samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ගෙට්ටුව..ගේට්ටුව.......ඇරගෙන.....උන් ඇවිදින්....

එකේක් වගේ ගොඩක්
මුණගැසෙනා....සෙයිලම මැද
මුහුණට මුහුණු මැද මැදි කර
විමතියෙන් වැද.........


1+(2)

නුඹ කව්රුද
ඔබ කව්රුද....
රැයක රැයක් ගතවනතුරු
නිදිවරණා සිතිවිලි යට
එබි එබි බලා
දඟ කෙරුව
ගාලගොට්ටිය එක යායක.........
චන්ද්‍රමණ්ඩල වියන යට
හිටපු උන්
හිරු වියන යට
බිද දමා සිත් දැහැන්
එක් වුණා............
උඹ කව්රුද ?
මම කවුරුද ?
විශ්වය  බිද දමපු එකා,
විශ්වය මැද දුවපු එකා,
විශ්වය කලඹා පොඩි කර
ඒ මැද..ලෝකය
හදපු එකා
........ උයනක් මැද...........
1+(1)

අමතක කර එක එකාගේ ලෝක
රමණියයි
මටසිළුටුයි
තව ටිකකින් රෑ වෙනවා
යන්න දුකයි
ඉන්න හිතේයි
මොන පිස්සුද
..........................
හමුවෙමු හෙට
මහ රෑ
සුපුරුදු ලෙස
විශ්වය යට
ඇගිලි තුඩින්
හම්
...

පසුගිය දා ගම්පහ  ෙහෙනරත්ගොඩ මල් වත්තේ දී මුළු දුන් බ්ලොග් කරුවන්ගේ සුහද හමුව පිළිබඳව එහි නොපැමිණි එහෙත් එදා සිදුවීම් අන් ලිපි මගින් කියවා දිගාමඩුල්ලේ සිට මෙ කව නිර්මාණය කළේ

චන්දන ලියනාරච්චි


48 comments:

  1. ds

    විශ්වය යට ඇගිලි තුඩින්... හරියට හරි

    ReplyDelete
  2. unnamed

    මේකත් මරු

    …ප.ලි ඇයි නලින් උබට අමතක උනාද මම සුලෝහිතයෙක් කියලා ?




    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  3. .com/img/b/R29vZ2xl/AVvXsEj_RTJ2WmupEZyLoRthGEUiEU8A94gJSXedeh51tWv_jWeYZIDgapQEQlBOUveUnIyfUwf9KJ_2KPdY88_FCFypRwGp4K1UsJUnk4QmWQBfql4VSalxMWkGBUuB_VxzSg/s45-c/

    චන්දන ලියනාරච්චි කියන්නේ අර ගායකයා නේද :D

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මම අහන්න හදපු එක මෙයා අහලා, ඔව් අර සුවද තියා සිංදුව කියන කෙනා නෙද්??

      Delete
    2. sri-lanka

      එයා නෙමෙයි කියල නලී අයිය කියනව බොලාලට ඇහිලම නෑද

      Delete
    3. blogger_logo_round_35

      ඒකනේ මං නම් දන්නවා මේ එයා නෙමෙයි කියල හේ ..

      Delete
    4. blogger_logo_round_35

      මේ එයා නොවෙයි අනේ....

      Delete
    5. blogger_logo_round_35

      මාත් බැලුවේ ඒකයි

      Delete
    6. ds

      බලාපං නලියෝ. ... ඉහි ඉහි.. අහිංසක ගායකයකුටවත් මුන් ඉන්න නොදෙන හැටි. දැං ඌට කවි කියන්නම වෙනවා. හැබැයි ඕපන් ස්ටේජ් කවි තමා ඒකා කියන්නේ.. ගායකයා හොදේ

      Delete
    7. 1185327_292680690872895_767373673_n

      මටත් හිතුණෙ ඒ ගායකයා බව....... :)

      Delete
  4. IMG_20190902_075227

    හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි අක්කා..

      Delete
    2. ds

      මොකක්ද අක්කා... ආන් ෂෝක් තට්ට මල්ලි.. හැක්...

      Delete
  5. SDR1
  6. Frangipani+Flowers
  7. Untitled-1.

    චන්දනගේ නිර්මාණ නම් හරිම ඉහළයි. චන්දනට බ්ලො එකක් පටන් ගන්න කියන්නකෝ නලින් අයියා..

    ReplyDelete
    Replies
    1. 31999_132872540056416_3560510_n

      හම් ඔයාලා මේ නිර්මාණ රස විදින එක මට ආඩම්භරයක් නලින් මහත්තයා දෙන උදව්ව හින්දා මගේ හිත ඔයාලට කියවන්න ලැබේනවා අගය කිරිම ගැන ස්තුති

      Delete
    2. ds

      අනේ මේ ඔය නලියගේ ආඩම්බර පැත්තක දාලා කවි බලගයක් පටන් ගනිංකෝ.. අපි බලන්නෑ අඩු ගානේ නලියවත් බලාවි නේ.. හික්ස්. හුක්ස්

      Delete
    3. 31999_132872540056416_3560510_n

      මම පැත්තකට දාලා තිබ්බ මේ කවිකම හොයලා ගත්තේ නලින් මහත්තයා. එක අයි පැත්තට දාන්න දෙන්නේ ඇයි. මට මේ දෙන ඉඩ ගැන මම සතුටු වෙනවා

      Delete
    4. blank

      ආ මෙයානේ මේ

      Delete
  8. photo+%284%29

    අදහස ගොඩාක් ලස්සනයි.... එන්න බැරි උනාට පෝස්ට් වලින් හොදට රසවිදල තියනව වගේ ගෙට්ටුව..

    ReplyDelete
    Replies
    1. 31999_132872540056416_3560510_n

      ඔයාලා ගම්පහ ඉන්න දවසේ මම හිටියේ හිතේ තියා ගත්ත දුකකින් එන්න බැරි වෙන එක ගැන මුත් ඔයාල සතුටු වුන ජායා රූප දැක්කම මට හිතුනා මම ඒ අතර ඉන්නවා කියලා ඒ නිසා මේ පද වැල් කුරුටු ගන්න අමාරු වුනේ නෑ

      Delete
    2. photo+%284%29

      අනේ මමත් ඔයා වගේම තමයි පෝස්ට් වලින් තමයි රසවින්දෙ.... :(

      Delete
  9. IMG_0203

    නියම කවි පෙළක්.

    ReplyDelete
  10. sri-lanka

    ඇත්තටම ගිය අයට වඩා ගෙට්ටුව නොගිය අපි වින්දාද මංද.

    සිතුවිලි නම් හැමදාම වගේ අපූරුයි. ළිහිණිගෙ කතාවට මාත් එකගයි

    ReplyDelete
  11. Untitled

    අපි වගේම ගෙට්ටුවට නොගිහින් පෝස්ට් කියවලා රසවිදලා අපුරුවට පද ගලපලා.....
    ඇත්තටම චන්දනටත් තියෙන්නේ බ්ලොගක් අටෝ ගන්න....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බ්ලොගක් තිබේ.. කතා කරන පින්තුරයක් වගේ දැනුන මට නම් මේක... http://suvisariya.blogspot.com/2013/01/blog-post.html

      Delete
  12. blogger_logo_round_35

    චන්දනගේ කවි චන්දනට වඩාත් සුන්දරව දැනේ..!

    ReplyDelete
  13. DDT

    කවි නම් මට වැඩිය තේරෙන්නෙ නෑ නලීන් අයියා, ඡායාරූප දෙකේ නම් අමුතු කලාත්මක ගතියක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔබේ ආගමනයත් මට වටිනවා ඩිඩිටී

      Delete
  14. 11312781_909946182385043_9158189637692344954_o
  15. blogger_logo_round_35

    ලස්සනයි, සුන්දරයි, කලාත්මකයි,
    නමුදු දුක්බරයි නොපැමිණිමට වීම ගැන

    ReplyDelete
  16. blogger_logo_round_35
  17. The+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F

    ඈ...සැක් ඊරිසියාවේ බැරුවා...

    ReplyDelete
  18. d929c244d06c53253978ccaae060d4b7

    නියමයි මාමේ

    උඹ කව්රුද ?
    මම කවුරුද ?
    විශ්වය බිද දමපු එකා,
    විශ්වය මැද දුවපු එකා,
    විශ්වය කලඹා පොඩි කර
    ඒ මැද..ලෝකය
    හදපු එකා
    උයනක් මැද

    ඇත්තටම බ්ලොග් කරුවො කවුද?
    නියමයි
    කවිය හොඳින් රස වින්දා

    ReplyDelete
    Replies
    1. 31999_132872540056416_3560510_n

      දැනෙන රස කියනට
      දැනෙන රස විදිනට
      නුඹ තරම් තව කෙනෙක්
      නැත්නම්
      මිහිපිට......
      මම තනියම හිද
      මක් කරන්න ද
      ........
      මට හිතෙනවා
      මට දැනෙනවා
      මට තනි නෑ
      මේ විශ්වයේ .....
      පදවැල් කරගහගෙන
      හිතේ තියන් මැරේන්නැතිව
      නිදහස් වෙන්න
      මට පුළුවන්
      හිත් යායක
      වැපුරුව මට
      ලැබුනා සරු
      අස්වැන්නක්

      Delete
  19. Capture

    හ්මි අපිටත් එන්න බැරිවුණා.. ගොඩාක් දුකයි

    ReplyDelete
    Replies
    1. 31999_132872540056416_3560510_n

      අවුරුදු උත්සවයට එමු..................

      Delete
  20. Su+1

    නියම් පැදි පෙළ....

    (ඩයලොග් බැරියල් එක දැනුයි ඇරියෙ...)

    ReplyDelete
  21. .com/img/b/R29vZ2xl/AVvXsEjCABF-9LkgWXnVfBZ2fOfsN0gmo1D38rjMly81AbOZGDB34exw3oVH8yr86_cTW2sOpkj2XBQe0NH7VxMmgHQ7XuPFz8rvunmHzW3iunEb4ttVNUyIuu7VJrarfYpgmR0/s45-c/

    චන්දන අයියා සයිබර් සැනකෙලියට එනවනේ??????

    ReplyDelete
  22. vee

    සරල කවි සංකල්පනා කාටත් රස විඳිතෑකි. අගෙයි..!

    ReplyDelete
  23. new
  24. 1185327_292680690872895_767373673_n

    හරි ලස්සනයි නිර්මාණය....

    ReplyDelete
  25. 1185327_292680690872895_767373673_n
  26. images

    එන්න බැරි වෙච්ච අපි කාගෙත් හිතේ තියෙන හැගීම අකුරු කෙරුවට ඔයාට පින්..!

    ReplyDelete
  27. images

    චන්දන ලියනාඅරච්චි කියන්නේ අර ගායකයා ද ?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT