සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සහෘද බ්ලොග් කරුවන් ට තම පාඨක පිරිස වැඩිකරගැන්ම වෙනුවෙන් ඇරඹුණු දිනමිණ බිලොග් පිටුවේ 2වැන්න හෙට එළි දකිනවා. ඉතින් බොහොම අවිවේකයෙන් වුවත් මේ වැඩේ ඇදගන යන්න මට ඔබ සැමගේ සහාය අවශ්‍යම වෙනවා.

ඒ වගේම මේ කටයුත්ත වෙනුවෙන් ඉඩක් වෙන් කර ගත්තෙත් බොහොම ආයාසයෙන්. කවුරුන් හෝ හිතනවා නම් දිනමිණ පිටු වසාගන්නට ක්‍රමයක් නැතිව මේ කටයුත්ත කරනවා කියා එය අමු මුලාවක් බවද සිහි කළ යුතුමයි.

මෙන්න හෙට ඔබ දකින පිටුව



43 comments:

  1. නියමයි.. කවුරු මොනා කීවත් ඔයා කරගෙන යන්න .. ස්තුති

    ReplyDelete
  2. එකෙන්ම උඹට දෙනවා සහය මචෝ...

    ReplyDelete
    Replies
    1. are you the guy who told about to drop naleen from dinamina? you look like Joker. with 1000 talks lol

      Delete
  3. මේක සෑහෙන වටින වැඩක් මල්ලි. දිගටම කරගෙන යමු. මට බ්ලොග් එකක්වත් ගූග්ල් එකවුන්ට් එකක්වත් නැති වුණත් පුළුවන් හැමවෙලේම ඇවිත් මේවා කියවන්නේ අද කාලේ මීඩියා වලට වඩා මේවයින් සෑහෙන තොරතුරු දැනගන්න පුළුවන් හින්ද. නරකද ඔය පිටුවේ දේශපාලන බ්ලොග් වලටයි, විද්‍යාත්මක බ්ලොග් වලටයිත් ඉඩක් දුන්නොත්? ඒ පැත්තෙත් හුගක් වටින බ්ලොග් තියෙනව.

    ReplyDelete
  4. නියම වැඩක්. බ්ලොග් පිටුවට ත් නලීන්ගෙ වැඩේ‍ටත් උණුසුම් සුභපැතුම්. අන්තර්ජාල සල්ලි හොයන්න බ්ලොග් අටවාගෙන අනුන්ගෙ මහන්සිය හොරාකන අය අඩු කරන්න මේකෙන් උත්සාහ කරමු. නව නිර්මාණ කරුවන්ට මේකෙන් ගොඩක් තැන දෙන්න කියලත් ඉල්ලා හිටිනව. බ්ලොග් පෝස්ටුවක් දානකොට ඒකෙ මුල් අයිතිකරුවන්ව හොයල බලලම දාන්න උත්සාහ ගන්න නලීන්.

    ReplyDelete
  5. පත්තරේ විකිනෙනවා වැඩි උනාද..? එහෙම නැත්නම් ගත්ත උනුත් නවත්තලා දැම්මද..? උඹේ මේ පිස්සු වැඩ නිසා..

    ReplyDelete
    Replies
    1. පත්තරේ කෙසේවෙතත් මේ පිටුවනම් විකිනෙනවා

      Delete
  6. පත්තරේ යන මේ විශේෂාංගය නිසා ගොඩක් අය බ්ලොග් ගැන දැනුවත් වෙනවා. ඒක හොඳ දෙයක්. දිගටම කරගෙන යන්න..

    ReplyDelete
  7. මේකට බ්ලෝග් සයිට් දාන්නේ කොහමද අයියේ ??

    ReplyDelete
  8. දැන් වැඩේ නැගලා යනවා නේද? හැබැයි පුතෝ, අර 18 + 21 + එව්වා එහෙම දාන්න එපා. දිනමිණ කතුවරයා ගහයි පත්තරෙන්.

    ReplyDelete
  9. ඔයා කොල්ලෝ කියන කතා ගණන් ගන්න එපා අයියා :)

    ඔය වැඩෙන් කවුරු කවුරු හරි දැන ගනීවි නෙ මෙහෙම එකකුත් තියනවය කියල වත්.

    ReplyDelete
  10. බ්ලොග් ගැන මිනිස්සු දැන ගන්න එක හොඳයි. නලීන්ගෙ වෑයමට ජය වේවා!

    ReplyDelete
  11. මේක කාලයක් තිබිලා නැතුව ගියා නේද?

    ReplyDelete
  12. මේ අර දේශකයා කියන එකා බඩු එකතු කරනවලු උබව අදුනනව කියල, පත්තරෙ නම දා ගන්න

    ReplyDelete
    Replies
    1. මිනිහ නලින්ටත් හොඳට සලකල වගෙයි. ඒකන‍ දෙතැනකම දාල තියෙන්නෙ. :D

      Delete
  13. නියමයි දිගටම කරගෙන යමු

    ReplyDelete
  14. නලිය, එකම කෙනාගෙ ලිපි දෙකක් එක සතියෙ දානවට වඩා කිහිප දෙනෙක්ගෙ එව්ව දාන්න බලහන් (රාජ්ගෙ තීරුවක් යයි කියල ඇත්තටම මම හිතන් උන්නෙ ). දේශගෙ ලිපි දෙකම හොඳයි, ඒත් සති දෙහෙකට දැම්මනම් කියල "මට හිතුන". අනෙක රූප වල සයිස් එක අඩු කරල තව ඡේද කඩල තිබ්බනං කියවන්න පහසු නැතිවෙයිද?

    ලිංකු කියන වචනෙද සබැඳි කියන එකද ගැලපෙන්නෙ?

    ReplyDelete
  15. නලින් අයියේ මුලින්ම වැඩේට සුබ පැතුම්.උඩ අදහසක් එකතු කරලා තියන ඉන්දික උපශාන්ත මහත්තයගෙ කතාවට මාත් එකගයි.ඒ එක්කම දාන පිංතූර ගැනත් මීට වඩා සැලකිල්ලක් දක්වන්න පුලුවන්නම් හොදයි.පවුලෙ හැමෝටම එකට ඉදං කියවන්න පුලුවන් විදියට තියෙන්න ඕන,නැත්නම් මුලින්ම දකින කෙනාගෙ ඔලුවට යන්නෙ මේකත් මේ වැඩකට නැති කෝලමක් කියලා

    ReplyDelete
  16. දැන් පත්තරේ කලින්ම අවුට් වෙනව නොවැ.. :)

    ReplyDelete
  17. මෙන්න ආවා දෙනි කලාපය.... බලමු අද මොනවද තියෙන බ්ලොග් කියලා......

    ReplyDelete
  18. නියම වැඩක් නලින් අයියා

    ReplyDelete
  19. නියම වැඩේ අස්සෙ කැත වැඩකුත් තියනවා...... මම විතරද මන්දා දැක්කේ...

    ReplyDelete
    Replies
    1. මචෝ වැරැද්දක් නම් පෙන්නලා දීපන් ඒකයි කරන ලොකුම උදව්ව..

      Delete
    2. හික්... පැරාගෙ බ්ලොග් එකේ ලින්ක් එක වරද්දලා ගැහුවෙ ඕනෑ කමින් නේද?

      Delete
    3. දැන් ඉතින් බොරුවක් ගොතලා හරි කියපන්.....

      Delete
    4. එය මගේ අතින් වු ලොකුම වරදක් එයට දහස්වරක් සමාව අයැදිනවා. කොපි පේස්ට් කිරීමේදී වු අතපසු වීමක්. මා එය ලබන වර අනිවා නිවැරදි කරනවා.

      Delete
    5. //මචෝ වැරැද්දක් නම් පෙන්නලා දීපන් ඒකයි කරන ලොකුම උදව්ව..//

      ඇයි බන් පෘෆ් බලන්න ඕකෙ කවුරුවත් නැද්ද?...... අනෙක මම පිටුව දැක්ක ගමන් ඕක දැක්කෙ....... ඔය උඩ හරි සෝයි අයියේ.. බයියේ.... ගාන එවුන් එකෙක් වත් හරියට බලලා නෑ.......

      Delete
  20. දේෂකගේ ඒවා දෙකක් එකවර දැමීමෙන් තව බ්ලොග් එකකට තියෙන ඉඩ නැතිඋනා නෙමේද,, අපරාදේ එහෙම කරන එක අයියේ

    ReplyDelete
  21. බොහොම හොදයි නලින් අයියෙ

    ReplyDelete
  22. හොඳ වැඩක් . සුබ පැතුම් !!

    ReplyDelete
  23. Internet එකේ කැරකෙන අය Blog ගැන දැනගත්තට පත්තර කියවන මිනිස්සු දන්නේ නෑ. මේ වැඩෙන් ඒ අයටත් ගැන දැනගන්න පුලුවන්. හොඳ වැඩක් මගෙන් සුබ පැතුම්. :)

    ReplyDelete
  24. නියමයි!!!!!!!!

    පත්තරේ ගිය පිටුව මෙහම වෙනම එකතු කරලා තැබිම ඉතා වටිනවා

    ReplyDelete
  25. පැරාගේ ලින්ක් එක වැරදියි නේද නලින් අයියේ එකටත් අපේ ඉසව්වමයි වැදිලා තියෙන්නේ. එකට නිවැරදි කිරීමක් ඊළඟ එකේදී දාන්න පුලුවන්ද?
    නලින් අයියට නැවතත් ප්‍රණාමය. මේපිටුව දකිනකොටත් මාර කික් එකක් එනවා

    ReplyDelete
  26. පත්තරේ බලනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා.. අනිත් අයට බ්ලොග් ගැන දැනගනනත් මේක හොඳ අවස්ථාවක් ... දිගු ගමනකට සුබ පැතුම්...

    ReplyDelete
  27. නියමයි නලීන් අයියේ :)

    ReplyDelete
  28. නියමයි මාමේ :) තරුණයා පත්තරෙත් මට මතකයි මේ විදියට පිටුවක් තිබ්බා මන් ලියපු ලිපි කිහිපයකුත් එකේ පල වුණා
    දිගටම කරගෙන යන්න සුබපැතුම්

    ReplyDelete
  29. වැඩේ අගයකරනවා නලින් අයියා....! ඕකට දාන බ්ලොග් තෝරන්නේ කොහොමද?

    ReplyDelete
  30. නලීන්, වැඩේ නියමයි. print media සහ digital media එකතු වෙන හරි අපූරු තැනක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. සුබ පැතුම් . පත්තරේ දිනමිණ නිසා දාන article select කරනකොට ප්‍රවේසමෙන් කරන්නවෙයි. කොහොම උනත් දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  31. මෙන්න සිහිනයක් සැබෑවීමක්. මේ ව්‍යායාමය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම පතනවා. හෙට ප්‍රධානතම සන්නිවේදන මාධ්‍යයක් වෙන්න නියමිත බ්ලොග් මාධ්‍යය පොදු ජනතාව අතරට ගෙනයන්න අද මේ උඹලා කරන කැපකිරීම ඇත්තෙන්ම අගය කරනවා.

    ReplyDelete
  32. නියම වැඩක්! සුබ පැතුම් සාර්ථකව කරගෙන යන්න..

    ReplyDelete
  33. බ්ලොග්කරුවන්ට ලොකු හයියක් ඔබ දුන්නා.... සුබපැතුම් ...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT