සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

මේ වන විට අන්තර් ජාලය හරහා අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. ඒ සම්බන්ධයෙන් නිතිපතා ලැබෙන පැමිණිලි  හේතුවෙන්, කාන්තාවන් බියවද්දා ලිංගික අල්ලස් හා කප්පම් ලබා ගන්නා පරිගණක අපරාධකරුවන් රහසිගතව අත්අඩංගුවට ගැනීමේ ව්ශේෂ වැඩපිළිවෙළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දියත් කර ඇත.

අපරාධයට වරක් ගොදුරුවන කාන්තාව නැවත නැවත විවිධ අපරාධ වලට ගොදුරු කර ගැනීම මේ අපරාධකරුවන්ගේ ලක්ෂණ වන අතර තම අනන්‍යතාව හෙළිවෙතැයි බියෙන් වින්දිත කාන්තාව පොලිසියට පැමිණිළි නොකිරීම වැරැදිකරු නීතියේ රැහැනට හසුනොවීමට හේතු වී ඇතැයි රහස් පොලිසිය පවසයි.

මේ නිසා ‍එවැනි කාන්තාවන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කර ගනිමින් අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට රහස්පොලිසිය කටයුතු කරයි. මේ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ අනුව අන්තර් ජාලය හරහා ක්‍රියාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවේ පරිගණක අපරාධ අංශය පැය විසිහතර පුරා ක්‍රියාත්මකය.

සුරූපි විවාහක කතුන් හා ලාබාල තරුණියන් මෙවැනි අපරාධ වලට ගොදුරුවන බවත් වැඩි වශයෙන් වයස අවුරුදු දාහතර විසි හතර අතර තරුණියන් මේ අපරාධවලට රවටාගෙන ඇති බවටත් පරීක්ෂණ මගින් හෙළිව තිබේ.

මුලින් ‍අපරාධකරුවා පෙම් කරන මුවාවෙන් කාන්තාවන් රවටා විවිධ ලිංගික ක්‍රියාවලට යොදා ගෙන රහසේ රූපගත කර හෝ වීඩියෝ කර අතහැර දමා නැවත අවශ්‍යතාවක් වූවිට හෝ ඔහුගේ මිතුරකු වෙනුවෙන් ලිංගිකව එක්වීමට බලකර කත ඊට අකමැති වූ විට රූගත කළ දර්ශන අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරන බව පවසා දීර්ඝ කාලීන ලෙස ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගන්නා බව ට තොරතුරු අණාවරණය වී ඇත.

මෙසේ බිය ගන්වා මුදල් ලබා ගන්නා අපරාධකරුවන් ද සිටින බව රහස් පොලිසිය පවසයි.
මෙවන් අතවරයකට ලක්ව ඇත්නම් නොපමාව පහත අංක අමතන්න
පරිගණක අපරාධ අංශය - 2326976
ජේෂ්ඨ පොලිස් අධිකාරි පරිගණක අපරාධ අංශය - 2447319
නියෝජ්‍ය පොලිස්පති පරිගණක අපරාධ අංශය - 2328138

25 comments:

  1. පරිගණකය භාවිතා කරන ක්‍රම ගැන නම් ගොඩක් දෙනෙක් දැනුවත් නැහැ..එකක් තාක්ෂණිකව භාවිතා කරන්නේ කොහොමද කියන දේ සහ සමාජීයව කොහොමද භාවිතා කරන්නේ කියන දේ ගැන දැනුවත් නැහැ..

    අපේ බ්ලොග් කරන අයත් එහෙමනේ..ඊ මේල් එක වත් එළි කරන්න අකමැති අය ලෝකෙටම පේන්න ෆොටෝ ඇල්බම් දානවා...


    IP එක බ්ලොක් කරන්න කියලා ප්‍රොක්සි හරහා එනවා..ඒත් එයා දන්නේ නැහැ ප්‍රොක්සි දාපු ගමන් හයිලයිට් වෙනවා කියලා තමන්ව..


    ෆේස් බුක් එක ගැන නම් කතා කරලා වසක් නැහැ..මට කියන්න තියෙන්නේ කොම්පිටුටර් තිර මත මැවෙන සුට්ටන් බට්ටිච්චෝ නෙවේ තිරය පිටුපස ඉන්නේ...

    ප්‍රොෆයිල් පික්චර්ස් වලට අහු වෙන්න එපා..මේකේ බබ්බු නැහැ ...:D

    ReplyDelete
  2. /// කාන්තාවන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කර ගනිමින් ///

    ඇති යන්තම් මෙහෙම එකක් කරන්න දැන් වත් මතක් උනා.. මේවා හරියට කරනවා නම් කරන්න තිබ්බේ අවුරැදු 15කට විතර කලින්... මොකද ලංකාවේ මේවා වෙන්න කලින් වෙන රටවල මේවා උනානේ... ඒවා දැක දැක, බල බල ... අපි එහෙම නෑ , අපි හොඳාාාායි ... කියාගෙන හිටිය නිසා තමයි මෙච්චර සංවිධානය වෙලා මේවා කරන තරම් දුර දිග ගියේ...

    ReplyDelete
    Replies
    1. හි.. හී.....
      හි.. හී......
      හි.. හී......
      හි.. හී......
      හි.. හී.....

      Delete
  3. දැන් වත් ඇස් ඇරුන එක හොදයි. මේවා සංවිධානාත්මකව යි දැන් කරන්නෙ. අපේ කෙල්ලන්ටත් මේවට යනවට හොද පාඩම්.

    ReplyDelete
  4. ඉතාම කාලීන වටිනාකමක් ඇති ලිපියක් නලින්. පිරිමින් රවටා මුදල් ලබා ගන්නා මෙවැනි කාන්තාවන්ද සිටින බව දැනුවත් වන්න.

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි එහෙමද

      Delete
    2. ඇයිබන් අටමො උඹ නිල ආතල් සැපයුම් කරු වෙච්ච බ්ලොග් එකේ ගියෙ හොද විස්තරයක්.... ඔය ලිහිණි තාරුකා කියන එකී බැදපු තලත්තෑනි උදවියගෙනුත් සල්ලි ගත්තලු....

      Delete
  5. මේක මිට කලින් කරන්න තිබුන දෙයක්.....
    පහු වෙලා හරි හරියට කරනවනම් එක බොහොම වැදගත් වැඩක්....

    ReplyDelete
  6. හරියට වෙනවනම් හොඳ වැඩක්!

    ReplyDelete
  7. ඒක නම් හොද වැඩක්ම තමයි...

    ReplyDelete
  8. මං කියන්ට ආපු එක සුදීක අයිය කියල

    අලුත්ම කමෙන්ට් කිරීමේ කලාව :p

    ReplyDelete
  9. ඒක නම් හොඳ වැඩක්.

    ReplyDelete
  10. මේක මටත් වැදගත් වෙන විස්තරයක්. මොකද මාත් වංචාකරුවෙකුට අහුවෙනේ අන්තර්ජාලෙ හරහනෙ.

    ReplyDelete
    Replies
    1. මචන් මේකට තමයි කියන්නෙ මොබිටෙල් එකට හැමෝටම ඉන්ටර්නෙට් දුන්නට මොළේ දෙන්න බෑ කියලා....... අහුවෙන එකී කොහොමත් අහු වෙනවා... ඇයි ඉස්සර ලිංගික කප්පන් ගත්තෙ නැද්ද.... අහවල් වැඩේ කරා කියලා කියනවා කියලා, ෆිල්ම් හෝල් එකට ගිය එක (ඒ කාලෙ ඔව්වත් ක්‍රිමිනල් කේස්) කියනවා කියලා ලිංගික කප්පන් ගත්තා......

      Delete
  11. ඔව් මේ දේනම් හොඳයි.ඕනවට වඩා මිනිසුන්ව විශ්වාස කරන්න ගියාම ඔහොම දේවල් වෙනවා. මේවට අහු නොවෙන්නත් දැනුවත් කල යුතුයි.

    ReplyDelete
  12. පොලෝසියට ගිය කාන්තාවන් පොලොසියේම ගොදුරු නොවී එහෙම දෙයක් වෙනවා නම් ගොඩක් හොඳයි.මේ රටේ වැඩිපුරම වෙන්නේ යුක්තිය ඉටු නොවන එක නේ.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මොරබ්බා.

      Delete
  13. හරිම වටිනවා මේ විස්තරේ. නලීන්ගේ බ්ලොගේ නම් එන්ට එන්ටම වටිනාකම වැඩිවෙනවා .

    ReplyDelete
  14. මෙවැනි තොරතුරු අනාවරණය කිරීම වටිනවා.

    ReplyDelete
  15. සමහර මාධ්‍යය වලින් කොච්චර මේව ගැන දැනුවත් කලත් එන්න එන්න රැවටෙන කතා අපමණයි.ස්ත්‍රී/පුරුෂ දෙකම මෙයට එක සමානව අසුවනවා.
    මෝඩකමද?අධික අවශ්‍යතාවයද?

    ReplyDelete
    Replies
    1. මොඩර්න් ටෙක්නොලජි කියන මාතෘකාව යටතේ කරුණු හොයනකොට ලංකාවේ මෙඩිකල් කොලේජ් එකක කරපු රිසර්ච් එකක මෙහෙම තිබුණා.

      survey covering all the 5 levels of human needs. It was concluded that working parents, late marriages, increasing divorce rate, unsatisfied sex and family life, busy working style, migration of educated population and loneliness are some of the critical hidden social issues in current Sri Lankan scenario. Sometimes face to face relationships are hard to make. It’s easier for a shy or awkwardly social person to use the internet to mak surge in divorces as bored husbands and wives used it to contact old flames and first loves. e friends. With all of these social advantages, why are there still many lonely Internet users ?

      Delete
  16. ඔතන අනංගයන් විතරක් නෙවෙයි නලින් ඒකේ අනිත් පැත්තත් ඉන්නවා.

    ReplyDelete
  17. එකට අපි තාක්‍ෂණික වශයෙන් පොහොසත් ද ? O.o

    ReplyDelete
  18. අනේ වාසනාවන්.. දැන්වත් ක්‍රියාත්මක වෙනවන්..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT