සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අරලගංවිල නිදන්වල නම් ගම්මානයේ සමෘද්ධි නියාමක වරියක පසුගිය දා හදිසි අනතුරකින් මිය ගියා ය. ඇය ජීවතුන් අතර සිටිය දී සුරතලේ ට පූසන් තිදෙනකු ඇති දැඩි කළා ය. මිය ගිය පසු ඇගේ සිරුර නිවෙසට ගෙනැවිත් තැන්පත් කළ මොහොතේ පටන් මේ පූස් සුරතලුන් තිදෙනා ඇගේ දෙන අබියසට වී මෙසේ සිටිනු කාටත් පුදුමයක්ම විය. මේ සතුන් එතැනින් ඉවත් කළ ද සැනෙකින් යළි එතැනටම පැමිණෙනු මෙසේ කැමරාවේ සටහන් විය.



සේයාරූ ගාමිණී ඔබේසේකර

20 comments:

  1. නලින් අයියා ...
    මේ ගැන..මොනව කියන්නද කියල හිතාගන්න බෑ...ඒ තරම් සංවේදියි..!

    ReplyDelete
    Replies
    1. මටත් වචන හිරවෙනවා මේක දුටු විට.

      Delete
  2. දෙවියනේ,, අනේ මන්දා, මටත් කියන්න දෙයක් නැහැ,, හත්සුකෝ මතක් වුනා

    ReplyDelete
    Replies
    1. දයාව කරුණාව සත්තුන් තුළත් ඇත

      Delete
  3. හිත සසල වෙනවා සත්තුන් අපිට දක්වන ආදරයට. ඒත් ඒකට අපි ඔවන්ට ආදාරය කරුණාව දක්නවන්න ඕන ඉස්සෙල්ලම‍‍‍‍.

    ReplyDelete
  4. හරිම සංවේදී දසුනක්. මම දනට දින දෙකකට පමන පෙර අවමංගල්‍යකට සහභාගී වුණා. ඒ නිවසේ ගෙහිමියා ගේ දෙන යට මේ වාගේ සුරතල් පූසියෙකු නිදා හිටියා. මාත් ඒ වෙලාවේ අනේ මේ පූසියාට තේරිලා ද මෙහෙම ඉන්නෙ කියා හිතුවා. මේක දැක්කම වචන එන්නෑ මොනව කියන්නද? හරි දුකයි. ඈ සෙනෙහසින් උන්ව හදන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අද උදේම මා මේය දුටුවේ.. මගේ හදවත තාම මොනවද වෙලා වගේ..

      Delete

  5. සත්තු විතරයි මනුස්සකම දන්නේ..
    මගේ බලු පැටව් ටිකත් ඔහොම තමයි...

    ReplyDelete
  6. මට මේ සිද්දියට නිර්මලා මධුශානිගේ අදහස දැනගන්න කැමතියි ..

    ReplyDelete
    Replies
    1. ඒ මොකද අප්පේ රුවන්

      Delete
  7. ගොලුවන්ට කතා කරන්න පුළුවන් බිහිරන්ට අසන්න පුළුවන් භාෂාව ආදරය කියලා කියනවනෙ.සත්තුන්ටත් එහෙම තමයි.අපේ ගෙදර කෙනෙක්ටත් මුකුත් වුණොත් පූස් පැටියා මෙහෙම්මම ඉදිවී.මෙන්න එයා ගැන මං ලියූ පෝස්ට් එකක්.http://malvarsha.blogspot.com/2012/01/my-kitty.html#comment-form

    ReplyDelete
    Replies
    1. මං මේක බලන්නම් වර්ෂා

      Delete
  8. හරිම සංවේදී දර්ශනයක්...වර්ෂා නංගි කියනවා වගේ සත්තුන්ට උනත් ආදරය කියන භාෂාව හොඳට තේරුම් ගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ලොව සාර්ථකම බස ගොලු බස තමා.

      Delete
  9. මට පිස්සු වගේ නලින් අයියේ මේවා දැක්කහම මට පිස්සු හැසෙනවා.... ඇයි මේ සත්තුන්ට තියෙන මනුස්සකම ලෙන්ගතුකම ආදරය මනුස්සයින්ට නැත්තේ කියලා

    ReplyDelete
  10. මටත් ඉස්සර බල්ලෙක් හිටියා! එයා මැරුණා මට ජීවිතේ හම්බුන හොඳම යාලුව එයා ;)

    ReplyDelete
  11. සංවේදී සතුන්ටත් ඒ වෙදානවා දැනෙනවා ඇති.

    ReplyDelete
  12. අද කාලේ මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT