සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


එදා කුණු ගඳින් පළාතම වැසීගිය හැමිල්ටන් ඇල අද සුන්දර ස්ථානයක් බටව පත්වෙමින් පවතී. සංචාරක ප්‍රවර්ධන කටයුතු සහ සේවා වැඩි දියුණු කිරීම යටතේ ආරම්භ කරනු ලැබූ හැමිල්ටන් ඇල සංවර්ධන වැඩසටහන හේතුවෙන් වසර ගණනාවක සිට ඉතා අපිරිසිදු ජලයෙන් සහ දුර්ගන්ධයෙන් යුත් ස්ථානයක් ව තිබූ හැමිල්ටන් ඇල මේ වන විට ඉතා ආකර්ශනීය ‍ස්ථෘනයක් බවට පත්ව තිබේ.








හැමිල්ටන් ඇල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මා ඔය සිට කැළණි ගංඔය දක්වා විහිදී ඇති කිලෝමීටර 22ක් සංචාරක ආකර්ශනීය ප්‍ර‍දේශයක් බවට පත් කිරීමට පියවර ගෙන ඇති අතර එහි පළමු පියවර යටෙත් මා ඔයේ සිට මීගමුව දක්වා කිලෝමීටර 09ක පමණ කොටසක් සංවර්ධනය කරන ලදී. 

දෙවන පියවර යටතේ මීගමුව කළපුවේ සිට හේකිත්ත (කැළණි ගංමෝය) දක්වා වන කිලෝ මීටර 14ක් සංවර්ධනය කිරීම දැන් සිදු කෙරෙමින් පවතී. එහි පළමු කිලෝමීටර දෙක හමාර මැයි මස වනවිට සම්පූර්ණයෙන් සංවර්ධනයකර අවසන් කිරීමට නියමිතය. 

හැමිල්ටන් ඇල සංවර්ධන ව්‍යාපෘතියට සමගාමිව මීගමුව කළපුවද මුතුරාජවෙල ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන කටයුතුද වැඩිදියුණු වනු ඇත. අටවන වීර ප්‍රරාක්‍රමබාහු රජතුමා විසින් 15වන සියවසේදී කුළුබඩු ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සදහා මීගමුව කලපුව ප්‍රධාන තොටුපොළක් ලෙස පරිහරණය කරන ලදී. භාන්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් ඕලන්ද යුගයේදී ආරම්භ කරන ලද හැමිල්ටන් ඇල බ්‍රිතාන්‍ය යුගයේදී වසර 1802 නිමාවට පත්විය.

48 comments:

  1. මට හිතෙන්නේ මේ හැමදේටම වඩා වටින්නේ කොළඹ ගංවතුර තත්වය පාලනයට මේ පිරිසිදු කිරිම කොයි තරං වැදගත් වෙනවද කියන කාරණයයි. අවංකව ම භාරදූර කාර්යයක් තමා ඉවර කරල තියෙන්නේ. ඒ වගේම උදේ පාන්දර ඇළ මාර්ගය හැමදාම සුද්ද කරන්න දහදිය හෙලන අයටත් (කවුද කියල කියන එක හොද මදි නිසා) අපේ ගෞරවය හිමි වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත දේශකයා... ඒ අය ගැන කිව්වොත් දුක හිතෙනවා. ඒ අයට අදටත් අපේ උත්තමාචාරය..

      Delete
    2. අගය කළ යුතු වැඩක්නේ.ඒ වගේම මේ කමෙන්ටුවත් අගය කරනවා!

      Delete
    3. math menna mekata jak ekak
      gahanawa..nailin ayiyata sthoothi
      post eka dammata...
      oke #### mathakai eka parak..:P

      Delete
    4. අපේ දේශප්‍රේමී ජනතාව දාන කුණු තමයි මේ කට්ටිය අදින්නේ....කැක්කුමනන් කරන්න තියෙන්නෙ කුණු නොදා ඉන්න එක....

      මේකට බලතල තියන ආයතනයට ඒ ක්‍රියාවලිය කරන්න ඉන්න පිරිස් බලය මදි නිසා තමයි මේ අයව අකමැත්තෙන් හරි මේ තැනට දාන්න අදාල බලධරයා තීරණය කරේ....

      කඩේ යනවා කියලා කියන්න එපා.. වගකීමෙන් කියන්නේ.....

      Delete
  2. sanwaradanaya kumana akarayata unath rate yahapathta nam agaya kala uthuya.

    ReplyDelete
    Replies
    1. අනිවා ගයනි. මොකද නම වෙනස් කරලා.

      Delete
  3. අනේ,, මම හරි අස තැනක් අප්පා..

    ReplyDelete
    Replies
    1. ඉතින් දෙන්නත් එක්ක යන්නකෝ මුතුරාජවෙල බෝට්ටු සවාරියක්

      Delete
    2. ඔව් ඔව් අර රෙඩ්බුල් එකෙන් ආපු නංගිගේ ගෙවලුත් ඔය පැත්තේ. :)

      Delete
    3. විහිළුවක් ඈ...............

      Delete
  4. ඇත්තෙන්ම හොඳ වැඩක්. මේ වියදම් කරපු මුදලට අරුතක් එක් වෙන්න නම් දිගින් දිගටම නිවැරදිව නඩත්තු කළ යුතු වෙනව. පොදුවෙ ලංකාවෙ නගර පිරිසිදු කිරීම අතින් නගර සභා, ප්‍රාදේශීය සභා වගේ පළාත් පාලන ආයතන නම් හුඟක් අකාර්යක්‍ෂමයි. දැනට මේව නඩත්තු කරන පුද්ගලයොන්ගෙ අතින් කවදක හරි එයාලට ඒ වගකීම පැවරුනොත් මම හිතන්නෙ නැවතත් මේව අභාවයට යාවි. පරිසරය සුරකිමින් පිරිසිදුව පවත්වාගැනීම යුගයේ අවශ්‍යතාවයක්. නැත්නම් ලොව පුරා මේ වන විට සිදුවූ, සිදුවෙමින් පවතින පරිසර විනාශයන් නිසා පෘථිවියෙන් ජීවීන් අතුගෑවීයන්නත් එයම හේතු වේවි.

    ReplyDelete
    Replies
    1. ඉතා හොද අර්ථ දැක්වීමක් ඩිඩිටී.... අවුරුදු උත්සවයට ආවේ නෑ නේද අදුනගන්න ආසාවෙන් හිටියේ ඔබවත්...

      Delete
    2. ඕක එන්නෑ බං..!( මම ආවෙත් නෑ)

      Delete
  5. ලස්සනට පිරිසිදුවට මේ තැන් තියෙනවනම් කොච්චරනම් වටිනවද නේද ?

    ReplyDelete
    Replies
    1. ඉතා සතුටුදායක මට්ටමින් මේ ඇල නිමවෙමින් පවතිනවා.

      Delete
  6. මටත් නම් හිතුනේ හරිම හොඳ වැඩක් කියලා. ලස්සන තැනක්.

    ReplyDelete
    Replies
    1. ඉතාමත්ම ලස්සනට තියනවා දැනට නම්..

      Delete
  7. Replies
    1. මොකද චින්තක... අපොයි කියැවුණේ

      Delete
  8. මම මෙහෙ එන්න කලින් අවුරුදු ගාණක් ඇලකන්ද පාරෙන් කටුනායකට ගියා,ගිය හැමදාම මා දැකපු හීනයක් තමයි දැන් සැබෑවෙමින් පවතින්නෙ.
    විස්තර ගෙනාවට ස්තූතියි නලීන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හරිම සුන්දර පෙදෙසක් බවට පත්වෙමින් තියනවා දැන්. එය හිතට හරිම සතුටක් කු... අයියා.

      Delete
  9. හොද වැඩවලට බොක්කෙන්ම තමයි සැලියුට් එක හරිය නලී.
    සොක්කක්න්ගේ බිල් වලටත් ඔය බැල්ම කලොත් ලොක්කන්ට ඩබල් සැලියුට්.

    ReplyDelete
    Replies
    1. සිද්ධිය දන්නවා. වෙන දෙයක් කියන්න අමාරුයි.

      Delete
  10. මේ පැත්තේ ගියා කියලා මතකයක් තියෙනවා. මෙතන වෙන්ට ඇති කියලා හිතෙනවා. ලස්සනයි දැන් නම්.

    ReplyDelete
    Replies
    1. දවසේ චාරිකාවක් යනවනම් සොඳුරුම තැනක් මුතුරාජවෙල බෝට්ටු සවාරිය. මිගමු කළපුව දක්වාම.

      Delete
  11. රජය විසින් කරන තවත් හොඳ වැඩක්. හොඳ වැඩ වලට හොඳයි කියන්න නිහතමනිවෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. උතුම් ගුණාංගයක්..රජයක් නොවේ කවුරුන් කළත් හොඳ දේ ඇගයිය යුතුයි.

      Delete
  12. ඒක නම් හොඳ වැඩක්. ඒ වගේම ආයෙත් ජරාවාස වෙන්න නොදී දිගටම නඩත්තු කටයුතුත් කෙරෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. හැදිල්ලට වඩා වටින්නේ රැක ගැන්මයි. නැත්නම් ආයේ කුකුලු ජරාවයි සේරම මේකට දායි.හැදුවා වගේම පාලනයත් හමුදාවක සේ තිබිය යුතුයි.

      Delete
  13. Honda wadak..
    Me wage wadath indala hitala hari ahenawa nam hondayi..
    @Angaharu walin generator 1k order karana gaman..

    ReplyDelete
    Replies
    1. තව බොහෝ හොඳ වැඩ කෙරිලා තියනවා කෙරෙමින් තියනවා. ඒත් කවුරුවත් ඒවා දන්නේ නැ. එවට ප්‍රචාරයකුත් නැ.වැරදි ටිකට තමා ප්‍රචාරයත් ලැබෙන්නේ.

      Delete
  14. අන්න අගේ ඇති වැඩක්. අපිත් මුතුරාජවෙල බෝට්‍ටු සවාරිය ගිහින් තියෙනවා මීගමු කළපුවටම.

    ReplyDelete
    Replies
    1. පුදුම විනෝදයක් මෙන්ම ආශ්වාදයක් ලබන්න හැකි චාරිකාවක් දවසකින් නිම කළ හැකි. ඔබත් බොහෝ ඇසු පිරෑ තැනැත්තෙක් නේ...

      Delete
  15. කොළඹ වගේම අනෙකුත් නගරත් අලංකරණය කර ඇති අකාරයනම් සතුටු දායකයි. ගංවතුර පාලනයත් ඒ වගේමයි. දැන් කොළඹ විතරක් නෙවෙයි රත්නපුර වගේ ඉස්සර නිතරම යටවුණු නගරත් දැන් බේරිලා තියෙනවා. ඒ වගේම තමයි මාර්ග පද්ධතිය. ඉස්සර කොළඹ යන ඒකත් අප්පිරියයි. ට්‍රැෆික් එකට අහු උනාම. දැන්නම් හයි ලෙවෙල් එකේ ප්‍රධාන නගර පහු වෙනවා දැනෙන්නෙත් නැති තරම්. ඒ වගේමයි ග්‍රාමීය මාර්ගත්.
    ඇත්තටම ආණ්ඩුවේ ඒ පැත්ත ගැනනම් හොඳ නොකියා ඉන්න තරම් ගුණමකු වෙන්න බෑ.

    ReplyDelete
  16. ඉතාම හොඳ වැඩක් නලින්. දැන් ඇත්තෙන්ම සතුටුයි මේවා දැක්කාම. කාලයක් තිස්සේ අපි බලා පොරොත්තු වුණ දෙයක් දැන් මල්පල ගැන්වෙන්නෙ.

    ReplyDelete
  17. රටේ දියුණුව පෙන්වන පෝස්ට් එකක් දුටුවම අහක බලාගෙන යන්න හිතුනේ නෑ. දැන් ඉතිං ලැජ්ජ නැතුව දන්න කියන සුද්දෙකුට අපේ රටට එන්න කියතැහැකි. කාටද ආඩම්බර ශ්රී ලාංකික අපිට නේද?

    ReplyDelete
  18. මේකනම් බොහොම හොඳ වැඩක්.

    ReplyDelete
  19. මේවානම් අගය කල යුතුම දේවල්.. ගොඩක් ලොකු ව්‍යාපෘති වලට වඩා වටින්නේ මේ වගේ දේවල්..

    ReplyDelete
  20. ෂා... දැං පට්ට ලස්සන ඇති එහෙනම්... හැබැයි ඕකෙනුත් ගහපු උන් ඉන්නවද දන්නෙ නෑ

    ReplyDelete
  21. විවේචන වලට හොඳම පිළිතුරත් දිගටම වැඩ කිරීම. එතකොට විවේචන කරන අය මුලින්ම නිශ්ශබ්ද වෙන්ව පසුව හොඳ කියන්න ගන්නවා ටික ටික.

    බලන්න අපේ රජ කෙනෙක් කරපු වැඩකට හැමිල්ටන් කියල වැටිලා තියෙන එක කොයි තරම් නරකද.

    මම දවසක් කල්පිටියට යත්දී බලාගෙන ගියා තැනින් තැන තියෙනවා මේ ඇලේම දිගුවක් පුත්තලම දක්වා. ඒ පැත්තේ මේ ඇල හිඳිලා තියෙන්නේ. ඇත්තටම මේ මගින් මාර්ග තදබදය අඩු කරන ගමන් ගංවතුර පාලනයකුත් කරන්න පුළුවන් එය පුත්තලම දක්වා දිගු කලානම්.

    ReplyDelete
    Replies
    1. සිරාවට සුදීක? ඉතිහාස කතාව වෙනස් කරල ලියනවද ඔයා? පුත්තලමට යනකොට කොයි හරියෙද ට්‍රැෆික් හිටින්නෙ?

      Delete
  22. මේක නම් අගය කල යුතුයි. හැබැයි එන අය පරිසරය පිරිසිදුව තියාගත යුතුයි.

    ReplyDelete
  23. අගය කල යුතු වැඩක්..සතු‍ටුයි..!

    ReplyDelete
  24. හෆ්ෆේ දැන් කොළඹ ටිකක් යන්න පුලුවන් ගඳ නැතිව සුද්ද කරන නිසා... මෙ වගේ වැඩ කරන එක නම් අගය කරන්නම ඔනි.... හැබැයි සුද්ද කලාට මදි. එ දෙවල් දිගටම් එ විදියට පිරිසිදුව තියා ගන්නත් අපේ ඇත්තෝ වග බලා ගන්ට ඔනි..

    ReplyDelete
  25. ඇත්තටම අගය කළ යුතුයි!

    ReplyDelete
  26. මේ පාරේ යන කෙනෙකුට තමයි මේ වගේ දේක අගය වැඩිපුරම දැනෙන්නේ..!!
    ස්තුතියි විස්තරය බෙදාගත්තට නලින්..

    ReplyDelete
  27. නියම post 1ක් මචන්
    Appreciated.......

    ලෝකේ හැම තැනම සිදුවෙන වැදගත්, උණුසුම් news කෙටියෙන් දැනගන්න ඔයාලත් එන්න
    www.dasathanews.com

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT