මේ, හරිම අහම්බෙන් යැවුණු ගමනක්. ගමන ගිය දවසෙ උදේ වෙනකල්ම මේ තැන ගැන අහලාවත් තිබුණෙ නෑ. කලින් සූදානම් කරගෙන හිටපු සැලසුමක් වෙනස්වුණා. ඉන්පස්සෙ අපි ලාස් වේගාස් ආවෙ කිසිම පෙර සූදානමක් ඇතුව නෙමෙයි. මේ සූදු පුරයෙ අපි මොනවා කරන්නද. සම්පූර්ණ දවසක්ම අපිට ඉතිරි වෙලා තිබුණු නිසා යන්න තැනක් හෙව්වා. එතකොට තමයි Valley of Fire ගැන දැනගත්තෙ.
මේ නෙවාඩා ප්‍රාන්තය. ග්‍රෑන්ඩ් කැන්යන් සිට ලාස් වේගාස් දක්වා එන මාර්ගය වැටී ඇත්තේ ඉතාමත්ම නිසරු ප්‍රදේශයක් හරහා. ප්‍රදේශය හරහා වැටී තිබූ වංගු වලින් ගහණ කඳුකර මාර්ගය තත්වයෙන් නම් ඉතාමත් උසස්. ඒ වගේම ලස්සණයි. නිසරු පස නිසා එක දිගට පැතිරුණු හරිත යායක් නැතත් තැන් තැන් වල වැවී තිබූ තරමක් විශාල හරිත පඳුරු විඩාබර දෙනෙතට ගෙනාවෙ සහනයක්. අපි ලාස් වේගාස් එනකොට හොඳටම දවල් වෙලා. ගිම්හාන කාලෙ දැනෙන රස්නය ඇඟ දවන තරම්.
![]() |
වචනයේ පරිසමාප්ත
අරුතින්ම ලාස් වේගාස් කියන්නෙ පාළු කතරට කොහෙන්දෝ කඩාපාත්වුණු සුරපුරයක්!!!
විශේෂයෙන්ම රාත්‍රි කාලයට. තනිකරම විනෝදය සඳහා පමණක්ම කැපවුණු මේ පුරවරයෙ, දිනකට
නාස්ති කරන මුදල් කන්දරාවෙන් කී දෙනෙක්ගෙ නම් බඩගිනි නිවන්න පුළුවන් වේවිද කියලා හිතන්නවත්
බැරිතරම්... අපි වගේ සංචාරකයිනුත් නැතිව
නෙමෙයි. නමුත් එකකට එකක් පෑහෙන තරමට ඉදිවී ඇති මේ අතිවිශාල හෝටල් සංකීර්ණ තනා
ඇත්තේ සූදුවට ආරාධනා කරන්නමයි. මගෙ වඩාත්ම සිත් ගත් තැන වුණේ මැඩම් ටුසාඩ් ( Madame Tussauds) ඉටි කෞතුකාගාරය. නරඹන්නන් මේ ඉටි රූ සමග පිංතූර ගන්නා
අයුරු බලාසිටීමම පමණක් වුණත් ගෙනෙන්නෙ අපූරු විනෝදයක්. රෑ වුණාම, නිමෙන පත්තුවෙන නියොන්
විදුලි එළියෙන් ආලෝකමත්වුණු වීදි දිගේ
යනවිට, හිතාගන්න බෑ මේ අපි දහවල් දුටු නිස්කලංක පරිසරයමද කියලා.
රාත්‍රිය පුරා වේගාස් වල
ලස්සණ බැලූ අපි පහුවෙනිදා උදේ අන්තර්ජාලය පීරමින් යන්න තැනක් සොයනවිට තමයි, මේ
ගිනිගත් නිම්නය; හරියටම කියනවනම් - Valley of Fire හමුවුණේ.
උද්‍යානය පුරාම ඇත්තේ පොළවෙන් ඉහළට මතුවූ, රතු පැහැති වැලිගලින් නිර්මාණයවූ, විවිධ හැඩයන්ගෙන් යුත් පුදුමාකාර ස්වභාවික නිර්මාණයන්. මේ ගල් කඳු හිරු රශ්මිය වැටුණු විට ගිනි සිළු වගේ පෙනෙන නිසාලු මේ අපූරු නම මෙතනට ලැබිලා තියෙන්නේ. අවාසනාවට එදා අපි ගිය දවසේ අහස වළාකුළු වලින් පිරී තිබුණු නිසා මේ කතාවෙ ඇත්ත නැත්ත අපිට තහවුරු කරගන්න ලැබුණේ නෑ.
උද්‍යානය මැදින් වැටී ඇති මේ පාර 1995 දී නම්කර ඇත්තේ Nevada scenic byway කියලයි. නමින්ම හිතාගන්න පුළුවන්නෙ පාර කොයි තරම් ලස්සණ ඇතිද කියලා
උද්‍යානයට ඇත්තේ වසර
මිලියන 150 ගණනක අතීතයක්. වෙන විදිහකින් කීවොත් මෙහි ඉතිහාසය ඩයිනසෝර් යුගය දක්වාම
දිවයනවා. ස්වභාවධර්මයේ විශ්මිත නිර්මාණයන් වන මේ ගල් කඳු, වසර ගණනාවක් පුරා
බොහෝසෙයින් ඛාදනයන්ට ලක්ව, නොයෙකුත් කාලගුණ තත්වයන් යටතේ පාරිසරික වෙනස්කම්
රාශියකට භාජනයවීමේ ප්රතිඵලයන් වශයෙන් නිර්මාණයවී ඇති බවයි පැවසෙන්නේ.
ගල් කඳු මතුවූ මේ නිසරු පොළවෙහි
බහුල වශයෙන්ම ඇත්තේ කුඩා තණ පඳුරු. සත්ව ගහණය නම් ඉතාමත්ම අඩු අගයක් බවයි දැනගන්නට
ලැබුණේ. අපිට දකින්නට ලැබුණෙත් එකම එක කටුස්සෙක් පමණයි. වසරකට ලැබෙන වර්ෂාපතනය
සඳහන්වන්නේ අඟල් 4ක් ලෙසින්
![]() |
ෆොසිල බවට පත්වූ මෙවැනි ශාක කඳන් කීපයක්ම අපට දැකගන්නට ලැබුණා. |
තද හිරු එළියක් නැති
එදා, තද අඳුරු පැහැති ආකාශය පසුබිම් කරගත් රක්ත වර්ණ මේ ගල් කඳු පරිසරයට එක්කළේ අමුතුම
ගුප්ත බවක්.
නමේ විදිහට නම් තියෙන්න
ඕනේ රතු පැහැති ගල් කඳු පමණක් වුණත් සමහරක් තැන්වල රතු හා සුදු ලෙස ඉතා පැහැදැලිව
කොටස් දෙකකට බෙදුණු කඳුත් දකින්න පුළුවන්.
රතු සුදු මිශ්‍ර වර්ණයන්
ගණනාවකගෙන් සමන්විත පේනතෙක් මානයේ පැතිරුණු මෙම කඳු යාය මවන්නෙ දර්ශණීය දසුනක්.
![]() |
මේ අපූරු හැඩ නම් කර තිබුණේ ‘මී වද’ (Bee Hives) ලෙස |
වාහනයෙන් යා හැකි මාර්ගය
නරඹා අවසන් කරන්නට අපට ගතවුණේ පැය 5ක් වැනි කාලයක් . පෙර සූදානමකින් පැමිණියේ නැති
නිසාම අඩිපාර දිගේ පයින් යන ගමන අපට අකමැත්තෙන්වුණත් මගහරින්නට සිදුවුණා.. ඒ ගැන
තාමත් ඇත්තේ කිව නොහැකි තරමේ කණගාටුවක්.
![]() |
මේ සංචාරකයින් සඳහා ඇති අවසන් නැවතුම |
![]() |
මාර්ගය අවසන් වන්නේ මෙතනින්. මේ විශාල ගල් පර්වත නම් කර තිබුණේ Silica dome ලෙස |
සංචාරකයින්ට අවවාද,
උපදෙස් දෙන බෝඩ් ලෑල්ලක්වත් මුළු ගමන පුරාවටම දකින්නට ලැබුණෙ නැතත්, පරිසරයට ආදරය
කරන්නන් පැමිණෙන නිසාම, හැම සංචාරකයෙකුගේම හැසිරීම විනය ගරුකයි. රාත්‍රිය මෙහි ගතකරන්නට සංචාරකයින්ට අවසර නැහැ. උද්‍යානය විවතෘව තබන වේලාව සඳහන් වන්නේ හිරු උදාවේ සිට හිරු බසින තුරු (from sun rise to sun set) ලෙසින්. ඉතිං අර අපූරු
පාර දිගේ ගමන නිමා කළ අපි මේ අතිශයින් චමත්කාරජනක පරිසරයෙන් සමුගත්තා. වසර දෙකකට
ආසන්න කාලයක් ගතවුණත්, තව අදත් මෙහි හැම ඡායාරූපයක් සම්බන්ධයෙන්ම මට ඇත්තේ, මටම
පුදුම හිතෙන තරමේ සජීවී මතකයක්. මේ අරුම පුදුම පරිසරය විසින් සංචාරකයින්ව තමා වෙත
ඇද බැඳ තබාගන්නා අයුරු ඇත්තෙන්ම විශ්මයජනකයි!
සංචාරක සටහන සමුද්‍රිකා හේරත්
ලස්සන තැනක් :
ReplyDeleteනැතුව මලයා..
Deleteපට්ට ලස්සනයි...
ReplyDeleteහිතාගන්නත් අමාරුයි වගේ නේද?
Deleteලෝකේ කොයිතරම් ලස්සන තැන් තියෙනවද ??
ReplyDeleteඇයි අපේ රටේත් තියනවා මලයෝ
Deleteඅගනා සංචාරක සටහනක්. බොහොම ස්තුතියි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
සත්‍ය ලෙසම විචාරක තුමෝ
Deleteපින්තූර ටික දැක්ක ගමන් හිතුන ලෝක පොලිස් මෑන් ගෙ රට කියල.ඇත්තටම නලින් පින්තුරත් එක්ක ලිපියක් තිබුනම හරිම ආශාවෙන් කියවන්න පුළුවන්.සංචාරක සටහන ලීයූ සමුද්‍රිකා ට සහ නලීන්ට ස්තුතිය!.
ReplyDeleteඅනේ ඔව් කෙන්ජි....ලියන්නකෝ ලිපියක් නිපොන් ගැන...
Deleteනලී තරු රසී කියල ලිපි ලියන ළමයෙක් ඉන්නවා.එයා ටික කාලයකට ජපන් ඇවිල්ල ගිහිල්ල තියෙනව.හොද අදහස් සහ ලිවීමේ හැකියාව නිසා ටිකක් උනන්දු කරවල ගන්නකො.ඔබ සමන් මහතා සමග ජපානයටත් ආවද?
Deleteතරු රසි මා සමග චැට් කර තිබෙනවා කෙන්ජි.. දක්ෂ ළමයෙක්.. හැකි උදව් කරන්නම්. මා ජපානයට තාම ඇවිත් නෑ. එන්න ලැබේවි යැයි විශ්වාසයක් තිබෙනවා. තානාපති තුමා මගේ හිතවතෙක්. ඒ වගේම බානගල හිමියන්ද බොහොම සමීපව මා ඇසුරු කරනවා කෙන්ජි.
Deleteලස්සන තැනක්
ReplyDeleteඒ වගේ නේද රංගියෝ
Deleteසුන්දර මතක සැමරුම් වර්ථමානය ප්‍රබෝධමත් කරයි.හරිම ලස්සනයි නලින් අයියේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
අනිවාර්යෙන්ම ගයනි
Deleteඅඩේ...බලපුවහම කර්කශ බවේත් ලස්සනක් තියනවනේ!
ReplyDeleteහැමතැනකම ලස්සනක් තියනවා මලයා. ඒක දැකගන්න ඇහැක් තමා අවශ්‍ය
Deleteනෙවාඩා, යූටා, ඇරිසෝනා මම යන්න කැමතිම ප්‍රාන්ත ටිකක්. මේ සටහන් දැක්කම ඒ ආසාව වැඩි වෙනවා.
ReplyDeleteසයුරිනම් මේ පැතිවල ඇවිදලා ඇතිනේ...
Deleteඇති යාන්තම් සමුද්‍රිකා අක්කට බ්ලොග් කියවන අයව මතක් වෙලා. අප්‍රිකාවේ විස්තරවලින් පස්සෙ අලුත් ලිපි මුකුත්ම තිබුනේ නෑනේ අක්කගෙන්..
ReplyDeleteගමනේ සුන්දරත්වය ගැන කතා දෙකක් නෑ අක්කේ. පින්තූර වලින් හිතා ගන්න පුළුවන්. මම අහලා තියෙන හැටියට Las Vegas කියන්නෙ වානිජමය අතින් ඉදිරියෙන්ම තියෙන විශාල ප්‍රදේශයක්. සූදුවට රජදහනක් වගේ ප්‍රදේශයක්. ඒ වගේ ප්‍රදේශයක පැත්තකින් හුදෙකලාවෙ තියෙන මේ වගේ සුන්දර තැනක් ගැන අහද්දිත් පුදුමයි...ස්තුතියි සටහනට අක්කේ..
මේකට නම් උත්තරය සමූම දිය යුතුයි වගේ.. ඒත් ළිහිණි සමු පහුගිය කාලේ අධික වැඩ ගොඩක හිරවෙලා හිටියේ.
Deleteස්තුතියි ළිහිණි නංගා. නලින් කීවා වගේ පහුගිය කාලෙ වැඩ ගොඩකට මැදිවුණා. බ්ලොග් එකක් කියවන්නවත් වෙලාවක් හම්බුණෙ නෑ.
Deleteඔව් නංගා,Las Vegas කියන්නෙ සූදු පුරයක්. ඒ නාස්ති කරන සල්ලි දකිනකොට මට මතක්වෙන්නෙ දකුණු ආසියාවෙ, අප්‍රිකාවෙ බඩගින්නෙ ඉන්න දරුවො ... ලෝකය විවිධයි විෂමයිනෙ නේද
මේක නිකම් අයිස් ඒජ් එකේ කෑල්ලක් වගේ,, හිම ටිකක් වැටුනා නම් හලි.. :D
ReplyDeleteගින්න තියන තැන කොහෙද කෙල්ලේ අයිස්..
Deleteශම්මි කිව්ව වගේමයි....වෙනම ලෝකයක්ද මන්දා..?
ReplyDeleteඅපේ රටට නැති ලෝකයක් වගේ තමා වීයෝ..
Deleteහරිම ලස්සන තැනක්..
ReplyDeleteමේ දෑස මක්කටැයි චාම්ස්..
Deleteලස්සන පාරක්. ලෑල්ලට පාගල යන්න පුළුවන්. වහනයක් තියෙන කෙනෙකුට. මටනම් මගේ බයිසිකලේ පදින්න පුළුවන් 60 විතර.
ReplyDeleteමටනං බයිසිකලයක්වත් නෑ අසරණයෝ...
Deleteඅපූරු පැත්තක් නොවැ..
ReplyDeleteනැතුව මලයා..
Deleteග්‍රෑන්ඩ් කැනියන් නම් බලන්න යන්න මගෙත් ආසාවක් තියෙනවා.. යන්න පුළුවන් උනොත් ඒ අතර මගම මේකත් බලන්න පුළුවන් මම හිතන්නේ..
ReplyDeleteසෙනගල් වීසා එක තියන එකේ ගිහින්ම එන්න දිනේෂ් මල්ලි.
Deleteඅමුතු පරිසරයක්.. "මාර්ගය අවසන් වන්නේ මෙතනින්" කිව්වේ ඒ පාර හදල තියන්නේ Valley of Fire බලන්න යන්න විතරයි ද..?
ReplyDeleteවිස්තරේට ස්තුතියි නලින් අයියටයි සමුද්‍රිකා අක්කටයි දෙන්නටම.
මාත් ගිහින් නෑනේ..මේකට සමූ උත්තරයක් දාවි.
Deleteඔව්, මේ පාර තියෙන්නෙ Valley of Fire ඇතුලෙ. එතනින් එහාට යන්න තියෙන්නෙ පයින්. ඒ ටික තමයි අපිටත් යන්න බැරිවුණෙ.
Delete'Grand Canyon' ගිය ගමන සිහියට ආවා මේ අපූරු සටහන කියෙව්වාම. පරිසරය කොච්චර රතු පාටද කීවොත්, ඇස් රිදෙන තරම්. ඒ වගේම තව අමතක නොවෙන දෙයක් තමා, පාර දෙපැත්තේ තිබුනු, රතු ඉන්දියානුන්ගේ අත්කම් වගේ දේවල් විකුණපු පුංචි කඩ...:)
ReplyDeleteඔබ හරිම වාසනාවන්තයි පොඩ්ඩියේ.. මාත් මේ තැන්වලට ගිහින් නෑ.ආසියාවෙන් පිට එකම රටකට විතරයි මං පය ගහල තියෙන්නෙත්.. ඒකත් රස්සාවට පිං සිදු වන්න තමා.
Deletewowwww amazing......
ReplyDeleteබනියත් එක්ක ගිහින් එන්න බලන්න මලයා..ඔබට අවස්ථාව තියනවා
Deleteශෙහ්.... මාරයි!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජවරුන්ටනං මෙවා අරුමයක් යෑ
Deleteපාරවල් ටික දැක්කමනම් ආසාවේ බැහැ ..
ReplyDeleteබොහොම ලස්සන සංචාරක සටහනක් .
සමුද්‍රිකා හේරත්ට බොහොම ස්තූතියි නලින් අයියේ...
සහන් ඔබේ පැමිණිමත් අමන්දානන්දයට කරුණකි.
Deleteලාස් වේගාස් නගරය අපූරු නගරයක් වගේ බොහොම මන බඳන දසුන් පෙලක්
ReplyDeleteසූදු අන්තුවන්ගේ නගරයේත් මෙහෙම තැන් තියනවා දයා පුදුමත් හිතෙනවා නේද?
Deleteඅනර්ඝ සංචාරක සටහන සහ සේයාරූ.
ReplyDeleteඅප හා බෙදා-හදා ගත්තාට ඔබ සියළු දෙනාට ස්තුතියි!
අගනා සංචාරක සටහන් තැබීමක්.. නියමයි.. අර ඒරියා 51 පැත්තෙත් ඔළුව දාන්නයි තිබ්බේ සමුට...
ReplyDeleteඑහෙනම් ඉතිං මේ සටහන මට ලියන්න ලැබෙන එකක් නෑනෙ දේශකයා :)
Deleteසිත් ඇදගන්නා සුළු ස්ථානයක්......:)
ReplyDeleteGreat one...
ReplyDeleteThanks for sharing...
සමුද්‍රිකාගේ සටහන මේ මාසය මුලදී අපේ පවුල ගිය ගමන සිහිපත් කලා . අපිත් ලාස් වේගාස් වලින් පටන් අරගෙන ඔය පාර දිගේම ඔය කියන ලස්සන දැක්කා . කදිම ලියවිල්ලක් . සමකය වටේට ස්තුතියි . අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය තුලින් දවසක ඔය ඉස්සව්ටම එනවා . සමුද්‍රිකාට තවත් ලියන්නත් සමකය වටේ ට තව දුර යන්නත් සුබ පතනවා . අන්තර්ජාලය මේ ලෝකය කොච්චර පුංචි කරලද කියල හිතෙනවා
ReplyDelete