බේරේ වැව් ඉස්මත්තේ
සුද්දගෙ ලොන්ඩ්‍රිය
කොඩි වැල් ගාණට රෙදි වැල් එක යායට වේලෙමින් තිබිණි. වේළෙමින් තිබෙනා ඒ රෙදි වැල් අතරින් අපි මේ යන්නේ සුද්දගේ ලොන්ඩ්‍රිය සොයාගෙනයි. සොයා ගැනීම මඳක් අසීරු කටයුත්තක් වුණේ නගර සංවර්ධනය උදෙසා නවම් මාවතේ තිබුණු ලොන්ඩ්‍රිය වෙනත් ස්ථානයකට ගෙන ගොස් තිබීමයි. එතැන ද ලොන්ඩ්‍රිය ඇරැඹි දා පටන්ම එක දිගටම වැඩ කෙරුණු තැනකි. මේ නවම් මාවතේ පිහිටි ලොන්ඩ්‍රි වත්තේ ලොන්ඩ්‍රියයි.
මෙහි ආරම්භය 1820ට එහා දිව යන්නකි. සුදු පාලන යුගයේ දී සුද්දන්ගේ රෙදි සෝදලා තියෙන්නේ මේ ලොන්ඩ්‍රියේය. පැරැණි ලොන්ඩ්‍රිය අද ක්‍රමවත් වී ඇත. නවීකරණය වී ඇත. මෙහි රෙදි සෝදන ස්ථාන පිළිවෙළින් 40ක් තිබේ. ඒ වගේම කාමර 40ක් ද ඇත. කාමරයක සිදු කරන්නේ සෝදා වේළා ගත් රෙදි මැදීම සහ කුඩා විවේකාගාරයක් ලෙසට භාවිත කිරීමය.
තම පරම්පරාවෙන් ආ කාර්යයේ නිරත වන සේවකයෝ 200ක් ඉක්මවා සිටිති. කාමර කුලියත්, වතුර බිලත් ඔවුන්ට ගෙවීමට සිදුව ඇත. රෙදි සෝදන අය හඳුන්වන්නේ “බාස්” නමිනි. ඒ සෑම කෙනෙකුටම ගෝලයෙක්, දෙන්නෙක් අත් උදව්වට සිටිති. නොඑසේ නම් තම පවුලේ ඥාතීහු ද සිටිති. අනුන්ගේ කුණු සෝදන මේ රස්සාවට මේ අය හොඳින් හුරු පුරුදුව සිටිති. අවට ඇති හෝටල්වලින් හා නිවාසවලින් ලැබෙන ඇඳුම් ලැබූ වේලාවේ පටන් නැවත භාර දෙන තුරු ඔවුන්ට වගකීම පැවැරේ.
දවසේ රුපියල් 1000 වැටුපට වැඩ කරන මේ බාස්ලා ඇතැම් දිනවල හිරුටත් කලින් වැඩ අරඹති. සෝදන්න ලැබුණු ඇඳුම් පළමුවෙන්ම වෙන් කර ගැනීම සිදු කරති. පසුව ඒවා බැරල්වල දැමූ සබන් කුඩු, බිලිචින් කුඩු, මලකඩ යවන කුඩු, නිල් වතුර, සව් කැඳ ද සහ නොයක් රසායනික අවශ්‍ය පරිදි දමා පැය භාගයක් පෙඟෙන්නට හරිති.
තව ද හොඳින් නැටූ උණු වතුර ද යොදති. අනතුරුව තමා අසලින් ඇති ටැංකි දෙකෙන් එකකට රසායනික මිශ්‍රණය යොදති. අනෙක් ටැංකියේ බැස ඉදිරියෙන් ඇති ගලේ ගසා රෙදි සේදීම සිදු කරයි. රෙදිවල කුණු ද ඉතා පහසුවෙන් ඉවත් වෙයි. නමුත් නොකඩවාම එසේ ජලයේ බැස රෙදි සේදීම හේතුවෙන් ඔවුන්ගේ දෑත් දෙපා ගෙවී දිය වී ගොස් ඇති අයුරු දක්නට ලැබෙන්නකි.
කෙසේ වෙතත් තමන් උගත් කාර්යය මහත් ඕනෑකමින් හා කැමැත්තෙන් ඉටු කර දීමට මේ අය සැදී පැහැදී සිටිති. රෙදි වියළීම සඳහා ඇති පිට්ටනියේ දෙපට නූල අතරේ රෙදි එල්ලීම ඔවුන්ටම ආවේණික සූක්ෂ්ම කර්තව්‍යයකි. හොඳින් වේළුණු රෙදි මදින්නේ කාමරයේ ඇති විශේෂිත ස්ථානයකයි. පොල්කටු අඟුරු භාවිතයෙන් තවමත් රෙදි මැදීම සිදු කරයි. විදුලි බිල අධික වීමත්, ස්ත්‍රික්කයේ බරට රෙදි හොඳින් මැදීමත් සිදු වීම ද ඔවුන්ට මෙය ඉතා හුරු පුරුදු කර්තව්‍යයකි.
රෙදි සෝදන යන්ත්‍ර පැමිණීමට පෙර යුගයේ මෙතැන එකම කාර්යබහුල ස්ථානයකි. කෙසේ වෙතත් අදත් එය එසේ නොවේ යැයි කිව නොහැකිය. අනුන්ගේ කුණු කහට සෝදා හැරියත් මෙයත් ඉතා වගකීමෙන් ඉටු කරන රැකියාවකි.
ශ්‍යාමා සමරසිංහ
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
මම දැකපු බොහොම ප්‍රයෝජනවත් තොරතුරු තියෙන ලිපියක්.
ReplyDeleteනලින් මහතා..ඔබට තුති..
ඔබ ගේ බ්ලොග් අඩවිය කිමෙක්ද?
Deleteනලින් කරන්නෙත් අපුල්ලන එකම නේද.අපුල්ලපං අපුල්ලපං තව ටික දවසයි.මහ රජයි උඹයි දෙන්නම ගෙදර තමා එතකං අපුල්ලපං.
ReplyDeleteහා මචං....
Deleteහැම රස්සාවක්ම එක වගේම හොඳයි .හැමෝම සමාජයට වුවමනා කරන අය.මේ ගොල්ලන්ගෙනුත් කෙනෙක් කවදහරි බ්ලොග් එකක් ලියාවි.මේ වගෙ ලිපි තමයි නියම ජීවන සුවද තිබෙන ඒව.
ReplyDeleteමේවා වචනවලට විතරයි වීර කාන්තා ක්‍රියාවෙන් අපි කිසි කෙනෙක් ඕවා පිළිපදින්නේ නෑ. හොදට හිතලා බලන්න. ඇත්ටම රැකියාව යනු මොන වෘත්තියක් වුණත් එකක්ම විය යුතුයි. එහි උස් පාත් බේද නොතිබිය යුතුයි.
Deleteඉස්සර අපේ ගෙදරත් අරවගේ පොල්කටු අඟුරු දාන 'ඉස්තිරික්කයක්' තිබුණා.
ReplyDeleteමේ මිනිස්සුන්ට කවදාවත් තමන්ගේ මහන්සියට සරිලන වැටුපක් ලැබෙන්නේ නැහැ.
ඉස්සර නෙමේ තාමත් සමහර ගෙවල්වල ඒවගේ පොල්කටු දන අයන් තියෙනව විචාරකතුමා
Deleteදැන් දැන් ගම්වල මේ පොල්කටු ස්තිරික්කය භාවිත වෙනවා තමා. විදුලි බිල අහස උසයිනේ.
Deleteගලේ ගැසීමත්, මිරිකීමත් නිසා තමයි රෙදි පොඩිවෙලා මදින්න අවශ්‍ය වෙන්නේ.
Deleteම්ගේ නම් මැදපු කමිස කිසිවක් නෑ.
නවම් මාවතේ ආව ගිය කාලයක් තිබුණා ඉස්සර... ඒ කාලෙ නිතර ඇස ගැටුණ දසුනක් මේ...
ReplyDeleteඑහෙමද? දැන් යැවෙන්නේ නැතෙයි ඒ පැත්ත්
Deleteනලින් මල්ලිට මතකද මන්දා තව එකක් තිබුණා ආමර් වීදියෙ සෙන්ට් ඇන්තනිස් එක ගාව.
ReplyDeleteහර්ෂ
ඔව් ඔව් යන්නම් මතකෙට එනවා
Deleteමව් මිනිස්සු කොයි තරම් අහිංසකද කියන්නේ....... මං දැකපු මිනිස්සුන්ගේ අහිංසකම කොට්ඨාශය මේ. කියක් දුන්නත් රෙදි පොට්ටනි ගණන් අපුල්ලනවා. හරියට කරුමයක් ගෙවන්න ආව වගේ , මෙයාලගේ මුතුන් මිත්තන්ගේ හිතේ තිබුනේ ..... පරම්පරාවම රෙදි අපිල්ලිය යුතුයි කයල. ඩොබි මාමා ගෙදර ආවම , මං පුංචි උනත් , මට එදා දැනුනේ , ලොකු අනුකම්පාවක්. ඒ වගේම තමා අදත් ඔය විදියට මේ අය රෙදි සෝදන්නේ කිසිම අරියාදුවක් නොකර, රෙදි අපුල්ලන අයගේ සංගමයක්වත් මං දැකල නැ. මේක ලොකු සේවයක්, මොනවා උනත් ගව්රවනියයි......
ReplyDeleteසහතික ඇත්ත. එත් අද වෙනකොට නම් මේ කුලවාදය මතුපිටින් හෝ යන්තම් අතුගෑවිලා තියන එක ලොකු දෙයක්..
Delete/* රෙදි අපුල්ලන අයගේ සංගමයක්වත් මං දැකල නැ. */
Deleteඇයි ලේක් හවුසියේ මාධ්‍යවේදී සගමයක් නැද්ද නලීන්?
8-)
ඔය එය දැකල තියෙන්නේ ලේක්හවුසියේ විතරමද? බලන්න අනිත් ඒවා දෙසත්. කොතනත් හෝදනවා තමා අඩු වැඩි අතිව.
Deleteකලක් සමාජයේ කුල මානසිකත්වය නිසාත් අනතුරුව එහි ආර්ථික විෂමතාවයට ද ගොදුරුව තැලෙන පොඩිවෙන ජීවිත බවට පත් වූ අපුල්ලන්නෝ අනුන්ව පිරිසිදු කරමින් තමන්ගේ පිරිසිදු කමට තර්ජනයක් ඇති කර ගන්නා අපූරු මනුස්ස කොට්ඨාශයකි.අද ඔවුන් මුහුණ දෙන අභියෝගය මේ වෘත්තියට තාක්ෂනය පිවිසීමය.එහි දී සිදුවේ ඇත්තේ මූල්‍යමය පදනමකින් මේ වපසරිය ආක්‍රමණය කිරීමය.ප්‍රතිපලය වොෂින් මැෂින් වැනි දේ හරහා යාන්ත්‍රික ජීවිත වලට අවශ්‍යය අපුල්ලාගැනීමේ කාර්යය ඉක්මන් කර තිබීමය.ඒ නිසා මොවුන්ගේ ආර්ථික හැකියාව තව දුරටත් පටු වෙමින් ඇත.සමාජයේ තරගකාරීත්වයට මුහුණ දීමේ හැකියාවෙන් දුරස් කරමින් සිටින්නේය.අද මේ ජීවිතවල පැවත්ම සදහා විය යුතු මැදිහත් වීම ගැන සිතීම වැදගත් දේශපාලන කාර්යභාරයක් සහ වගකීමකි.මොවුන්ට පහසු ආකාරයකට තාක්ෂණය මිළදී ගැනීමට අවස්ථාව ලබා දීම.එයට වෘත්තියමය පදනමක් සහ පුහුණුවක් නිර්මාණය කිරීම වැනි කාරණාවල දි අවධානය යොමු කළ යුතු බව මට සිතේ.එයට හේතුව මෙය මිනිසුන්ගේ පිරිසිදුකමට සහ නිරෝගිකමට බලපාන සමාජ යහපැවත්මට හේතුවන කරුණක් වීමය.
ReplyDeleteහදවතින්ම එකඟයි නිශ්මා..තාක්ෂණයෙන් පහර වැදුණු තවත් වෘත්තියක් තමා මේක මචෝ
Deleteමගේ අදහස නම් අතින් රෙදි හේදීම වැනි පලදායීතාවය අඩු මිනිස් ශ්‍රමය භාවිතාව නැතිවී යා යුතු බවයි.
Deleteසේදිම ජීවිකාව කරගත් මිනිසුන්ට එම ඵලදායිතාවයේ ප්‍රෙයා්ජන ගත හැකි ලෙද ඔවුන් ට ණය පහසුකම් වැනි යටිතල පහසුකම් ලබා දියයුතුයි. දැනුමත් ලබා දිය යුතුයි.
Deleteඔය පොල් කටු අයන් තාමත් පාවිච්චි වෙනවා කිව්වමත් පුදුමයි.
ReplyDeleteඇත්තටම ඇයි රැකියාවක් උසස් පහත් යැයි බෙදී වෙන් කරන්නෙ.? ඒ විතරක්ද ඒ රැකියාව යන සාධකය මතම ඇයි මිනිස්සුන්වත් උසස් පහත් කියා බෙදා වෙන් කෙරෙන්නෙ.?
අප මොනතරම් වචන හරඹ කළත් වෘත්තියට දැක්වෙන සැලකිල්ල තාම සමාජයෙන් ඉවත් වෙලා නෑනේ මචෝ...
Deleteකෝ අර පොලිෂ් මාජ්ජ ප්‍රකාසකතුමා ඉන්න එක ෆොටෝ එකක්වත් නෑනේ..
ReplyDeleteඔව්වනං මොනවද දිනුක අර ඇනෝ ඇවිත් මටත් කියල ගිහිං තියෙන්නේ
Deleteමාත් එක්වුණා!
Deleteදුටුවෙමි එයත්...
Deleteහැම මිනිසකුගේම රැකියාව ගෞරවනීයයි.. !! එය අලුගෝසුවාටත් ප්‍රාදේශීය ලේකම්ටත් එක සමානයි නලින් අයියා..මේ මෙනිස්සු හොරකං නොකර රෙද්දක් හෝදලා ජීවත් වෙන එක මට නං හරි නම්බුකර වැඩක් .ඕ යේස්
ReplyDeleteඅනිවා පත්තර මල්ලී විය යුත්තේ එයයි. ඒ වුණාට සම්මත යැයි කියනා රැකියාවන්ට සමාජයම තාමත් සැලකිල්ලක් දක්වනවා නේ, ඉතින් කවදා මේවා විසැදේද?
Deleteපත්තරේ උඹේ කමෙන්ට් එකට මගේ මෙව්වා එක.
Deleteමනෝජ් මස්සිනේ !!
Deleteප්‍රීතියි ..ප්‍රීතියි.. :D
ලිපියෙන් අප මේ අය සම්බන්ධයෙන් නොදකින පැත්ත ගැන කරුණු සපයා තිබීම බෙහෙවින් ප්‍රශංසනීයයි. මමනම් කියන්නේ මේ රැකියාව කවුරු හරි අඩුවෙන් තක්සේරු කරනවනම් ඒක අදට ගැලපෙන්නේ නෑ කියන එක.
ReplyDeleteඅදට නොවේ කවදටත් නොගැලපේ.
Deleteමට මතකයි මට අවු. 6 ක් විතර කාලේ අපේ ගෙදරට ආවා ගියා ඩෝබි නැන්දා කියලා කෙනෙක්. එයා හැමදාම ඇඳුම් එකතු කරගෙන ගිහින් සෝදලා ගෙනත් දෙනවා. ඒ ගේන ඇඳුම් හොඳ සුදුවට හේදිලා තියනවා විතරක් නෙමෙයි හොඳ සුවඳකුත් එනවා. දැන්නම් එහෙම අය ඉන්නවද දන්නෙත් නැහැ.
ReplyDeleteකුළවාදය ඉහළින්ම පිළිගන්නා ගම්වල තාමත් ඉන්නවා සයුරි...
Deleteපෙත්තරේ ළඟ පැන් තොටේ
ReplyDeleteගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු
චන්ද්‍රයා සේ පායලා
ලෙන්චිනා ඇති වැඩ කලා
දැන්ගෙදර යං කළුවර වුණා
පින්වතුන් කැල ඇන්ද සළුපිලි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලිකුණු ගිහින් ඒ
කිම්ද නොදැනේ කාරණා
"සේදිලා පරිශුද්ධ වීමෙන්
යුග දෑත් නුඹෙ බබලනා"
නිර්මලා ලොන්ඩරිය හිමි
Deleteසලුවඩන මැණිකේ නිර්මලා
මල් හිනා නුඹෙ තැවරිලා
කිරි ඉද්ද මල් වැට පීදිලා
කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා
කිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවෙන් පිටමන් කළා......
පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් හිත රිදුන දා
මා හෙළූ කඳුළක් මගේ
දින පොතක තිබිලා හමු වුණා
යුද වැදී නෑ සියන් බළමුළු
අපේ ලොව ගිනි වැදුණු දා
මා හෙළූ කඳුළින් තෙමූ
සළුපිළි තවම නෑ වේලිලා.....
දොවාලන්නට බැරි පිළී ගඳ
කහට කුලමල තවරලා
මගෙ ඇඳුම් ඔබෙ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා
එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
හිත පුරා පවතින නිසා
හිමි නැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියනවා....
පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ගුණදාස කපුගේ
ගායනය - ගුණදාස කපුගේ සහ නිරංජලා සරෝජනී
විශිෂ්ටයි සිරෝ විශිෂ්ටයි !!!!
Deleteසිරා පත්තර මල්ලි දෙන්නටම ස්තුතියි... රත්න ශ්‍රී මේවගේ සියුම් තැන් හොදින් ග්‍රහණය කරගත් කලා කරුවෙක්...
Deleteසිරා උඹ දාපු සින්දුව නම් ඇත්තෙන්ම අපුරු සිංදුවක් බං.
Deleteපන්තියේ මිතුරන් එදා කළ
Deleteවිහිළුවෙන් හිත රිදුන දා
මා හෙළූ කඳුළක් මගේ
දින පොතක තිබිලා හමු වුණා
මෙ කොටසෙන් තනිකර කෙටි කතාවක්ම කියවෙනව නේද
සිරාවටම දමත් බොහොම හැගුම්බරයි
Deleteමම ඉතාමත් කැමති ගේය පද රචකයා තමයි රත්න ශ්‍රී විජේසිංහ මහතා...මුලින් කවියෙකු වෙලා පස්සෙ සින්දු ලිව්ව හින්දමද මන්දා මේ තරම් සියුම්ව මිනිස් භාව ප්‍රකාශනයන් අකුරු අතරේ තනි කරන්නේ...
Delete//ගේය පද රචකයා/// කියන වචනේ දාන්නේ ඇයි අයියේ ..ගී පද සහ ගේය පද කියන වචන දෙකේ වෙනස මොකක්ද ?
Deleteනියම හෙල වදන ගේය යන්නයි අපුර්වි ඒ වදන දාන්නේ දෙකම සමානයි. ගේය කීවාම අලංකෘතයි
Deleteසිරා රත්නශ්‍රී ගේ කවි තමා පසුකලෙක ගිත වුණේ පොඩි පොඩි වෙනස් කම් එක්ක. වෙනම ලියපු ගීතත් තියනවා. ඒත් වඩාම ජනප්‍රිය වුණේ ඔහුගේ කවි ගීත කළ පසුයි.
