අපේ රේඩියෝවෙහි බලවත් පෞරුෂයක් හිමි කරගෙන සිටි ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතා නො දන්නා නවකතා ලියන්නට ගොස් හොඳට ම සවුත්තු වී ඇත. ඔහුගේ “සඳ විමන යට” පොත නවකතාවක් නො ව; පච කතාවකි. අබිං කෑ කෙනකුටවත් ඒ පොත කියැවිය නො හැකි ය.
70 – 80 දසකවල සිය හඬ පෞරුෂයෙන් රට ම විස්මයට පත් කළ ධර්ම ශ්‍රී ට සිදුවූයේ කුමක් ද? අනේ...! අ-පො-යි...!
පාඨකයා කුමන හේතු සාධක මත නවකතා කියවන්නේ ද, ප්‍රබන්ධය හා බද්ධ වන කල; ඔහු කුමන ආස්ථානයක පසුවන්නේ ද වැනි සාහිත්‍යයට අදාළ මූලික ගැටලු සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරු නැත. සමහරු රසා’ස්වාදය සඳහා නවකතා කියවති. සමහරු උපදේශනය සඳහා නවකතා කියවති. තවත් සමහරු ජීවිතා’වබෝධය සඳහා ද, සමාජ අධ්‍යයනය සඳහා ද කතා කියවති. සුවිශේෂී වකවානුවක හෝ සුවිශේෂී සිදුවීම් මාලාවක ඓතිහාසික කරුණු ගවේෂණය සඳහා ප්‍රබන්ධ කථා ඇසුරු කරන අය ද සිටිති. සාහිතය – කලා අධ්‍යයනය හා ස්වකීය පාණ්ඩිත්‍යය උදෙසා නවකතා හදාරන්නෝ ද සිටිති.
කුමක් වුව නිශ්චිත හැදෑරීමකින් හා සමාජ දැක්මකින් යුතු ව නවකතාකරණයට පිවිසෙන ලේඛකයා ඉන් ඔබ්බට ගොස් පාඨකයාගේ බුද්ධියට අමතයි. එහෙත් එය වටහා ගන්නේ බුද්ධිමත් පාඨකයා හා බහුශ්‍රැත විචාරකයා පමණි. සාහිත්‍යය බරපතළ අභ්‍යාසයක් වන්නේ ඒ නිසා ය.
ප්‍රබන්ධයක් හා බැඳෙන පාඨකයා මායාකාරී සිහින ලෝකයක ජීවත් වෙයි. ඔහු ඊට ආශක්ත වෙයි. එය මුළුමනින් ම මන:කල්පිත ය. එම පරිකල්පිත ලෝකයට සීමා - මායිම් නැත. සිනමාව හා ඊට සමගාමී රූප මාධ්‍ය කලාවේදී නිශ්චිත හැඩරුවක් සහිත චරිත, අවස්ථා, ගැටුම්, පසුබිම් නිරූපණය කරනු ලැබේ. එහි සමස්ත චිත්‍රය ප්‍රේක්‍ෂකයාගෙන් - ප්‍රේක්‍ෂකයාට වෙනස් නො වේ. එහෙත් ප්‍රබන්ධ කථාවේ ස්වරූපය ඊට වඩා වෙනස් ය. එහි චරිතවලට නිශ්චිත ආකෘති නැත. පසුබිම හා අවස්ථා පාඨකයාගෙන් – පාඨකයාට වෙනස් ස්වරූපයකින් චිත්‍රණය වේ.
මේ තත්ත්වය නවකතාවේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්‍ෂණයෙකි. එහෙත් ඉන් කියැවෙන්නේ නවකතාව යනු හුදු මායාකාරී සිහිනයක් යන්න නො වේ. නවකතාවේ එන පරිකල්පන ලෝකයට තර්කනය, විශ්වාසය, අව්‍යාජත්වය, හේතුඵල සම්බන්ධය වැනි සාධක අවශ්‍ය වේ. එසේ නො වන කල පාඨකයාගේ පරිකල්පන ලෝකය බිඳ වැටේ. සාර්ථක හා පරිපූර්ණ පරිකල්පන ලෝකයක් තනන පාඨකයා ඒ ඔස්සේ තමා ඉදිරියෙහි ඇති ප්‍රබන්ධය විශ්ලේෂණයට හසු කරන බව ලේඛකයා අමතක නො කළ යුතු ය.
නවකතාව ආස්වාදනීය මාධ්‍යයක් පමණකැ’යි කල්පනා කිරීම මුළාවෙකි. සාර්ථක නවකතාව පාඨකයා අලුත් සිතිවිලි ගොන්නක් වෙත ප්‍රවේශ කරයි. ඔහුගේ බුද්ධිය අමතයි. මෙය මෙසේ සිදුවූයේ මන්ද? ඊට බලපෑ හේතු - සාධක කවරේද යනුවෙන් පාඨකයා නව බුද්ධිමය මාර්ගයකට නො පිවිසුවන ප්‍රබන්ධ කථා වැදගැම්මකට නැති කතා ලෙස බැහැර කළ යුතු ය. එබඳු නවකතා බිහිවන්නේ හැදෑරීමක් නැති දැක්මක් නැති පුහු ලේඛකයන් වෙතින් ය.
මෙරට ගුවන් විදුලිය ක්ෂේත්‍රයෙහි ප්‍රකට ශිල්පියකු වූ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතා ද කාලයක පටන් නවකතා ලියයි. ඒ එකදු නවකතාවක් හෝ සමාජ සංවාදයට ලක් වී නැත. සමාජ සංවාදයට ලක්වීමට තරම් හරයක් ද එම පොත්වල නැත. ධර්ම ශ්‍රී වික්‍රමසිංහ නම්; ගුවන් විදුලි ශිල්පියාට සාර්ථක හඬ පෞරුෂයක්, සංවේදී වාග් කෝෂයක් හා ස්ථානෝචිත ප්‍රඥාවක් ද තිබූ බව ඔහු ඉදිරිපත් කළ වැඩසටහන්වලින් පෙනී යයි. 70 – 80 දසකවල රටේ බලවත් ම ජනමාධ්‍යය වූ රේඩියෝවේ ප්‍රබල චරිතයක් ලෙස ද ඔහු හැඳින්විය හැකි ය. එහෙත් නො දන්නා නවකතාවකට ගොස් ඒ සියල්ල විනාශ කර ගැනීම කනගාටුවට කාරණයෙකි.
ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ අලුත් ම නවකතාව “සඳ වියන යට” නම් වේ. එය නමේ හැටියට ම කබල් නවකතාවෙකි. එහෙත් ඔහු එම නවකතාවේ පෙරවදනෙහිලා මෙසේ සඳහන් කරයි.
ධ්. මැණික් ව්‍යාපාරයෙන් දියුණු වීම සඳහා අතිශය අවංක ලෙස කටයුතු කළ යුතු ය.
ධ්ධ්. තම පෙම්වතියගේ සිත දිනාගැනීම සඳහා වශී - ගුරුකම් කළාට කමක් නැත.
ධ්ධ්ධ්. ගුරුවරියක් තම පාසලේ සංගීත ගුරුවරයා සමඟ හෝටල් කාමරයකට ගියාට කමක් නැත.
ධ්ඍ. ආවාහ – විවාහ සඳහා වැඩිහිටියන් අකැමැති ද? වහා ම ගෙදරින් පැන ගොස් යුග දිවිය ඇරැඹීම වරදක් නො වේ.
ඍ. ව්‍යාපාරිකයා, තම ලේකම්වරිය කැටුව අඹු - සැමි සබඳතා පැවැත්වීම නරක නැත.
ඍධ්. ගැහැනිය තම පුරුෂයාගේ සියලු අකටයුතුකම් ඉවසා සිටිය යුතු ය.
මේ කතාවේ එන ප්‍රධාන චරිතය වූ සුමනදාස බේබද්දෙකි. සල්ලාලයෙකි. එහෙත් ඔහු පාසල් වියේ දැරිවියක දැලේ දා ගනී. ඒ සඳහා ඔහු යොදාගත් උපාය මාර්ගය වන්නේ වශී ගුරුකම් ය. මධූ නම් පාසල් දැරිය ද මේ හාදයා දුටු සැණෙන් ඔහුට වශී වන්නී ය. සති කිහිපයක දී ප්‍රේමය මෝරා වැඩෙන්නේ පුදුමා’කාර ලෙස ය. ඔවුන් ගෙදරට හොරෙන් පැන යන්නේ ද පුදුමා’කාර ලෙස ය. සුමනදාස කෝටිපතියකු වන්නේ ද පුදුමා’කාර ලෙස ය. මේ කතාව මුළුමනින් ම කෙප්පයකි. කර්තෘගේ සිතට නැඟෙන විකාර සියල්ල මේ පොතෙහි ඇත.
අපට මහා භාරතයේ එන නල – දමයන්ති ප්‍රේම කතාව සිහියට නැඟේ. (නලෝපාඛ්‍යානය) මෙහි එන නල මහා පෞරුෂයකින් හෙබි සත්‍යවාදී කුමාරයෙකි. ඔහු හා දමයන්තිය අතර ප්‍රේම සම්බන්ධය ගොඩනැඟෙන්නේ හංසරාජයකු නිසා ය. හංසයා නල කුමරු පිළිබඳ කරන වර්ණනය අතිශයින් ම ආකර්ෂණීය වේ. සරණ බන්ධනයෙන් පසු කුමරු දාදු කෙළියට යොමු වන්නේ කාලි නම් යක්ෂයා ආවේශ වීම නිසා ය. නැවත ඔහු සත්පුරුෂයකු වී දමයන්තිය හා එක් වන්නේ සර්පයකුගේ මඟ පෙන්වීම නිසා ය.
නල – දමයන්ති මිථ්‍යා ප්‍රබන්ධයක් වුව එහි හේතු ඵල සම්බන්ධයක් තිබේ. මනා චරිත නිරූපණයක් තිබේ. එබැවින් හංසයා කතා කරන්නේ කෙසේ ද? යක්ෂයා ආවේශ වන්නේ කෙසේ ද? සර්පයාට බුද්ධිය හා උපාය මාර්ග පහළ වන්නේ කෙසේ ද යන ගැටලුව මතුවන්නේ නැත. එම කතාවේ සියලු නිරූපණයන් සාකල්‍යයෙන් ම එකිනෙකට බද්ධ වෙයි. නල – දමයන්ති අපූරු ප්‍රේම කතාවක් වන්නේ ඒ නිසා ය.
සඳ වියන යට නවකතාවේ එන ප්‍රේම වෘත්තාන්තය අතිශය බොරුකාර ගැටගැසීමෙකි. මධූ යනු ද සුමනදාස යනු ද ව්‍යාජ චරිත දෙකකි. මේ චරිත මවන ආකාරය හාස්‍යොත්පාදක ය. යෞවන පාසල් දැරියකගේ සිතුම් – පැතුම් ගැන අබමල් රේණුවක හැඟීමක් කතුවරයාට නැත. සුමනදාස මැණික් ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයකු වුව එම ව්‍යාපාරයට සම්බන්ධ කිසිදු තොරතුරක් මෙහි නැත. මෙරට මැණික් ව්‍යාපාරය තුළ ඇති සූරාකෑම, වංචාව, දූෂණය, ප්‍රයෝග යන කිසිවක් කතුවරයාගේ සැලැකිල්ලට ලක් වී නැත. කතාව පිළිබඳ ව්‍යාජ සිහින ලෝකයක් කතුවරයාට තිබේ. ඔහු එය මේ පොත ඔස්සේ වමාරයි.
කථාන්දරය හා නව ප්‍රබන්ධය අතර ඇති වෙනස ද කතුවරයා හඳුනාගෙන නැත. එය සිංහල නවකතාකරුවන් අතර ප්‍රචලිත දුබලතාවෙකි. ඔව්හු කතාවක් කියාගෙන යති. එහි චරිත හා සිද්ධි ගැළපීමක් ඇති ව නිරූපණය නො කරති. අපේ තැබෑරුම්වල බේබද්දෝ මීට වඩා රසවත් හා අව්‍යාජ කතා ඉතා අපූරුවට ගොතා කියති.
“සඳ වියන යට” නවකතාවේ කතා සාරය මෙසේ ය. සුමනදාස නම් දුප්පත් තරුණයෙක් සිටී. අධ්‍යාපනය අතරමඟ කඩාකප්පල් කරගන්නා ඔහු ඔක්කම්පිටිය පළාතට ගොස් මැණික් මිලට ගනී. ඔහුගේ වෙළෙඳාම හේතු - ප්‍රත්‍යය නැති ව දියුණු වෙයි. ඉක්බිති තම කඩහිමියාගේ ළාබාල දුවට දැල එළන සුමනදාස තරුණිය සමඟ පැන යති. ඔව්හු දියුණු වෙති. සුමනදාස නො මඟට යයි. ඔහුගේ බිරිඳ ද නොමඟට යයි. පසුව දෙදෙනා ම ආකස්මික ව සුමගට එති. ඔව්හු දරුවෝ සමඟ මහ ගෙදර යති. කතාව එතැනින් කෙළවර වේ.
මේ වනා හී නවකතාකාරයන් විසින් පට්ට ගසන ලද කතා රාමුවෙකි. එය පවුලේ කතා ආකෘතිය ලෙස ද හැඳින්විය හැකි ය. අපේ නවකතාකරුවනට සාර්ථක කථා වස්තු නැත. ඔව්හු එක තැන පල්වෙති. මෙබඳු පච කතා නම්; අකුරු දන්නා ඕනෑම කෙනකුට ලියා තැබිය හැකි ය. දැන් නවකතා නමින් සිංහලෙන් පළවන්නේ ඒකාකාරී බහුභූත ය. මේවා කියැවීමෙන් පාඨකයාට කිසිදු රසාස්වාදයක් ලැබිය නො හැකි ය. කිසිදු ඥානනයක් ලැබිය නො හැකි ය. එම පොත්වල ඇත්තේ කඩදාසි වටිනාකම පමණි.
කතුවරයා මවන බොළඳ ව්‍යාජ ලෝකයත් ඒ සඳහා ඔහු භාවිත කරන අතිශය බොල් භාෂාවත් ඉහත උපුටනයෙන් පැහැදිලි වේ. මෙබඳු පච කතා ලිවීමෙන් ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතා සිය ජනමාධ්‍ය පෞරුෂය විනාශ කර ගනු ඇත.

“සඳ වියන යට මගේ පස්වන නවකතාවයි. බොහෝ විට මා ලියූ නවකතාවන්ට පාදක කර ගත්තේ එදිනෙදා අපට හමුවන චරිතයි. ඇතැම් ඒවා සමාජයට වැඩදායී ආදර්ශවත් චරිත වන අතර තවත් සමහරක් අකාරුණික හදවතේ තෙතමනයක් නොමැති ඒවා ය. මගේ පෞද්ගලික අදහස නම්; නවකතාකරුවා හැම විට ම පාහේ උත්සාහ ගත යුත්තේ සමාජයට කිසියම් පණිවිඩයක් ලබා දීමට ය.”
(කර්තෘ - පෙරවදන)
කර්තෘ මේ වැල්වටාරමෙන් කියාගෙන යන්නේ තමා සාමාන්‍ය චරිත ඇසුරු කරමින් ඒ ඔස්සේ සමාජය වෙත වැදගත් පණිවිඩයක් ගෙන යෑම සඳහා නවකතාව නම් මාධ්‍යය භාවිත කරන බව ය. නවකතාවෙන් පණිවිඩ දීම යන මතය තරමක් පැසුළු ප්‍රවාදයක් වුව එය මුළුමනින් බැහැර කළ හැකි නො වේ. නවකතාවෙන් සමාජය දැනුවත් කළ හැකි ය. සමාජයට යම් බලපෑමක් කළ හැකි ය යන මතය බොහෝ දෙනා පිළිගනිති. ගැටලුව එය නො වේ. මේ පොතෙන් ලබාගත හැකි පණිවිඩය හෝ ආදර්ශය හෝ කුමක් ද යන්න ය. කර්තෘගේ අදහස පිළිගන්නේ නම්; පහත සඳහන් පණිවිඩ සමාජය වෙත නිකුත් කළ හැකි වේ.ධ්. මැණික් ව්‍යාපාරයෙන් දියුණු වීම සඳහා අතිශය අවංක ලෙස කටයුතු කළ යුතු ය.
ධ්ධ්. තම පෙම්වතියගේ සිත දිනාගැනීම සඳහා වශී - ගුරුකම් කළාට කමක් නැත.
ධ්ධ්ධ්. ගුරුවරියක් තම පාසලේ සංගීත ගුරුවරයා සමඟ හෝටල් කාමරයකට ගියාට කමක් නැත.
ධ්ඍ. ආවාහ – විවාහ සඳහා වැඩිහිටියන් අකැමැති ද? වහා ම ගෙදරින් පැන ගොස් යුග දිවිය ඇරැඹීම වරදක් නො වේ.
ඍ. ව්‍යාපාරිකයා, තම ලේකම්වරිය කැටුව අඹු - සැමි සබඳතා පැවැත්වීම නරක නැත.
ඍධ්. ගැහැනිය තම පුරුෂයාගේ සියලු අකටයුතුකම් ඉවසා සිටිය යුතු ය.
මේ කතාවේ එන ප්‍රධාන චරිතය වූ සුමනදාස බේබද්දෙකි. සල්ලාලයෙකි. එහෙත් ඔහු පාසල් වියේ දැරිවියක දැලේ දා ගනී. ඒ සඳහා ඔහු යොදාගත් උපාය මාර්ගය වන්නේ වශී ගුරුකම් ය. මධූ නම් පාසල් දැරිය ද මේ හාදයා දුටු සැණෙන් ඔහුට වශී වන්නී ය. සති කිහිපයක දී ප්‍රේමය මෝරා වැඩෙන්නේ පුදුමා’කාර ලෙස ය. ඔවුන් ගෙදරට හොරෙන් පැන යන්නේ ද පුදුමා’කාර ලෙස ය. සුමනදාස කෝටිපතියකු වන්නේ ද පුදුමා’කාර ලෙස ය. මේ කතාව මුළුමනින් ම කෙප්පයකි. කර්තෘගේ සිතට නැඟෙන විකාර සියල්ල මේ පොතෙහි ඇත.
අපට මහා භාරතයේ එන නල – දමයන්ති ප්‍රේම කතාව සිහියට නැඟේ. (නලෝපාඛ්‍යානය) මෙහි එන නල මහා පෞරුෂයකින් හෙබි සත්‍යවාදී කුමාරයෙකි. ඔහු හා දමයන්තිය අතර ප්‍රේම සම්බන්ධය ගොඩනැඟෙන්නේ හංසරාජයකු නිසා ය. හංසයා නල කුමරු පිළිබඳ කරන වර්ණනය අතිශයින් ම ආකර්ෂණීය වේ. සරණ බන්ධනයෙන් පසු කුමරු දාදු කෙළියට යොමු වන්නේ කාලි නම් යක්ෂයා ආවේශ වීම නිසා ය. නැවත ඔහු සත්පුරුෂයකු වී දමයන්තිය හා එක් වන්නේ සර්පයකුගේ මඟ පෙන්වීම නිසා ය.
නල – දමයන්ති මිථ්‍යා ප්‍රබන්ධයක් වුව එහි හේතු ඵල සම්බන්ධයක් තිබේ. මනා චරිත නිරූපණයක් තිබේ. එබැවින් හංසයා කතා කරන්නේ කෙසේ ද? යක්ෂයා ආවේශ වන්නේ කෙසේ ද? සර්පයාට බුද්ධිය හා උපාය මාර්ග පහළ වන්නේ කෙසේ ද යන ගැටලුව මතුවන්නේ නැත. එම කතාවේ සියලු නිරූපණයන් සාකල්‍යයෙන් ම එකිනෙකට බද්ධ වෙයි. නල – දමයන්ති අපූරු ප්‍රේම කතාවක් වන්නේ ඒ නිසා ය.
සඳ වියන යට නවකතාවේ එන ප්‍රේම වෘත්තාන්තය අතිශය බොරුකාර ගැටගැසීමෙකි. මධූ යනු ද සුමනදාස යනු ද ව්‍යාජ චරිත දෙකකි. මේ චරිත මවන ආකාරය හාස්‍යොත්පාදක ය. යෞවන පාසල් දැරියකගේ සිතුම් – පැතුම් ගැන අබමල් රේණුවක හැඟීමක් කතුවරයාට නැත. සුමනදාස මැණික් ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයකු වුව එම ව්‍යාපාරයට සම්බන්ධ කිසිදු තොරතුරක් මෙහි නැත. මෙරට මැණික් ව්‍යාපාරය තුළ ඇති සූරාකෑම, වංචාව, දූෂණය, ප්‍රයෝග යන කිසිවක් කතුවරයාගේ සැලැකිල්ලට ලක් වී නැත. කතාව පිළිබඳ ව්‍යාජ සිහින ලෝකයක් කතුවරයාට තිබේ. ඔහු එය මේ පොත ඔස්සේ වමාරයි.
කථාන්දරය හා නව ප්‍රබන්ධය අතර ඇති වෙනස ද කතුවරයා හඳුනාගෙන නැත. එය සිංහල නවකතාකරුවන් අතර ප්‍රචලිත දුබලතාවෙකි. ඔව්හු කතාවක් කියාගෙන යති. එහි චරිත හා සිද්ධි ගැළපීමක් ඇති ව නිරූපණය නො කරති. අපේ තැබෑරුම්වල බේබද්දෝ මීට වඩා රසවත් හා අව්‍යාජ කතා ඉතා අපූරුවට ගොතා කියති.
“සඳ වියන යට” නවකතාවේ කතා සාරය මෙසේ ය. සුමනදාස නම් දුප්පත් තරුණයෙක් සිටී. අධ්‍යාපනය අතරමඟ කඩාකප්පල් කරගන්නා ඔහු ඔක්කම්පිටිය පළාතට ගොස් මැණික් මිලට ගනී. ඔහුගේ වෙළෙඳාම හේතු - ප්‍රත්‍යය නැති ව දියුණු වෙයි. ඉක්බිති තම කඩහිමියාගේ ළාබාල දුවට දැල එළන සුමනදාස තරුණිය සමඟ පැන යති. ඔව්හු දියුණු වෙති. සුමනදාස නො මඟට යයි. ඔහුගේ බිරිඳ ද නොමඟට යයි. පසුව දෙදෙනා ම ආකස්මික ව සුමගට එති. ඔව්හු දරුවෝ සමඟ මහ ගෙදර යති. කතාව එතැනින් කෙළවර වේ.
මේ වනා හී නවකතාකාරයන් විසින් පට්ට ගසන ලද කතා රාමුවෙකි. එය පවුලේ කතා ආකෘතිය ලෙස ද හැඳින්විය හැකි ය. අපේ නවකතාකරුවනට සාර්ථක කථා වස්තු නැත. ඔව්හු එක තැන පල්වෙති. මෙබඳු පච කතා නම්; අකුරු දන්නා ඕනෑම කෙනකුට ලියා තැබිය හැකි ය. දැන් නවකතා නමින් සිංහලෙන් පළවන්නේ ඒකාකාරී බහුභූත ය. මේවා කියැවීමෙන් පාඨකයාට කිසිදු රසාස්වාදයක් ලැබිය නො හැකි ය. කිසිදු ඥානනයක් ලැබිය නො හැකි ය. එම පොත්වල ඇත්තේ කඩදාසි වටිනාකම පමණි.
“අගමැතිවරයාගේ සමීප හිතවතෙකු වූ සුමනදාසට බලපත්‍රයක් මගින් ගෙන්වූ බෙන්ස් රථයක් ද, දැන් හිමි ය. ඒ හැරෙන්නට එදිනෙදා අවශ්‍යතාවන් සඳහා නිසාන් ශනියක් ද, ටොයෝටා වර්ගයේ අලුත් ම වෑන් රථයක් ද තිබිණ.මේධා දියණිය ඉප දී සිව් මසක් ගතවද්දී මධුවන්තී නැවත ඉගෙනීමෙහි නිරත වන්නට වූවා ය. “මේධා” මුළුමනින් ම මධුම ය. සුරාජ්ට වඩා මේධා සුදු ය. හැඩය.”
(සඳ වියන යට – පිටුව 144)
කතුවරයා මවන බොළඳ ව්‍යාජ ලෝකයත් ඒ සඳහා ඔහු භාවිත කරන අතිශය බොල් භාෂාවත් ඉහත උපුටනයෙන් පැහැදිලි වේ. මෙබඳු පච කතා ලිවීමෙන් ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතා සිය ජනමාධ්‍ය පෞරුෂය විනාශ කර ගනු ඇත.
රන්ජන් අමරරත්න
ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මෙහෙයවපු රේඩියෝ ප්‍රශ්න විචාරාත්මක තරගයක් බලන්න මං ගිහින් තියෙනවා පොඩි කාලේ. මාර උද්දච්ච පොරක් කියලයි මට හිතුනේ.
ReplyDeleteපුද්ගල චරිත විවිධයිනේ කතන්දර.
Deleteමා ධර්මශ්‍රී ඔබට ජයශ්‍රී කිවූ මොහු නිවේදක තනතුර හැලුවට ලක් කල කෙනෙක්. අඩු මුදලට වෙළඳ වැඩසටහන් කලා .
ReplyDeleteඒ ගැනනම් කියන්න මං දන්නේ නෑ.
Deleteපොත කියවලා බලලම ඉන්ට ඕනි නලීන්. :D
ReplyDelete// මැණික් ව්‍යාපාරයෙන් දියුණු වීම සඳහා අතිශය අවංක ලෙස කටයුතු කළ යුතු ය.
තම පෙම්වතියගේ සිත දිනාගැනීම සඳහා වශී - ගුරුකම් කළාට කමක් නැත.
ගුරුවරියක් තම පාසලේ සංගීත ගුරුවරයා සමඟ හෝටල් කාමරයකට ගියාට කමක් නැත.
ආවාහ – විවාහ සඳහා වැඩිහිටියන් අකැමැති ද? වහා ම ගෙදරින් පැන ගොස් යුග දිවිය ඇරැඹීම වරදක් නො වේ.
ව්‍යාපාරිකයා, තම ලේකම්වරිය කැටුව අඹු - සැමි සබඳතා පැවැත්වීම නරක නැත.
ගැහැනිය තම පුරුෂයාගේ සියලු අකටයුතුකම් ඉවසා සිටිය යුතු ය.//
මේ හැමදේම අද සමාජේ දකින්ට ලැබෙන දේවල් නේද? ඒ ගැන ඉතින් ලිවුවාම මොකෝ? :)
කිසිදු වරදක් නැත. ලද දවසක පොත කියවලා බලන්නකෝ.
Deleteපොත කියවා නොමැති නිසා කිසිවක් කිව නොහැක.....
ReplyDeleteමේ විචාරය කියෙව්වම නං පොත කියවන්න හිතෙන්‍නෙම නැහැ. පුංචි හොදක්වත් ඇත්‍තෙම නැද්ද?
ReplyDeleteඔබත් නිර්මාණශීලි කෙනෙක්නේ. ලද වෙලාවක කියවලාම තීන්දුවකට එන්නකෝ. කියැවූ දවසක ඔබේ අදහසත් කියන්න
Deleteකමක් නැහැ ඉතින් නලින් අය්යේ..මේවා දාන්න. ඔහේ කියවන්න හොඳයි..
ReplyDeleteඇත්ත. රුචිකත්ව විවිධයිනේ සහන්.
Deleteධර්ම ශ්‍රී ගේ පොතට හිමි වන තැනම රන්ජන් අමරරත්නගේ විචාරයටත් හිමි වන බවට කිසිම සැකයක් නෑ........:)
ReplyDeleteඑය කියවන්නා සතු අයිතියකි.
DeleteNalin liyana ewa genat mokek hari awalam lipiyak liyayda danne ne
ReplyDeleteවිචාරය පාඨක අයිතියකි.එනිසා එසේ වන්නටද ඉඩ ඇත.
Deleteමේ විචාරත් හරියට අර කොටියගෙ කතාව වගේනෙ නලින් මාමේ.හැම පොතම හරි නෑ හරි නෑ කියලා ඇත්තටම හොද පොතක් ගැන විචාරයක් දාපු දවසට ඒක කවුරුවත් පිළිගන්න එකක් නෑ... අනේ මේ ඉඩ මිනිස්සුන්ට බනින දෙයක් ගැන නැතුව යහපත් දෙයක් වෙනුවෙන් යොදවන්නකෝ.
ReplyDeleteවිචාරයක් යනු බැනීමක් නොවේ.
Deleteඒක ඉතින් මාත් පිළිගන්නවා.විචාරය කියන්නෙ විවෘත මනසකින් පොතක සදොස් නිදොස් තැන් පෙන්වන එකනේ.ඒත් මේ විචාරවල ඒ ගුණය නැහැනේ!
Deleteතාම කියවල නෑ. කියවා බලන්නම්.
ReplyDeleteපොත කියවලා නැති වුනත් මේ විචාරයෙන් දක්වන අදහස් ගොඩක් පොත්වලට පොදුයි..නවකතා ගොඩක් කියවපු පාඨකයෙක් විදිහට මේක ගැන අදහසක් දක්වන එක වැදගත් කියලා හිතුනා..
ReplyDeleteලංකාවේ ගොඩක් නවකතාවල කතා සාරය හරිම අවුල්සහගතයි. සිද්දි ගොඩක් එකතු කරලා ගැට ගැහුවා වගේ දැනෙන්නේ..පුළුවන් තරම් ඉක්මනට පටන් ගත්ත කතාව ඉවර කරන්න උත්සාහ කරනවා විනා මෙයින් රසයක් උපද්දවන්න උත්සාහයක් නෑ..
ගම්පෙරලිය නවකතාව (මේක උදාහරණයකට ගන්න එක එක අතකට කුහක කමක් වුනත්) දැන් කොච්චර යල් පැන ගියත් ඒ චරිත වලින් මවන රසය වෙනස් වී නෑ..හැම චරිතයකට චිත්ත රූප මවන විදිහේ පරිපුර්ණත්වයක් තියනවා..
කතා සැකිල්ලට වෙළදපල අවශ්‍යතාවට අවධානය යොමු කරනවා නම් මීට වැඩිය අපූරු නිර්මාණ බිහිවේවි..කලාව තියෙන්නේ විකුණන්න නෙවී කියලා බොරු මානයක ඉන්නවට වඩා තමන්ට විකුණන්න පුළුවන් නිර්මාණයක් කරන එක මීට වඩා සාර්ථකයි..
පොතක් ලියූ කෙනා අපි හදුන්වන්නෙ කර්තෘ කියලා...එහෙම එකේ එයාගෙ පොත අසාර්ථකයි කියලා එයාගෙ වෘත්තිය ඊට අදාළ වෙන්නෙ කොහොමද...නිවේදක වෘත්තියෙන් උපයාගත් කීර්තිනාමය පොතෙන් නැතිව ගියා කියන්නෙ මේ විචාරකයට මෝල් ද ?
ReplyDeleteපොත කියව නැති නිසා මුකුත් කියන්න බැරිය...
ReplyDelete