එදා කුණු ගඳින් පළාතම වැසීගිය හැමිල්ටන් ඇල අද සුන්දර ස්ථානයක් බටව පත්වෙමින් පවතී. සංචාරක ප්‍රවර්ධන කටයුතු සහ සේවා වැඩි දියුණු කිරීම යටතේ ආරම්භ කරනු ලැබූ හැමිල්ටන් ඇල සංවර්ධන වැඩසටහන හේතුවෙන් වසර ගණනාවක සිට ඉතා අපිරිසිදු ජලයෙන් සහ දුර්ගන්ධයෙන් යුත් ස්ථානයක් ව තිබූ හැමිල්ටන් ඇල මේ වන විට ඉතා ආකර්ශනීය ස්ථෘනයක් බවට පත්ව තිබේ.
හැමිල්ටන් ඇල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මා ඔය සිට කැළණි ගංඔය දක්වා විහිදී ඇති කිලෝමීටර 22ක් සංචාරක ආකර්ශනීය ප්‍රදේශයක් බවට පත් කිරීමට පියවර ගෙන ඇති අතර එහි පළමු පියවර යටෙත් මා ඔයේ සිට මීගමුව දක්වා කිලෝමීටර 09ක පමණ කොටසක් සංවර්ධනය කරන ලදී.
දෙවන පියවර යටතේ මීගමුව කළපුවේ සිට හේකිත්ත (කැළණි ගංමෝය) දක්වා වන කිලෝ මීටර 14ක් සංවර්ධනය කිරීම දැන් සිදු කෙරෙමින් පවතී. එහි පළමු කිලෝමීටර දෙක හමාර මැයි මස වනවිට සම්පූර්ණයෙන් සංවර්ධනයකර අවසන් කිරීමට නියමිතය.
හැමිල්ටන් ඇල සංවර්ධන ව්‍යාපෘතියට සමගාමිව මීගමුව කළපුවද මුතුරාජවෙල ආශ්රිත සංචාරක ප්‍රවර්ධන කටයුතුද වැඩිදියුණු වනු ඇත. අටවන වීර ප්‍රරාක්‍රමබාහු රජතුමා විසින් 15වන සියවසේදී කුළුබඩු ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සදහා මීගමුව කලපුව ප්‍රධාන තොටුපොළක් ලෙස පරිහරණය කරන ලදී. භාන්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් ඕලන්ද යුගයේදී ආරම්භ කරන ලද හැමිල්ටන් ඇල බ්‍රිතාන්‍ය යුගයේදී වසර 1802 නිමාවට පත්විය.
මට හිතෙන්නේ මේ හැමදේටම වඩා වටින්නේ කොළඹ ගංවතුර තත්වය පාලනයට මේ පිරිසිදු කිරිම කොයි තරං වැදගත් වෙනවද කියන කාරණයයි. අවංකව ම භාරදූර කාර්යයක් තමා ඉවර කරල තියෙන්නේ. ඒ වගේම උදේ පාන්දර ඇළ මාර්ගය හැමදාම සුද්ද කරන්න දහදිය හෙලන අයටත් (කවුද කියල කියන එක හොද මදි නිසා) අපේ ගෞරවය හිමි වෙන්න ඕන..
ReplyDeleteකතාව ඇත්ත දේශකයා... ඒ අය ගැන කිව්වොත් දුක හිතෙනවා. ඒ අයට අදටත් අපේ උත්තමාචාරය..
Deleteඅගය කළ යුතු වැඩක්නේ.ඒ වගේම මේ කමෙන්ටුවත් අගය කරනවා!
Deletemath menna mekata jak ekak
Deletegahanawa..nailin ayiyata sthoothi
post eka dammata...
oke #### mathakai eka parak..:P
අපේ දේශප්‍රේමී ජනතාව දාන කුණු තමයි මේ කට්ටිය අදින්නේ....කැක්කුමනන් කරන්න තියෙන්නෙ කුණු නොදා ඉන්න එක....
Deleteමේකට බලතල තියන ආයතනයට ඒ ක්‍රියාවලිය කරන්න ඉන්න පිරිස් බලය මදි නිසා තමයි මේ අයව අකමැත්තෙන් හරි මේ තැනට දාන්න අදාල බලධරයා තීරණය කරේ....
කඩේ යනවා කියලා කියන්න එපා.. වගකීමෙන් කියන්නේ.....
sanwaradanaya kumana akarayata unath rate yahapathta nam agaya kala uthuya.
ReplyDeleteඅනිවා ගයනි. මොකද නම වෙනස් කරලා.
Deleteඅනේ,, මම හරි අස තැනක් අප්පා..
ReplyDeleteඉතින් දෙන්නත් එක්ක යන්නකෝ මුතුරාජවෙල බෝට්ටු සවාරියක්
Deleteඔව් ඔව් අර රෙඩ්බුල් එකෙන් ආපු නංගිගේ ගෙවලුත් ඔය පැත්තේ. :)
Deleteවිහිළුවක් ඈ...............
