අම්පාර නගරයට කිලෝමිටර් පහක පමණ දුරින් අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගයේ
පිහිට ඇති වලතාපිටිය ගම්මාණයට මදක් නුදුරින් දිඝවාපිය මහ කැලය පසුකර වන අලින්
එකසිය පනහකට වැඩි රංචුවක් ප්‍රධාන මාර්ගය හරහා බුද්ධංගල අභිය භුමියට ඇතුළු වුයේ
තමන්ගේ වාසභුමියට ඇතුළු වෙන්න කාගේ තහනමකද යන්න සිතා විය යුතුය.
මිනිසුන් විසින් මහ කැළෑ එළිකර තම වාස භුමි නිරිමාණය කර ගැනිමත් සමග මේ
අලින් ජිවත් වන වටපිටාව උන් හට අහිමි වන්නට පටන් ගත්තා. මේ නිසාම ඔවුන් හට ගමන්
කරන්නට නිදහසේ කෑම බිම සපයගන්නට ඇති කෑළ පද්ධතිය අහිමි වෙලා.මේ අයට කැළයකින් කැළයකට
මාරු වෙන්න වෙලා තියෙන්නේ මහත් වු භීතියකින්.
මේ අය කල්මුණේ ප්‍රධාන මාර්ගයේ මාරුවෙන හැටි බලන්න අපි ගියා.එය සුන්දර අත්
දැකිමක්. මේ අය නැවතුනේ වලතාපිටිය වැව් තාවුල්ලේ. හවස් ජාමේ අපි ගියා මේ අය පැටව්
එක්ක නැවත වරක් වැවෙන් ගොඩවෙලා රාත්‍රි කැම සොයාගෙන යන යන හැටි බලන්න .
බුද්ධංගල ආරක්ෂිත අලිවැටට යටින් මේ අය රින්ගලා තමයි වැවට බැහැලා තියෙන්නේ .
මම මේ ගැන බලන්නත්, පනහක් පමන සිටින අලි පැටවුන් මේ වැවේ පිනගෙන එන හැටි බලන්නත්
හිතාගෙන අසල තිබුන උසකට නැගත්තා.
මා සමග ගිය මා මාධ්‍ය සගයා වසන්ත චන්ද්‍රපාල මදක් දුරක් ඇතට වී සිටියේ මා
සිටි අවදානම ගැනත් ,අවුරුද්දට ඔන්න මෙන්න කියලා තියෙද්දි මේ අවදානම ගන්න හින්දත්
ඇති වු බියකින්.ඔහු තම ජංගම දුරකතනයෙන් නිතර මා දැනුවත් කරමින් කටයුතු කිරිම මා
සිතට ශක්තිය වුවා .
අලි රැන මැද කුඩා පැටවුන් පහක් පමණ හිටියා මේ පැටව් වැවෙන් එගොඩ කරණ
ආකාරයත් මේ අය අලි වැට යටින් රිංගා යන අකාරයත් දැකිම මගේ ඉලක්කය වුණා. අලි රැළ
වැවෙන් ගොඩට එනවිට මා සතු කැමරාවේ තාක්ෂණ ඔවුන්ව සටහන් කර ගැනිමට තරම් ප්‍රමාණවත්
වුයේ නෑ . නමුත් ඒ අපුර්වත්වය මගේ ජිවිතයට තවත් අත් දැකිමක් වුණා.
රාත්‍රී හත පමණ වන විට සියලු අලින් මා වට කොට සිටින හැටිත් ඔවුන් යම් කරුණක්
නිසා යම් ආකාරයකට වෙනස්ව සිටින අයුරුත් දක්නට තිබුණා.
වෙනස නම් මා සිටි ස්ථානය ගැන ඔවුන්ට ඉව වැටි ඇති නිසා විය හැකිය. පැය දෙකකට
පමණ ආසන්න කාලයක් අලි මැදට වී සිටින්නට මා හට සිදු වුණා. මේ නුවන්කාර අලින් මැද
පැය දෙකක කාලයක් ගත කිරිම මා හට මාස ගණනාවක් සේ දැනුණා.
වසන්ත චන්ද්‍රපාල මා සිතුවාටත් වඩා ඉක්මන් වී තිබුණේ ඔහු වනජිවි නිලධාරින්
හට මේ බව දන්වා ඔවුන් කැදවු බව පැවසිමත් සමගය. සුන්දර වු බියකරුවු අත් දැකිමකට
තිතතියන්නට මා හට සිදු විය .ඒ වනජිවි නිළධාරන් පැමිනි වහම මේ අලි රැළ නැවත වරක
වැවෙන් එගොඩවී ඔවුන් සිටි ස්ථානයටම යන්නට
විය .රාත්‍රි නවයට පමණ අප එම ස්ථානයෙන් පැමිණිය පසු එම අලි රැන නැවත් වරක්
දිඝවාපියට ගොස් තිබුණා. නමුත් මේ නුවනක් කාර අලි රැන සතු නුවන අපේ මිනිසුනට තිබුනා
නම් කියලත් මට හිතේනවා .ඔවුන් සතුවු භාෂාව ඔවුන් සතු වු ප්‍රකාශණ මාධ්‍ය අප තවමත්
සොයා බලා නැත. ඒ තරමට එය සංකිර්ණ ක්රමවෙද මේ අලි රැන සතුවන බව මා දුටු වා.
මේ අයගේ ගමන් මාර්ගය උඩවලව කුමන ලාහුගල ගල්ඔය මාදුරුඔය අභය භූමි හාරහා වැටි
තිබෙනවා.මේ යන එන අතර තුර මිනිසුන් සමග ගැටිම් ඇති වෙනවා මෙයට හේතුව අලින් නොව
කෑළෑ එළිකර අලින් සතු ගමන් මාර්ගයන්හි මිනිසුන් තම වාස භූමි ඉදිකර ගැනිමය.මිනිසුන්
වු අපට නිසි මාර්ගයක් නොවුවද නුවනක් කාර මෙම අලින් හට මේ වන මන් මැද අතිතයේ සිට
හුරු වු මාර්ගයක් ඇත .ඒ බව අමතක කල මිනිසුන් මේ සතුන් නසන්නට වෙර දරති .
මේ අපුරු අද්දැකීම වින්දේ මා මිත්‍ර
චන්දන ලියනාරචිචිය
අපූරු අත්දැකීමක්. තුන්පත් රෑනකුත් කැමරා කාචයේ සටහන් වෙලා. අර වට වෙච්ච් වෙලාවේ හිතට ආපු දේවල් ටික වෙනමම ලියන්න.
ReplyDeleteඅතිෂය දුර්ලභ අවස්ථාවක් චන්දනට උදාවෙලා තියෙන්නේ.. මේ සටහන හෝ කඩිනමින්ම මා වෙත ලබාදිම ගැන චන්දනට මගේ ස්තුතිය.
Deleteඅලින්ගේ හැසිරීම් බලා ඉන්න මමත් ආසයි. අලි මාරුවෙන ස්ථාන නේද අලිමංකඩවල් කියල කියන්නේ.
ReplyDeleteඔව් බුද්ධංගල අලිමංකඩ මේ තැන
Deleteඔන්න චන්දනට අනිත් චන්දන උත්තර දීල තියනවා.
Deleteඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
ReplyDeleteThis comment has been removed by the author.
Deleteසරා ඔබටත් එසේම වේවා කියා පතනවා...
Deleteසමකය වටේ හිමිකරු නලින් මහතාටත් සමකය වටේ එක්රොක් වන ඔබ හැමදෙනටමත් සුභ අළුත් අවුරුද්දක් කියලා ප්රාර්ථනාකරණවා.
ReplyDeleteස්තුතියි චන්දන මේ වටින ලිපිය හා පිංතුර මා වෙත ලැබෙන්නට සැලැස්සුවාට... ඔබටත් සුබ නව වසරක් වේවා.
Deleteචන්දනටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...
Deleteචන්දනටත් නලින්ටත් බොහෝමත් ස්තුතියි මේ අත්දැකීම බෙදාගත්තාට..
Deleteඔබටත් එසේම වේවා.
ReplyDeleteඔබටත් වාසනාවන්ත නව වසරක් වේවා නිල් මානෙල්...
Deleteඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ නිදුක් නිරෝගී වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා..!!
ReplyDeleteස්තුතියි යසිත්..
Deleteඒ ගොල්ලෝ ගිහින් තියෙන්නේ මෝටර් සයිකල් වලනේ. අපූරු අත්දැකීමක් වෙන්න ඇති.
ReplyDeleteආයෙම පාරක් සමකය වටේ යන ඔබට සුබ අලුත් අවුරුද්දකට සුබ පැතුම්!
චාරිකා ලිපිත් ඉදිරියේදි වැඩි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
Deleteමේ නිව්ස් එක මම දැක්ක ටීවී එකේ. එතන ඉන්ට කිසි ගානක් නැතුව අලියා ලඟින් බයිසිකලේ යනවා.
ReplyDeleteටි වි එකෙත් ගියේ චන්දනගෙයි වසන්ත චන්ද්රපාලගෙයි විස්තර තමා.
Deleteමම කැමතිම යටම තියෙන ෆෝටෝ එකට. ඒකෙ තමයි ත්‍රාසය භීතිය කුතුහලය ඔක්කොම තියෙන්නෙ.
ReplyDeleteඋඹටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!
ඔව් එතැන ත්‍රාසය දැනෙන්න තියනවා..ජයම වේවා ඔබටත් පවුලේ සැමටත්..
DeleteHaaaaa? Ali 150k? Lankaawe? Mata nam hithanna amaaruyi....
ReplyDeleteLoke danata inna parinaamikawa diyunuma ali thamayi Elephas maximus maximus kiyana Lankawe aliya. African ekata kiyanne Loxodonta africa kiyala. Oo swabhaawayen bohoma darunu sathek.
Me athdakeema nam maarama watinawa...
ඇයි මලේ හිතන්නත් අමාරු මේ පිංතුර දෙකකම ඉන්නවා එක තැන ලොකු අලි ගානක්ම. අනිත් කරුණු සමග නම් එකගයි. ඒ වගේම තමා ඒ කාලේ හදපානාගල වැවට හවසක ගියානම් අලි එක තැන 290ක් බලා ගන්න තිබුනා. මේ කියන්නේ 80 දශකයේ අග කාලේ ගැන. උන් දැන් උඩවලවේ ඉන්නේ.
Deleteඇත්තටම අපූරු අත්දකීමක්නේ! හැබැයි ටිකක් අනතුරු දායකයි නේද?
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා නලින් අයියා!
අනතුරු දායක වුණත් මෙහෙම දෙයක් විදින්න වෙන්නේ බොහොම කලාතුරකින් කෙනකුට.
Deleteඒ වගේම ඔබටත් සුබ නව වසරක් වේවා.
අලින්ව කොච්චර ෆොටෝ වලින් දැක්කත්, ඇත්තට මෙහෙම දකිනකොට එන්නේ පුදුම ආසාවක්. ඒක බයක් එක්ක එන එකක්.
ReplyDeleteනිර්භීත වැඩක්නේ කට්ටිය කරලා තියෙන්නේ...:)
බය හිතෙන වැඩක් තමා ඒත් ත්‍රාසය මුසු වැඩක්නේ...
DeleteMama 150k hithanna amaaruyi kiwwe dan marana hatiyata..
ReplyDeleteSubama Suba Aluth Awruddak Wewa liyana, kiyawana hamotama..!
මේ වන විට මලයා ලංකාවේ අලි ගහනය 6000ක් ඉක්මවා තිබෙනවා..
Deleteවෙනස්ම අපුරු අත්දැකීමක්.....
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට නලින් අයියේ....!!!
Very nice article and the pictures but you have killed the beauty putting up your logo on middle of the picture
ReplyDeletesamanuk
කතාව ඇත්ත සහෝ. ඒත් මම මේ බ්ලොලේ දාපු බෙනේතොට පිංතුර ටික කිසිදු හිරිකිකයකින් තොරව අවරලංකා කියන එකා හොරකම් කර උගේ වගේ දැම්මා ඒ නිසයි මේ දේ කළේ. ඒ හරකා මගෙන් ඉල්ලුවනං ඔර්ජිනල්ම මං ඌට දෙනවා. ඒ නිසා සමා වෙයං කොල්ලෝ.
Deleteලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා !!!!!!
ReplyDeleteඔබටත් සුබ නව වසරක් වේවා සහෝ...
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා........!!!!!!
ReplyDeleteමං මුලින්ම හිතුවේ නලිනුයි ගහ උඩ හිටියේ කියලා :) කමක් නෑ ලස්සන පිංතූර ටික.ඒවා මහන්සිවෙලා අරගෙන අපිට ලිපියක් පලකලාට චන්දනටත් ස්තූතියි...
ReplyDeleteඑක පින්තුරේක අලි ටික ඔක්කොම නැටි උස්සගෙන :)
ReplyDeleteඅල් බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නෙ නැති වැඩක්. මේකත් එහෙමයි. එහෙනම් නලින් අවුරුද්දට නැගෙන හිර ගිහින් වගේ..
ReplyDeleteබුද්ධංගලත්, දීඝවාපියත් අතර අලින්ට යන්න එන්න තිබුනු මංකඩ දැන් බොහෝදුරට ඇහිරිලා. තව වැඩි කාලයක් උන්ට ඒ අතර එහා මෙහා යන්න බැරිවෙයි. අලි කිලෝ මීටර් සිය ගනණක් එහා මෙහා නොගියත් ජාන (ප්රවේණි ලක්ෂණ) හුවමාරුව සඳහා අලි කණ්ඩායම් අතර සම්බන්ධතාවය පවත්වා ගන්න මේ වගේ වන පිවිසුම් ඉතාම වැදගත්.
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා මලේ ..!
අපූරුයි, කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ, නියම සංචාරක සටහනක්.
ReplyDelete