අපි ලොක්කන්ට රැවටෙමු. ඔවුන්ගේ වැරැදි දැක - දැකත් ඔවුන්ට රැවටෙමු. ඔවුන් අනුමත කරමු. ඊට හේතුව කුමක් ද? ඒ අපේ මෝඩකම ද? නිවටකම ද? එසේ නැතහොත් ඇබ්බැහිය ද? මේ කතාව කියවාගෙන යන කල; අපට අපේ ම අමන හැසිරීම් සිහියට නැඟේ. ඒවා පෙළගැසී නාටකීය ස්වරූපයෙන් වේදිකා ගත කරනු ලැබේ.
කතාවේ යටි පෙළෙන් මතු වන්නේ මිනිස් සමාජයෙහි පවත්නා රැවටීමේ හෙවත් මුළාවීමේ ස්වභාවයයි. එහිම ප්‍රතිවිරුද්ධ පැත්ත ඇන්දවීම හෙවත් ඇන්දවීමේ කලාව ලෙස හැඳින්විය හැකිය. එය සමස්ත ලෝකයටම පොදු තත්ත්වයකි. ධනවත් රටවල් විසින් දුප්පත් රටවල් අන්දවනු ලැබේ. බහු ජාතික සමාගම් විසින් දේශීය සමාගම් අන්දවනු ලැබේ. ව්‍යාපාරිකයන් විසින් පාරිභෝගිකයන් අන්දවනු ලැබේ. ලොක්කන් විසින් පොඩ්ඩන් අන්දවනු ලැබේ. සේපාලි මේ ලෝක තත්ත්වය පිළිබඳ කුඩා නියැදියක් අප හමුවේ තබයි.
මල්හාමි යනු නුවර කලාවියේ ගම්මානයක ජීවත්වන සරල ගැමියකි. ඔහු කරත්තයක් හෙවත් බර භාගයක් දක්කමින් ද, පුංචි පහේ ගොවිතැන් බතක් කර ගනිමින් ද ජීවිතයටම මුහුණ දුන්නේය. මේ චරිතය තුළ තවත් කැපී පෙනෙන ලක්ෂණ තුනක් තිබේ. එක ඔහු යම් තරමක කලාකරුවකු වීමය. දෙක දැඩි ලෙස අවංක වීමය. තුන මතට ලොල්වීමය. මේ අනුව බලන විට මල්හාමි යනු ගමේ ශක්‍යතාවක් ලෙස ගත හැකිය. එහෙත් මේ අවංක මිනිසා මැම්බර්ට රැවටෙයි. තම බිරියට රැවටෙයි. දිගින් - දිගටම රැවටෙයි. සත්‍යය දැන දැනත් ඔහු රැවටෙයි.
පවතින දේශපාලන ක්‍රමය තුළ මිනිසා කොතරම් රැවටීමට ලක් වන්නේ ද යත්, සමහරු තම හෘද සාක්ෂියට එරෙහි වෙමින් මුළාව වෙත ගමන් කරති. ඔව්හු ස්වකීය ආත්මයට වංචා කරමින් රැවටීම දෙසට ගමන් කරති. දැන - දැන ම ඊට හසුවෙති. මෙය එක්තරා ඇබ්බැහියක් ලෙස පවතී. පෙණහලු පිළිකාවකින් මරණාසන්න පුද්ගලයා නැවත දුම් උරන්නාසේය. මුඛ පිළිකාව නිසා කටින් ලේ හලන පුද්ගලයා යළි බුලත් විටක් හපන සේ ය. අක්මාව කැඩී ලේ සමඟ එය දියකර වමනය දමන රෝගියා අවසන් මෙහොතේ ද අරක්කු උගුරක් ඉල්ලා සිටින සේ ය.
පිටගංකාර කදිරාතේ ගමට කඩා වැදී මුළු ගමම සූරාකයි. එය ආරම්භ වන්නේ මල්හාමි රචනා කළ නාට්‍යයක් වේදිකා ගත කිරීමෙන්ය. මල්හාමි රවටා ගන්නා කදිරාතේ පිටපත වෙනස් කරයි. නළු - නිළියන් වෙනස් කරයි. නාට්‍ය දැක්ම සඳහා ප්‍රවේශපත්‍ර විකුණයි. ප්‍රධාන නිළිය වූ බිළිඳි අමාරුවේ දමන කදිරාතේ නාට්‍යයෙන් එකතු වූ සල්ලි ටිකටත් විදියි. මල්හාමි මේ සියල්ල දැන - දැන කරබාගෙන සිටී. හැමදෙයක්ම එකලාසයක් කරන මිනිහා නොවේදැයි ඔහු කදිරාතේට සම්මන දෙයි.
කදිරාතේ අතින් අනාථ වූ බිළිඳි අප්පච්චී විසින් පලවා හරිනු ලැබේ. වෙරි මරගාතේ කරත්තය දක්කාගෙන යන මල්හාමි ඇය කරත්තයට ගොඩකරගෙන ගෙදර රැගෙන යයි. එක්තරා රාත්‍රියක බීමතින් වැතිර සිටින මල්හාමි වෙත බිළිඳි එයි. එය අලුත් ජිවිතයකට ආරම්භය බවට පත්වේ. නිසි කලට පෙර බිළිඳිට ප්‍රථම දරුවා ලැබෙයි. කව්වා පැමිණ කදිරාතේ හා බිළිඳිගේ සම්බන්ධය මල්හාමීට කියයි. එහෙත් ඔහු දරුවා මෙන්ම බිළිඳි ද භාර ගනී.
“ මේ..... බලහං මූ බින්දු කාලක්කත් මං වායෙ නැද්ද බං?”
“මල්හාමි වතාවක් දරුවා පරක් කරගන්නට ගෙන එන්නා වාගෙ ඌ උස්සා ගොනාට පෙන්වමින් හෙමිහිට මිමිනුවේය. තමුනුත් ඈ හා කලක් එකට හිටි හින්දාම බැරිවේලාවත් තමුන්ගෙ හැඩහුරුකමත් යාන්තමට හෝ පිහිටන්නට ද ඉඩ තිබෙයි. ඒ සිතිවිල්ල ඔහුගේ හිතට සැනසිල්ලක් ගෙන ආවේය. තමුන්ගේ පාඩුවේ ඔහේ වමාරා සිටි ගොනාත් හිස නොඋස්සාම උන්නේ එහෙම වෙන්ඩත් පුළුහනි කියන්නා වාගේ ය.”
(පිටුව 734)
ඉක්බිති කදිරාතේ සිය දේශපාලන ක්‍රියාවලිය සඳහා මල්හාමි යොදාගන්නා ආකාරය කතුවරිය විසින් මනාව නිරූපණය කරනු ලැබේ. මල්හාමිට ආණ්ඩුවේ රැකියාවක් ලබා දෙන බව කදිරාතේ කියයි. මල්හාමි සිය කරත්තය, කාලය පමණක් නොව සිය සකලවිධ කලා හැකියාවන් ද කදිරාතේ වෙනුවෙන් කැප කරයි. කදිරාතේ මැම්බර් ඡන්දයෙන් දිනයි. ලැබෙන රැකියා විකුණයි. මල්හාමි අමතක කරයි. කදිරාතේ විසින් දෙවන වරටද මල්හාමි රවටනු ලැබේ. ඒ ගම්මානයේ කෘමිනාශක වෙළෙඳ සලක් විවෘත කිරීම සඳහාය. කඩය මල්හාමිට භාරවෙයි. එහි ආදායම කදිරාතේ ගනියි. මුළු ගමම කෘමිනාශක නිසා රෝගී වෙයි. කිහිපදෙනෙක් කෘමි නාශක පානය කොට මරණයට පත්වෙති. මල්හාමිගේ පවුල පළමුව මේ ව්‍යසනයට ගොදුරු වෙයි. එහෙත් මල්හාමි සියල්ල දැන - දැනම කඩය පවත්වා ගනී.
නුවර කලාවිය තුළ ව්‍යාප්ත වූ වකුගඩු රෝගය හා ජලය අපිරිසිදු වීම මෙහිදී අප සිහියට නැඟේ. තවත් අතෙකින් රටේම පවතින ප්‍රාදේශීය දේශපාලනයේ ස්වභාවය අප සිහියට නැඟේ. එක අතකින් එන්. ජී. ඕ. කාරයෝ පැමිණ උපදේශන ලබාදෙති . තව අතෙකින් දේශපාලකයෝ පැමිණ පිරිසිදු දිය උල්පත් ෙසාරාකති. ගමේ පිරිසිදු දිය උල්පතෙහි ජලය වතුර බෝතල් බවට පත් වී නගරයෙහි අලෙවි වෙයි. ගමේ වකුගඩු රෝගයට පිළියමක් ලෙස ගම්මුන්ට අලුත් වළං ලැබෙයි. එක්තරා සමාජ යථාර්ථයක් කතුවරිය උත්ප්‍රාසයෙන් යුතුව නිරූපණය කරයි. පවත්නා තත්වය යටතේ මුළු ගමම කදිරාතේට විරුද්ධ වෙති. එහෙත් දෙවන වර ඡන්දය සඳහා එන ඔහුට මල්හාමි උදව් කරයි.