Deleteඇත්තෙන්ම හොඳ වැඩක්. මේ වියදම් කරපු මුදලට අරුතක් එක් වෙන්න නම් දිගින් දිගටම නිවැරදිව නඩත්තු කළ යුතු වෙනව. පොදුවෙ ලංකාවෙ නගර පිරිසිදු කිරීම අතින් නගර සභා, ප්‍රාදේශීය සභා වගේ පළාත් පාලන ආයතන නම් හුඟක් අකාර්යක්ෂමයි. දැනට මේව නඩත්තු කරන පුද්ගලයොන්ගෙ අතින් කවදක හරි එයාලට ඒ වගකීම පැවරුනොත් මම හිතන්නෙ නැවතත් මේව අභාවයට යාවි. පරිසරය සුරකිමින් පිරිසිදුව පවත්වාගැනීම යුගයේ අවශ්‍යතාවයක්. නැත්නම් ලොව පුරා මේ වන විට සිදුවූ, සිදුවෙමින් පවතින පරිසර විනාශයන් නිසා පෘථිවියෙන් ජීවීන් අතුගෑවීයන්නත් එයම හේතු වේවි.
ReplyDeleteඉතා හොද අර්ථ දැක්වීමක් ඩිඩිටී.... අවුරුදු උත්සවයට ආවේ නෑ නේද අදුනගන්න ආසාවෙන් හිටියේ ඔබවත්...
Deleteඕක එන්නෑ බං..!( මම ආවෙත් නෑ)
Deleteලස්සනට පිරිසිදුවට මේ තැන් තියෙනවනම් කොච්චරනම් වටිනවද නේද ?
ReplyDeleteඉතා සතුටුදායක මට්ටමින් මේ ඇල නිමවෙමින් පවතිනවා.
Deleteමටත් නම් හිතුනේ හරිම හොඳ වැඩක් කියලා. ලස්සන තැනක්.
ReplyDeleteඉතාමත්ම ලස්සනට තියනවා දැනට නම්..
Deleteහපෝයි
ReplyDeleteමොකද චින්තක... අපොයි කියැවුණේ
Deleteමම මෙහෙ එන්න කලින් අවුරුදු ගාණක් ඇලකන්ද පාරෙන් කටුනායකට ගියා,ගිය හැමදාම මා දැකපු හීනයක් තමයි දැන් සැබෑවෙමින් පවතින්නෙ.
ReplyDeleteවිස්තර ගෙනාවට ස්තූතියි නලීන්.
ඇත්තටම හරිම සුන්දර පෙදෙසක් බවට පත්වෙමින් තියනවා දැන්. එය හිතට හරිම සතුටක් කු... අයියා.
Deleteහොද වැඩවලට බොක්කෙන්ම තමයි සැලියුට් එක හරිය නලී.
ReplyDeleteසොක්කක්න්ගේ බිල් වලටත් ඔය බැල්ම කලොත් ලොක්කන්ට ඩබල් සැලියුට්.
සිද්ධිය දන්නවා. වෙන දෙයක් කියන්න අමාරුයි.
Deleteමේ පැත්තේ ගියා කියලා මතකයක් තියෙනවා. මෙතන වෙන්ට ඇති කියලා හිතෙනවා. ලස්සනයි දැන් නම්.
ReplyDeleteදවසේ චාරිකාවක් යනවනම් සොඳුරුම තැනක් මුතුරාජවෙල බෝට්ටු සවාරිය. මිගමු කළපුව දක්වාම.
Deleteරජය විසින් කරන තවත් හොඳ වැඩක්. හොඳ වැඩ වලට හොඳයි කියන්න නිහතමනිවෙන්න ඕනේ.
ReplyDeleteඋතුම් ගුණාංගයක්..රජයක් නොවේ කවුරුන් කළත් හොඳ දේ ඇගයිය යුතුයි.
Deleteඒක නම් හොඳ වැඩක්. ඒ වගේම ආයෙත් ජරාවාස වෙන්න නොදී දිගටම නඩත්තු කටයුතුත් කෙරෙන්න ඕන..
ReplyDeleteහැදිල්ලට වඩා වටින්නේ රැක ගැන්මයි. නැත්නම් ආයේ කුකුලු ජරාවයි සේරම මේකට දායි.හැදුවා වගේම පාලනයත් හමුදාවක සේ තිබිය යුතුයි.
DeleteHonda wadak..
ReplyDeleteMe wage wadath indala hitala hari ahenawa nam hondayi..
@Angaharu walin generator 1k order karana gaman..
තව බොහෝ හොඳ වැඩ කෙරිලා තියනවා කෙරෙමින් තියනවා. ඒත් කවුරුවත් ඒවා දන්නේ නැ. එවට ප්‍රචාරයකුත් නැ.වැරදි ටිකට තමා ප්රචාරයත් ලැබෙන්නේ.
Deleteඅන්න අගේ ඇති වැඩක්. අපිත් මුතුරාජවෙල බෝට්ටු සවාරිය ගිහින් තියෙනවා මීගමු කළපුවටම.
ReplyDeleteපුදුම විනෝදයක් මෙන්ම ආශ්වාදයක් ලබන්න හැකි චාරිකාවක් දවසකින් නිම කළ හැකි. ඔබත් බොහෝ ඇසු පිරෑ තැනැත්තෙක් නේ...
Deleteකොළඹ වගේම අනෙකුත් නගරත් අලංකරණය කර ඇති අකාරයනම් සතුටු දායකයි. ගංවතුර පාලනයත් ඒ වගේමයි. දැන් කොළඹ විතරක් නෙවෙයි රත්නපුර වගේ ඉස්සර නිතරම යටවුණු නගරත් දැන් බේරිලා තියෙනවා. ඒ වගේම තමයි මාර්ග පද්ධතිය. ඉස්සර කොළඹ යන ඒකත් අප්පිරියයි. ට්‍රැෆික් එකට අහු උනාම. දැන්නම් හයි ලෙවෙල් එකේ ප්‍රධාන නගර පහු වෙනවා දැනෙන්නෙත් නැති තරම්. ඒ වගේමයි ග්‍රාමීය මාර්ගත්.
ReplyDeleteඇත්තටම ආණ්ඩුවේ ඒ පැත්ත ගැනනම් හොඳ නොකියා ඉන්න තරම් ගුණමකු වෙන්න බෑ.
ඉතාම හොඳ වැඩක් නලින්. දැන් ඇත්තෙන්ම සතුටුයි මේවා දැක්කාම. කාලයක් තිස්සේ අපි බලා පොරොත්තු වුණ දෙයක් දැන් මල්පල ගැන්වෙන්නෙ.
ReplyDeleteරටේ දියුණුව පෙන්වන පෝස්ට් එකක් දුටුවම අහක බලාගෙන යන්න හිතුනේ නෑ. දැන් ඉතිං ලැජ්ජ නැතුව දන්න කියන සුද්දෙකුට අපේ රටට එන්න කියතැහැකි. කාටද ආඩම්බර ශ්‍රී ලාංකික අපිට නේද?
ReplyDeleteමේකනම් බොහොම හොඳ වැඩක්.
ReplyDeleteමේවානම් අගය කල යුතුම දේවල්.. ගොඩක් ලොකු ව්‍යාපෘති වලට වඩා වටින්නේ මේ වගේ දේවල්..
ReplyDeleteෂා... දැං පට්ට ලස්සන ඇති එහෙනම්... හැබැයි ඕකෙනුත් ගහපු උන් ඉන්නවද දන්නෙ නෑ
ReplyDeleteවිවේචන වලට හොඳම පිළිතුරත් දිගටම වැඩ කිරීම. එතකොට විවේචන කරන අය මුලින්ම නිශ්ශබ්ද වෙන්ව පසුව හොඳ කියන්න ගන්නවා ටික ටික.
ReplyDeleteබලන්න අපේ රජ කෙනෙක් කරපු වැඩකට හැමිල්ටන් කියල වැටිලා තියෙන එක කොයි තරම් නරකද.
මම දවසක් කල්පිටියට යත්දී බලාගෙන ගියා තැනින් තැන තියෙනවා මේ ඇලේම දිගුවක් පුත්තලම දක්වා. ඒ පැත්තේ මේ ඇල හිඳිලා තියෙන්නේ. ඇත්තටම මේ මගින් මාර්ග තදබදය අඩු කරන ගමන් ගංවතුර පාලනයකුත් කරන්න පුළුවන් එය පුත්තලම දක්වා දිගු කලානම්.
සිරාවට සුදීක? ඉතිහාස කතාව වෙනස් කරල ලියනවද ඔයා? පුත්තලමට යනකොට කොයි හරියෙද ට්‍රැෆික් හිටින්නෙ?
Deleteමේක නම් අගය කල යුතුයි. හැබැයි එන අය පරිසරය පිරිසිදුව තියාගත යුතුයි.
ReplyDeleteඅගය කල යුතු වැඩක්..සතුටුයි..!
ReplyDeleteහෆ්ෆේ දැන් කොළඹ ටිකක් යන්න පුලුවන් ගඳ නැතිව සුද්ද කරන නිසා... මෙ වගේ වැඩ කරන එක නම් අගය කරන්නම ඔනි.... හැබැයි සුද්ද කලාට මදි. එ දෙවල් දිගටම් එ විදියට පිරිසිදුව තියා ගන්නත් අපේ ඇත්තෝ වග බලා ගන්ට ඔනි..
ReplyDeleteඇත්තටම අගය කළ යුතුයි!
ReplyDeleteමේ පාරේ යන කෙනෙකුට තමයි මේ වගේ දේක අගය වැඩිපුරම දැනෙන්නේ..!!
ReplyDeleteස්තුතියි විස්තරය බෙදාගත්තට නලින්..
නියම post 1ක් මචන්
ReplyDeleteAppreciated.......
ලෝකේ හැම තැනම සිදුවෙන වැදගත්, උණුසුම් news කෙටියෙන් දැනගන්න ඔයාලත් එන්න
www.dasathanews.com