නිදහස් දිනය සමරන මේ මොහොතේ මගේ සිතට එන චරිතය මොනරවිල කැප්පෙටි පොළ චරිතය යි. ඒ සුද්දට එරෙහි වු විරයකු ලෙසයි.
මේ මොහොතේ මොනරවිල නම් අගනා පොත මගේ සුරතේ වෙයි. මෙහි කතුවරයා ද බ්ලොග් කියවන ඔබට අමුත්තකු නොවේ. වනජීවී නිලධරයකු ලෙසින් සිය රාජකාරි කටයුතු කරන අතර තුර ග්‍රන්තකරණයේ ද බ්ලොග් සටහන් ලිවීමේද නිරත ගාමිණී විජිත් සමරකෝන් මේ මා හැගි කෘතියේ කතුවරයා වෙයි. පළමුව ඔහුට සුබ පැතුම්. පසුගිය දා කොළඹ දයාවංශ ජයකොඩි සමාගමේ පැවති චාම් උත්සවයේ දී මේ පොත එළි දැක්විණි. ඒ අවස්ථාවට එක්වන්න ට ද මට අවස්ථාව උදා විය. මෙන්න එහි අවස්ථා කීපයක්.
පොතේ කවරය |
කතුවර ගාමිණි සමරු සටහනක් තබමින් |
තවත් බ්ලොග් ලියන්නෙක් වෙනී දකුණු පස කෙළවර |
පසු කවරය |
සුද්දා ගෙන් අප රට නිදහස ලබා හැට වසර ඉක්මවා ඇත්තේ ය. මේ ගෙවියන්නේ මගේ දිවියේ අර්ධශතකයකට ආසන්නයයි. සත්‍ය වශයෙන්ම අපේ රටේ දී මා මේ කාලය ගෙවා ඇත්තේ නිදහස් ද?
නැත.....ඉන් 30 වසරක්ම මම දෙමළ ත්‍රස්තවාදයේ අදුරු සෙවණැලි මැද දිවි ගෙවා ඇත්තෙක් මි. නිවෙසින් එළියට බසින කිසිවකු යළි නිවසට එන තුරු විශ්වාසයක් නොවූ බියකරු යුගයක එකල අපි ජීවත් වුණෙමු.
ජාතියේ පිනකට අද එම බිය අප සිත් තුළින් පහව ගොස් ඇත.
මහින්ද රාජපක්ෂ නම් දක්ෂින පුත්‍රයා මෙරට ජනපති වීම, විශ්‍රාම යන්නට සූදානමින් සිටි සරත් ෆොන්සේකා නම් රණ විරුවා මෙරට යුද හමුදා ප්‍රධානියා බවට පත්වීම, විසිරී ඒකාබද්ධ තාව ගිලිහෙමින් තුබූ ගුවන් නාවුක හා පොලිස් යන ආයතන ඒකරාශි කරන්නට සමත් ආරක්ෂක ලේකම් වරයකු හමුවිම යන කරුණු මත(තව බොහෝ කරුණු ඇත එය මෙතැන සටහන් කොට නැත) වත්මන් ශ්‍රී ලාංකිකයන්ගේත් අනාගත දරු පරපුරේත් වාසනාවට කුරිරු කොටි ත්‍රස්තවාදයට තිත තැබිණි. අද අප විදින්නේ ඒ නිදහසයි.
ඉතින් මේ නිදහස අපට විඳින්නට ලේ කඳුළු දහදිය හෙළු සකල විද රණවිරුවන් සැම සියලු දෙනාටම උත්තමාචාරය පුදන්නට මම මෙය අවස්ථාවක් කොට ගනිමි.
ලක් මව සදා කල් දිනේවා........
සේයා රූ ඉස්සුවේ හිතවත් වෙනි අය්යා ගේ මූණු පොතෙනි.
මම ඉතාම ප්‍රියකරන ලේඛකයෙක්. ඊටත් වඩා ප්‍රියකරන මනුස්සයෙක්. හැබෑම වනජීවී ලෝලියෙක්. (තමන්ගේ රස්සාව ලෙස නොව වගකීම හා යුතුකම ලෙස සලකා සතුන්ට ආදරය කරන මනුස්සයෙක්.) නලින් අයියාට බොහොම සතූතියි මේ වගේ සටහනක් ලිව්වට.
ReplyDeleteඔබ කියන්නේ පැහැදිලිවම ඇත්තක්.
Deleteබොහොම ස්තූතියි මේ තොරතුරු වලට අයියේ... පොත ගන්න ඕනි.. වැදගත් බව හැඟෙනව විශේෂයෙන්ම මං වගේ යටගියාව ගැන උනන්දු අයට....
ReplyDeleteසිත්තරි කොහොමත් පොත් ගුල්ලිනේ...
Deleteමාත් ඉතිහාසයට හරිම ආසයි.
ReplyDeleteපොත කියවන්න ඕනි වෙලාවක..
අපේම ඉතිහාසය කියවන්න මලයෝ
Deleteපොත නම් අරන් කියවන්නට දැඩි උවමනවක් ඇත
ReplyDeleteලක් මව සදා කල් දිනේවා
අපේ ඒකායන පැතුම එය විය යුතුයි නේද.
Deleteයන්න හැකියාවක් නොලැබුණු අයට බලන්නට මේ පින්තූර දැම්මට ස්තුතියි නලින් අයියා..! මමත් ආසාවෙන් කියවන බ්ලොග් එකක් ගාමිණී අයියගේ බ්ලොග. පොතත් ඒ වගේම රසවත්ව ඇති ඉතිහාස කරුණු ගලපලා..
ReplyDeleteතොරතුරු ගොන්නක්ම තියනවා...
Deleteගාමිනී අය්යගෙ බ්ලොග් එකේ මොනර විල කියල දාල තිබුන මට විස්තරය දැන ගන්න බැරි උනා.
ReplyDeleteඑදා ගෙට්ටුව වගේම සොදුරු දවසක් වුනා මට මෙදින
Deleteකියවන්නම වටින පොතක්,කෝමත් මාසෙකට සැරයක් සරසවිය වන්දනා කරන්න ඕනේ,,
ReplyDeleteඑහෙමනං මේ පාර අරගන කියවන්න.
Deleteඔහේ හිටියානම් මාත් අනිවාර්යයෙන් යනවා ඔය උත්සවේට. ගාමිණී විජිත් සමරකෝන් කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම වනජීවී නිළධාරියෙක්, ලේඛකයෙක්, චිත්‍ර ශිල්පියෙක්. බ්ලොග් රචකයෙක් වගේම කල්‍යාන මිත්‍රයෙක්.
ReplyDeleteඔබේ අති ජාත මිත්‍රයා නේ මා දන්නවා අනිවාර්යෙන්ම එන බව.
Deleteඉතිහාසය කියන්නේ කවදාවත් කියවලා ඉවර කරන්න බැරි දෙයක්නේ..වටිනවා.
ReplyDeleteඉතිහාසය තමා අපේ අනාගතය.....
Deleteගාමිණී අයියාට සුබ පැතුම් !!! නලින්ට සහ වෙනියාට ස්තුතිය අප වෙනුවෙන් සහභාගී වුවාට.
ReplyDeleteලක් මව සදාකල් දිනේවා !!!
ස්තුතියි සු දි ක....
Deleteසියලුම බ්ලොග් මිතුරු, මිතුරියන් නියෝජනය කරමින්, 'මොනරවිල' එලි දැක් වූ දා පැමිණි, නලින් දිල්රුක්ෂ, වෙනිවැල්පිටිය (වෙනි), අයිලාස්, සුසර සොයුරන්ට මගෙ හෘදයංගම ස්තුතිය ..!
ReplyDeleteපොත ගැන අදහස් දැක් වූ, ආශීර්වාද කළ සියලුම සොයුරු සොයුරියන්ටත් මගේ ප්‍රණාමය ..!
ඔබ හමුවීම මටත් හරිම සතුටක් අයියේ..
Deleteගාමිණී අයියගෙ හැකියාවන් ගැන ආඩම්බරය.
ReplyDeleteනැතුව නැතුව අපේ රැහේ එකෙක්නේ...
Deleteගාමිණී මාමාට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteතැන්කූ රජෝ...
Deleteලංකාවේ හිටියනම් කොහොමටවත් මගනාරින දවසක්.. මේ අපූරු මනුස්සයා දකින්න මම බොහොම ආසයි නලින්..
ReplyDeleteඒක ඇත්ත මා දන්නවා ඔබ අනිවා එන බව.
DeleteApuuru Wild Life blog ekak hamba unaa. Thanks Nalin :)
ReplyDeleteහොඳ ඉසව්වක්
Deleteඒ මනුස්සයට හරි අපේ ඉතිහාස වීරයො මත්ක් උන එක ලොකූ දෙයක්
ReplyDeleteතාම අපේ අයට ඉතිහාසය එතරම්ම අමතක නෑ. කොහෙද මේ ගුණ මකු පිරිසක් ඉන්නවනේ ඉතිහාසය අමතක කරන.
Deleteමාත් හරිම ආස ලේඛකයෙක්...පොත කෝම හරි හොයා ගන්න ඕනෑ..
ReplyDeleteකොහොම හරි හොයාගන්න බලන්න
Deleteවටිනා පොතක් වගේ .... හොයාගෙන කියවන්නත් අසාවක් ආව .
ReplyDeleteපොත හොදයි මලයා
Deleteමන් ලියන්ඩ හිටි සියල්ලම ලියලා තියෙන නිසා මට ලේසියි කැමරාවෙ තියෙන අනිත් ෆොටෝ ටික විතරක් දාන්නම් ඉක්මනටම
ReplyDeleteමම විස්තර වැඩිය ලිව්වේ නෑ වෙනි අයියා. ඔයා ලියන්න එකක් හොඳට විස්තර ඇතිව.පිංතුර ටික දාන්න.
Deleteවටිනා කියන පොතක් යුගයේ අවශ්‍යතාවයක් තමයි ජාතික වීරයෝ ,පොතකින් තමයි දැන් දකින්න පුළුවන් .
ReplyDeleteයුගයේ අවශ්‍යතාවක් ඉටුකිරිමක් තමා ගාමිණි අයියා කර ඇත්තේ.
Deleteඅපේ ඉතිහාසය වරින්වර මෙවැනි කෘතිවලට නැගිම කොයිතරම් අගෙයිද?
ReplyDeleteමේක අගේ කළ යුතු පොතක්
Deleteඋත්මාචාරයේ කොටස් කරුවන් විමේ භාග්‍ය ජනමධ්‍යවේදින් වන ඔබලාටත් ලැබේයි.ඒ මන්ද යත් නිවසේ සිටි රණවිරුවාගේ ඥාතින්ගේ ගැහෙන හඳ සුවපත් කිරීමට ඔබට හැකි විය.
ReplyDeleteපොත කියවන්නම ඕන.
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔබත් රණ විරුවරියක්නේ.. ඔබටත් අපේ උත්තමාචාරය
Deleteගාමිණී අයියට මගෙනුත් සුබ පැතුම්,
ReplyDeleteබොහොම ස්තුතියි රතු...
Deleteමාත් ගන්න බලන්න ඕන
ReplyDeleteඑළ එළ
Deleteබොහොම අගනෙයි සිහල බස අගවනු වස් මේ පොත් පිංච ආශිර්වාදයක්ම වේවා !
ReplyDeleteභාෂා ප්‍රේමියකු හැඩයි...
Deleteනලීන්,
ReplyDeleteමමත් ගාමිණි අයියාගේ පාඨකයෙක්! මම ගාමිණි අයියාව කියවන්න පටන් ගත්තේ එයා ලියන්න පටන් ගන්නත් කලින්. මොකද එයා මගේ අසල්වැසියෙක්. එදා ගාමිණි අයියයි මොණරවිලයි දෙන්නම මුණ ගැහෙන්න දාගෙන හිටියත් හදිසි රාජකාරී රැස්වීමක් නිසා එන්න බැරි වුණා. ආවනම් අපටත් සෙට් වෙන්න තිබුණා. අපරාදේ...!
මොකෑ බං බන්දුල මේකෙ තේරුම? උඹ කොහොමෙයි ගාමිණී ලියන්න කලින් ඒවා කියවන්නේ.
Deleteදැනුවත් කිරීම ගැන හැබෑවටම ස්තුතියි මිත්‍රයා. ගෙදරට කියන්නම් මේ ගැන.
ReplyDeleteඑතුමාගේ බ්ලොගය මොකද්ද කියලා දැනගන්න ආසයි..
ReplyDelete//මේ ගෙවියන්නේ මගේ දිවියේ අර්ධශතකයකට ආසන්නයයි//
කීයටවත් මේක විස්වාස කරන්න අමාරුයිනේ මට. මම හිතුවේ 30 ගානක් ඇති කියලා
http://gaminievijith.blogspot.com
Deleteලංකාවට ගියාම පොත අනිවාර්‍යෙන් ගන්න ඕන.
ReplyDeleteමං එතුමාගේ බ්ලොග් එක හොයා ගත්තේ මේ පෝස්ට් එකෙන් නලින් අයියා.... ඒකට මගේ ස්තුතිය!
ReplyDeleteලේඛකයා කියන්නේ හුදෙක්ම අකුරු එකතුකරන්නෙක් නෙමෙයි කියලා විද්‍යාමාන කල අපූරු මිණිසෙක් ය ඔහු...එතුමා ගැන නැවත මතක්කර දීපු නලින්ට හුඟාක් ස්තූතියි..කරවල බැදුමයි පොලොස් මාළුවයි ලේඛන කලාව කියලා හඳුන්වන අපේ සුරංගනා කථා කරුවන්ට මෙන්න අනුකරනය කරනවානම් චරිත...!!
ReplyDeleteචමින්ද(මේ පාර දිගේ)
පොත ගන්න ගියා, ගම්පහට ඇවිත් තිබුනෙ නෑ. අහන්ඩ දෙයක් නෑ. එක හුස්මට කියවන්ඩ පුළුවන් ඇති.
ReplyDeleteගාමිණී අය්යට මගෙන් සුබපැතුම් !!!
එතුමාට සුභ පැතුම් ! පොත ගැන හොයා බලන්න ඕනෑ ..කියවන්න ආසයි ..තොරතුරුවලට ස්තුතියි ඔබටත්
ReplyDeleteඉහත අදහස් දැක් වූ සියලුම සොයුරු සොයුරියන්ටත්, නලින් මල්ලිටත් නැවත නැවතත් ස්තුතිවන්ත වෙමි ...! ඔබෙන් ලබන ශක්තිය තව බොහෝ කලක් මා ජීවත් කරවනු ඇති ...
ReplyDeleteරැගෙන කියවිමට උත්සුක වෙමි මෙම පොත ගැන විස්තර ලබාදි මා දැනුවත් කල මාගේ යහළු දොම්පෙට ස්තුතියි සදා කල් ලක්මව දිනේවා
ReplyDelete