“මේ වතාවේ කවිවලට මල්හාමි අමුතුවෙන් තවත් දෙයක් එකතු කළේය.ඒ වකුගඩු ලෙඩෙන් බේරෙන්නට ගමට හැළිවලං බෙදාදුන් කදිරාතේ නැම්බර් කරන්නට ඕනෑය කියන්නට ය. ඒත් එක්කම වකුගඩු ලෙඩේ අඳුරාගන්නට පිටරටඔලත් ගොහිං දුක් වින්ද වීරයා කියන්නට ය.”
“වැව් ගං තුලානේ බබළන හොඳම එකා ... හ්
කදිරාතේ තමා නැම්බර් කොමට හොදා.. හ්”
පිටු 165 > 166
අපට ශ්‍යාම් බෙනගාල්ගේ “අංකූර්” නම් චිත්‍රපටය සිහියට නැඟේ. 1974 දී නිෂ්පාදිත එම චිත්‍රපටය සම්මාන රැසක් ලබාගත් නිර්මාණයකි. වහලා තම ස්වාමියාට, කොතරම්, රැවටෙන්නේ ද යන කාරණයක් මේ චිත්‍රපටයෙන් මතු කෙරේ. මානුෂික හැසිරීමක් ලෙස ගෙන එහි සංකීර්ණතාව දක්වන්නට චිත්‍රපටකරුවා උත්සුක වෙයි.
ලක්ෂ්මී නම් ගැමි තරුණිය ආවාහ කරගෙන සිටිනුයේ ගමේ ප්‍රභූවරයාගේ මෙහෙකරුවෙකි. ඔහු අමු බේබද්දෙකි. ගොළුවෙකි. මේ දෙදෙනා දරුවකු අපේක්ෂාවෙන් දෙවියන් ඉදිරියට යති. යාඥා කරති. එහෙත් දරුවකු නොලැබේ. මේ අතර ගමේ ආධිපත්‍යය හා ප්‍රභූත්වය දරන මූලාදෑනියාගේ තරුණ පුත්‍රයා නිවාඩුවක් ගත කිරීම සඳහා ගමේ බංගලාවට එයි. ඔහුගේ ආවතේව හා කෑම සැපැයිය යුත්තේ ලක්ෂ්මී ය. සුරූපී ලක්ෂ්මී කෙරෙහි ආකර්ෂණය වන ප්‍රභූ තරුණයා ඈ සමඟ යහන්ගත වේ.
ලක්ෂ්මී දරුවකු ලැබීමට සිටින අතර ඒ සතුටුදායක ආරංචිය ලොක්කාට දැන්වීම සඳහා ගොළු මිනිසා බංගලාව වෙත යයි. ප්‍රභූ තරුණයා එය වටහා ගන්නේ වැරැදි ලෙස ය. ඔහු ආරක්ෂකයන් යොදවා ගොළුවාට කස පහර දෙයි. ගොළුවාට තමන් පැමිණි කාරණය කියන්නට බැරිය. ප්‍රභූ තරුණයා තුළ බරපතළ සැකයක්ද තිබේ. ඒ තමන් අතින් සිදුවූ වැරැද්ද සම්බන්ධයෙන් ය. ඉතා සංකීර්ණ තත්ත්වයක් යටතේ වුව වහලා තම ස්වාමියාව රැවටෙන රැවටිල්ල මේ චිත්‍රපටයෙන් ප්‍රකාශිත ය. එය මිනිස් හැසිරීමේ දුර්වලතාවක් ලෙස නිරූපණය කරන අතර චිත්‍රපටකරුවා ප්‍රති - විරෝධයක් ද මතුකරයි. චිත්‍රපටය අවසන් වන්නේ ගමේ කොලු ගැටයකු පැමිණ ප්‍රභූ නිවසේ වීදුරු ජනේලයක් කුඩුවන්නට දෙන ගල් ප්‍රහාරයක් සමඟ ය. මේ මඟින් ප්‍රේක්ෂකයාට යම් දේශපාලන පණිවිඩයක් ද උකහාගත හැකි ය. සේපාලි මායාදුන්නේ එබඳු දේශපාලන පණිවිඩ ගැන දන්නේ නැත.
