සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සයිබර් අවකාශයෙන් අපට ලැබුණු මහගු දායදයක් වුණු බ්ලොග් කලාවේ යෙදෙන අපේ ම හිතවතුන්ට පුංචි උත්තේජයක් වෙන්න ඕන කියන අදහසින් ඔන්න හෙට සිට ඔයාලගේ බ්ලොග් සටහන් ඒ විදියටම පත්තර පිටුවකට ඇතුළත් කළා. 



හෙට සිට දිනමිණ පත්තරේ තුළ එක් පිටුවක් බ්ලොග් කරුවන් වෙනුවෙන් වෙන් කෙරෙනවා. හැබැයි සතියකට එක දිනයි.

ඉතින් හා හපුරා කියලා මගේ හිතට වැදුණු සහ ඉඩ කඩ ඇති හැටියට ලිපි කීපයක් ම තෝරගත්තා. ඒ මොනවද කියලා බලන්නකෝ කස්ටිය. ඒ වගේම මේ පිටුවට යා යුතු දේවල් තියනවනං ඒ ගැන මට මේලක් එහෙම දැම්මට අමනාපයක් නෑ. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් මේ පිටුව සාර්ථක කරගන්න ලොකු උදව්වක් වේවි.

මට මග හැරෙන හොද දේවල් පෙන්නලා දෙන්න. මොකද මේ වැඩේ කරන්නේ තවත් බොහෝ වැඩ කටයුතු අස්සේ නිසා අත පසුවීම් වෙන්න ඇති ඉඩ වැඩියි. ඒ වගේම සයිබරයට සීමා නැති වුණාට මේ පත් ඉරු අතරේ මට සීමාවන් තියනවා කියන එකත් අමතක කරන්න එපා. මේ වැඩේ කරද්දී මට රැවුලයි කැඳයි දෙකම බේරගන්න වෙනවා.

මෙතැනින් ඒ පත් ඉරුවට ගොඩවන්න

මාතලන් ගේ අඩවියේ මේ ගැන ලිපියට

මෙන්න මේ ගැන තවත් කතාවක් අපේ ඉසව්වෙන්

දිනමිණ බ්ලොග් පිටුව සමාජවාදීයෙකුගේ ඇසින්. පැරා ගේ වියමන මෙතැනින්

දේශකයාගේ දේශනාව මෙතැනින්

රාජ් ගේ නවාතැනේත් මෙහෙම අදහසක් තියනවා

පැරා ගේ පිළිතුරු ලිපිය

මීදුමටත් ගැටලුවක් වූ බ්ලොග් පිටුව







106 comments:

  1. නියම වැඩක් නලින් අයියේ ... නියමයි .. කැම්පස් සින්ඩියටත් අලුත් අය එකතුවේවි ,, අලුත් අය ලියන්න පෙලබේවි ...ස්තුති

    ReplyDelete
  2. මේනකම් මාරම එළ වැඩක් අයියේ....බ්ලොග් වලට ආදරේ කරන අය තවත් වැඩි වෙයි.ඒ වගේම ලියන අපේ අයටත් සෑහෙන්න මොරාල් එකක්.

    ReplyDelete
  3. ඉස්සර ලියැවුණු හොඳ ලිපිත් තෝරලා දානවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. එහෙම වුනොත් අපේ ලියුමකුත් දාගන්න පුලුවන් වෙයි නේද?

      Delete
    2. ඔව් එහෙම උනානම් හොඳයි.

      Delete
    3. අනිවාර්යෙන්ම ... ඉතා වටිනා පැරණි ලිපි තියෙනවා ...

      Delete
    4. මා ඉන්නා සීමාවල් දන්නවනේ ඒ සීමා යටතේ මට තෝරලා එවපල්ලා මචංලා. එය මට පහසුවක්. මේ දේ කරන්නේ මගේ තියන වැඩ ගොඩට අමතරව

      Delete
    5. කිසිවෙකුත් නලින්ට බලපෑම් නොකර ඔහුට මේ කාර්යය ස්වාධීනව කරගන්න දෙනවනං ඒක ලොකු නිදහසක් ඔහුට.. මම කියන්නේ ඔහු හිතන දේ ඔහුට කරන්න දෙන්න.. සමස්ථයට කරන මේ සේවය නිසා අප පෞද්ගලිකව කිසිම දෙයක් ඔහුගෙන් බලාපොරොත්තු නොවී ඔහුට ධෛර්යය දෙමු මේ කාර්යයට.

      Delete
    6. ඇත්ත දේශා...
      නලින් අය්යා උඹ කොරනව නං ඔය වැඩේ.... උඹම ‍තෝරාහං...ආයි මක්කටෙයි අපි.

      Delete
    7. නලීන්ටයි, ප්‍රබුද්ධිටයි වැඩේ කරගන්න දීලා සිකුරාදාට 16 පිටුව කියවා, සෑහීමකට පත්වෙන්න. මෙය තව දුරටත් පවත්වාගෙන යන්න උන්ට ඒක පහසුවක් වෙයි.

      Delete
  4. අනේ බං මට බ්ලොගක් නෑනෙ !! චැහ්

    මගේ කමෙන්ට් එකකුත් යටම වාටිය හරියෙන් ඔබල දාපං
    ෆොන්ට් සයිස් එක අඩු කරල !!!!

    ReplyDelete
  5. අගේ ඇති වැඩක්....වැඩේ සාර්ථකව ඉදිරියට කරගෙන යන්න මගෙන් සුබ පැතුම්! නලින් අයියේ

    ReplyDelete
  6. මට හිතෙනව මේක යෝධ පිම්මක් වේවි කියල. ජය වේවා..

    ReplyDelete
  7. අදේ............ මේක මරු ^_^

    ReplyDelete
  8. නියම වැඩක් අයියෙ බොහොම ස්තූතියි :)

    ReplyDelete
  9. සුබ පැතුම් මිත්‍රයා

    ReplyDelete
  10. හරිම ශෝක් නලීන් අයියේ.. බ්ලොග් ලියන අයට මේක ලොකු පන්නරයක් වෙයි... සාර්ථකව දිගටම කරගෙන යන්න මගෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
  11. මේක නම් අගය කළ යුතු වැඩක් නලින් අය්යේ... නියමයි ....

    ReplyDelete
  12. නලීන් මම දන්නවා වෘත්තීය වගකිම වගේම සදාචාරාත්මක සිමාවන් තුළ ඔබ අනිවාර්යෙයන් කටයුතු කල යුතු වෙනවා. ඒ නිසා ඒ සිමාවන් තුළ කටයුතු කිරිම ඔබේ යුතුකමක් වගේම වගකීමක්ද වෙනවා...

    ඒවගේම මෑත කාලයේ බ්ලොග් ලියන සහෘදයන්ට ලැබුණ හොඳම උත්තේජනය මෙයයි... මේක ඉතාමත් යහපත් ප්‍රවනතාවයක් වගේම හොඳ දිරිගැන්විමක් වනු නිසැකයි...

    ReplyDelete
  13. වාව් නලීන් අයියා නියම වැඩක් හෑබැයි ඉතින් දුක තියෙන්නේ මගේ බ්ලොග් එක අප්ඩේට් වෙලාම නෑ කාලෙකින් ඉහි ඉහි දුක තමා

    ReplyDelete
  14. දැන් මාව පට්ට ගහන්ඩ හිතාගෙන ඉන්නේ කොහොමද? මම ලස්සන තරුණ කොල්ලෙක් කියලා ලියන්ඩ ඈ.

    ReplyDelete
  15. නියම වැඩක් නලීන් අයියෙ.. මුලු මහත් බ්ලොග් අවකාශයටම ශක්තියක්!! ජය!

    ReplyDelete
  16. වැඩේ නම් ෆට්ට අයියේ...

    ReplyDelete
  17. හොද අදහසක් ලියන අයට හොද දිරියක් .ලංකාවේ මහ ගෙදර පත්තර පිටුවක් වෙන් කරන එක හොද අත්දැක්මක්. ගමනක් යන්න පුළුවන් නිදහස් සිතුවිලි ලියන හැමොටම...

    ReplyDelete
  18. පින්තුර එහෙම දාන්නේ නැද්ද ඕකේ. මම පල කරන්නේ පින්තුර නේ.

    ReplyDelete
  19. නියමයි නලීන් මාමේ.. ස්තුතියි මෙවැනි දෙයක් පටන් ගත්තට බ්ලෝග් ලෝකේ වෙනුවෙන්..

    ReplyDelete
  20. එල වැඩක් නලින් අයියේ... ජයවේවා...! මෙය දැකීමෙන් ලෙසටම මොරාල් අප් විය.

    ReplyDelete
  21. වෙනම කියන්න දෙයක් නෑ. හැමෝම කියපු දේම තමා...
    ඔක්කොම වැඩ අස්සෙ අවුලක් නොවී මේ වැඩෙත් දිගටම කරගෙන්න යන්න ලැබේවා'යි පතමි. ජය...!!!

    ReplyDelete
  22. හොඳ වැඩක්! අලුතින් ලියන්න එන යට හොඳ උත්තේජනයක් වේවි.

    ReplyDelete
  23. හොඳ වැඩක් නලින් අය්යේ. මෙවැනි වැඩ වලින් බ්ලොග් කියවන්නෝ වැඩිවේවි ඒ වගේම අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතයද වැඩි වේවි.

    වැරදිකරු ගුරුවරයාද කියලා දැනගන්න මහාකළු සිංහලයා බලන්න එන්න.

    ReplyDelete
  24. මෙන්න මේකනම් අදහන්න වටින වැඩක්

    ReplyDelete
  25. බොහෝම ස්තූතියි නලීන් ඔබ කරන සේවයට. අපි කොහොමත් ඉතිහාසේ ඔළුව උඩ තියාගෙන යන ළෝකේ අනිත් අයට වඩා ගොඩාක් වෙනස්ම ජාතියක්නේ. වෙන රටවල පත්තර වැහෙන කාළේ, පත්තරේ නොමිලේ දෙන කාළේ, නවීන ළෝකේ නවීනම ජනමාධ්‍ය ක්ෂේත්‍රය වන "පීපල්ස් ජර්නලිසම්" මෙහේ තාම අවබෝධ කරගෙන නෑ. එහෙම රටක මෙහෙම දෙයක් පත්තර වලින් කරන එක ඉතිහාස ගත වන කාරණාවක්. අපි බලමු දවසක මුල් පිටිවෙනුත් බ්ලොග් ගැන කතා කරන කාළයක් ඒවී කියලා.

    බ්ලොග් කලාවේත්, පුවත්පත් කළාවේත් දිගු ගමනක් යාමට ඔබට ධෛර්යය ශක්තිය තව තවත් ලැබේවා. නලීන් ප්‍රමොඅට් කරපු එක ගැම මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.

    ජයම වේවා....!!!

    සුබ අනාගතයක්....!!!

    ReplyDelete
  26. හොඳ දෙයක්.
    ඒත් මේ කුණුහරුප නම් ප්‍රමෝට් කරන්න එපා. මල වදයක් වෙලා ඉන්නේ දැන් මේ බ්ලොග්. දැන් පීපල්ස් ජනලිස්ම් කියන්නේ සිංහල අවකාශයේ කුණුහරුපා කියාගන්න එකනේ. දකින දකින බ්ලොග් එකේ කුණුහරුපයි පොර කතායි වැල් පිටින්. මේ සම්බන්දව තරුණ පිරිසටත් වඩා වගකිවයුතු වයස්වල ඉන්න අය. කොම්න්ටුයි හිට්ස් එක්ක බොහෝ අයට දැන් තම්න්ගේ ඇඳුම් තියෙනවද කියලා පේන්නෙවත් නෑ. මෙච්චර කාලයක් මේ දේවල් දිහා බලා ඉඳලා දැන් හොඳටම කළකිරිලා ඉන්නේ. හැමෝම බබාලා වගේ.
    මට හිතෙනවා සිංහල බ්ලොග් අවකාශේ මොන්ටිසෝරි එකක් කරේ මේ අය කියලා.

    ReplyDelete
    Replies
    1. කවුරු හරි ඇඳුම් ගලවගෙන මොනවා හරි කියන්න එනවා නම් ඔය මගේ ප්‍රොෆයිල් එකේ තියෙන මේල් එකට එවන්න. මම ආපහු කොමන්ට් ෆලෝ කරන කෙනෙක් නෙමෙයි. ඒත් මේ කතාව තව දුරටත් නොකියා ඉන්න බෑ.

      Delete
    2. අපි ඒකනේ දැන් ලියන්නේ නැත්තේ... හිහ් හිහ්...

      Delete
    3. මේ නෝනා ලියන මූසල පෝස්ට් ගැනත් කතා කරමුද.....?ඒවා උදේ පාන්දර දැක්කම දවසම එපා වෙනවා........ නොදෝමකින් ....... ගූ දාපු පෝස්ට් වල කමෙන්ට් කරද්දී ඕවා පේන්නේ නැහැ නේද පත්තිනි අම්මට.....?

      Delete
    4. පත්තිනි අම්මා කියන වචනේ තේරුම මම දන්නේ නෑ. මේ වගේ වචන කියද්දි පොඩ්ඩක් තේරුමත් කියලාම දෙන්න.
      මම කොහේවත් මම පට්ට පෝස්ට් ලියනවා කියලා කියන්නේ නෑ. මොකද එහෙම ලියන්න මම සිංහල ඉගෙනගෙනත් නෑ. අනික මගෙ බ්ලොග් එක කියන්නේ පිස්සු කෙල්ලෙක්ගේ සටහන් කියලා නමින්ම තියෙන එකක්.
      මේක නලින්ගේ වැඩේට සපෝට් එකක් දෙන්න දාපු කොමන්ට් එකක් මිසක් කාගෙවත් හරි වැරදි මගේ ලොකුකම් කියන්න දාපු කොමන්ට් එකකුත් නෙමෙයි.
      ඒක තේරුම් ගන්නවත් බැරි ඔබ වගේ අයයි මේ බ්ලොග් ලියන්නේ කියවන්නේ කියලා හිතෙනකොට දුකයි සිංහල බ්ලොග් කලාවම ගැන.

      Delete
  27. නියමයි නලීන් අයියේ.. ඒ කියන්නේ දැන් අපි නලීන් අයියගේ ඇහැටයි හිතටයි වැටෙන වැදෙන විදිහට ලියන්න හිතේ තියා ගන්න එක වරදක් නෙමෙයි නේ..

    ReplyDelete
  28. ඇත්තෙන්ම හොඳ වැඩක් නලීන්. සුබ පැතුම්!!!

    ReplyDelete
  29. හොද වැඩක්....වැඩි වැඩියෙන් සිංහල බ්ලෝග් බලන කට්ටිය වැඩි වේවා...

    ReplyDelete
  30. කියන්න වචන නැහැ නලින් අයියා..

    මේක බ්ලොග් සංහතියම ඔබට ණයගැති වෙන උපකාරයක්..

    ජයම වේවා..!!

    ReplyDelete
  31. ඔකේ ටෙම්ප්ලේට් හෙම හදන්න තියේද ඈ :3 :v

    ReplyDelete
    Replies
    1. :v අයියෝ සුද්දෝ.... :D

      Delete
  32. වැඩේ හොඳයි... රචින්ත ගොයියත් ඔය වැඩේ කොලා... බ්ලොග් ලියන්නන්ට ජයවේවා...

    ReplyDelete
    Replies
    1. /* රචින්ත ගොයියත් ඔය වැඩේ කොලා... */

      විස්තර please?

      Delete
    2. රචින්ත තරුණයා පත්තරේ ලක්බිමේ චානුක කලා වගේ එකක් කරා මටත් මතකයි.

      Delete
    3. තරුණයා පත්තරය මගේ මුල්ම ගෙදරකි.

      Delete
  33. එල වැඩක්. ආයෙත් ලියන්න හිතෙනවා දැන් නම් :v

    ReplyDelete
  34. හප්පේ... අවුරුද්දකට විතර කලින් කතා කරපු දෙයක් මෙච්චර කල් මතක තියා ගත්ත එකත් මදෑ.. නේද නලීන් අයියෙ... හි හි....

    පහුගිය ටිකේ වැරදිලා වගේ මගේ පෝස්ට් එකක් පත්තරේක දාලා තිබ්බ වෙලාවෙ මං ගිය උඩ මතක් උනාම තමයි නලීන් අයියෙ මේ වැඩේ අගේ තේරෙන්නෙ... පෝස්ට් එකක් පත්තරේ යනවා කියන්නෙ මාර මාර මාරම ජොලියක්.. ඇත්තමයි... හි හි..

    ReplyDelete
    Replies
    1. එහෙම නම් ඔය ළමය මීට පස්සෙ ඔය පත්තර පිටුව කියවන්න කලින් බිම වැටුනට රිදෙන්නෙ නැති තැනකට යන්න මතක තියාගන්න ඕන විශේෂයෙන්. ඒ වගේම උඩ යන වෙලාවට උඩින් බාධක නැති තැනක් නම් වඩාත් සුදුසුයි.

      නොමිලේ උපදෙස් මදුරු නාශකයාගෙන් .....

      Delete
    2. කොහෙද මදුරු නාශකයො ඔයා අතුරුදහන් වෙලා හිටියෙ පහුගිය ටිකේ.... හි හි

      Delete
    3. මම මේ ඉන්නෙ අනේ ... හි හි

      Delete
  35. මාත් බ්ලොග් බලන්න ආවෙ ලක්බිම පත්‍තරේ ඒ කාලෙ පලවිච්ච ඔය වගේ දෙයක් හින්දයි. ඒ නිසා මේ වැඩේ ගොඩක් බ්ලොග් කලාව ප්‍රචලිත කරන්න හේතුවෙයි කියල හිතනව.

    කොමෙන්ට් දාන අපිට තැනක් නැද්ද ඕකෙ. :D

    ReplyDelete
    Replies
    1. //කොමෙන්ට් දාන අපිට තැනක් නැද්ද ඕකෙ.//

      ඒකනේ .... ඒකනේ .....

      Delete
    2. නලියා ඊලඟ පිටුව කමෙන්ට් වලට දෙනවා කිව්වා !!!

      මාත් ටිකක් වැදගත් වෙන්න යන්නේ !!

      Delete
    3. ඔවු එහෙම නැත්තං අපි බ්ලොග් වර්ජනය කරනව.
      කොමෙන්ට් දාන එවුවො නැත්තං කට්ටිය ලියයි බ්ලොග් ඉඳගෙන. :D

      Delete
  36. ගොඩාක් වටින වැඩක් නලින් අයියේ.

    ReplyDelete
  37. ෆට්ට සතුටුයි පටන් ගැන්මෙම මගේ ලිපියක් තිබිම ගැන ..

    දිගටම කරන් යන්න ලැබේවා!!!!

    ReplyDelete
  38. නියම වැඩක්,සුබ පැතුම් නලින් අයියා.

    ReplyDelete
  39. එල අයියෙ එල එකක්

    ReplyDelete
  40. ඒක නම් සුපිරිම වැඩක් නලීන් අයියේ...... සුපිරිම වැඩක්

    ReplyDelete
  41. නියමයි නලීන් අයියේ....ඔබතුමා දෙවියෙක්......:)

    ReplyDelete
  42. මේක නම් ඇත්තටම ගොඩක් වටින වැඩක්.. බ්ලොග් කියල මාධ්‍යයක් තියෙනවා කියල දන්නෙවත් නැති ගොඩක් අය මේ ගැන දැනුවත් වේවි ඉස්සරහට... නලීන් අයියටත්, ලිපි පළවෙන අයටත් උණුසුම් සුභ පැතුම්..!

    ReplyDelete
  43. නියම වැඩක් අයියෙ. අන්තර්ජාලය භාවිතා කරන ඒත් බ්ලොග් ගැන නොදන්න හෝ උනනදුවක් නැති අයත් ආකර්ශණය වෙන වැඩක්.

    ReplyDelete
  44. සුපිරිම වැඩක්...කැම්පස් සිංඩියේ තියෙන බ්ලොග් වල පෝස්ට්ද දාන්නෙ ?

    ReplyDelete
  45. හොඳ වැඩක්. ජයවේවා

    ReplyDelete
  46. This comment has been removed by the author.

    ReplyDelete
  47. pituwa hadapu matath poddak thanks karahallkooo lamaineeee

    ReplyDelete
  48. මේක නම් හොඳ වැඩක් නලීන් අයියා. ඔන්න මගෙන් සුබ පැතුම් සමඟම මේ වගේ වැඩකට මුලපුරන්න කටයුතු කිරීම ගැන ස්තූතියත් ඔබට. මීට කලින් මම දැකල තියෙනව සමහර පත්තර බ්ලොග් ලිපි අරගෙන කොලම් පලකරනවා, ඒත් ටික කාලෙකින් වැඩේ නිකන්ම නවතිනවා. මේ වැඩේ දිගටම කරන් යයි කියල හිතනවා.


    හැබෑට ඔය දිනමිණ පත්තරේ පිටුවක්ද? :) මම අන්තිමට දිනමිණ පත්තරයක් කියෙව්වෙ මම ඕලෙවල් කරපු කාලෙ. ඊට පස්සෙ සැලුන් එකේදිවත් දිනමිණක් දකින්න ලැබුනෙ නෑ. ඒ කාලෙට සාපේක්‍ෂව විශේෂාංග පිටු සැකසීම, ඉදිරිපත්කිරීම නම් හොඳයි වගේ පේනව.

    ReplyDelete
    Replies
    1. මේක ටැබ්ලොයිඩ් අතිරේකයක පිටුවක් වගෙයි පේන්නේ?

      Delete
    2. ස්තූතියි කකා, ඒ ගැන නම් මට අදහසක් නෑ, පත්තරයක් අතට අරන්ම බලන්න තමා හිතා ඉන්නෙ.

      Delete
  49. නලින්ට ස්තුති කිරීමට මා ද එකතු වෙනවා.

    ReplyDelete
  50. මේකනම් හොද වැඩක්. ‍

    ReplyDelete
  51. ස්තුතියි නලින් සහෝ....මේක කරන්න ඔබ දැක්වූ කැපවීම හා උත්සාහය අගය කරන්න වචන මදි. මෙය සැබෑ අභියෝගයක් වන්නේ මෙය ඔබ ආරම්භ කල තැන ගැන අපි හොඳටම දන්නා නිසයි.

    ReplyDelete
  52. මමත් බ්ලොග් බලන්න ආවෙ මුලින්ම ලක්බිම පත්තරේ පළවුණු සදරුගෙ හිස් අහස ගැන ලිපියක් බලල...

    මේ හොද වැඩක් නලින් අයියේ... මමත් සුබ පතනවා හදවතින්ම..

    ReplyDelete
  53. නියම වැඩක් නලීන්...! තව ගොඩක් දේවල් උඹට කරන්න පුළුවන්. ඔහොම යං. ජය...!

    ReplyDelete
  54. naleen අයියා :* උම්ම්ම්ම්මා ඈ..

    අයියණ්ඩිට බ්ලොග් ලෝකයම සදා ණය ගැතියි.. පට්ට සතුටුයි... මං ලියනවා ඇඟිලි ගෙවෙනකන්..
    ඔයා බ්ලොග් ලියන්නට, බ්ලොග් පොස්ටුවකට පට්ට වටිනාකමක් එකතු කළා..

    ReplyDelete
  55. වැඩේට මුලින්ම හදවතින්ම සුබ පතනවා.....)) හැබැයි අනේ සත්තලං නලින් මාමේ.. වැරදිලාවත් මගේ බ්ලොග් එක ගැන ලියන්න අදහසක් පහළ වෙන්න එපා.. අදුරන අය මේ බ්ලොග් එක හොයා ගත්තොත් මං වසලා හමාරයි!!!!!

    ReplyDelete
  56. මටත් කියන්න තියෙන්නෙ මේක ම තමා ඔන්න!!!

    ReplyDelete
  57. බ්ලොග් කලාව ඉස්සරහට ගෙනියනවා කියන එක නලින් අයියාගේ ඇගේ තියන එකක්. ඒක ආශ්‍රය කරපු ටික කාලේට තේරුණා. ගොඩාක් පින් නලින් අයියේ මේ කරන දේට

    ReplyDelete
  58. හොඳ වැඩක් නලින් අයියේ....

    ReplyDelete
  59. අනේ හොදා බං . හොදට ලියන උන් කොච්චර ඉන්නවද ,

    හැබැයි නලියා පතුරු ඇරගන්ඩ බලාගන හිටහං

    අරක දාලා ඒකට වඩා හොදයි අරක . අරුගේ රෙද්දවල් දාන්නේ අර යකාට පිස්සුද , දාන්ඩ ඕන අරවනේ ,

    ඔන්න ඔව්වට මුහුණ දෙන්ඩ වෙනාමයි ,

    කොහොම හරි උඹ චාටර් නොවී රස්සාවත් බේරාගන කරහං ,

    මොකද මේක අංක එක නෙමෙයි හන්දා

    ReplyDelete
  60. නලින්, ඔබට බොහොමත්ම ඉස්තූති මේ වගෙ වැඩක් කිරීම ගැන වගේම,හරියට කරන් යන්න ප්‍රස්න ඇති නොකරගෙන. . .

    ReplyDelete
  61. ඇත්තටම ගොඩක් වටිනා වැඩක් .. :)
    Blog ලියන අයට හොද බැකප් එකක් වගේම අලුතින් මේකට කට්ටිය යොමු වෙන්නත් හොද හේතුවක් වෙයි මේක .. ජය වේවා ..

    ReplyDelete
  62. ඉහලින්ම අගය කළ යුතු කාර්යයක් නලින් මිතුර ! ...විශේෂයෙන්ම “සිංහල බ්ලොග් යනුවෙන් යමක්“ අන්තර්ජාලයේ පවතින බව පවා නොදන්නා සිරිලක් වැසියන්ට වගේම , සිංහල බ්ලොග් තුල සිංහල අකුරින් අන්තර්ජාලය සරසන සැමටත් මේ ලබා දුන්නේ අනගි අවස්ථාවක්, “රැවුලත්“ කැඳත් දෙකම බේරා ගෙන , මේ කර්තව්‍ය ඉදිරියට ගෙන යන්නට ඔබට සහ සිංහල බ්ලොග් ලියන්නන් සැමටත් හැකියාව ලැබේවායි පතමි.
    ස්තුතියි

    ReplyDelete
  63. තරුණයා පත්තරෙත් ඕකක් තියනවා..කොහොම උනත් නියමයි !!!!!!!

    ReplyDelete
  64. බ්ලොග් යනු අනාගත ජනමාධ්‍ය භාවිතාව බව සැක නැත.නමුත් තවමත් සිංහල බ්ලොග් අවකාශය යනු නොගැනිය හැකි තරමේ සුළුතරයකි.එයිනුත් බහුතරය ලංකාවෙන් පිට ජීවත් වන අනේවාසිකයන්ය.ඒ නිසාම ලංකාව තුල බ්ලොග්කරණය ජනප්‍රිය කිරීමෙහිලා මෙවැනි මෙහෙවරක් ඉතාම වටිනා බව නොකිවමනාය.නමුත් ආරම්භය හා සසඳා බැලීමේදී අද බ්ලොග්කරණයේ ප්‍රමාණාත්මක වර්ධනයක් මිස ගුණාත්මක වර්ධනයක් නම් දැකිය නොහැක.බ්ලොග්කරණය සහ ෆේස් බුක් භාවිතය අතර වෙනස හඳුනා ගත නොහැකි වූ තරුණ බ්ලොග් කරුවන් පිරිසක් ,සාමාන්‍ය සමාජය තුල තමුන්ට අහිමි ඉටිකිරිස් ලපටි කෑල්ලක් සෙට් කර ගැනීම සඳහා බ්ලොගක් අටවා ගෙන කුණුහරුප ලියන නාකි හුචක්කු ටිකක් සහ වෙනත් විවිධ පරමාර්ථයන් බ්ලොග් තුලින් ඉටුකර ගැනීමට බලන බහුතරයක් අතර සිය රසවින්දනය සඳහා බ්ලොග් ලියන කියවන්නෙකුට පිරියෙන් කියවිය හැකි බ්ලොග් අතලොස්සකි.උදාහරණ ලෙස ටැබූ සබ්ජෙක්ට්ස් තරම් පළල් විෂය දැනුමක් සහිතව විවිධ විෂයන් ගැන බ්ලොග්කරණයෙහි යෙදුනු බ්ලොග්කරුවෙකු අදවේද ?රසවත් වින්දනාත්මක අත්දැකීම් අපුරුවට අකුරු කල හිස් අහස ,කෙහෙල් කොරටුව වැනි බ්ලොග් සටහන් වලට අලගු තබන්නටවත් හැකි බ්ලොග් අඩවියක් පසුගිය කාලය තුල බිහිවීද ?බ්ලොග් අවකාශය වැනි අසංවිදිත ව්‍යුහයක් තුල බ්ලොග් කරුවෝ එති යති, ස්වභාවය එයයි.එහෙත් කට කහන දුමියා බ්ලොග් ලිවිල්ල නවතද්දී අලුතෙන් ලියන එකා සිංහල වාක්‍යයක් ගලපා ගන්නට බැරි බඩුවක් සෙට් කර ගැනීමට බ්ලොගක් ලියන්නෙකි.
    .
    එනිසාම මේ දිනමිණ ප්‍රයත්නය තුලින් බ්ලොක් අවකාශයට දස දහසක් දෙනා නාවාට කම් නැත.බ්ලොග් සියයක් අලුතෙන් බිහි නොවුනාටද කම් නැත.එක ටැබූ කෙනෙකු ,එක සඳරු කෙනෙකු,එක සමනල විප්ලවය වැනි නවකතාවක් බිහිකරන්නට මේ පියවර ඉවහල් වේ නම් ඒ හොඳටම ප්‍රමාණවත්ය!

