මම බොහො සෙයින් වනයට පෙම් කරන්නෙක්මි. එසේමය අලි ඇතුන්ටත්. එහෙයිනි, සමකය වටේ අඩවියට බොහෝ විට පුංචි වුවත් අලි තොරතුරක් ඇත්නම් එක් කරනුයේ. පහත දැක්වෙන්නේ අතිශය දුර්ලභ අලි කෙළි දසුනකි. මා වෙනුවෙන් මේ විඩියෝව තනා දුන්නේ කවියෙන් මේ අඩවිය රසවත් කරන හිත මිත්‍ර චන්දන ලියනාරච්චි සොයුරාය.
කෝට්ටේ රජමැදුරේ ප්‍රේම කතාවක්
1 hour ago
අලි බැලිල්ල නම් ඉතින් කවදාවත් එපා වෙන්නෙ නෑ නෙ !
ReplyDeleteනැතුව නැතුව...මේක අලි කෙළිල්ලක්..
Deleteමමත් මේ වගේ දසුන් වලට ප්‍රිය කරනවා. ඒත් වීඩියෝ එක නම් බලන්න වෙන්නේ හෙටින් පස්සේ තමයි..
ReplyDeleteහරි මලයෝ.. නිවාඩුව බලන්න...දුලබ දසුනක්.
Deleteහොඳයි මේක චන්දනම පටිගත කරපු වීඩියෝ එකක්ද ? අලි රටේ සම්පතක් තමා ,එත් වන අලි
ReplyDeleteනිසා කට්ටියක් දුක් විදින බවත් අපි හිතන්න ඕන..කියල මටනම් හිතෙනවා ..
මෙය චන්දනම කළ දෙයක් ඔර්ජිනල් අප සතුයි.. අලි මරණ පරික්ෂණය බැලුවද එයත් චන්දනගේම තමයි.
DeleteChandana
ReplyDeleteFantastic video with natural bird sound. If do not mind Please tell me where you film this sir
All the best for good work
Kind Regds,
Saman
අම්පාර ප්‍රදේශයේ දී.. නියම තැන කොතැනද යන්න චන්දන කියයි
Deleteඅම්පාර පළාතේ හොදින් අලි බලන්න පුළුවන් වතුර අඩු කාලෙට ඒ කාලේ අලින් වතුර සොයා ගෙන වැව් ආසන්නයට එනවා මේ එහෙම තැනක් මේ තැන පිහිටලා තියෙන්නේ දිඝවාපියේ ප්‍රධාන මාර්ගයේ උළු කම්හල අසල එතන හැම දාම වගේ අලි ඉන්න තැනක් නමුත් පායන කාලේට අලින් වැඩි පිරිසක් ගැවසේනවා .අලින් වර්ග දෙකක් වශයෙන් මේ ප්‍රදේශයේ නම් කරලා තියෙනවා මේ අය කන්ඩායම් දෙකක් වශයෙන් ගැවසේනවා අලින් ගැන ඇත්ත කතාව ලගදිම මම සමකය වටෙන් කියන්නම්
Deleteමාත් හරි ආසයි සත්තුන්ගේ විස්තර බලන්න....
ReplyDeleteසත්තුන් විශේෂයක්ම වු අප කවුද අකමැති සත්තුන්ගේ විස්තර බලන්න.
Deleteවිඩියෝව පසුව බැලීමට ඉඩ තබා ගනිමි. එවිට අදහසක් දෙන්නම්. ඩොන්ගලයේ බයිට් මාසෙට මදි වේ කියා සිතෙනවා.
ReplyDeleteඅරුණි ෂපීරො ගෙන් පසුව හේතු සහිතව බ්ලොග් ලිපියක් ලිවේනම් ඔබයි...
Deleteමාත් සත්තු ගැන විස්තර තියෙන වීඩියෝ නම් හරිම ආසාවෙන් බලන්නෙ. කොයිතරම් වෙලා බලන් හිටියත් එපා වෙන්නෙ නෑ.
ReplyDeleteඒක නම් ඇත්ත. ඒකනේ මේ පුංචි ක්ලිප් එක දැම්මේ..
Deleteවෙලාවක රිංගන්න ඕනා කැලේකට..
ReplyDeleteහෙන කාලෙකිං කැලේ පැන්නේ නෑ...
අයියෝ අර එදා මල්වත්තේ කැලේට පනින්න තිබුණනේ
Deleteනලියෝ. අලි බලන්න ගිහිල්ල යාල මට වෙච්ච අලකලංචි... කොහොම බේරුනාද මන්න එක දවසක් නං.. අලි බලන්න විතරක් යැ. අලි හුරතල් කිරීම හරිම ආස හිතෙනවා... හැබැයි ඉතිං හීලෑ අලි තමයි..
ReplyDeleteඋඹල දැං අලි ගහනය අඩු කර ගෙන අඩු කර ගෙන යනවා නෙව...!!! හැක්
යාල කතාව ලියන්නකෝ දේශකයෝ...
Deleteඅලි දැන් අඩු වේගන යනවා නේන්නං..
අයියෝ බං මං කිව්වේ කොල අලි ගැන.. හා හා
ReplyDeleteමං කිව්වෙත් උන් ගැන තමා දේශකයෝ
Deleteනලින් අය්යා මම නම් මාර බයයි බං ලඟදි පින්නවල ගියා පොඩීවුන් එක්.ක ඒ වුනාට බයයි.
ReplyDeleteචන්දන ලියනාරච්චි කියන්නෙ අපේ ගායකයද ..??
Deleteඅපෝ නෑ මේ අම්පාරේ මගේ මිත්‍රයෙක්.
Deleteඅලි පිළිබඳව සුන්දර මතකයන් මටත් තියෙනවා.නිදා ගත්ත නිවාසය පිටුපසට රාත්‍රි කාලයට අලි එනවා.
ReplyDeleteමේකනම් අලි කෙලියක්ම තමයි. මට අර වඳුරාගේ කතාවත් මතක් උනා. චන්දන රුපවාහිනී කැමරා ශිල්පියෙක් නේද?
ReplyDeleteවීඩියෝ එක මරු.
අලි මරණ පරික්ෂණය ගැන ලින්ක් එක දෙන්න පුලුවන්ද නලින්.
http://samakayawate.blogspot.com/2013/01/blog-post_13.html
Deleteදුර්ලභ වටිනා වීඩියෝ එකක්. සාමාන්‍යයෙන් අලි කෙළි ප්‍රසිද්ධියේ දකින්න ලැබෙන්නේ නෑ. අමුතු අලි කෙළියක් මෙතනින් බලන්න. http://sobaroo.blogspot.com/2012/04/homosexual-elephants-gay.html
ReplyDeleteඉතාම දුර්ලභ දර්ශණයක් මලේ.
ReplyDelete