සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සිංහල බ්ලොග් ලෝකය මේ වන විට විවිධ ඉසව් කරා පැතිර ගොස් තිබෙනවා . විශාල පිරිසක් දැන් සිංහල බසින් බ්ලොග් ලියන්න පටන් අරගන වගේම ඒවා විධිමත්ව පවත්වාගෙනත් යනවා . ඒත් නවක බ්ලොග් කරුවන්ට ඇති ගැටලුව තමයි තම බ්ලොග් අඩවියට පාඨකයන් ගෙන්වා ගැනීම . 



මේ සඳහා සින්ඩිකේටර ගණනාවක්ම තිබුණත් එම සින්ඩි තුළට තම අඩවිය ඇතුළත් කර ගන්න එකත් ඒ තරම්ම පහසු නෑ . සින්ඩි පවත්වාගන යන ඇඩ්මින් වරුන් අතරින් කීප දෙනකු එසැනින් අඩවි තම සින්ඩිකේටරයට ඇතුළත් කර ගත්තත් ඇතැම් ඇඩ්මින් වරු අවිවේකය නිසාදෝ අඩවි ඇතුළත් කරගන්නේ බොහොම හෙමින් . 

මේ සින්ඩිකේටර වෙබ් අඩවි ලෙස , බ්ලොග් අඩවි ලෙස, මෙන්ම මුහුණු පොතේ පිටු ලෙස ද දක්නට ලැබෙනවා . 

මෑතක සිට මුහුණු පොත පරයමින් ගූගල් සමූහයේ G+ සේවාව නවාංග රැසක්ම එක් කරමින්  ඉතාමත්ම ජනප්‍රිය වෙමින් පවතිනවා. එවන් ජනප්‍රියත්වයක් හිමිකරගනිමින් යන ගූගල් සමුහයේ සිංහල බ්ලොග් සමාජයක අඩුවක් පෙනෙන්නට තිබෙනවා . 

මේ හේතුව නිසා තමයි  සිංහල බ්ලොග් ලියන්නන්ගේ සමාජය නමින් ගූගල් + සමුහයේ සමාජ ජාලයක් ඇති කළේ . ඔබ මේ සමූහය හා එක් වීමෙන් ඔබ ලියා ප්‍රසිද්ධ කරන බ්ලොග් සටහන් එසැනින් ඔබේ බ්ලොගයේ ලිංකුවත් සමගින් ම මේ පිටුවේ සටහන් වේවි . ඉපැරණි, ප්‍රවීණ, නවක, සෑම සිංහල බ්ලොග් ලියන්නෙකුටම ලියන්නියකටම සෙනෙහසින් හා සහෝදරාත්මකව ඇරියුම් කර සිටිනවා මේ සමූහය හා එක්වන ලෙස . එසේම මේ සටහන ට ඔබේ අඩවි හරහා ද ප්‍රචාරයක් ලබා දෙන ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා . 

මෙන්න ලිංකුව 
මෙතැනින් සිංහල බ්ලොග් ලියන්නන්ගේ සමාජයට ඇතුළු විය හැකියි 

72 comments:

  1. සුබ පතනවා මේ අලුත් ගමනට නලින් අය්යේ... ඒ වගේම ඔබට ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.මේ වැඩේට ඔයාලගේ හෙල්ප් එක ඕන කරනවා.

      Delete
  2. බ්ලොග් කියන්නේ කතා කිරීමේ නිදහසට තනි වචනයක් කියලයි මම හිතන්නේ.අනාගතයේදී මෙය ප්‍රසාරණය වී ඉතා යහපත් ඉතා සාධාරණ පරමාදර්ශී මානව සමාජයක් බිහිවන බව විශ්වාසයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එය වන දින වැඩි ඈතක නොවේ. ඒ සඳහා පරමාදර්ශ දිය යුත්තේ ද අපමයි.

      Delete
  3. මේකට පබ්ලිසිටියක් දෙන්න ලෝගෝ එකක් එහෙම නැතෙයි... නැත්නම් ඉතින් උඹේ මූනත්තහඩුව තමයි එල්ලන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ලෝගෝ පිංතුරයක් එක්කයි දාල තියෙන්නේ මාතලන් සහෝ.වෙනම ලෝගෝවක් තාම හැදුවේ නෑ.

      Delete
    2. ඕකටම පැත්තකින් සිංහ කොඩියක් දැම්මනම් ඇති මයේ හිතේ...

      Delete
  4. ඔන්න මමත් ඇප්ලයි කළා. කොහොම වුනත් රසට ලියන්න හැකියාව හදාගත්තොත් කියවන පිරිස වැඩිකර ගන්න පුළුවන්.මෙවැනි මග පෙන්විම් අලුත් අයටත් අපටත් දෙපිරිසටහ හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔබව ඇඩි කළා දැන් හැම පෝස්ට් එකක්ම g+ හරහා එම පිටුවට දාන්න හැකියි.

      Delete
  5. ස්තුති යි තොරතුරට. බොහෝ කලකින් සමකය වටේ පෝස්ටුවක් දැක්කේ.

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස් ටිකේ කොළඹින් බැහැරවයි හිටියේ.

      Delete
  6. මමත් රික්වෙස්ට් කළා.

    ReplyDelete
  7. මේ වගේ ගුගල් සමුහ නම් දෙක තුනක්ම කලිනුත් පටන් ගත්තා වගේ නම් මතකයි. ඒත් බුකියට වෙලා ඉන්නවා මිස ඕවට යන අය අඩුයි නේ. පබ්ලිසිටියක් දීලා මේකවත් නග්ගලා ගමු. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මට ඒ උදව්ව කරලා දෙන්න හැකි විදියට. ඉදිරියට ගූගල්+ තමා නැගලා යන්නේ

      Delete
  8. ස්තුතියි මිත්‍රයා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි අයිලාෂ්

      Delete
  9. ඔන්න මමත් අරක මිරිකුවා. දැන් මං දාන එව්වා නිකම්ම මේකට වදිනවද අයියේ

    ReplyDelete
    Replies
    1. ෂිහ්..විතරක්....ඔබන්න ඔනේ එවුවත් මිරිකනවා...

      Delete
    2. පෝස්ට් එක පබ්ලිෂ් කරන කොටම G+ ඔබලා ෂෙයා කරන්න. එතකොට මේ පිටුවට ලිංකුව එකතු වෙනවා

      Delete
  10. ඔන්න මාත් එකතු වුණා.

    ReplyDelete
    Replies
    1. ඔයාව නොගෙන ඉන්නවද අනේ..

      Delete
  11. Google+ පටන් ගත්ත එක හොඳයි හැබැයි බුකිය තරම් අපේ රටේ නම් ප්‍රසිද්ධ නෑලු කියලයි කියන්නේ. මම නෙවෙයි සංඛ්‍යා ලේඛණ වාර්තා :D හැබැයි US වගේ නම් ජනප්‍රියයිලු. මේ + වල hangout සීන් එක නිසා මෙහෙත් දැන් දැන් හැමෝම සෙට් වෙනවා වගේ එකක් තියෙයිලු. වැඩේ හොඳයි ! ජය !

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් අයිතියත් ගූගලාට හැමදේම උගේ. ඉතින් ඉදිරියේ වඩාත් ජනප්‍රිය වන්නේ g+ තමා. ඒකයි මේක ඇටෙව්වේ.කල් තියා සූදානමක්. දැන් බුකිය වල් වැදිලා වගේ වෙලානේ.

      Delete
  12. එබුනේ නෑ වගේ තේරුණ නිසා බටොං එක තුන්පාරක්ද කොහෙද එබුවා ඕං.

    ReplyDelete
    Replies
    1. එබිලා තියෙන්නේ. වැඩේ හරි.

      Delete
  13. මාවත් ගන්ඩෝ.......................

    ReplyDelete
  14. ඔන්න මාත් එනෝ...

    ReplyDelete
    Replies
    1. ඔයාවත් ඇඩ් වෙලා ඉන්නේ.

      Delete
  15. මාව ස්පෑම් වෙලාද බලන්න අයියේ.

    ReplyDelete
    Replies
    1. අපෝ නැ මේ ඉන්නේ අගේට. එකක් ස්පෑම් වෙලා තිබුණා එය දැම්මා දැන්.

      Delete
  16. මමත් ඉන්නවද දන්නේ නැ?

    ReplyDelete
    Replies
    1. ඉන්නවා දැනටම ඇඩ් වෙලානේ.

      Delete
  17. මාත් ඉල්ලුම්පත්තරය දැම්මා....

    ReplyDelete
    Replies
    1. ඇඩ් වෙලා තියෙන්නේ

      Delete
  18. නියම වැඩක් ඔන්න අපිත් සෙට් උනා සින්ඩි වල තියන දාහක් නීති රීති නැති එකනම් හොඳා ජයවේවා...

    ReplyDelete
    Replies
    1. සිංහල බ්ලොගක් ලියනවනං එපමණයි. වෙන නීති නැත.

      Delete
  19. මාවත් ඇතුල්කර ගන්ටෝ... මං නං අලුතෙන්ම ආවේ. තාම දවස් 3යි.

    ReplyDelete
    Replies
    1. අලුත් පරන කතාවක් නෑ හැමෝටම එන්න හැකියි. ඔන්න ඇතුළු කළා

      Delete
  20. Replies
    1. ඔයා නැතුව කොහොමද අනේ

      Delete
  21. නියම වැඩක්.
    අපි ඉතිං බ්ලොග් ලියන්නෙ නැහැනෙ. :D

    ReplyDelete
    Replies
    1. එතකොට අර ලොවෙත් නැති කොන්ක්‍රීට් බ්ලොගය..?

      Delete
    2. ලියන්නැති වුණාට කියවනවනේ එයාලටත් වටිනවා.

      Delete
  22. ඔන්න මාත් එබුවා අරක, මාවත් එල්ලාගන්ටෝ.....

    ReplyDelete
    Replies
    1. එබිලා තිබුණා. වැඩේ හරි.

      Delete
  23. ගිහින් බැලුවා ඒ උනාට අපිව ගන්නේ නැහැ නේද ? ඒ උනාට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ නොගන්නේ බ්ලොග් ලියන කියවන සැමට තමා මේ සමුහය.ලිංකුවෙන් ගිහින් ඇඩ් වෙන්න.

      Delete
    2. මාත් එබුවා මාවත් ගන්නෝ

      Delete
  24. ඔන්න පුංචියට පටන්ගත්ත මගේ බ්ලොග් එකත් එල්ලුවෝ....

    ReplyDelete
  25. මාවත් දාගනින්. ඔන්න Apply කලා. මේ දවස්වල ලියන්නනම් වෙලාවක් නෑ

    ReplyDelete
    Replies
    1. හරි හරි දාගත්තා දාගත්තා.

      Delete
  26. එබුනද මන්දා...?

    ReplyDelete
  27. බොහොම ස්තුතියි නලින් .. ඉල්ලුවා/

    ReplyDelete
  28. මමත් ආවද මන්ද? ටිකක් බලන්න නලින්.. මේ තාක්ෂණික වැඩ මට ඒ හැටි තේරෙන්නෙ නැහැ...

    ReplyDelete
  29. ඔන්න මාවත් ගන්නෝ....................

    ReplyDelete
  30. මාවත් ගන්නෝ....

    ReplyDelete
  31. මාත් add උනා... ඇසෙප්ට් කරන්න :)

    ReplyDelete
  32. හොඳ වැඩක් නලින් අයියා.. ඔන්න මාත් ඔලුව දැම්මා.

    ReplyDelete
  33. මට නං ටියුබ් ලයිට්. බ්ලොග් පෝස්ටුවක් ලියාගෙන පාඩුවෙ ඉන්නව. :-)

    ReplyDelete
  34. @සරත් ලංකාප්‍රිය,තරුරසී,ජීවිතය සුන්දරයි.සමනළී,Dulan Kalhara,Chandana,රාජ්.....

    ඔබ සියලු දෙනාවම ඇඩ් කළා. රාජ් බ්ලොග් පෝස්ට් එක පබ්ලිෂ් කරන වෙලාවෙම g+ එකට පිටුවේ නමත්(Google+ සිංහල බ්ලොග් සමාජය) සිලෙක්ට් කර පබ්ලිෂ් කරන්න.

    ReplyDelete
  35. ඉල්ලුම් පත්තරයක් එව්වා :D

    ReplyDelete
  36. meka mata godak wadagath wuna, godak sththuthi karanawa kiyala dunnata. Mamath blog ekak patangaththa, eth kattiya wadiya ne, liyana widihe waraddakda manda; kohomatath asawata blog eka patangaththe... Me widihatath balannamko...
    :)

    ReplyDelete
    Replies
    1. අපි එන්නං ඒ බ්ලොග් එක බලන්න. කට්ට්යත් එවන්නං. බ්ලොග් කලාවට තවත් යාලුවෙක්...

      Delete
  37. එල එල මාත් දැම්මා

    ReplyDelete
  38. බුද්ධි තරුවා දෙන්නම ඇඩ් කරලා තියෙන්නේ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT