අපටම කියා
ලියා දුන්න
අද අපේ,
මමයි මගේ නුඹයි
අපි දෙන්නා එක
වගේ
ආදරවන්තයින් අප
සැගව ගිය.....
(මම නිදි)
ග්‍රර්.....ග්‍රර්......ග්‍රර්.......
ග්‍රර්.....ග්‍රර්......ග්‍රර්..........
පරිනාමයේ
සිහිනය,
........................
වචන නෑ
තිබුණේ
හඩක් නෑ නැගුණේ
නමුත් නුඹ මගේ
ගල් ගුහා පසු කරන්
රුවල් ඔරුවක නැගි
ආවේ අපි ඈත සිට
ආදරේන්..............
ආදරේන්..............
මම ඔබ ගැන සිතුවා
නුඹත් මම ගැන සිතුවා
මී පැණි දඩමසුයි
එකට ඉද අපි කෑවා
කෑළෑ කොළ ඇන්දේ මම
මුව හමක් ඇන්දේ නුඹ
අපි හිටියා
අතිතයේ
ආදරේන්..............
ආදරේන්..............
වැලන්ටයින්,,.,.......
කියලා දෙනකම්
මේ විශ්වයේ තිබුණේ
නෑ
ආදරේ
අපිට වැරදුනා
අතිතයේ
තිබිලා නෑ ආදරේ
එදා මට වැරදිලා
මටයි ඇයටයි
වැරදිලා
අපි හිටියේ
විශ්වයේ
තිරිසන්වු
සතුන් ලෙස
ආදරය කරලා නෑ
අපි
හිතලට ඇය හිටයේ
උණුසුමට ඇය හිටියේ
ආදරය කරලා නෑ
.....................................
අතිතයේ මට වැරදිලා
සුවද නැති,
බොරු මලක්
තිබුනා නම්
එදා ඉන්න තිබුනා
ආදරෙන්
වැලන්ටයින්
කියලා දුන්න
තිරිසන් නැති
ආදරේන.
....................................................................
වංචාවක්
මම කරලා
වංචාවක් ඇය කරලා
අතිතයේ ගල් යුගයේ තිබිලා නැනේ
ආදරේ
..........
වැලන්ටයින්
කියනකම් ම
ගෝල්පේස් අපි යනකම්
කොහේද තිබුණේ
ආදරේ
................................
(තවම මම නිදි)
චන්දන ලියනාරච්චි
මේක වෙනස්ම දෙයක්, ලස්සනයි, බලන් ගියාහ මේ කෝණෙන් බැලුවාම ඒ දවස්වල ආදරේ තිබිලා නෑ තමයි :P මාකර්ට් කරන්න කස්ටිය හිටියේ නෑනේ ඉතින්
ReplyDeleteහැක්ස් සුපිරි අයියා.....ගල් යුගේ එතකොට තිබිලම නැද්ද ආදරේ?
ReplyDeleteනෑ දැන් කාලේ වගේ මල් කඩයි මල් දුරකථනයි තිබිලා නෑ
Deleteඋඹට සිද්ධ වෙනවා බොල හැමදාම කවියක් ලියන්න මේ විදියට.. බොහොම අගෙයි...
ReplyDeleteගල් යුගේත් තිබ්බා නම්
ReplyDeleteආදර කෝච්චි
ලයිට් පත්තු වෙන වැලන්ටයින් කාඩ්
අන්න කියන්න තිබ්බා
බලන්ගොඩ මානවයත්
ආදරේ දැනගෙන හිටි බව ... ;)
මම හිතුවේ නලීන් ලියලා කියලා... කෙසේ නමුත් උපරිමයි...
ReplyDeleteමේ චන්දන ලියනාරච්චි කියන්නෙ නලීන්ගෙම තවත් අනවර්ථ නාමයක්ද? (pseudonym එකක්ද කියන එකයි අදහස් කලේ.)
ReplyDeleteඇත්ත ඔතොකොට තමයි නිදහසේ නිර්මාණයක්
Deleteකරන්න පුළුවන් ..සහන් කියල කෑල්ලක් මගේ නමේ ගව්
හතක නැහැ ..ඒත් සහන් කියල ඉද්දි මට හරි පහසුයි ..
නැත්නම් මිනිස්සු බලන්නේ වෙන විදිහකට ..
ReplyDeleteපද ටික නම් නියමෙට තියෙනවා
නලින් අයියේ ලිව්වේ කව්රු උනත් ...
එළනේ ...
ReplyDeleteහිකිස්...........වෙන්න ඇති යාලුවා. මොකද මේකලා හැසිරෙන්නේ ඒ විදිහට.
ReplyDeleteඒ කාලෙනේ ඉන්න තිබ්බේ අයි ඩෝන්ට් නෝ වයි...
ReplyDeleteඑක ඇත්ත හිටියා නම් ඒ කාලේ හැටියට අන්ප්පුරෙක රජ වෙන්න තිබුනා තාරියා කැමති නැද්ද දන්නෑ එහෙම රජ වෙන්න
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකවිය නම් සුපිරියි
ReplyDeleteහැමදේම මාකට් වෙන ද කාලේ ආදරයත් මාකටින් ට්‍රික් එකක් වෙලා
ලස්සන අදහසක්.. කවුරු ලිව්වත් ලස්සනයි..
ReplyDeleteස්තුති හිතට හයියක් දුන්නට කවි ලියන්න මට
Deleteකවි කියවන අය හැමොම
ලක්මිණි වෙදමුල්ල කියන්නේ මගේ ගෑනි. මං ඒකිව ඩිවෝස් කලා. පුංචි කුමාරිහාමි කියන්නේ ඒකි කරන බ්ලොග් එකේ නම.
ReplyDelete