන්නම් බැරි වුනොත් සපෝර්ට් එක ගන්න එන්නම්

    ReplyDelete
  21. මටත් ළඟදී ඉඳන් ඕකම හිතුන..ආපහු බ්ලොගේ මොනවා හරි කුරුටු ගාන්ඩ ඕනේ。。。。。

    ReplyDelete
  22. ජය වේවා නලින් අයියා .. හිතුවොත් බැරි දෙයක් නෑ.

    ReplyDelete
  23. එල ඈ!! හොඳ ලිපි ටිකක් ලඟ ලඟ පලවෙයි කියල බලාපොරොත්තුවෙනවා!

    ReplyDelete
  24. කතාව නම් සහතික ඇත්ත. මම දවල් කාලයට බුකියට එන්නෙ ඉදහිටලා.වැඩක් ඇත්තෙම නැති වෙලාවට ඒනිසා අවුලක් නෑ.

    රේල් පීලි දෙකක් වගේ සමාන්තරව ගෙනයන්න පුලුවන්නම් අවුලක් නෑ. කොහොම වුණත් බ්ලොග් කලාව වඩා හොඳයි

    ReplyDelete
  25. සාදරයෙන් පිළිගන්නවා ෆුල් ටයිම් මේ පැත්තට. අපි නම් ඔය කාලකණ්ණිකම නිසාම බුකියට තිත තබා ඇත. නමුත් හරබර දැනුම සහ නිර්මාණකරණය සොයා ගනු වස් බොගය සමග සිටින්නෙමු.................

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. මේකනම් වටිනා කියන අදහසක්!!!

    ReplyDelete
  28. මටනම් බුකි ගත වෙන්න තියෙන කාලේ දැන් ඇත්තටම අඩුයි.. නිදහස් වෙලාව යන්නේ බ්ලොග් වලටම තමයි.. ටුවිටරේ ගැන හිතලා බලන්න ඕන.. මම තාම හදාගෙන නැහැනේ එකක්..

    ReplyDelete
  29. මට නම් ඔය දෙකම් ඕනේ නලීන් අයියේ.

    ReplyDelete
  30. සිරාවට බොල..

    බුකිය / බ්ලොග දෙකම බ්‍රවුසරේ ඕපන් කර ගත්තම බ්ලොග පැත්තක. බුකිය උඩින්ම !!

    සික්..

    ReplyDelete
  31. ඒක නම් ඇත්ත නලීන් අයියේ.. සමහර වෙලාවට ෆේස් බුක් නිසා අපි නිකරුනේ සෑහෙන කාලයක් අපතේ යවනවා...

    අලුත් අලුත් දේවල් ටිකක් ලියමු... අපි එන්නම්කෝ කියවන්න ...

    ReplyDelete
  32. ඇත්ත ඇත්ත! සමහරවිට නිකන් යාළුකමුත් නැතිවෙනවා බුකියේ වෙන එව්වයේ හැටියට.අනිත් කතන්දරේ සමහර මිනිස්සු හුස්ම ගන්නේ බුකියේ අනුන්ගේ ඕපාදූපවලින්.ඊටවඩා බ්ලොග් හොඳායි.:)

    ReplyDelete
  33. Hello there! Do you know if they make any plugins to protect against hackers?
    I'm kinda paranoid about losing everything I've worked hard on. Any
    suggestions?

    Feel free to visit my web blog: judi bola

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT