බොස්ටන් බෝම්බ ප‍්‍රහාරයේ අභිරහස තවම විසඳී නැත. බෝම්බ තැබීමට සම්බන්ධ යැයි සැක කෙරෙන චෙච්නියානු ජාතික සහෝදරයන් දෙදෙනාගෙන් වැඩිමලා වූ ටැමලන් සානේව් පොලිස් වෙඩි තැබීමෙන් අනතුරුව මිය ගියේ ය. ජොහාන් සානේව් බරපතළ තුවාල ලබා රෝහල්ගතව පසු වෙයි. ප‍්‍රහාරය ගැන තොරතුරක් ලබා ගැනීමට ඇති එකම තුරුම්පුවද ඔහු ය.
![]() |
දෙවැනි සැකකරු ජොහාර් |
![]() |
බෝම්බ පිරිරීමකට මොහාතකට පෙර ජොහාර් හා ටැම්ලන් |
![]() |
ප‍්‍රහාරයෙන් මිය ගිය අයවෙනුවෙන් ඇමරිකානු ජනතාව සෝකය ප‍්‍රකාශ කරමින් |
![]() |
ජොහාර් මිතුරෙකු සමඟ |
![]() |
ජොහාර් හා ටැම්ලන් |
![]() |
සිදු වුවා යැයි කියන වෙඩි හුවමාරුවට මොහොතටකට පෙර ජොහාර් |
මැසවුසෙටිස් ඩාර්ටිමවුත් විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වන 19 හැවිරිදි ජොහාර් බොස්ටන් බෝම්බ ප‍්‍රහාරයෙන් පසුවද විශ්වවිද්‍යාලයට ගොස් තිබුණේ ය. ඔහුගේ මිතුරෙකු කියන පරිදි ජොහාර් එදින හැසිරී තිබුණේ කිසිවක් සිදු නොවූ ගානටය.
ඇන්ඩෲ ග්ලැස්බි නම් මෙම මිතුරා සහ ජොහාර් සානේව විශ්ව විද්‍යාලයේ එකම ගොඩනැගිල්ලේ මහල් දෙකක නැවතී සිට ඇත. බොස්ටන් බෝම්බ ප‍්‍රහාරයෙන් පැය 24ට පසුවත් තමා ජොහාර් හා කතා බහ කළ බව කියන ඇන්ඩෲ ඒ මොහොතේ ජොහාර්ගෙන් පළ වූ සන්සුන් බව පුදුම සහගත බව කියයි.
මම හිතුවේ ඔහු පරණ ජහාර්ම කියලා. ඔහු හිටියෙත් ඒ වගේ අපි සාමාන්‍ය විදියට කතා බහ කළා ඔහු තුළ තැතිගැන්මක්වත් තිබුණේ නැහැ. කොටින්ම කියනවනම් ඔහු පරණ ජහාර්මයි. අපි සුපුරුදු පරිදි විහිළු තහළු කරමින් සිටියා.
ඇන්ඩෲ මෙන්ම විශ්වවිද්‍යාලයේ අනෙක් සගයෝ ද ජොහාර්ට ආමන්ත‍්‍රණය කළේ ජහාර් ලෙසය.
ජොහාර් සානේව් නොකඩවා විශ්වවිද්‍යාලයට පැමිණ ඇති අතර ඔහු හොඳ පාපන්දු රසිකයෙකු ද වෙයි. ලෝක කුසලාන පාපන්දු තරඟ විඩියෝ නැරඹීමෙන් ඔහු මහත් ආස්වාදයක් ලබා තිබේ. එසේම ඇන්ඩෲ කියන පරිදි ඔහු මරිජුවානා මත් ද්‍රව්‍යයටද ඇබිබැහි වී සිට ඇත.
කෙසේ නමුත් ජොහාර් සානේව් ගේ සහෝදරයා වන ටැමිලන් සානේච් ජිහාඩි වෙබි අඩවිය නිතරම භාවිතාකරන යේමනයේ ඇති අල්කයිඩා ප‍්‍රචාරන වැඩසටහන් හා සම්බන්ධ අන්තවාදී පුද්ගලයකු හා ඒ සදහා ඇබිබැහි වුවෙකු ලෙස ඇමරිකානු වාර්ථා සදහන් කරයි.
19 හැවිරිදි ජොහාර් පොලිසි සමඟ පැවැති වෙඩි හුවමාරුවකින් පසු එරට වේලාවෙන් සිකුරාදා සවස 08.43 රෝහල් ගත කළේය. එයට පෙර දින දෙකේම ඔහු විශ්වවිද්‍යාලයට පැමිණියේ ය. එහෙත් ඔහුගේ වැඞීමහල් සොහොයුරු ටැමලන් මිය ගියේ ගැටුම පැවැති රාති‍්‍රයේ ජොහාර් විශ්වෙවිද්‍යාලය තුළ සිටියේ නැත .
මින් දශකයකට පෙර ඇමරිකාවේ වාසයට පැමිණි වෙව්නියානු ජාතික ජොහාර් ඔහුගේ මිතුරන් විසින් හදුනාගෙන තිබුණේ පරිස්සම් සහගත සහ සෙල්ලක්කාර චරිතක් ලෙසය. ඔහුගෙන් දිස්වූයේ සාමාන්‍ය ඇමරිකානු දරුවෙකුගේ ප‍්‍රතිරූපයයි. එහෙත් අද ඔහු ත‍්‍රස්තවාදියෙතු වී හමාරය.
ජොහාර්ට මේ ඉරණම අත්වන්නට ඔහුගේ වැඩිමහල් සොයුරු ටැමලන් හේතු වූ බවට චෝදනා නැගේ. ටැමලන් ඔහුගේ බාල සොයුරු ජොහාර් අනිසි ලෙස ප‍්‍රයෝජනයට ගත් බව ජොහාර්ගේ ඥාතියෙකු වන සෝර් කියයි. ටැමලන් ජොහාර් ඔහුගේ ගැත්තෙකු බවට පත් කර ගෙන සිටි බව කියන්නේ ටැමලන්ගේ බොක්සිං පුහුණුකරු ය.
සිය සහෝදරයාගෙන් පමණක් නොව ජොහාර් සිය මවගෙන් ද පෙළඹවීම් ලැබූ බව මාධ්‍ය වාර්තා කර සිටියේය. සානේව් සහෝදරයාගේ මව වන සුබෙයිදත් සාප්පුවකින් ඇඳුම් සොරකම් කිරීමේ ක‍්‍රියාවකට සම්බන්ධ බව ඇගේ හිටපු ගනුදෙනුකාරියක හෆින්ස්ටන් පෝස්ට් පුවත් වෙබි අඩවියට සඳහන් කර තිබුණා ය.
කෙසේ වුවද සදුදා (15) නක තෙක් ජොහාර් ඉතාහොද පුද්ගලයෙකුව සිටියේය. ඔහුගේ මිතුරන්ට සහ පවුලේ සාමාජිකයන්ට අනුව ඔහු ප‍්‍රශ්න ඇති කර නොගන්නා රටට ආදරය කළ හොඳ තරුණයෙකි . ඔහුගේ අධ්‍යාපන පසුබිමද එයට සාක්ෂි දරයි. ජොහාර් මෙසවුසෙට්ස් විශ්වවිද්‍යාලයට පැමිණියේ කේම්බි‍්‍රජ් සහ ලතින් උසස් පාසලෙන් පිට වීමෙන් පසුව ය. චෙන්නියාවේ සිට පැමිණි සංක‍්‍රමණිකයන් වුව ද මේ වන විට මොවුන් දෙදෙනා ම ඇමරිකාවේ නීත්‍යානූකූල පුරවැසියන් ය.
ටැමලන් හැරුණු විට ජොහාර්ට සහෝදරයෝ දෙදෙනෙක් සිටිති. ඔහු මුලින්ම පාසල් ගියේ ඩගිස්තානයේ පාසලකට ය. පාසලේ දීප්තිමත් රෙස්ලින් තාරකාවක් වු ජොහාර් වසර දෙකක්ම රෙස්ලින් කණ්ඩායමේ නායකයා විය. සිය මිතුරාට එල්ල වී ඇති චෝදනාව ජොහාර්ගේ පාසල් මිතුරකු මෙන්ම රෙස්ලින් කණ්ඩායමේ සාමාජිකයෙකු වන සංජය ප‍්‍රතික්ෂේප කරයි.
එයා හොඳ ළමයෙක් මම අවුරුදු කිහිපයක ඉදලා එයා දන්නවා. ඔහු සාමාන්‍යයෙන් විහිඵ කරමින් කාලය ගත කරන තරුණයෙක්. ඔහු කියන්නේ ය. එහෙත් දැන් ජොහාර් ත‍්‍රස්තවාදියෙකු ලෙස හංවඩු ගැසී හමාර ය. සිදු වූ සියල්ල අග මුල පැහැදිලි කළ හැක්කේ ඔහුට ම පමණි. එහෙත් ජොහාර්ගේ මිතුරන්ට ජොහාර් හිත හොද මිතුරෙකි.
බොස්ටන් බෝම්බ ප‍්‍රහාරයට කිසිදු ජාත්‍යන්තර ත‍්‍රස්ත සංවිධානයක සම්බන්ධයක් නැති බව දෙවැනි සැකකරු වන ජොහාර් පවසා තිබේ.
ඇමරිකානු රජයේ නිලධාරියෙක් සී එන් එන් ” පුවත් සේවයට පවසා ඇත්තේ මෙම සැකකරුවන් වෙනත් පුද්ගලයින් සමඟ මෙම ප‍්‍රහාරය සිදු කළ බවට මූලික පරික්ෂණ වල දී හෙළි වී නොමැති බව ය. එහෙත් බොස්ටන් ප‍්‍රහාරයට වෙනත් පාර්ශ්වයක සම්බන්ධයක් නොමැති බව පැවසීමට පෙර කළ යුතු බොහෝ දෑ ඇති බවද එම බලධාරීන් අවධාරණය කර තිබේ.
ජොහර් සානේව් පරීක්ෂණ නිළධාරීන් සමග පැවසූ විශේෂීත කරුණු පිළිබඳව ඔවුන් අදහස් දක්වා නොමැත.
19 හැවිරිදි වියේ පසුවන ජොහාර් සානේව්ට එරෙහිව මිනිස් ඝාතන සඳහා ජන සංහාරක අවි යොදා ගැනීම සහ ද්වේශ සහගතව දේපළ විනාශ කිරීම යටතේ චෝදනා ගොනු කර ඇත. ජොහාර් ප‍්‍රතිකාර ලබන රෝහලේදී ම ඇමරිකානු මහෙස්ත‍්‍රාත් මැරියානි බෝලර් විසින් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම් කර තිබුණි. ප‍්‍රශ්න කිරීම් අතරතුර ජොහාර් හිස සැලීම මගින් බොහෝ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදී තිබුණි. එහෙත් ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥයෙක් යොදා ගැනීමට හැකියාවක් ඇති ද යන පැනයට පමණක් නැත යනුවෙන් පිළිතුරු දී තිබේ. කෙසේ වෙතත් ජොහාර් වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයේ නීතිඥයෙකු යොදවා තිබේ.
පැය කිහිපයකට වරක් පරීක්ෂණ කණ්ඩායම් ජොහාර්ගේ කාමරයට ගොස් ප‍්‍රශ්න කිරීම් කරන බව සඳහන් ය. සැකකරුට නඩු පවරනු ලබන්නේ සිවිල් නීති පද්ධතිය යටතේ බව ධවල මන්දිර ප‍්‍රකාශකයෙකු සඳහන් කරයි. ඇමරිකානු නීතිය යටතේ එරට පුරවැසියෙකු යුධ හමුදා අධිකරණය හමුවට පැමිණවීම නීතිවිරෝධි ය. එහෙයින් ත‍්‍රස්වාදයට සම්බන්ධ සැකකරුවෙකු ලෙස සලකමින් ඇමරිකාවේ සිවිල් අධිකරණයක දී ජොහාර් සානේව්ට විරුද්ධව නඩු පවරනු ඇති බව වාර්තා වේ.
අවසානයේ ඇමරිකානු රජය පවසන්නේ ප‍්‍රහාරය සම්බන්ධ දෙදෙනාගෙන් කෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් අනිත් කෙනා මරා දමා ඇති බවත් ය. එසේම තවදුරටත් මෙවැනි ත‍්‍රස්ත ප‍්‍රහාර කෙරෙහි බිය නොවන ලෙසත් ඔවුන් පවසයි. සැකකරු වන් අල්ලා ගැනීමට උදව් කිරීම හා ඒ සදහා නිවාස තුළ රුදී සිටීමට දුන් නියෝග පිළිගත් ප‍්‍රාන්ත වාසීන් ට ඇමරිකානු රජය ඒ සමඟම ස්තුතිය ප‍්‍රකාශ කරයි. කෙසේ නමුත් වෙබි අඩවි හරහා තම මත පළ කරන්නන් කියා සිටින්නේ ඇමරිකාව සානේව් සහෝදරයන් අලලා ගත් කතාව නාට්‍යයක් බවයි.
තව දුරටත් ඒ පිළිබද මත පළකරන ඔවුන් කියා සිටින්නේ ඇමරිකානු පුරවැසියන්ගේ බිය පහකිරීමට සහ ඇමරිකානු ආරක්‍ෂාවේ හිඩැස් වැසීමට සානේව් සහෝදරයන් කොටු වු බවයි. විශේෂයෙන්ම ඇමරිකානු රජය ජොහාර් පැවසු වා යැයි කියා ප‍්‍රථමයෙන්ම මාධ්‍යයට නිකුත් කරේ මේ සදහා ජ්‍යාතියන්තර සංවිධානයක බලපෑමක් නැති බව යන්නට, වෙබි අඩවි මත පලකරන්නන් කියා සිටින්නේ මෙ තනිකරම ඇමරිකානු ජනතාවගේ බිය පහ කිරීමට ගත් උත්සාහයක් පමණක් බවයි.
තවත් අය සදහන් කරන්නේ ටැම්ලන් මීට වසර කිහිපයකට පෙර රුසියාවට ගිය අවස්ථාවකදී රුසියානු ඔත්තු සේවය මඟින් මොහු ගැන ඇමරිකාවට අනතුරු අඟවා ඇති අතර ඊට පසු ඇමරිකානු පොලිසිය මොහුව නිතර අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ සිදු කළ නිසා සිද්ධිය වු අවස්ථාවේ ඔවුන් දෙදෙනාත් සිටි බව ආරක්‍ෂක කැමරාවල සටහන් වු පසු පොලිසිය ඔවුන් ව මේ සදහා සැක කර බවත් ය.
කෙසේ නමුත් ලෝක පොලිස් කාරයා ද තිගැස්සු මෙම ප‍්‍රහාරය දැන් තවත් එක් ප‍්‍රහාරයක් ලෙස අතීතයට එක් වී හමාරය. අවසානයේ ලෝක පොලිස් කාරයා මෙම අවනඩුව විසදන අයුරු ලොකයම බලා සිටිනු ඇත.
ලංකින්ද නානායක්කාර
(අන්තර්ජාලය ඇසුරින්)
ReplyDeleteඅපි මෙහෙම කී බෝර්ඩ් වලින් නඩු විසඳීමත් තවත්
විහිළුවක් ..උන් කියනවා අපි අහනවා ..ටිකකින් අපි
කියවන්න පටන් ගන්නවා බලන් උන්නා වගේ ..
( lipiya beda ganeema gana sthoothi nalin ayye..)
Ane manda..
ReplyDeleteHabayi langadeema Americaawata meeta wadaa bohoma darunu, e wagema athi bayankara, winaashakaari prahaarayak ella wena bawa mata penawa..(Apen nam newei..)
Eka thawath so called "loka yuddayak" nowewi kiyala mama hithanawa..
හොඳයි නරකයි....
ReplyDeleteඕක ඒගොල්ලන්ගේ නාටකයේ එක් කොටසක් විතරයි. පිටපතේ තියෙන විදියට වැඩේ වෙයි.
ReplyDeleteරුසියානු රජය මගින් ඇමරිකානු රජයට මොවුන් දෙදෙනා පිලිබඳව දැනුම් දීමක් කලා කියලා තමයි මේ දවස්වල ටීවී ප්‍රවෘත්ති වලට යන්නේ.
ReplyDeleteවිස්තර බෙදා ගත්තාට තුති..!
ReplyDeleteමොනවා උනත් මිනිස්සු මැරෙන එක ගැන දුකයි.ඒත් උන්ටත් දැනෙන්න ඕනේ ඉස්සර අපිට ඇති උන හැගීම්.
ReplyDeleteඔන්න ඔහොමලු උනා ~කියන්නෙ~ නේද.
ReplyDeleteමේ ලමයි මෙහෙම වෙන්න හේතුව මොකක්ද? ඒ රටේම ඉඳගෙන, ඉගෙනගෙන, තමන් ඉන්න රටට මෙහෙම විනාශයක් කරන්න තරම් ලොකු හේතුවක් තියෙන්නත් ඕනේ නේද?
ReplyDeleteකොහොම,කවුරු කලත් අන්තිමේදි මැරුණේ අහිංසක සිවිල් මිනිස්සුනේ....
ReplyDeleteලොකු ලොකු එවුන් හැමදාම ගේම් ගහනවා අසරණ අහිංසකයෝ බිලිවෙනවා. වරද කාගේ කොතැන උනත් ජීවිත වලින් වන්දි ගෙවන්නේ ඕවට මැදිවෙලා අහිංසකයෝ.
ReplyDelete"බල තන්හාවේ අනිටු පල".
ඕක ඉතිං ඒගොල්ලංට ඕන හැටියට විසඳගන්නෙ නැතැයි.
ReplyDeleteGreat letter bro.
ReplyDeleteIt looks you have work hard.
Thank a lot.