ඉෂාක් බෂෙවික් සිංගර්ගේ “ඩිම්පල් නම් මෝඩයා” කෙටිකතාව ද මීට සමාන නිරූපණවලින් යුතුය. එහි එන බක්කරේ කිසි දිනෙක තම බිරිය හා යහන්ගත වන්නේ නැත. එහෙත් ඇයට දරුවන් ලැබේ. දරුවන් දෙවියන් විසින් ලබා දෙන ලද බවක් බක්කරේ විශ්වාස කරයි. බිරිය විසින් බක්කරේ රවටනු ලැබේ. සමාජය විසින් ද බක්කරේ රවටනු ලැබේ. අවසන් ලෙස සමාජයෙන් සූක්ෂ්ම ලෙස පලිගැනීමට බක්කරේ කටයුතු කරයි. මේ කතාවේ එන බක්කරේගේ හැසිරීම මුළුමනින් ම ස්වාභාවික ය. එහෙත් මල්හාමිගේ හැසිරීම ස්වාභාවික නැත. එය ගොනානෝ කතාවේ අඩුවක්බව පෙන්වා දිය යුතු ය.
නවකතාව ජීවිතය වටහාගැනීම සඳහා යොදාගත යුතු නම්; ජීවිතය පිළිබඳ කරුණු කියා දෙන ප්‍රවාහ හතරක් කතාව තුළ තිබේ.
(I) මල් හාමිගේ රැවටීමේ ස්වභාවය
(II) කදිරාතේගේ දේශපාලන ක්‍රියාවලිය
(III) බිළිඳිගේ ජීවිත්වීමේ සටන
(IV) උක්කු අම්මාගේ පරිණතභාවය
මල්හාමි, කදිරාතේ, ගොනා, බිළිඳි, උක්කු අම්මා, කව්වා, හේරත්හාමි, ලොකු කොලුවා යන චරිත සූක්ෂ්ම ලෙස නිරූපණයට කතුවරිය සමත් වේ. ගොනාගේ චරිතය සංකේතයක් ලෙස ගත හැකි ය. ටිකක් කියා හුඟාක් දේ හඟවන නවකතාවක් ලෙස ගොනානෝ හඳුන්වාදිය හැකිය.
රන්ජන් අමරරත්න
මෙන්න පොත් පත්වලට ලැදි ඔබට සුබාරංචියක්. මොහාන් රාජ් මඩවලගේ ලොවිනා ගැන විද්වත් කතිකාවක් මේ 30 වැනිදා...
හොඳ කතාවක් බව පෙනෙනවා. ස්තුතියි හඳුන්වා දුන්නාට. හොයාගෙන කියවලා බලන්නම්.
ReplyDeleteහොඳම හරියෙන් උපුටා දක්වල වගේ.. බලමු..
ReplyDeleteඅපූරු විචාරයක්...පොත කියවලා බලන්ට හිතුණා...:)
ReplyDeleteස්තූතියි ඔත්තුවට ඒවගේම විචාරයති බොහොම මටසුලුටුවට කරල තියෙනව..
ReplyDeleteපොල කියවන්න හොයාගන්න ඕන
විචාරයෙන් කියවෙන් හැටියටනම් මේ වස්තුබීජය සාමාන්‍යයෙන් පරණ නවකතා බොහොමයකට පාදක වූ සාම්ප්‍රදායික තේමාවක් වගෙයි , නමුත් කියවන්නේ නැතුව හරියටම කියන්න බෑ
ReplyDeleteවිචාරය මධ්‍යස්ථයි.. ෙපාත බලන්න තිබුණ නම් ෙහාදයි... ප්‍රකාශනය කවුද ෙහායල බලල කියන්න පුළුවන්ද නලින් අයිෙය්......
ReplyDeleteපොත ගැන ඔත්තුවට ස්තූතියි.…
ReplyDeleteහොයාගෙන කියවන්න උත්සහා කරන්නම්.
නියමයි නෙ අටම්. ඔන්න තව පැත්තකින් දස්කම් දක්වන බව දැන ගත්තා හැමෝම. ජයම වේවා!
ReplyDeleteතොරතුරු වල විදිහට නම් හොඳ පොතක් වගේ.. බලන්න ඕනේ හොයා ගන්න පුලුවන්ද කියලා ...
ReplyDeleteහ්ම්.. දැන් ඉතින් පොත හොයාගන්නෙක තමා ඊළඟ ප්‍රශ්නෙ.
ReplyDelete'අන්කුර්' මම බලල තියෙනවා.. ප්ලොට් එක පොඩ්ඩක් වෙනස් නේද? ඒත් සමස්තයක් විදියට ගත්තහම කතාව එහෙම තමයි යන්නේ.. පිඩිත මිනිස්සුන්ව ප්‍රභූන්ගේ හුරා කෑමට ලක්වෙන එක! හරි දුක හිතෙනවා ඒ කතාව බැලුවම
ReplyDeleteස්තුති පොත ගැන තොරතුරු වලට... සිංහල ස්වයං නවකතා මම වැඩිය කියවන්නේ නැහැ. මේක උත්සහ කරලා බලන්න ඕනේ...
දිනමිනේ ඉන්න අයට නම් ආයි අත්පොතක් ඕන නෑ අන්දවන්න.හැමදාම කරන්නෙ ජනතාව අන්දවන එකනේ.
ReplyDeleteසතුටුයි නේද? මාරයි ඔයානං
Deleteහැකි උනොත් පොත කියවලාම බලන්නම්
ReplyDeleteහ්ම්ම් කියවලා බලන්න ඕන පොතක් විදියට මතක ලැයිස්තුවට එකතු කරගත්තා
ReplyDeleteපොත හොයගන්න බලන්නම් කියවන්න හොද පොතක් කියල හිතුන
ReplyDeleteඅපේ පැත්ත ගැන ඇත්ත කතාවක්.........
ReplyDeleteපොත හොයාගෙන කියවන්න හිතෙන විදියට ලියල තියෙනවා................... හොයාගෙන කියවන්න ඕනි.
ReplyDeleteඒ ඔක්කොමත් හරි මේන්න මේ කැල්ලත් හරි // විනය තකා ස්ටාෆ් රූම් එකට ගෙන්නයි කියලා මං ඇත්තටම බයේ ගැහි ගැහියි හිටියේ// කෙල්ලො ස්කුල් යුනිෆෝම් එකෙන් තෙමුනාම අර කිව එවනං විකන්නම හිතෙනවා තමා
ReplyDeleteඕයි.... ලමයි ඉන්න තාත්ත කෙනෙක් නේද මේ කියන්නෙ.... තමුසෙගෙ වල් වනචර කම් වල ඉවරයක් නැද්ද..... ගෙදර ගෑනිගෙන් ගන්න ඕනි ඒවා ඉස්කෝලෙ ලමයිගෙන් ගන්න හිතන කොයි වගේ නරුමයෙක් ද තමුසෙ...
හොඳ ළමායි මේව නොබල හිටිංකෝ.
Deleteමට දුක අපේ ලමයි ගැන බං.... උඹල වගේ තිරිසන්නු පාරෙ ඉන්නව කියල හිතෙද්දි වැස්සකට තියා පෑවිල්ලකටවත් ලමයෙක් පාරෙ යවන්න බයයි.... ලිංගික අසහන කාරයො....
Deleteඋඹ වගේ එහෙකුට මේව තේරුං කරන්න යන එකට වඩා හොදයි බං වෙන වැඩක් බලාගන්න එක. කෝකටත ළමයිව ඒ විදියට යවපන්.
Deleteඋඹ වගේ මානසික අසහන කාරයෙක් එක්ක මොන තේරුං ද බන්.... වල් බල්ලා
Deleteනලියා උඹ මේ පොන්නයගේ කතා ගනන්ගන්න එපා.උඹ කව්ද කියන්න අපි දන්නවා බං. මේ බ්ලොග් ලියන සෙට් එක අතර ගැටුම් ඇති කරපු එකා. අදටත් දුක් විදින දුකා මේ ඇනෝනිමස් එන්නේ. හොඳට බලපන් මේ කමෙන්ට් දිහා. අබිතයි උපයයි අතර ගනුදෙනුවේ පිටිපස්සේ ඉන්නෙත් මේකම තමා. මේකා හැමදාම කලේ වතුර යටින් ගින්දර අරන් යන එක. මේකා වැහි පොන්නයෙක්. උඹ කොන්දක් තියන් කියන්න යන දේ කිව්වා. එත් මේ පරයා කෙලින්වෙන්නේ නැති හන්දා උඹට කෙලිනවා.
Deleteපොත කියවලම ඉන්න වෙනව.
ReplyDeleteළඟම ඉඳලත් යන්ඩ වෙන එකක් නෑ බලමුකෝ ඒකෙත් වැඩේ හැටි
ReplyDeleteපොත් ගැන ඔත්තු ලැබුනට ඉතින් පොත් කියවන්න විදිහක් කොයින්ද ඉතින් මට..
ReplyDelete