Deleteහ්ම්ම්.. ස්තූතිය ඈ
Deleteලංකාවට ආවම මම එතුමා හමුවෙන්න යනවා...එතුමාගේ ඉතාම කිට්ටුවන්තයෙක් මගේ මිතුරෙක්...නලින් අයියටත් පණිවිඩේ දෙන්නම්...
Deleteමෙහෙම තැනක් කොළඹ තියෙනවා කියලා දැනගත්තෙත් අදමයි...මේ මිනිස්සු දකිනකොට පුංචි දුකකුත් හිතේ ඇතිවෙනවා...
ReplyDeleteමේක නම් අද ලොකු ව්‍යාපාරයක්. එත් සෝදන්නන් ගැන තමා දුක ඇතිවන්නේ. මෙහි හිමිකුරු ලොකු ව්‍යාපාරිකයෙක් අද දවසේ..
Deleteමම හිතුවේ දේශපාලන ලිපියක් කියලා
ReplyDeleteමේ කතාව තුළ අනාදිමත් කාලයක සිට පැවත එන ලොකු දේශපාලන කතාවක් කියැවෙනවා කළු.....
ReplyDeleteබොහොම කලාතුරකින් දකින්න ලැබෙන පින්තූර ටිකක්... ඒ දේ කොයි තරම් නම් ක්‍රමානුකූලව කරනවද කියලා හිතුනා.. එකත් ගෞරවනීය රැකියාවක්..
ReplyDeleteබොහොම පිළිවෙළට වැඩේ කෙරෙනවා. පිළිවෙළ නැතිනම් රෙදි මාරුවෙයිනේ..
Delete//පිළිවෙළ නැතිනම් රෙදි මාරුවෙයිනේ//
Deleteඇත්තටම මටත් ආපු ගැටලුවක් ඕක.පිළිවෙළකට වැඩේ වෙන නිසා අවුලක් නැතිව ඇති.
ඕකෙ මාරුවෙනවට එයාලටම ආවේනික තීන්ත ජාතියකින් කෝඩ් එකක් ගහනව නේ නලින් බොස් ???
Deleteසෙංකොට්ටංවලින් තමා ඒක ගහන්නේ. පත්තර මල්ලි
Deleteගහන්නෙ මොකෙන්ද කියල දැනං හිටියෙ නෑ නලින් අයියා.. බොහොම ස්තුතියි.
Deleteඅපි පොඩි කාලේ අපේ ගමේ හිටියා. පස්සේ රට හෙම ගිහින් ඒ වැඩේ නැතුවම ගියා . අනික ඉස්සර සුදු රෙදි සෝදන එක අමාරු වැඩක්. දැන් නම් ඉතින් බ්ලිචින් අරක මේක තියෙනවනේ.
ReplyDeleteඅපේ පැත්තේ කනත්තෙන් කොටසක් වෙන් කරලා තිබ්බ ඔය කුලේ මිනිසුන්ට. හරි වැඩේ කියන්නේ ගම් උදා ගෙවල් හැදුවා ඒ කොටසත් අල්ලලා . මලා නේද ..ඔය යසට ඒ ගෙවල් වල පදිංචි වුනේ කුල මල නොබලා. පොල් කටු ඉස්තිරික්කෙන් මදින රෙදි සුවඳයි
දැන් සුවඳ ගන්නේ කම්ෆර්ට් දාලනේ...
ReplyDeleteඅනුන්ගේ රෙදි හෝදන එක බන් සැහෙන්න පලවිපාක තියෙන පින්කමක්..........
ReplyDeleteඑහෙම වෙනවනං මොනතරං හොදද
Deleteපව් අයියේ, හරිම දුකයි. මිනිස්සු ජිවත් වෙන්න දරන මහන්සිය ගැන, මේ රටවල නම් විශාල වොෂින් මැෂින් වලින් තමයි හෝදන්නේ, හොද ලිපියක්
ReplyDeleteනවීන තාක්ෂණය නිසා මේ මිනිසුන්ගේ වෘත්තියට ලොකු ගැටලුවක් ඇතිවෙලා තියෙන්නේ මෙහෙත්..
Deleteමේ 21 වන සියවසේ කාන්තාවන්ගේ රෙදි අපුල්ලන එක පිරිමින්ට බාර දෙමු.
ReplyDeleteඔයා රෙදි අදිනවද?
Deleteමාත්තුරුකාව දැක්කම මං හිතුව් කට්ටිය නලින් අයියව නාවලා අපුල්ලලාම දාලා ඇති කියලා.. :D
ReplyDeleteමාත් හිතුවේ වනසයි කියලා තමා........... එක ඇනෝ සහෝ කෙනෙක් විතරක් කොනිත්තලා ගිහින් තියනවා එපමණයි.
Deleteසමාජ සිංවේදනා ග්‍රහණය කර ගැනීම රසවත් කලා ඉසව්වක්. ඇත්තටම මෙවන් සමාචාරකි දැන් ලියැවෙනවා අඩුයි. මීට කාලෙකට පෙර පුවත්පත් තීරු ලිපි හරහා මේ නිර්මානතාම්ක වෑයම ඉහළ තලයක තිබුණෘ. විශේෂයෙන්ම ලේක් හවුස් ආයතනයේ සේවය කරද්දි ධර්මසිරි ගමගේ මහතා ගියූ චාරිකා සටහන් අදටත් ඇතිකරන්නෙ අපූරු රසයක්. නීලන් ඔබ මේ කාර්ය ආයෙත් ඇති කලොත් ඒක පාඨකයන්ගෙ රසාතල ඉහල ඔසවා තැබීමක්. මෙය ඔබට මනාව කළ හැකි බව මේ සටහනින් තහවුරු කර තියෙනවා
ReplyDeleteඑකල ගමගේ මහතා ලියු ලිපියකට රාවය පත්තරෙන් ගැහුවා මතකද වැව් මාලු කැවා කියලා ලිව්ව එකකට....
Deleteඅරලියගහ මන්දිරය පිටුපස ( පෙරහර මාවතෙ නේද කලින් රෙදි හෝදන තිබූනෙ)
ReplyDeleteමචං,,,ඔය කියන තැනට අමතරව කොළඹ අවට තව තැන් කිහිපයක් තිබුනා. මේක මහා අමාරු රස්සාවක් නලීන්. මේ සේවකයින් ඉතාම දුෂ්කර වැඩක් නිහඬව කරගෙන යනවා. මම ඒ කාලේ මේ අය එක්ක කතා කරලා තියෙනවා. රුපියල් දාහකින් මොනවා කරන්නද, ඒ මහන්සියට. බ්ලීච්, කෙමිකල්ස් ඒ අයව ලෙඩ්ඩු කරවනවා. අනේ මන්දා.
ReplyDeleteමහ ඉස්පිරිතාලේ පැත්තෙත් තිබුනා ඉස්පිරිතාලේ රෙදි හෝදන්න තැනක්. මට මතක් වෙන්නේ නැහැ.
@ශ්‍යාමා සමරසිංහ......බොහෝම ස්තූතියි!! තව විස්තර එකතුකරලා ආලප් කරානම් තවත් වටිනවා!! මේ සැබෑ චරිත ගැන තව ලියන්න. නිශ්ශංකගේ ෆොටෝස් අගය කලබව කියන්න.
නලියා.....මම ඊමේල් එකක් එව්වා ඊයේ. පොඩ්ඩක් බලපන් ප්ලීස්.
ReplyDeleteනිතර ඇස ගැටෙන මුත් සමීපව නිරීක්ෂණය නොකළ මේ මිනිස්සුන්ගේ ජීවිත කතාව මෙහෙම දිග ඇරියාට ස්තුතියි. ඔය රෙදි හෝදන රස්සාව කට්ට කාලා දුක් විඳලා කරන්න වෙච්ච කාලේ ඒක අයිති එක සමාජ කොට්ටාශයකට . මේ රස්සාව නවීකරණය වෙලා මැෂින් වලින් හොඳ ලාබයක් ලබමින් කරන්න පුළුවන් කාලේ ඒක තව කාගේවත්
ReplyDelete