    ReplyDelete
  65. හරිම සතුටුයි මේ ගැන නම්..........සාර්ථකව ඉදිරියට මේ පිටුව කරගෙන යන්න ලැබේවා කියලා පතනවා..!

    වත්සලා, වැප් නිශාන්ත , ප්‍රගීත් අනුරුද්ධ, දයානන්ද රත්නායක යන අයවලුන්ට අවංක සුභ පැතුම් එක් කරමි....

    ReplyDelete
  66. මම ලියන ලිපි දාලා උබේ ජොබට නම් කෙලවගන්න එපෝ

    ReplyDelete
  67. අනතුරුදායකයි ප්‍රවේශමෙන් !.

    ReplyDelete
  68. මුලීකව නලීන්ටත්..කාර්යාලීය මට්ටමින් ඔබට උදව්වෙන සියළු දෙනාටත් සුබ පැතුම් සහ ස්තූතිය!!

    ReplyDelete
  69. මේ වැඩේනම් නියමයි,කොහොමටත් ඉදිරියෙදි බ්ලොග් කලාවට හොඳ කලක් එයි.හැමෝගෙම අදහස් වලට ඉඩ ලැබෙන සුන්දර ලෝකය අපට උදාවෙයි.පත්තරවල තිබෙන අධිපතිවාදයට වඩා බ්ලොග් සංවාද හරිම සුන්දරයි

    ReplyDelete
  70. නියම වැඩක් ! ඇත්තටම බ්ලොග් පිටු අතරේ තියෙනවා සමාජගත විය යුතු ලිපි. මගේ නම් අදහස මේ ක්‍රමය හොඳයි.ඔබේ මේ වෑයම සාර්ථක විය යුතුමයි. ස්තූතියි.

    ReplyDelete
  71. ඔය කටයුත්ත නලීන්ට හොඳීන් කර ගෙන යන්න ජය පතනවා!

    ReplyDelete
  72. එල මාමෙක්... ජංගි හොරෙක්!!! ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  73. අන්න මචං කාලීන වටිනාකමක් ඇති වැඩක්. මේ වැඩේ පටන් ගත්තා වගේම දිගටම කරගෙන යන්න උඹලට හැකිවේවා. ඒ මොකද බ්ලොග් එකක් කියන්නේ මොකක්ද කියලා අහන උන් හැම රටේම, හැම වයසකම, හැම තරාතිරමකම තවම ඉන්නවා.

    ReplyDelete
  74. නලින් අයියේ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    ReplyDelete
  75. නලින් අයියා තමුන්ගේ පදවියෙන් අපිටත් වැඩක් කරලා

    ReplyDelete
  76. අද පත්තරෙත් එක කොලමක් මේ සදහා බොහෝ කාලයකට පෙර සිට වෙන්වෙලා තිබුනා...දැන් තවත් පත්තරයක් එවැනි ඉඩක් ලැබීම ඉතාම හොදයි...

    ReplyDelete
  77. ඒක හොඳ වැඩක්. බ්ලොග් කියන දේ ගැන තව පිරිසක් දැන ගනියි නෙ.

    ReplyDelete
  78. බොහොම හොඳ වැඩක් නලින් අයියෙ...හැබැයි ඉතින් කවි ලියන අයටත් ඉඩක් දෙනවලු ඇහ්... :-)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT