අරලගංවිල නිදන්වල නම් ගම්මානයේ සමෘද්ධි නියාමක වරියක පසුගිය දා හදිසි අනතුරකින් මිය ගියා ය. ඇය ජීවතුන් අතර සිටිය දී සුරතලේ ට පූසන් තිදෙනකු ඇති දැඩි කළා ය. මිය ගිය පසු ඇගේ සිරුර නිවෙසට ගෙනැවිත් තැන්පත් කළ මොහොතේ පටන් මේ පූස් සුරතලුන් තිදෙනා ඇගේ දෙන අබියසට වී මෙසේ සිටිනු කාටත් පුදුමයක්ම විය. මේ සතුන් එතැනින් ඉවත් කළ ද සැනෙකින් යළි එතැනටම පැමිණෙනු මෙසේ කැමරාවේ සටහන් විය.
සේයාරූ ගාමිණී ඔබේසේකර
නලින් අයියා ...
ReplyDeleteමේ ගැන..මොනව කියන්නද කියල හිතාගන්න බෑ...ඒ තරම් සංවේදියි..!
මටත් වචන හිරවෙනවා මේක දුටු විට.
Deleteදෙවියනේ,, අනේ මන්දා, මටත් කියන්න දෙයක් නැහැ,, හත්සුකෝ මතක් වුනා
ReplyDeleteදයාව කරුණාව සත්තුන් තුළත් ඇත
Deleteහිත සසල වෙනවා සත්තුන් අපිට දක්වන ආදරයට. ඒත් ඒකට අපි ඔවන්ට ආදාරය කරුණාව දක්නවන්න ඕන ඉස්සෙල්ලම.
ReplyDeleteසහතික ඇත්ත
Deleteහරිම සංවේදී දසුනක්. මම දනට දින දෙකකට පමන පෙර අවමංගල්‍යකට සහභාගී වුණා. ඒ නිවසේ ගෙහිමියා ගේ දෙන යට මේ වාගේ සුරතල් පූසියෙකු නිදා හිටියා. මාත් ඒ වෙලාවේ අනේ මේ පූසියාට තේරිලා ද මෙහෙම ඉන්නෙ කියා හිතුවා. මේක දැක්කම වචන එන්නෑ මොනව කියන්නද? හරි දුකයි. ඈ සෙනෙහසින් උන්ව හදන්න ඇති.
ReplyDeleteඅද උදේම මා මේය දුටුවේ.. මගේ හදවත තාම මොනවද වෙලා වගේ..
Delete
ReplyDeleteසත්තු විතරයි මනුස්සකම දන්නේ..
මගේ බලු පැටව් ටිකත් ඔහොම තමයි...
සහතික ඇත්ත සහන්...
Deleteමට මේ සිද්දියට නිර්මලා මධුශානිගේ අදහස දැනගන්න කැමතියි ..
ReplyDeleteඒ මොකද අප්පේ රුවන්
Deleteගොලුවන්ට කතා කරන්න පුළුවන් බිහිරන්ට අසන්න පුළුවන් භාෂාව ආදරය කියලා කියනවනෙ.සත්තුන්ටත් එහෙම තමයි.අපේ ගෙදර කෙනෙක්ටත් මුකුත් වුණොත් පූස් පැටියා මෙහෙම්මම ඉදිවී.මෙන්න එයා ගැන මං ලියූ පෝස්ට් එකක්.http://malvarsha.blogspot.com/2012/01/my-kitty.html#comment-form
ReplyDeleteමං මේක බලන්නම් වර්ෂා
Deleteහරිම සංවේදී දර්ශනයක්...වර්ෂා නංගි කියනවා වගේ සත්තුන්ට උනත් ආදරය කියන භාෂාව හොඳට තේරුම් ගන්න පුලුවන්.
ReplyDeleteලොව සාර්ථකම බස ගොලු බස තමා.
Deleteමට පිස්සු වගේ නලින් අයියේ මේවා දැක්කහම මට පිස්සු හැසෙනවා.... ඇයි මේ සත්තුන්ට තියෙන මනුස්සකම ලෙන්ගතුකම ආදරය මනුස්සයින්ට නැත්තේ කියලා
ReplyDeleteමටත් ඉස්සර බල්ලෙක් හිටියා! එයා මැරුණා මට ජීවිතේ හම්බුන හොඳම යාලුව එයා ;)
ReplyDeleteසංවේදී සතුන්ටත් ඒ වෙදානවා දැනෙනවා ඇති.
ReplyDeleteඅද කාලේ මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි
ReplyDelete