ශ්‍රී
ලංකාවේ ඵෙතිහාසික මුලාශ්‍ර
රැසකම
සදහන් වන ආකාරයට ගල්ලෙන් හා
බැදි වෘතාන්ත සමුහයකි.මේ
අතර පර සතුරු උවදුරුවලින්
පීඩා විදි අපේ ඇතැම් රජදරුවන්
පවා එවැනි ලෙන්වල පිහිට පැතූ
බව එම මුලාශ්‍රයන්ගෙන් පෙන්වා
දී ඇත.
ලෙනෙහි
ඇතුළත දර්ශන කීපයක්
|
කිරිබණ්ඩා
මහතා ඔසවා ගෙනයෑම
|
ලෙන
ඉදිරිපස දර්ශනයක්
|
ඌව
පළාතේද මේ වන විට හදුනාගෙන
ඇති ගල් ලෙන් කීපයකි.
එමෙන්ම
තවත් හදුනා නො ගත් එවැනි ස්ථාන
ඇති බව විටින් විට ලැබෙන තොරතුරු
අනුව පෙනී යයි.
ඉකුත්
දිනක පස්සර ආගරතැන්න ප්‍රදේශයේ
පැතිර ගොස් තිබුනේ ද එවැනිම
ආරංචියෙකි.
ඒ
සම්බන්ධයෙන් මේ අඩවියෙන්
පුංචි තොරතුරක් අප මෙයිට කලින්
ගෙන ආවෙමු.
ඒ
අනුව ය කරමැටිය ගම්මානයට එපිට
ඇති ගල්ලෙනක් පිළිබද තොරතුරු
සොයා මේ චාරිකාවට යොමු වූයේ.
පස්සර
බදුල්ල ප්‍රධාන මාර්ගයේ
වැල්ගොල්ල හන්දියෙන් දකුණට
හැරී එම මාර්ගයේ කි.මි.3
ක්
පමණ දුර ගෙවා ආගරතැන්න නම්
ස්ථානයට අපි පැමිණියෙමු.
පෙර
දින කථිකා කර ගත් පරිදි සුගතපාල
මහතා තවත් තරුණයින් කීප දෙනෙකු
සමග එතැනට පැමිණ සිටියහ.
එතැනින්
දකුණට හැරී ගුරු පාරක් දිගේ
ගමන් කොට කි.මි.4
ක්පමණ
දුර ගෙවා ලගා වුයේ කරමැටිය
නම් ගම්මානයටයි.
එය
දුෂ්කර ප්‍රදේශයකි.
.
එම
ස්ථානයේ අප සියළු දෙනාටම ටික
වේලාවක් නතරවීමට සිදු වී
තිබණි.ඒ
කරමැටිය ගම්මානයේ වැඩිහිටියෙක්
වන කිරිබණ්ඩා මහතාද මේ ගමනට
සම්බන්ධ කර ගැනීම සදහායි.
ඔහු
කොටි ගල්ගේ නමින් හදුන් වන
තැන පිළිබද යමක් දන්නා අයෙකු
වීම ඊට ප්‍රධාන හේතුව වී තිබිණ.
බලාපොරොත්තු
වු ආකාරයට දහවල් 11.00
ට
පමණ ඹහු අප සමීපයට පැමිණියේය.
ගමනට
අවශ්‍ය ආම්පන්න සියල්ල සිරිපාල
මහතා සපයා ගෙන තිබුණි.
සැරයැටියක
ආධාරයෙන් කිරිබණ්ඩා මහතා අප
සියල්ලටම ඉදිරියෙන් ගමන්
කරන්නට පටන් ගත්තේය.
ගම්මානයෙන්
ඈතට යන්න යන්න අපට දැක ගන්නට
හැකි වුයේ වන ගහනයෙන් යුත්
ගිරි සිකරය.
අප
යන අඩි පාර වල ගොඩැලිවලින්
පිරී තිබණි.
කිරිබණ්ඩා
මහතා හිතපු තරම්ම මේ ගමන ඔහුට
පහසු කාර්යයන් නොවීය.ගමන
පටන් ගත් තැන සිට ටික දුරක්
ගිය ඔහුට තවත් ඉදිරියට යාමට
වාරු නොමැති බව සියල්ලන්ටම
වැටහිණ.මේ
මොහොතේ කණ්ඩායමේ සිටි තරුණයින්
කීප දෙනෙකු ඔහු ඔසවා ගෙන යන්නට
පටන් ගත්හ.
දහවල්
1.30
පමණ
වන විට අපි ගල් ලෙන සමීපයට
පැමිණියෙමු.
පසුව
ඒ අසල ගල්තලාවක විඩා සංසිදුවා
ගත් අපි මීළගට සැළසුම් කළේ
ලෙන තුළට යාම පිළිබදවයි.
සිරිපාල
සහ සුගතපාල ඊට ඇතුළුවීමට
සුදානම් වෙමින් ඔවුන් ගෙන
ගිය පන්දම් දල් වන්නට වූහ.
අපි
දැන් මේක ඇතුළට යමුනේද?
බය
නැතිව අප පිටුපසින්ම එන්නයි
පවසමින් අප දෙස බලා සිනාසී
සිරිපාලත් සමග සුගතපාල මහතා
ලෙන් දොරෙන් ඇතුළු වුයේ ය.
ඒ
පරිසරය අපට නුහුරුය.නුපුරුදුය.තරමක්
බිය කරුය.එහෙත්
ගව් ගණනාවක් ඇවිද මෙතැනට පැමිණ
ලෙන තුළට නොගොස් ආපසු යෑම
විශාල අඩුවක් සේ හැගී ගිය
හෙයින් අප දෙදෙනාද සීරුවෙන්
ලෙන තුළට ගියෙමු.
දැල්වෙන
පන්දම් එළියෙන් ස්වේත වර්ණ
වු ලෙන රත් පැහැයෙන් දිස්
විය.සිරස්
අතට දිවෙන පාෂාණ මටසිලිටු
බවකින් යුක්ත විය.මේ
සියල්ල දෙස විපරම් කරණ ගමන්
අප වඩාත්ම සැළකිළිමත් වුයේ
ලෙන පිළිබද කිසියම් සටහනක්
එහි කොතනක හෝ සටහන් වී තිබේදැයි
සොයා බැලීමය..අප
රැදී සිටි ස්ථානයේ හෝ ඒ අවට
එවැන්නක් අප නෙත නොගැටුණි.
මේ
අතර තුර ලෙනෙහි ඉහළ දෙසට නෙත්
යොමා සිටි අප සගයින් දෙදෙනා
ඔවුන් අත වු පන්දම් ද රැගෙන
ලෙනෙහි ඉහළට නගින්නට පටන්
ගත්හ.
කුහර
සහිත තැනකට සමීප වු ඒ දෙදෙනා
“දැන් නම් වැඩේ හරි නියම ගල්
ගුහාව බලන්න මෙතැනට එන්නැයි”
කෑ මොර ගසන්නට වුහ.
එහෙත්
අප සිටි තැනින් මදක් හෝ ඉහළට
යාමට කිසිම හැකියාවක් අප සතුව
නොතිබුණි.
ගත
වුයේ නිමේෂයකි.
හදියේම
ඔවුන් අත තිබු පන්දම් සියල්ල
එක් වර නිවී ගියේය .අන්ධකාරය
අප වටකර ගත්තේය..ගල්
ලෙන දුමින් පිරී ගියේය..ඒ
තුළ ලැග සිටි වවුලන් කලබලයට
පත්ව එහෙ මෙහෙ අත පියාඔන්නට
වුහ.
සිරිපාල
හා සුගතපාල අසරණ වු බවක් අපට
දැනිණ.එහෙත්
ඔවුන් දෙදෙනා මහත් ආයාසයකින්
යළි අප සිටි තැනට පැමිණියහ..ලෙනෙහි
කෙළවරක් දැකීමට සිහින මැවු
අප සිදු වු සියල්ල විද දරා
ගනිමින් එයින් පිටතට පැමිණියෙමු..
අනතුරුව
සිදු වු සියල්ල කිරිබණ්ඩා
මහතා ඇතුව සැමට පැවැසුවෙමු.එතැනින්
නික්ම ඒමට පෙර කිරිබණ්ඩා මහතා
මෙසේ කියා සිටියේ අප සියළු
දෙනාම සනසමිනි.
සිදු වු දේ ගැන මටත් දුකයි පුතේ. ඒත් දරුවනේ උත්සාහය අත් හමරින්න එපා.මටත් වුවමනා වෙලා තියෙන්නේ අපේ අප්පච්චිලා අපට කියා තිබෙන දේවල් තවත් සොයා බැලීමටයි. හුග දෙනෙක් ගණන් ගත්තේ නැතිවට මේ ගල්ගේ අපේ රජවරුන් කලක් ඉදල තියෙනවා. මුත්තලා තමයි අපේ අප්පච්ලාටත් ඒ ගැන කියල තියෙන්නේ.ඊට පස්සේ දැවන්ත කොට දෙනෙක් මේකේ ඉදල තියෙනවා. අඩි 8 ක් විතර දිගයිලු. මේ කොටි දෙන පැටවුන් ගහල මේ පළාතට වත් අපේ අයට ඒ කාලේ එන්න බැරි වෙලා තියෙනවා.එදා සිට අපේ මිනිස්සු බය වෙලා ගොවිතැන් කටයුතු හා ඉඩ කඩම් ද දමල ගහල මේ පළාතෙන් යන්නම ගිහිල්ල..එදා ඉදල තමයි මේ මෙතැන්ට කොටි ගල් ගේ කියල කියන්නේ.
පෙර
සුදානම හරියට නොතිබුණු නිසා
අපට මේ ලෙන ඇතුළ හරියට බල ගන්න
බැරි වුනේ.
නමුත්
අප උත්සාහය අත් හරින්නේ නැහැ.තව
දුරටත් මේ ගැන තොරතුරු සොයා
බලනවා යැයි ගමනට එක්වූ තරුණයෝ
පැවසූහ.
උබයරත්න වනසිංහ
මේ ලෙන පිළිබඳ ගවේශනයක නියැලෙන්නට කැමැත්තක් ඇති අයට මේ ලිපිය ලියු මිතුරා සම්බන්ධ කර දිය හැකිය.
මොන රජ කාලේ වගේද මේක භාවිතා වෙලා තියෙන්නේ නලීන් අයියේ...
ReplyDeleteගැමියන් ගේ කටකතා වලින් මිස වෙනත් තොරතුරක් තාම හොයාගන්නට අමාරුයි..
Deleteඔය වගේ ගල් ලෙන්, උමං ලංකාවේ හුඟක් ප්‍රදේශ වලින් වාර්තා වුනා පසුගිය කාලේ. ඇතැම් විට ඓතිහාසික, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන වෙන්න පුළුවන් ඒවා.
ReplyDeleteඒ ගැන බලධාරින්ගේ අවධානය යොමු කිරිම තමයි මගේ උත්සාහය.
Deleteනොන්දන්න ස්ථානයක කරුණු ගොඩාක් දැනගත්තා.
ReplyDeleteස්තුතියි උත්සාහයට.
තැන් කූ කිව්වා..
Deleteමේවා ගැන නිසි ගවේෂණයක් කරන එක හරිම වැදගත්!
ReplyDeleteඒක හරි මලයෝ
Deleteඅපරාදෙ බැටරියකින් එළිය දෙන උපකරණයක් අරගෙන ගියා නම් ගොඩ...
ReplyDeleteනෑ සිරා පන්දම තමා උපකරණය. එය නිවෙනවා කියන්නේ ඔක්සිජන් වායුව නැතිවෙනවා කියන එකයි.. ඒ නිසා පන්දමක් නිවෙන තැනක ට යාම ආරක්ෂිතව කළ යුතුයි.
Deleteහරියට දියුණුකරලා ගත්තොත් ඔය ගුහාවල් දේශීය සංචාරකයින්ට පෙන්නන්න හොඳ තැන්.. මේ රටේ නම් එහෙම ගුහා පාවිච්චි කරලා මුලු පලාතක්ම යැපෙනවා.
ReplyDeleteසංචාරකයටන් ට අලෙවි කර ආදායම් මාර්ග හදාගත හැකි තැන් මොන තරම් ලංකාවේ තියනවද. අපි ඒවයෙන් වැඩ ගන්නවා අඩුයි.
Deleteඅනිවා ලබන සැරේ හොදට සුදානං වෙලා යන්න ඕන.. අනික මොනවත් නැතත් පරිසරයේ අරුම පුදුම නිමැව්ම් ගැන අපට තොරතුරු ලැබෙනවා නේ.. කස්ටියටම ශක්තිය ලැබේවා ගවේශනය සදහා..
ReplyDeleteඑහෙම උත්සාහයක් ගන්න තමා කට්ටිය සෙට් වෙන්නේ..
Delete