සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ගෙට්ටුව..ගේට්ටුව.......ඇරගෙන.....උන් ඇවිදින්....

එකේක් වගේ ගොඩක්
මුණගැසෙනා....සෙයිලම මැද
මුහුණට මුහුණු මැද මැදි කර
විමතියෙන් වැද.........



නුඹ කව්රුද
ඔබ කව්රුද....
රැයක රැයක් ගතවනතුරු
නිදිවරණා සිතිවිලි යට
එබි එබි බලා
දඟ කෙරුව
ගාලගොට්ටිය එක යායක.........
චන්ද්‍රමණ්ඩල වියන යට
හිටපු උන්
හිරු වියන යට
බිද දමා සිත් දැහැන්
එක් වුණා............
උඹ කව්රුද ?
මම කවුරුද ?
විශ්වය  බිද දමපු එකා,
විශ්වය මැද දුවපු එකා,
විශ්වය කලඹා පොඩි කර
ඒ මැද..ලෝකය
හදපු එකා
........ උයනක් මැද...........

අමතක කර එක එකාගේ ලෝක
රමණියයි
මටසිළුටුයි
තව ටිකකින් රෑ වෙනවා
යන්න දුකයි
ඉන්න හිතේයි
මොන පිස්සුද
..........................
හමුවෙමු හෙට
මහ රෑ
සුපුරුදු ලෙස
විශ්වය යට
ඇගිලි තුඩින්
හම්
...

පසුගිය දා ගම්පහ  ෙහෙනරත්ගොඩ මල් වත්තේ දී මුළු දුන් බ්ලොග් කරුවන්ගේ සුහද හමුව පිළිබඳව එහි නොපැමිණි එහෙත් එදා සිදුවීම් අන් ලිපි මගින් කියවා දිගාමඩුල්ලේ සිට මෙ කව නිර්මාණය කළේ

චන්දන ලියනාරච්චි


48 comments:

  1. විශ්වය යට ඇගිලි තුඩින්... හරියට හරි

    ReplyDelete
  2. මේකත් මරු

    …ප.ලි ඇයි නලින් උබට අමතක උනාද මම සුලෝහිතයෙක් කියලා ?




    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  3. චන්දන ලියනාරච්චි කියන්නේ අර ගායකයා නේද :D

    ReplyDelete
    Replies
    1. මම අහන්න හදපු එක මෙයා අහලා, ඔව් අර සුවද තියා සිංදුව කියන කෙනා නෙද්??

      Delete
    2. එයා නෙමෙයි කියල නලී අයිය කියනව බොලාලට ඇහිලම නෑද

      Delete
    3. ඒකනේ මං නම් දන්නවා මේ එයා නෙමෙයි කියල හේ ..

      Delete
    4. මේ එයා නොවෙයි අනේ....

      Delete
    5. මාත් බැලුවේ ඒකයි

      Delete
    6. බලාපං නලියෝ. ... ඉහි ඉහි.. අහිංසක ගායකයකුටවත් මුන් ඉන්න නොදෙන හැටි. දැං ඌට කවි කියන්නම වෙනවා. හැබැයි ඕපන් ස්ටේජ් කවි තමා ඒකා කියන්නේ.. ගායකයා හොදේ

      Delete
    7. මටත් හිතුණෙ ඒ ගායකයා බව....... :)

      Delete
  4. හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා..

      Delete
    2. මොකක්ද අක්කා... ආන් ෂෝක් තට්ට මල්ලි.. හැක්...

      Delete
  5. චන්දනගේ නිර්මාණ නම් හරිම ඉහළයි. චන්දනට බ්ලො එකක් පටන් ගන්න කියන්නකෝ නලින් අයියා..

    ReplyDelete
    Replies
    1. හම් ඔයාලා මේ නිර්මාණ රස විදින එක මට ආඩම්භරයක් නලින් මහත්තයා දෙන උදව්ව හින්දා මගේ හිත ඔයාලට කියවන්න ලැබේනවා අගය කිරිම ගැන ස්තුති

      Delete
    2. අනේ මේ ඔය නලියගේ ආඩම්බර පැත්තක දාලා කවි බලගයක් පටන් ගනිංකෝ.. අපි බලන්නෑ අඩු ගානේ නලියවත් බලාවි නේ.. හික්ස්. හුක්ස්

      Delete
    3. මම පැත්තකට දාලා තිබ්බ මේ කවිකම හොයලා ගත්තේ නලින් මහත්තයා. එක අයි පැත්තට දාන්න දෙන්නේ ඇයි. මට මේ දෙන ඉඩ ගැන මම සතුටු වෙනවා

      Delete
    4. ආ මෙයානේ මේ

      Delete
  6. අදහස ගොඩාක් ලස්සනයි.... එන්න බැරි උනාට පෝස්ට් වලින් හොදට රසවිදල තියනව වගේ ගෙට්ටුව..

    ReplyDelete
    Replies
    1. ඔයාලා ගම්පහ ඉන්න දවසේ මම හිටියේ හිතේ තියා ගත්ත දුකකින් එන්න බැරි වෙන එක ගැන මුත් ඔයාල සතුටු වුන ජායා රූප දැක්කම මට හිතුනා මම ඒ අතර ඉන්නවා කියලා ඒ නිසා මේ පද වැල් කුරුටු ගන්න අමාරු වුනේ නෑ

      Delete
    2. අනේ මමත් ඔයා වගේම තමයි පෝස්ට් වලින් තමයි රසවින්දෙ.... :(

      Delete
  7. නියම කවි පෙළක්.

    ReplyDelete
  8. ඇත්තටම ගිය අයට වඩා ගෙට්ටුව නොගිය අපි වින්දාද මංද.

    සිතුවිලි නම් හැමදාම වගේ අපූරුයි. ළිහිණිගෙ කතාවට මාත් එකගයි

    ReplyDelete
  9. අපි වගේම ගෙට්ටුවට නොගිහින් පෝස්ට් කියවලා රසවිදලා අපුරුවට පද ගලපලා.....
    ඇත්තටම චන්දනටත් තියෙන්නේ බ්ලොගක් අටෝ ගන්න....

    ReplyDelete
    Replies
    1. බ්ලොගක් තිබේ.. කතා කරන පින්තුරයක් වගේ දැනුන මට නම් මේක... http://suvisariya.blogspot.com/2013/01/blog-post.html

      Delete
  10. චන්දනගේ කවි චන්දනට වඩාත් සුන්දරව දැනේ..!

    ReplyDelete
  11. කවි නම් මට වැඩිය තේරෙන්නෙ නෑ නලීන් අයියා, ඡායාරූප දෙකේ නම් අමුතු කලාත්මක ගතියක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඔබේ ආගමනයත් මට වටිනවා ඩිඩිටී

      Delete
  12. ලස්සනයි, සුන්දරයි, කලාත්මකයි,
    නමුදු දුක්බරයි නොපැමිණිමට වීම ගැන

    ReplyDelete
  13. ඈ...සැක් ඊරිසියාවේ බැරුවා...

    ReplyDelete
  14. නියමයි මාමේ

    උඹ කව්රුද ?
    මම කවුරුද ?
    විශ්වය බිද දමපු එකා,
    විශ්වය මැද දුවපු එකා,
    විශ්වය කලඹා පොඩි කර
    ඒ මැද..ලෝකය
    හදපු එකා
    උයනක් මැද

    ඇත්තටම බ්ලොග් කරුවො කවුද?
    නියමයි
    කවිය හොඳින් රස වින්දා

    ReplyDelete
    Replies
    1. දැනෙන රස කියනට
      දැනෙන රස විදිනට
      නුඹ තරම් තව කෙනෙක්
      නැත්නම්
      මිහිපිට......
      මම තනියම හිද
      මක් කරන්න ද
      ........
      මට හිතෙනවා
      මට දැනෙනවා
      මට තනි නෑ
      මේ විශ්වයේ .....
      පදවැල් කරගහගෙන
      හිතේ තියන් මැරේන්නැතිව
      නිදහස් වෙන්න
      මට පුළුවන්
      හිත් යායක
      වැපුරුව මට
      ලැබුනා සරු
      අස්වැන්නක්

      Delete
  15. හ්මි අපිටත් එන්න බැරිවුණා.. ගොඩාක් දුකයි

    ReplyDelete
    Replies
    1. අවුරුදු උත්සවයට එමු..................

      Delete
  16. නියම් පැදි පෙළ....

    (ඩයලොග් බැරියල් එක දැනුයි ඇරියෙ...)

    ReplyDelete
  17. චන්දන අයියා සයිබර් සැනකෙලියට එනවනේ??????

    ReplyDelete
  18. සරල කවි සංකල්පනා කාටත් රස විඳිතෑකි. අගෙයි..!

    ReplyDelete
  19. හරි ලස්සනයි නිර්මාණය....

    ReplyDelete
  20. එන්න බැරි වෙච්ච අපි කාගෙත් හිතේ තියෙන හැගීම අකුරු කෙරුවට ඔයාට පින්..!

    ReplyDelete
  21. චන්දන ලියනාඅරච්චි කියන්නේ අර ගායකයා ද ?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT