ගෙට්ටුව..ගේට්ටුව.......ඇරගෙන.....උන්
ඇවිදින්....
එකේක් වගේ ගොඩක්
මුණගැසෙනා....සෙයිලම මැද
මුහුණට මුහුණු මැද මැදි
කර
විමතියෙන් වැද.........
නුඹ කව්රුද
ඔබ කව්රුද....
රැයක රැයක් ගතවනතුරු
නිදිවරණා සිතිවිලි යට
එබි එබි බලා
දඟ කෙරුව
ගාලගොට්ටිය එක
යායක.........
චන්ද්‍රමණ්ඩල වියන යට
හිටපු උන්
හිරු වියන යට
බිද දමා සිත් දැහැන්
එක් වුණා............
උඹ කව්රුද ?
මම කවුරුද ?
විශ්වය බිද දමපු එකා,
විශ්වය මැද දුවපු එකා,
විශ්වය කලඹා පොඩි කර
ඒ මැද..ලෝකය
හදපු එකා
........ උයනක්
මැද...........
අමතක කර එක එකාගේ ලෝක
රමණියයි
මටසිළුටුයි
තව ටිකකින් රෑ වෙනවා
යන්න දුකයි
ඉන්න හිතේයි
මොන පිස්සුද
..........................
හමුවෙමු හෙට
මහ රෑ
සුපුරුදු ලෙස
විශ්වය යට
ඇගිලි තුඩින්
හම්
...
විශ්වය යට ඇගිලි තුඩින්... හරියට හරි
ReplyDeleteමේකත් මරු
ReplyDeleteප.ලි ඇයි නලින් උබට අමතක උනාද මම සුලෝහිතයෙක් කියලා ?
මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
චන්දන ලියනාරච්චි කියන්නේ අර ගායකයා නේද :D
ReplyDeleteමම අහන්න හදපු එක මෙයා අහලා, ඔව් අර සුවද තියා සිංදුව කියන කෙනා නෙද්??
Deleteඑයා නෙමෙයි කියල නලී අයිය කියනව බොලාලට ඇහිලම නෑද
Deleteඒකනේ මං නම් දන්නවා මේ එයා නෙමෙයි කියල හේ ..
Deleteමේ එයා නොවෙයි අනේ....
Deleteමාත් බැලුවේ ඒකයි
Deleteබලාපං නලියෝ. ... ඉහි ඉහි.. අහිංසක ගායකයකුටවත් මුන් ඉන්න නොදෙන හැටි. දැං ඌට කවි කියන්නම වෙනවා. හැබැයි ඕපන් ස්ටේජ් කවි තමා ඒකා කියන්නේ.. ගායකයා හොදේ
Deleteමටත් හිතුණෙ ඒ ගායකයා බව....... :)
Deleteහරිම ලස්සනයි.
ReplyDeleteස්තුතියි අක්කා..
Deleteමොකක්ද අක්කා... ආන් ෂෝක් තට්ට මල්ලි.. හැක්...
Deleteලස්සනයි.......
ReplyDeleteස්තුතියි සන්ජය
Deleteලස්සන නිර්මානයක්. Congrats චන්දන ලියනාරච්චි!!!!
ReplyDeleteචන්දනගේ නිර්මාණ නම් හරිම ඉහළයි. චන්දනට බ්ලො එකක් පටන් ගන්න කියන්නකෝ නලින් අයියා..
ReplyDeleteහම් ඔයාලා මේ නිර්මාණ රස විදින එක මට ආඩම්භරයක් නලින් මහත්තයා දෙන උදව්ව හින්දා මගේ හිත ඔයාලට කියවන්න ලැබේනවා අගය කිරිම ගැන ස්තුති
Deleteඅනේ මේ ඔය නලියගේ ආඩම්බර පැත්තක දාලා කවි බලගයක් පටන් ගනිංකෝ.. අපි බලන්නෑ අඩු ගානේ නලියවත් බලාවි නේ.. හික්ස්. හුක්ස්
Deleteමම පැත්තකට දාලා තිබ්බ මේ කවිකම හොයලා ගත්තේ නලින් මහත්තයා. එක අයි පැත්තට දාන්න දෙන්නේ ඇයි. මට මේ දෙන ඉඩ ගැන මම සතුටු වෙනවා
Deleteආ මෙයානේ මේ
Deleteඅදහස ගොඩාක් ලස්සනයි.... එන්න බැරි උනාට පෝස්ට් වලින් හොදට රසවිදල තියනව වගේ ගෙට්ටුව..
ReplyDeleteඔයාලා ගම්පහ ඉන්න දවසේ මම හිටියේ හිතේ තියා ගත්ත දුකකින් එන්න බැරි වෙන එක ගැන මුත් ඔයාල සතුටු වුන ජායා රූප දැක්කම මට හිතුනා මම ඒ අතර ඉන්නවා කියලා ඒ නිසා මේ පද වැල් කුරුටු ගන්න අමාරු වුනේ නෑ
Deleteඅනේ මමත් ඔයා වගේම තමයි පෝස්ට් වලින් තමයි රසවින්දෙ.... :(
Deleteනියම කවි පෙළක්.
ReplyDeleteඇත්තටම ගිය අයට වඩා ගෙට්ටුව නොගිය අපි වින්දාද මංද.
ReplyDeleteසිතුවිලි නම් හැමදාම වගේ අපූරුයි. ළිහිණිගෙ කතාවට මාත් එකගයි
අපි වගේම ගෙට්ටුවට නොගිහින් පෝස්ට් කියවලා රසවිදලා අපුරුවට පද ගලපලා.....
ReplyDeleteඇත්තටම චන්දනටත් තියෙන්නේ බ්ලොගක් අටෝ ගන්න....
බ්ලොගක් තිබේ.. කතා කරන පින්තුරයක් වගේ දැනුන මට නම් මේක... http://suvisariya.blogspot.com/2013/01/blog-post.html
Deleteචන්දනගේ කවි චන්දනට වඩාත් සුන්දරව දැනේ..!
ReplyDeleteකවි නම් මට වැඩිය තේරෙන්නෙ නෑ නලීන් අයියා, ඡායාරූප දෙකේ නම් අමුතු කලාත්මක ගතියක් තියෙනව.
ReplyDeleteඔබේ ආගමනයත් මට වටිනවා ඩිඩිටී
Deleteසුන්දරයි..!
ReplyDeleteස්තුති සැම්
Deleteලස්සනයි, සුන්දරයි, කලාත්මකයි,
ReplyDeleteනමුදු දුක්බරයි නොපැමිණිමට වීම ගැන
ඉවරයක් නැ වගේ රස.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඈ...සැක් ඊරිසියාවේ බැරුවා...
ReplyDeleteනියමයි මාමේ
ReplyDeleteඋඹ කව්රුද ?
මම කවුරුද ?
විශ්වය බිද දමපු එකා,
විශ්වය මැද දුවපු එකා,
විශ්වය කලඹා පොඩි කර
ඒ මැද..ලෝකය
හදපු එකා
උයනක් මැද
ඇත්තටම බ්ලොග් කරුවො කවුද?
නියමයි
කවිය හොඳින් රස වින්දා
දැනෙන රස කියනට
Deleteදැනෙන රස විදිනට
නුඹ තරම් තව කෙනෙක්
නැත්නම්
මිහිපිට......
මම තනියම හිද
මක් කරන්න ද
........
මට හිතෙනවා
මට දැනෙනවා
මට තනි නෑ
මේ විශ්වයේ .....
පදවැල් කරගහගෙන
හිතේ තියන් මැරේන්නැතිව
නිදහස් වෙන්න
මට පුළුවන්
හිත් යායක
වැපුරුව මට
ලැබුනා සරු
අස්වැන්නක්
හ්මි අපිටත් එන්න බැරිවුණා.. ගොඩාක් දුකයි
ReplyDeleteඅවුරුදු උත්සවයට එමු..................
Deleteනියම් පැදි පෙළ....
ReplyDelete(ඩයලොග් බැරියල් එක දැනුයි ඇරියෙ...)
චන්දන අයියා සයිබර් සැනකෙලියට එනවනේ??????
ReplyDeleteසරල කවි සංකල්පනා කාටත් රස විඳිතෑකි. අගෙයි..!
ReplyDeleteලස්සන නිර්මාණයක්
ReplyDeleteහරි ලස්සනයි නිර්මාණය....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඑන්න බැරි වෙච්ච අපි කාගෙත් හිතේ තියෙන හැගීම අකුරු කෙරුවට ඔයාට පින්..!
ReplyDeleteචන්දන ලියනාඅරච්චි කියන්නේ අර ගායකයා ද ?
ReplyDelete