රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-07-23

නවකතාකාරයන්ගෙන් 90%ක් විකටයෝ - අමරෙගේ පොත් විචාර


“කන්දේ වීදිය” නවකතාව මොංගල් ළමයකු හදන සෙල්ලම් ගෙයක් බඳු ය.ඊට පාටක්, හැඩයක් හා අනාගත රටාවක් නැත. තැනින් - තැනින් උකහාගත් කෑලි එකට පූට්ටු නො වේ. කතුවරයා මොන - මොනවාදෝ කියන්නට තටමන’මුත්; ඒ කිසිවක් කාටවත් වැටහෙන්නේ නැත. සමාජ විඥානයක් හා දේශපාලනයක් නැති අයට මොන නවකතා ද?



කපිල කුමාර කාලිංග
කලියුගයෙහි සිංහල නවකතාකරණයෙහි යෙදී සිටින බොහෝ දෙනා කවටයෝ ය. ඔවුන් කෑලි පුරුද්දා කතාවක් ගෙතීමට වෑයම් කරන’මුත් පාඨකයාගේ චින්තනයට වැදගත් යමක් එකතු කරන්නේ නැත. එබන්දක් කළ හැකි විඥානයක් ද ඔවුනට නැත. ඉතිහාසකාරයා අතීත සිදුවීම් දින-:වර්ෂ සමඟ ඉදිරිපත් කරමින් කතාවක් ඇදබායි. එහෙත් ඉතිහාසඥයා එසේ නො වේ. ඔහු අතීත සිදුවීම් විචාරාක්ෂියෙන් ගෙන ඒවා සමාජ දර්ශනයක් තුළ පෙළ ගස්වයි. එම පෙළගැසීම සිදු වන්නේ අර්ථවත් දෘෂ්ටියක් මුල් කරගන ය.

නිකම් ම කතා කියන විකටයා හා සාර්ථක නවකතාකරුවා අතර ද එබඳු බරපතළ වෙනසක් පවතී. නවකතාකරුවාගේ අරමුණ ප්‍රහර්ෂය උපදවන අමුතු කතාවක් කීමෙන් ඔබ්බට ගමන් කරයි. හොඳ නවකතාකරුවා නිතැතින් ම බුද්ධිමතෙකි. දාර්ශනිකයෙකි. චින්තකයෙකි. ඔහුට සමාජය ගැනත්; ජීවිත ගැනත් පුළුල් වැටහීමක් තිබේ. සමාජ දැක්මක් නැති නවකතාවට පැවැත්මක් නැත. එබඳු නවකතා ගැන සංවාදයක් මතු වන්නේ නැත. ඒ බව අපගේ කතාකරුවා වටහා ගත යුතු ය.

මෙහි ලා සැලැකිය යුතු තවත් වැදගත් කරුණක් තිබේ. එනම්; ඕනෑ ම නවකතාවක් සාකල්‍යයෙන් ම ගැළපෙන්නේ එම නවකතාවට පසුබිම් වූ සමාජයට, භාෂාවට හා සංස්කෘතියට යන්න යි. එකී ප්‍රබන්ධය ම වෙනස් සමාජයකට, වෙනත් භාෂාවකට හා වෙනත් සංස්කෘතියකට මුදාහළ කල්හි එහි හොඳ ම කෑලි හැලීයයි. හොඳම අර්ථ සිඳී යයි. අන්තිමට ඉතිරි වන්නේ හොඳ ම කෘතියක සැකිල්ල පමණි. නැතහොත් වලිගය පමණි.

මාර්කේස් දෙවියකු ලෙස සලකා ඔහු අනුකරණයට යන අයට හසු වී ඇත්තේ එම වල්ගය පමණි. ඇතමකුට වල්ගයවත් හසු වී නැත. කොයියෝ බ්‍රහ්මයකු කොට සලකන අයට හසු වී ඇත්තේ ද ඒ ටිකම ය.
අපේ සෝභන ප්‍රබන්ධකාරයෝ දසක දෙකක් පමණ තිස්සේ නව ආඛ්‍යාන හා අලුත් ආකෘති සොයමින් ඉබාගාතේ ඇවිදිති. ඇතැම්හු සමාජය හා ජීවිත පිළිබඳ උගැන්ම පසෙක ලා අලුත් රටා පමණක් කොපි කරති. මේවා සිංහල නව කතාවේ ඇති විහිළු මිස අත්හදාබැලීම් නො වේ. ආඛ්‍යානය ගලා එන්නේ අපේ සම්ප්‍රදාය ඔස්සේ මිස බලහත්කාරයෙන් ඇඟට දමා ගන්නා පිටරට රටා ඔස්සේ නො වේ.

අප මෙබඳු විවේචනයකින් මේ සටහන පටන් ගන්නේ නවකතාව ගැනත්, එහි ෂචාරය ගැනත් බහුභූත මත ප්‍රචලිත ව ඇති බැවින් ය, ඒ මත, නවකතා තෝරා සම්මාන දෙන විනිශ්චය මණ්ඩල වෙත ද ගලා ගොස් ඇති බැවින් ය.

අද අපගේ අවධානයට යොමු වන “කන්දේ වීදිය” නවකතාව කපිල කුමාර කාලිංග මහතාගේ දෙවන ප්‍රබන්ධය ලෙස දක්වා තිබේ. ඔහුගේ පළමු නව ප්‍රබන්ධය “පියැසි කවුළුව“ නම් වේ. ඊට ගිය වසරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානය ලැබී ඇත. සම්මානයක් ලැබු පමණින් ම එම කෘතිය විශිෂ්ට වන්නේ නැත. එමෙන් ම සම්මානයක් ලැබූ පමණින් ම ලේඛකයා ප්‍රබුද්ධයකු වන්නේ ද නැත. කපිල ගේ දෙවන නවකතාව වූ “කන්දේ වීදිය” ද 2013 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයේ තෙවන වටය සඳහා තෝරාගෙන තිබේ.

මේ නවකතාවේ පසුතලය නමසිය තිස් ගණන්වල ශ්‍රී ලංකාව යැයි සිතිය හැකි ය. ඉතා සරල සමීකරණයකට ගියහොත්, එකල ස්වදේශික පොදු සමාජය තුළ ප්‍රධාන අපේක්ෂා දෙකක් පැවැතිණි. පළමුවන්න සුද්දා පලවා හැර රටට හා ජාතියට පූර්ණ නිදහසක් ලබා ගැනීම ය. දෙවන්න ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වු වතු වගාව ඔස්සේ ධනවතකු බවට පත්වීම ය. හෙවත් ආදායම් ඉපැයීම ය. කුල භේද, කම්කරු සටන්, ප්‍රාදේශීය වාද වැනි සමාජ සංකල්ප හා ක්‍රියාකාරකම් අප ඉහත කී ප්‍රධාන ධාරා දෙක තුළ ගමන් කළේ ය.

කපිල ගේ කතා වස්තුව තුළ පරම්පරා දෙකක් නියෝජනය වේ. එක් පරම්පරාවක් කොර්නේලියස් නැතහොත් පියාගේ ස්වදේශික චින්තනය සහිත සමාජ කණ්ඩායමෙන් නියෝජනය වේ. අනෙක් පරම්පරාව බ්‍රිතාන්‍යයෙන් උසස් අධ්‍යාපනය ලබා, නිදහස් චින්තනයට හුරු වන ලොයිඩ්ගේ සමාජ කණ්ඩායමෙන් නියේජනය වේ. මේ පරම්පරා දෙක අතර හැමවිට ම ගැටුමක් පැවැතිණි. එය එදාට -අදට මෙන් ම හෙටටත් පොදු සත්‍යයෙකි. කලකට පෙර ලෝක නවකතාවේ කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ද ඉහත කී පාරම්පරික ගැටුම නිරූපණය කිරීම ය. 

“කන්දෙ වීදිය” නවකතාවේ එබඳු ගැටුමක් නිරූපණය වන්නේ නැත. කතුවරයා එය හිතා මතා ම අමතක කර ඇති සෙයකි.
ලොයිඩ් යනු මේ කතාවේ ප්‍රධාන චරිතය යි. මේ චරිතය ඔස්සේ බොහෝ දේ කීමට කතුවරයා වෑයම් කරන’ මුත්, එක දෙයක් හෝ හරියට නිරූපණය වන්නේ නැත. ඔහු තාර්කික ලෙස හැසිරෙන්නේ නැත. එහි අනෙක් අර්ථය වන්නේ ලොයිඩ් ජීවමාන නැත යන්න යි. කතුවරයා -විකෘති සමාජ සමාජ රටාවක් තුළ ඉපැදෙන ‘බොහීමියන්” චරිත යක් නිරූපණය කරන්නේ ද? ජීවිතය ආදරය හා සමාජ පරිණාමය අතර කිසිවක් ගවේෂණය කරන්නේද? ඉතිහාස කතාවක් කියන්නේ දයන්න පැහැදිලි නැත. ඔහු එහෙන්-මෙහෙන් අවුලා ගත් සිද්ධිවලින් කතාව ගැළපීමට උත්සාහ කරයි. ඇතැම් සිද්ධියක් වේගයෙන් වාර්තා කරයි. තව සිද්ධියක් විස්තාරණය කරයි. කුමක් වුව ඉතා වේගයෙන් කතාවක් කියා නිම කිරීමේ වුවමනාව මේ කතාකරුට තිබේ.
කන්දේ වීදිය යනු එල්ලයක්, අරමුණක්, ඉලක්කයක් හා දෘෂ්ටියක් නැති නවකතාවෙකි. නවකතාවකටත් වඩා එය සමීප වන්නේ විවිධ සිදුවීම් පිළිබඳ වාර්තා සමූහයකට ය. චරිත නිරීපණය නවකතාවක ප්‍රධාන ශිල්පීය ලක්ෂණය ලෙස ගතහොත්, මේ ප්‍රබන්ධය තුට්ටුවකට වටින්නේ නැත. නිදසුනකට ප්‍රධාන චරිත වූ ලොයිඩ් ගත හැකි ය. ලොයිඩ් හැසිරෙන්නේ පඹයකු මෙන් ය. ඔහුට හැඟීම්-දැනීම් නැත. සරෝජනී හා ලොයිඩ් අතර සම්බන්ධය, ඈන් හා ලොයිඩ් අතර සම්බන්ධය, සුබා හා ලොයිඩ් අතර සම්බන්ධය, මේවා හැඟීම් දැනීම් නැති ව ඔහේ විස්තර කරගෙන යන හැටි මේ පොතෙන් උගත හැකි ය.

ලොයිඩ්ගෙන් ජීවිතය ගැන පාඩමක් උගත හැකි ද? පුළුවන්කමක් නැත. ලොයිඩ්ගෙන් ආදරය ගැන උගත හැකි ද? පුළුවන්කමක් නැත. ලොයිඩ් නිසා ජීවිතය ගැන කළකිරීමක් හෝ අතෘප්තියක් හෝ ඇති වන්නේ ද? කිසිසේත් ම නැත. ලොයිඩ් යනු තනිකර පඹයෙකි. ඔහු හොඳත් නැත. නරකත් නැත. ශීතලත් නැත. රස්නෙත් නැත. සිය කතාවේ ප්‍රධාන චරිතය පෙළගැස්වීමට බැරි ප්‍රබන්ධකාරයා සංකීර්ණ චරිත නිරූපණයක යෙදෙන්නේ කෙසේ ද?

කපිල කුමාර කාලිංග කෙතරම් ප්‍රාථමික අඩියකට වැටී ඇත්දැ’යි කිවහොත්, ඔහු සිය කථා විකාශනය සඳහා බාල ගණයේ උපාය මාර්ග පාවිච්චි කරයි. කතාව ඉදිරියට ගෙන යා නොහැකි නිසා සරෝජනී ලොයිඩ් ගෙන් වෙන් කරන කතුවරයා ඊළඟට කිසිදු තර්කයකින් තොරව සුබා මරා දමයි. ඈන් පිටරට පදිංචියට යවයි. සුබාට වෙඩි වදින්නට කිසිදු හේතුවක් නැත. එහෙත් කතුවරයා ඉදිරියට පැන සුබාට වෙඩි තබයි. ඊළඟට කතාව තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා සරෝජනී ශ්‍රී ලංකාවට ගෙන්වයි. මේ සියල්ල බොළඳ ගණයේ උපාය මාර්ග බව පාඨකයෝ දනිති. නවකතාව පිළිබඳ කතුවරයාගේ ශිල්ප ඥානය අන්තිම දුර්වල ය.

“සුබා මිය යන්නට දෙමසකට පමණ ඉහත ඇගේ මව ද මිය ගියා ය. සුබාගෙන් ගත් ඉඩම විජේරත්නට අඩු මිලකට විකුණන්නට සිදුවූයේ වෛද්‍යවරුන්ගේ හා බෙහෙත් පොත්වලට විය පැහැදම් සඳහා ය. වලව්ව වසා දමා ඇත. වත්ත කෙළවර පැලක පුංචි කිරා වෙසෙයි. එය ද විකුණා දමන්නැ’යි ලොයිඩ් රාජාට කීපවරක් ම කියා ඇත.”
(කන්දේ වීදිය පිටුව 243)
සිදුවීම් හා චරිත තර්කානුකූලව ගළපමින් ජීවිතය ගැනත්; සමාජ හැසිරීම් ගැනත් ගවේෂණයක යෙදෙනු වෙනුවට කතුවරයා ඉදිරියට පැන හේතු දක්වමින් තව දුරටත් කතා විස්තාරණයට ඉඩ ඉල්ලා සිටී. මේ අතේ පත්තුවෙන බොරුවලින් පාඨකයා තැම්බීමට පුළුවන්කමක් නැත. කතා වස්තුවක් ශක්තිමත් ලෙස ගොඩනැඟීමට ඇති නොහැකියාව මෙබඳු බේගල් ඔස්සේ මොනවට සනාථ වේ. මෙහි අනෙක් පාර්ශ්වය වන්නේ නවකතාවට පසුබිම් වූ කාලපරිච්ඡේදයෙහි සමාජ යථාර්ථය පිළිබඳ වැටහීමක් ද කතුවරයා ළඟ නො වීම ය. ඔහු විශාල බොරුවක් කරන බව ඉතා පැහැදිලි ය.

කපිල කුමාර කාලිංග මහතා පාඨකයා මුළා කිරීම සඳහා තවත් කපටි උපාය මාර්ගයක් යොදයි. ඒ රොමෑන්තික සංවාදවලින් හා කවිවලින් සිය අන්තර්ගතය පුරවා දැමීම ය.

“මුරකාවල් දාලවත් කාලය නතර කරගන්න බැහැ”
ආපසු ගමනට සැරසෙමින් සිටි සරෝජනී සිනාමුසුව කීවා ය.
“සරෝජනී ආපසු එනව නේ ද?”
“ජීවිතේ කියන්නෙ යාම් ඊම් තමයි”
“පුළුවන් ඉක්මනට එන්න”
“ලොයිඩ් නගරාධිති වුණාට පස්සේ මං එන්නං”
සරෝජනී කළේ විහිළුවක් ම නොව ඉල්ලීමකි.
කන්දේ වීදිය පිටුව 255

“මට උගන්නපු බෙංගාලි ගුරුතුමියක් බුද්ධාගමේ එන සමහර සූත්‍ර සහ ගාථා මට කියලා දීල කිව්වා තාගෝර්තුමාගෙ ගීතාංජලිය වගේ කාව්‍ය සංග්‍රහයක් කරන්න කියලා. ගුරුතුමී කියපු එක අදහසක් මට තාම මතකයි”

“ගිය කල ලුහු බැඳ නො යන්න
මතු කල නොපතා සිටින්න
ගිය දේ ගිය සේ ම ගන්න
මතු ව නො පත් සේ දකින්න”
ලොයිඩ් දෑස් පියාගෙන අසා සිටියේ ය.

ඉහත උපුටනවලින් දැක්වෙන්නේ නවකතාකරුවා කතාවට බලහත්කාරයෙන් එකතු කරන ලද සැරසිලි ය. මේ සැරසිලිවලට අවශ්‍ය කේක් ගෙඩිය කතා වේ නැත. කේක් හදන සූපවේදය මෙන් ම නවකතා ලියන ශිල්ප ක්‍රම ද ඉගෙනීම වැදගත් ය.


රන්ජන් අමරරත්න
මේ ලිපිය හෙට(24) දිනමිණ පුවත් පතෙන් ද කියවිය හැක

33 comments:

  1. නලින් අයියා මේ වගේ එකක් උපුටා දැන්මේ ඇයි කියල මට ටිකක් හිතා ගන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. උපුටා ගැන්මක් නොවේ මෙය ලියන රන්ජන් මුලින්ම මට දෙනවා මේ අඩවියේ දාන්න කියලා. ඔහුගේ පූර්ණ අනුමැතිය ඇතිවයි මේ විචාර සටහන සමකය අඩවියේ පළවන්නේ.

      Delete
    2. රන්ජන් ඔයාට දෙනවා.... ඔයා මහින්දට දෙනවා...

      Delete
    3. හිහි.. හිහි..

      Delete
    4. ජොකා නැතුව කඩේ යන මූට මේව කියල වැඩක් නෑ.

      Delete
  2. කපිල කුමාර කාලිංග ගැනත් මෙහෙම කියනවා නම් තව කතා කරලා වැඩක් නැහැ නලින් අයියේ. මේ විචාරය කියෙව්වේ වත් නැහැ කොටින්ම.. ( ඒ උනාට කමක් නැහැ දිගටම අමරෙගේ විචාර දාන්න.. විවේක වෙලාවට කියවන්න හොඳයි )

    ReplyDelete
  3. කපිල කුමාර කාලිංග ගැනත් මෙහෙම කියනවා නම් තව කතා කරලා වැඩක් නැහැ නලින් අයියේ. මේ විචාරය කියෙව්වේ වත් නැහැ කොටින්ම.. ( ඒ උනාට කමක් නැහැ දිගටම අමරෙගේ විචාර දාන්න.. විවේක වෙලාවට කියවන්න හොඳයි )

    ( මෙන්න මේ වගේ කමෙන්ට් එකක් ස්පෑම් එකේ තියෙනවද බලන්න..)

    ReplyDelete
    Replies
    1. ඔන්න දෙකම තියනවෝ.

      Delete
  4. පොතක් කියවන්නේ නැතිව මම වෙන කෙනෙකුගේ විචාරයක් බලලා පොත ගැන තීරණය කරන්න කැමති නෑ. ඒත් මේ විස්තරේ කියපුවාම නම් ඒක සාධාරණයි කියලාත් හිතෙනවා. ඒත් අර මුලින්ම දාපු උපුටනය සැර වැඩි නැද්ද මන්දා?
    //“කන්දේ වීදිය” නවකතාව මොංගල් ළමයකු හදන සෙල්ලම් ගෙයක් බඳු ය.ඊට පාටක්, හැඩයක් හා අනාගත රටාවක් නැත. තැනින් - තැනින් උකහාගත් කෑලි එකට පූට්ටු නො වේ. කතුවරයා මොන - මොනවාදෝ කියන්නට තටමන’මුත්; ඒ කිසිවක් කාටවත් වැටහෙන්නේ නැත. සමාජ විඥානයක් හා දේශපාලනයක් නැති අයට මොන නවකතා ද?//

    මේ වගේ එකක් දැක්කාම ආයේ අර මනුස්සයාට ලියන්න හිතෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  5. මචං අමරෙ,ඉතිරි 10% කඩේ යන එව්වොද ?

    ReplyDelete
  6. විවේචනය,
    කපිල කුමාර කාලිංග,
    මුවහත් කරන ගලක් වේවා !

    කපිල කුමාර කාලිංගත්
    නොයෙක් දක්ශතා පිරි ඇමරිකානු
    පුරුසයෙක්.
    ඒ නිසා ඔහුගේ කෘතිය නොකියවා විවේචනය හොඳ නෑ.

    ReplyDelete
  7. මෙහි විචාරකයා වනාහී සියල්ල දත්තෙකි. ඔහු නවකථාකරුවා යනු කවර ආකාරයේ පුද්ගලයකු විය යුතුද යන්න පිළිබඳව තම නිගමනය අප වෙත ඉදිරිපත් කරයි.

    දෙවනුව ඔහු නවකථාව ගැන ඔහුගේ නිගමනය අප වෙත ඉදිරිපත් කරයි. නවකථාව යනු කුමක්ද යනු අදටද විවාදාපන්න මාතෘකාවකි. එහෙත් මේ විචාරක මහතාට තමන්ගේම වන නවකථාව යනු මෙවැන්නක් වියයුතුය යන දෘඩ අදහසක් පවතී. ඉන් පරිබාහිර සියල්ල ඔහුට අනුව විකටයන්ගේ නන් දෙඩවිලිය.

    ඔහු ඉතා සරල සමීකරණයකින් ( මේ ඔහුගේම වචනයි ) නවසිය තිස් ගනන් වල ලාංකීය සමාජය තුල පැවති අපේක්ෂාවන් දෙකකට සීමා කරයි.එකක් සුද්දා පළවා හැරීමය. දෙවැන්න වතු වගාව ඔස්සේ ධනවතකු වීමය. මෙසේ ඔහු පවසන්නේ ඉතාම ස්ථිරවය. ඉන් පරිබාහිර කිසිවකු, එනම් මේ අරමුණු දෙකෙන් පිට වෙනත් අරමුණු ඇත්තන් හෝ කිසිදු අරමුණක් නැත්තකු නවසිය තිස් ගණන් වල සිටියේ නම් ඔහු ස්වදේශික පොදු සමාජයට අයත් නොවේ.

    සමාජය හෝ ජීවිතය හෝ ඉතා සරළ සමීකරණවලින් අර්ථ දැකිවිය නොහැකිබව විචාරක මහතා නොදනී. නැතොත් ඔහු හිතාමතාම ඒ අමතක කරයි.

    ඔහු ලෝක නවකථාව ගැනද කථා කරයි. ලෝක නවකථාව යනු කුමක්දැයි දන්නේ ඔහුම පමණි. ඔහුම කියන පරිදි කලකට පෙර ලෝක නවකථාවෙහි කැපීපෙනෙන ලක්ෂණයක් වූයේ පරම්පරා ගැටුම නිරූපණය කිරීමය. කපිල කුමාර කාලිංග එසේ නොකිරීම ගැන ඔහු කපිලට දොස් පවරයි. ඒ අනුව කලකට පෙර තිබූ "ලෝක " නවකථාවෙහි ලක්ෂණ ( මෙසේ තිබුණායයි පවසන්නේද ඔහුමය ) තව දුරටත් තිබිය යුතුමය. නවකථා ලියන්නන් ඒ ලක්ෂණ හිස් මුදුනේ තබා ගරු කල යුතුය. එසේ නොවන්නේනම් ඒ ලියන කිසිවක් නවකථා නොවේ.

    කලකට පෙර තිබුණු සියල්ල එලෙසම පවතින්නෙ නැත. විචාරක මහතාණනි...කලකට පෙර රාජ්‍ය සේවකයින් ගස් බඳිනු ලැබුවේ නැත. කලකට පෙර ගුරුවරියන් දණ ගස්වනු ලැබුවේ ද නැත.එහෙත් අද එසේ සිදුවෙයි. නවකථාව ද එසේමය.එහි ආකෘතිය, ස්වභාවය දිනෙන් දින වෙනස් වෙයි ලෝක ස්වභාවය එයයි.ඔබ එසේ පිළිගත්තද නොපිළිගත්තද ඒ පරම සත්‍යය එසේමය.

    එසේම විචාරක මහතාට අනුව නවකථාවකින් ආදරය ජීවිතය ගැන පාඩම් කියාදිය යුතුය. ඔහුට අනුව නවකථාකරුවා යනු ගුරුවරයෙකි, පාඨකයෝ ඔහුගේ ශිෂ්‍යයෝ වෙති.

    " ඔබේ නවකථාවකින් සමාජයට යම් පණිවිඩයක් දෙන්නට ඔබ උත්සාහ කරන්නේද? "

    " පණිවිඩ දෙන්න නවකථා ලියන්නෙ මොකටද? ඒකට අර තැපැල් කන්තෝරුවට ගිහිල්ල ටෙලිග්‍රම් එකක් ගැහුවම ඉවරනෙ. "

    මේ මට මතක අයුරු පුවත්පත් වාර්තාකරුවකු සහ ඩබ්. ඒ. සිල්වා මහතා අතර දෙබසකි. හුදු කවටකමකට එහා යන අරුතක් එහි ඇතිබව මම සිතමි.

    නවකථාකරුවා පාඨකයාට පණිවිඩයක් දීම කෙසේ වුවද මේ විචාරය පළකිරීම මඟින් නලින් අපට පණිවිඩයක් ලබා දෙයි. එනම් කිසිම විටක දිනමිණ පත්‍රය නොකියවිය යුතු බවය.

    ඔබගේ පණිවිඩයට ස්තූතියි නලින්.....

    ReplyDelete
    Replies
    1. // මේ විචාරය පළකිරීම මඟින් නලින් අපට පණිවිඩයක් ලබා දෙයි. එනම් කිසිම විටක දිනමිණ පත්‍රය නොකියවිය යුතු බවය.//

      ඒ පණිවිඩය අපිට ලැබුනෙ මෙයාගෙ බ්ලොග් කියවන්න ගත්ත දවසෙ ඉදලමයි.....

      Delete
    2. බොහොම ස්තූතියි රවි අයියා... මාත් කාලයක් තිස්සේ අමරෙගේ මේ විචාර වලට අදහස් දැක්වීමෙනුත් වැලකිලා හිටියේ විචාර නිසා කතුවරු තමන්ගේ වැරදි හදාගන්නවා කියලා සමහරු කියන නිසා... ඒත් ඉතිං වරුදි හදා ගන්නත් මිනිස්සු පොත් අරන් කියවන්න එපැයි.. මේ විචාර කියෙව්වම පොතකට රුපියල් 300ක් 400ක් වියදම් කරන්න හිතෙනවද...

      කොහොමත් දිනමිණේ පිටු ටික පුරෝගන්නත් මොනා හරි එපැයි.... හි හි

      Delete
    3. අදහස් වාරණයක් වන්නේ නෑ හිරු... කියන්න තියන දෙයක් කියන්න හැකියි..
      අපි පිටු ටික පුරෝගන්නං ඒ ගැන නම් කරදර වෙන්න එපෝ...

      Delete
    4. ඉතාම ස්තුතියි රවි අදහස් දැක්විමට.
      නවකතාව, සාහිත්ත්ය කලාවක් කියලා නොදන්න මේ ලියුම් කරු විචාරය කියන්නෙත් කලාවක් කියලා කොහොම දැන ගන්නද.
      නලින්ට පුලුවන්නම් ගිහින් කියන්න, සාහිත්ය- සන්ගීතය වාගේ දෙවල් විශ්ව භවල් මිස සින්හලයට හෝ ඉන්ග්‍රිසියට හෝ අයිති නැති බව.
      ///“කන්දේ වීදිය” නවකතාව මොංගල් ළමයකු හදන සෙල්ලම් ගෙයක් බඳු ය.ඊට පාටක්, හැඩයක් හා අනාගත රටාවක් නැත. තැනින් - තැනින් උකහාගත් කෑලි එකට පූට්ටු නො වේ. ///////
      මෙවැනි මුග්ධ ප්‍රකාශයක් මානව හිමිකම් ඇති රටක හෙම කලානම් , එ ටිකම ඇති නීතිය ඉදිරියට කැදවන්න.
      කොහොම උනත් එ ප්‍රකශයෙන්ම පෙනව ලියුම් කරුට සන්වේදි හදවතක් තිය නිකන්ම නිකන් හදවතක්වත් නැති බව.

      Delete
    5. ** විශ්ව භාශාවල්

      Delete
    6. පොත් කියවනවා වාගෙම විචාර කිය වීමත් මගෙ පුරුද්දක්.
      එත් මෙවැනි විචාර වලත්, මඩ චන්ද පොස්ටෙර වලත් වැඩි වෙනසක් නෑ වගෙයි.

      Delete
  8. පොත නොකියවා විචාර කියවීම වින්දනයට බාධාවක් බවයි මගේ හැගීම... කොහොම උණත් මේ විචාර පැත්තකින් තියල නිදහස් මනසකින් තමයි කියවන්න ඕ‍න.. දෙන්නම් බැටේ විචාර ක්‍රමයට මං එකග නැහැ... මොකද පොතක් ලියන්න කෙනෙක් අපමණ වෙහෙසක් දරනවා...

    අඩුපාඩු පෙන්වා දීම වැදගත්.... ඇගයීම වැදගත්... නිදහස් අදහස් කියාපෑම වැදගත්... යම්කිසි පිළිවෙලකට...

    කතුවරු මැදිහත් සිතින් විවේචන භාර ගෙන එය තමන්ගේ ලේඛක දිවියට පන්නරයක් කර ගැනීම තමයි අවැසි....

    ReplyDelete
  9. අඩෝ අමරයා... උඹටත් සාහිත්‍ය ඇරියස් තියනවා ද? කපිල වගේ එහෙකුට මෙහෙම ගහන්නේ ඇයි කියහන්. උඹ කැම්පස් එකේ දී දාගන හිටය එකී කපිල ද ඉස්සුවේ. අපි නොදන්න ලයිව්.

    ReplyDelete
  10. සමහර විට ව්චාරය නිසා නොතිබූ වෙළදපලක් හැදෙන්නත් පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්.... මචන් උඹ වගේ චක්කෙකුට....
      දැන් අර ජයවේවා කියන ගොන් ජෝක් එක නැද්ද?

      Delete
    2. තියනවා ඕනද? ජයවේවා

      Delete
  11. මේ පොත රැගෙන හැකි පමණින් මම ම විචාරය කර ගමියි සිතුවෙමි.

    ReplyDelete
  12. විචාරයක් ඇතිවන තරමට ඒ කෘතියේ නොතිබෙන හෝ නොදකින පැත්තක් වුවත් දකින්න පුලුවන්

    ReplyDelete
  13. අමරේ ගේ පොත් විචාරය කියවු මට විචාර සන්හත්තියම එපා විය,කුජීතම විය,
    කියවු ජරා පොතකට හුනු පිරියම් කිරිමට මට අවශ්‍යතාවයක් නැති මුත් කියවු හොඳ රසවත් පොතකට සිමවෙන් ඔබ්බට ගොස් පහර ගසයි නම් එය කුහක කමකි,ජඩ වඩකි,ලේකකයගේ කකුලෙන් ඇදීමකි,
    අමරේ යනු අපේ වචනයෙන් කියතොත් පත්තර කාරයකි,ලාබ පත්තර කාරයකි,කෙටි කතා පොත් 2 ලියූ පමනින් ඔහු ලක්දිව මහා පොත් විචාරකයා බව හිතයි,ඉන් පසු වල්පල් ගොඩක් ලුනු ඇබුල් දමා විචාරයක් කියා පෙල ගස්වා ප්‍රසිද්ද මාද්‍යයට දෙයි.හොද පොතක ඇති රසය නොහදුනන අද බාලයකි,
    නවකතවක් යනු කතුවරයගේ ලෙයින් උපන් දරුවෙකි,එය උපද්දවන්නට ඔහු ගන්නා මහන්සිය දන්නේ ඔහු පමනි,හෙලු දාහඩිය, කදුලු දන්නේ ද ඔහු පමනි,එබැවින් පහර ගැසිය යුත්තේ හොදින් හිතා බලාය,එසේ ගසනවානන් ගැසිය යුත්තේද සුදුසුකම් ඇත්තෙකි,නමුත් ලාබ පත්තර මල්ලී කෙනෙක්(කෙටි කතා පොත් 2 පමනක් ලියා)එයට රිදෙන්නට පහර ගසියි,විශ්මයනන් නවකතවක් ලියන්නට හිතාවත් නොමැත්තෙක් එයට විචාරයක් ලිවීමයි,
    අම-රේ පවසන පරිදි මෙම පොත මොන්ගල් ලමයකු හදන සෙල්ලම් ගෙයක් වේ,
    එය ස්වර්න පුස්තක තෙවෙනි වටයට නිර්දේශ කරන්නේද තවත් මොන්ගල් ලමුන් පිරිසකි,එ අපේ අමරේ ගේ මතයයි,අමරේ යනු මොන්ගල් ලමුන් ගොඩක් මැද හිදිනා එකම බුද්දිමතාය,දක්ශයාය,නැනවතාය,හොඳම නවකතා විචාරකයාය,
    ඉතින් (අරේ-මරේ) ඔබ වනි උගත් විචාරකයින් සිටිනා මේ හෙලු දිවයිනේ සහිත්‍යයට නිවන් සුව!

    ReplyDelete
  14. if u want to get real comment about "kande widiya" read the artical in iranamvila not this hal paruwa amare's one
    http://iranamvila.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ලිංකුවට ස්තුතියි හිරුක

      Delete
  15. පත්තරේ අතට ගත්තම මම නොවරදවාම කියවන එකක් තමයි රන්ජන් අමරරත්නගෙ විචාර.ඔහුගෙ විචාර සාධාරණයි.මෙහෙම පිස්සු විකාර වලට නවකතා කියපුවම නවකතාව කියන්නෙ මොකක්ද කියල අනාගත පරම්පරාවලට හිතා ගන්න බැරිවෙයි.කපිල කුමාර කාලිංගගෙ නිර්මාන නම් අන්තිමයි කියල තමයි මටත් කියන්න තියෙන්නෙ.මෙයාට සම්මාන එහෙමත් හම්බවුනා කියන නිසා සම්මාන හම්බවෙන පොත් ගැනත් වපර ඇහෙන් බලන්න වෙනවා.ටෙලිනාට්‍ය කලාවටත් වුනේ මේ වැඩේ තමයි.ඇත්තටම රන්ජන් අමරරත්නල වගෙ විචාරකයන් මේ විදියට සාධාරනව විචාර කලාව ගෙන ගියොත් හොද සාහිත්‍යයක් අපට ලැබෙයි.මෙතනදි මම තව දෙයක් කියන්න ඕන මම රන්ජන්ගෙ විචාර මෙහෙම අගය කරන්නෙ ඔහු ස්ත්‍රීවාදයට කිට්ටු අදහස් දරන්නෙක් බව දැන ගෙනයි.පුද්ගලික අදහස්වලින් මට වැඩක් නෑ.මට ඕනෙ හරි දේ.ඔහු අපක්ෂපාතී විචාරකයෙක්.

    ReplyDelete
    Replies
    1. අදහස් විවිධාකාරයි මිතුරු.... සියලු අදහස්වලට ඉඩ ඇත. ස්තුතියි පැමිණීමට.

      Delete
  16. පොත ගැන නම් දන්නේ නැහැ. ඒත් අර කියලා තියෙන අනිත් කොටසේ නම් හිතන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්