රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-01-15

සුදු හාමිනේත් ගැහැනියක්....

ඈ යන්න ගියාය නමින් මා ලියු කතාවේ දෙවැනි කොටස මෙයයි.පළවැනි කොටස මෙතැනින් කියවන්න
මේනකා සුළඟක් සේ යන්න ගියා ය.  මගේ අතීත කාමය අවධිකර  සිත ඔද්දල් කර ඇ යන්න ගියා ය.
ජනවාරි මාසයේ හමායන වියළි සිහිල් සුළග, තුරුණුවිය ට සමු දෙන මගේ සමට ඉදිකට්ටකින් අනින්නාක් මෙන් වේදනාවක් ගෙන දෙයි. 

මේ කුසිත කම මග හැරගන්නට කළ හැකි හොඳම දෙය වෙල ඉහත්තෑවේ ළිඳෙන් වතුර දෙකක් නා ගැනීම ය. තුවාය බාල්දිය රැගත් මා සබන් කෑල්ල අතට ගනිද් දී ඒ අසල වූ කොනක් බිඳී ගිය කැඩපතෙන් මගේම මුහුණේ පිළිඹිබුව දිස් වෙයි. මා දින දෙකකින් රැවුල කපා නැත. තැන තැන ඉදි ගිය රැවුල් ගස් යළි දු මගේ වියපත් බව මට ම මෙනෙහි කරව යි.

කිසි දිනෙක හවසට රැවුල නොකපන මම වහා රැවුල බා දැම්මෙමි. වමතේ ඇගිලි තුඩු මතින් මුහුණ පුරා අතගා බලන මට කැඩපතේ 
පිළිඹිබුව සිනාසෙයි. මම දැන් සිතින් තරුණ ය. 

උරුහමක් බාමින් ළිඳ ළඟට පය ඉක්මන් කළ මා දුටුවේ නිල් කැටයක් සේ දිලෙන ළිං දිය දහර යි. අවට කිසිවෙකු ද නැත. දෙවරක් නොසිතා ළිඳට පැන  නා ගතිමි. මොහොතින් මම  තිස් අවුරුද්දක ට එපිටින් අතීතයේ සිත් සේ සැරි සැරුවෙමි.

ඇතිවෙන්න දිය නා ගේ පිටුපස පේර ගසේ බැඳි  රෙදි වැලට තුවාය මුදා හැරි මා පිටු පස දොරෙන් ගෙට ඇතුළු වූසේ  නා අහවර වී එන විට අත්තම්මා ගේ පැරණි පෙට්ටගම මත රැඳෙන ඉගුරු තේ කොප්පය බලාගන ය.

පුදුමයකි එය අද නැත. සුදු හාමිනේ ගෙදර සිටී නම් මා දිය නා එන කිසි ම දිනක පෙට්ටගම මත තේ කෝප්පය වරදින්නේ නැත. සුදු හාමිනේ අපේ ගෙදරට කැන්දා ගෙන ඇවිත් දැන් ගෙවි යන්නේ 18 වැනි වසරයි. ඉන් පෙර මේ තේ කෝප්පය මෙතැන තැබූයේ මගේ මව යි.

හිමින් සීරුවේ ගේ ඇතුළට ගිය මම දොර රෙද්ද මෑත් කර සුදු හාමිනේ ගේ කාමරය ට හිස දැමුවෙමි. ඇය පරිගණකය මත දැස එල්ලා ගෙනය. ඇයට ලොකු වැඩක් ඇති ...... මම මගේ කංතෝරු කාමරයට රිංගා ගතිමි.

තාත්තා ගේ ණය ගැන බැංකුවෙන් එවා තිබූ ලියුම පොඩි වී කඩල තෙල් තැවරී තාමත් මගේ මේසය මත ය. හෙට වත් ඒ වැඩේ අහවරක්
කරන්නෝනැ යි සිතූ මම පොතක් ගෙන ඇඳ විට්ටමට කොට්ටයක් දමා ඇල වුණෙමි.

අක්කෝ හතර වාරයක් නමය කියද.... 
අල්ලපු කාමරයේ සිටින පොඩ්ඩී කැ ගසයි....

මසිත සොම්නසකින් පිරී යයි. මා පොඩ්ඩිට උත්තරය දෙන්න හදන විට ලොක්කී එය කියා දෙයි.. 
නැවත මම ජුනිකිරෝ ටනිසකි ගේ(junichiro tanizaki) යතුර පොත (the key) සමග දැහැන් ගත වුණෙමි.

"තමුසේ මේ වගේ ගුබ්බෑයං වල ලැගපු මිනිහෙක් කියල දන්නව නං කවදාවත් තමුසෙත් එක්ක දීග එන්නේ නෑ" 
මාරාවේශ වූ පරිද්දෙන් කාමරයට පැමිණි සුදු හාමිනේ කොට්ටයකින් මා වෙත දමා ගසුවා ය.
මට අගක් මුලක් නොතේරේ.....වික්ෂිප්තව ඈ දෙසට නෙත් හෙලුවෙමි. ඒ දැස් කෝපයෙන් දිලිසෙයි...කුමක් හෝ වරදක් වී ඇත...
"ඇයි සුදු හාමිනේ"
"ඇයි තමා, ඒ කාලෙ නටන්න තියන නඩලං සේරම නටල මදිවට ඒව ලෝකෙට පේන්න විරයා වගේ ලියලත්." ..
මේසය මත වූ පොඩි වී ගිය බැංකු ලියුම ගෙන ඇ මාවෙත දමා ගැසුවා ය. කිසිවක් නොකී මා තාත්තාගේ මතකය හෙමිහිට අහුලාගෙන කියවමින් සිටි පොත අස්සට දැමුවෙමි.

"තමුසෙටත් යන්න තිබ්බනේ මේනකා කියන  ........  ත් එක්කම. මං මේ ළමයි දෙන්නත් අරං අදම ගෙදර යනවා..." 

එන්න එන්නම සුදු හාමිනේ දරුණු වෙයි...

'අනේ අම්මේ ඇයි මේ'  
දියණියන් දෙදෙනා කැ ගසමින් අප අසල ය.

තව දුරටත් මට ඇය හා කතා කළ නොහැක. දියණියන් ගේ කඳුළු දකින්නට ද මට නොහැක. පොත පසෙකට විසි කළ මා හිමින් සිරුවේ 
එළියට බැස්සෙමි. දෙවැට අයිනේ අප්පුහාමි මාමා ගේ කඩෙන් සිගරැට්ටුවක් ද ගෙන දල්වා ගත් මා දෙවැට දිගේම වෙල් මණ්ඩිය දෙසට 
යැවුණේ නිරායාසයෙනි. වෙලත් දෙවැටත් යා කරන ට්‍රැක්ටර් පැන්නුමේ ඉදගත් මා ඇලට දෙකකුල් දමා ගතිමි. බණ්ඩි දමා ඇති පැළ 
ගොයමින් පිරි යාය දෙස හැඟිමකින් තොරව මගේ දෑස් දිව යයි. ළගම ඇති සුවතං මාමා ගේ කුඹුරේ මැද සිටුවා ඇති පඹයා මට විරිත්තයි.

මඩේ හිට වූ පඹයා ත් මාත් දැන් එක හා සමාන යැයි සිතේ.

හිස් අකාසයට දුම් රොටුවක් මුදා හල මාගේ දැස් ඉදිරියේ සියල්ල සිතුවමක් සේ ඇඳෙයි.
මේනකා ......ඈ මගේ පෙම්වතිය නොවෙයි. ඈ ගණිකාවක් ද නොවෙයි. එහෙත් කලෙක ඇ මාගේ ජීවිතයට ළං ව උන්නා ය. මගේ සයනය මත පැය ගණන් උන්නා ය. එය මට මෙන්ම ඇයට ද මතකයක් පමණි. ඈ දැන් යන්න ගොසිනි. මගේ කුඨුම්භයද සුන්නද්ධූලි කොට යන්න ගොසිනි. මා ඇයට දොස් කිව යුතු ද?...

වරද ඇගේ නොව මගේම ය. අහඹු ලෙස ඇය නෙත ගැටීම ගුවන් හමුදා සෙබළාගේ stop පුවරුව, මේවා යළි දු මගේ මනසේ හොල්මන් කරයි. ඒ අතීතය අමතක කරන්නට අකමැති වූ මම පැරණි මතකය සයිබරය හරහා මුදා හැරියෙමි. සුදු හාමිනේ මේ ගුස්තිය අල්ලන්නේ ඒ ඔස්සේ ය.

දහ අට අවුරුද්දක් පුරාවට උඹ තමුසේ යන වදනක් හෝ මාත් සුදු හාමිනේ ත් අතර හුවමාරුව නැත. ඔළුව දෙදරුම් කන්නට එයි. සුදු 
හාමිනේ මගේ ජීවිතයට එන්නේ ද සුළඟ ක් සේය. වරක් මා රෝගාතුරව රාගම රෝහලේ නැවතී ප්‍රතිකාර ගත්තෙමි. ඇය එවකට එහි 
පළමු වසරේ පුහුණව ලබන හෙද සිසුවියකි. 
'පොඩ්ඩකට ඇදෙන් බහිනව ද'? සිනාමුසු මුහුණින් යුතුව ඇය මා අමතයි...
'මොකක් ද චූටි මිසී ඔයා ගේ නම' ඇඳෙන් බසිමින් මම විමසුවෙමි.
'අපට නම කියන්න තහනම්.... මොකක් ද ඔයාගේ නම'..
ඒ අපේ පළමු හමුවිම යි.. 
ටික දිනකින් අපි පෙම්වතුන් වීමු තව වසර 3කින් අපි අඹු සැමියන් වීමු... එදා සිට මේ දක්වාම ඈ මගේ සෙනෙහෙබර බිරිය යි. 

මේ ගෙවීයන්නේ ඒ සොඳුරු මතකයේ අවසන් හෝරාව ද?..

කාලය ගැන නිනව්වක්  නොමැත. මා හෝරා කීපයක්ම ට්‍රැක්ටර් පැන්නුම මත ය. දැඩි අඳුරේම  නිවෙස බලා ඇදුනෙමි. නිවෙස ද අඳුරේ ය.අපේ නිදන කාමරයේ මන්දාලෝක විදුලි බුබුල පමණක් දැල්වෙයි. පිසූ රාත්‍රි අහර තාමත් හැලි වලංවල ය. නිදන කාමරයේ දොර රෙද්ද 
මෑත් කොට බැලූ මා දුටුවේ දියණියන් දෙදෙනාට මැදිව නිදන සුදුහාමිනේ යි. කිසිවකුට කතා නොකළ මම ඔවුන්ගේ නින්දට බාධා 
නොකොට පොරෝනාවක් හා කොට්ටයක් ගෙන කාමරයේ ම බිමින් රෙද්දක් දමා වැතිරුණෙමි. කොපමණ වේලාවක් ගියා දැයි වැටහිමක් නැත. 
සිමෙන්තිය සිසාරා එන සීතලත් සමගම මද උණුසුමක් ගත හරහා දැවටෙනු  දැනෙ යි. අඩ නින්දේම අතගා බලන කල සුදු හාමිනේ ගේ දකුණත මගෙ පපුව හරහා වැටී ඇත...ඇය මා අසල ය. 

සුදු හාමිනේත් ගැහැනියක්................

මගේ සිතට සැහැල්ලුවක් දැනිණි......



40 comments:

  1. මම මේ කල්පනා කරන්නේ කියන්නෙ මොනවද කියලා.. මට මොහොතකට හිතුනා මේක ඇත්තම සිද්දියක්ද කියලත්..

    බොහොම ලස්සනට ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මේ පොස්ටු දෙකටම මම කිසිම කමෙන්ටුවකට පිළිතුරු නොසැපයුවෙමි. සියල්ලට පිළිතුරු ඉදිරියේ.

      Delete
  2. සිරා කතාවක්ද මංදා...

    ReplyDelete
  3. මේක නිකන් ඇත්ත වගේ අප්පා,..

    ReplyDelete
  4. haffoi. Aiye oya mawa pixu wettuwa. Sinhalenma comment karannam passe. Me danata.

    ReplyDelete
  5. සියළුම මිනිස්සුන්ට ඊර්ෂියාව පොදුයි
    ක්ෂණික කෝපයත් පොදුයි
    එත් ආදරණිය මිනිසෙකුට ඔය කියන දෙකම ආදරයට යටයි
    එක තමා ‍කියන්නේ මේ‍ ලෝකෙ පවතින්නේ අන්න ඒ ආදරය උඩ කියලා
    සුදු හාමිනේ සැබෑම ගැහැණියක්

    අපුරැ නිර්මාණයක්
    ඇත්තක් වුනත්
    බොරැවක් වුනත් ගතයුතු දේවල් බොහෝයි
    අතිතය කියන්නේ සදාකාලිකව වෙනස් කල නොහැකි
    ලංකරගත නොහැකි
    ඇත්තක්

    ReplyDelete
  6. දුවා-දරුවන් සිටින වගකීමක් ඇති ආදර්ශමත් පියෙකුට මේතරම්ම විවෘත්ත විය හැකිද...??
    මගේ අනුමානය මෙම කෙටි කථා දෙකම රචනාකොට ඇත්තේ, ඔබේම ආදරනීය "සුදු හාමනේ"ම විය යුතුයි.
    (දෙවැනි කාරනය; මම නිවැරදි නම්... ඔඹ කලකට පෙර දුම්වැටි සහ මත්පැන් වලට ආයුබෝවන් කීවා වගෙ මතකයක් තියෙනවා..:D
    ඉතිං ඔඹ වන්නෙ කොහොමද මේ?)

    කෙටිකථා දෙකම ලස්සනයි...ඒත් මම පලමු වන එකට වඩා කැමතියි.

    ස්තුතියි.

    ReplyDelete
  7. එදා බැනුම් ඇහුවනං අද නලීන් අයියා ගුටි කනවා.. හි හි... අම්මයි දුවලා දෙන්නයිගෙන්ම.. ඒ කට්ටියවත් අල්ලගත්තට..හි හි

    අතීතය වෙනස් කරන්න බෑ.. ඒත් අතීතය වර්තමානයත් එක්ක පටලවාගන්නේ නැතුව ඉන්න පුළුවන් කීපදෙනාටයි..ඒකට විවාහයකදි නම් දෙන්නගෙම සහයෝගය අවශ්‍යයි...

    ReplyDelete
  8. මේ අයියාට ඇත්තටම වෙච්ච දෙයක්ද ඈ??? ;)

    ReplyDelete
  9. කියන්න දෙයක් හිතාගන්න බෑ.ගොඩාක් සාර්ථකයි කතාව.දෙවෙනි එකට තමා ගොඩක්ම කැමති.

    ReplyDelete
  10. සුදු අයියේ..මේක නියමයි බොලේ...මම මවා ගත්ත චිත්ත රුප වල කොල්ලට දැම්මේ අයියගේ අවතාරේ තියන පින්තුරේ වයසක මොඩල එක....

    ReplyDelete
  11. සිරාවටම නියමයි නලීන් ..
    මේ තරම් හොදට ලියන්න පුළුවන් කියල
    දැනගත්තේ අදයි ඔන්න...

    ReplyDelete
  12. මාර කතාවක්. ලස්සනයි අයියේ.ලස්සනට ලියලා තියෙනවා. කොහොම වුනත් මාර කතාව.

    ReplyDelete
  13. නියම කතාවක්. තාත්වික විදියට ලියලා. මෙතනින් ඉවරද?

    ReplyDelete
  14. අඩේ මේක සිරා අෆ්ෆා.. අතටම පවුල්කනවා කියන්නේ මෙඅකට වෙන්න ඇති

    ReplyDelete
  15. නියමයි ,තාත්විකයි මතු සම්බන්දයිද

    ReplyDelete
  16. ආයේ කියන්න දෙයක් නෑ.. මේක ලියල නම් තියනවා මල් හතට.

    ReplyDelete
  17. දෙපාරක්ම් කියෙව්වා මාමේ...හිතෙන්නෙම හේ ස්ව අත්දැකිමක්දො මන්දා කියලා
    හරිම අපුරුයි කතාව කියවලා ඉවර වෙනකම්ම මම කතාව ඇතුලේ ජිවත් වුනා
    ජය!

    ReplyDelete
  18. හරිම ලස්සනයි. එදා කතාව කියවලා හිතුනේ එතැනින් ඉවරයි කියලා..

    ReplyDelete
  19. සුදු හාමිනේට මාට්‍ටු වුනේ කොහොමද කියලා මට තවම හිතාගන්න බෑ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. //දොර රෙද්ද මෑත් කර සුදු හාමිනේ ගේ කාමරය ට හිස දැමුවෙමි. ඇය පරිගණකය මත දැස එල්ලා ගෙනය. ඇයට ලොකු වැඩක් ඇති //

      /වරද ඇගේ නොව මගේම ය. අහඹු ලෙස ඇය නෙත ගැටීම ගුවන් හමුදා සෙබළාගේ stop පුවරුව, මේවා යළි දු මගේ මනසේ හොල්මන් කරයි. ඒ අතීතය අමතක කරන්නට අකමැති වූ මම පැරණි මතකය සයිබරය හරහා මුදා හැරියෙමි. සුදු හාමිනේ මේ ගුස්තිය අල්ලන්නේ ඒ ඔස්සේ ය./

      ඉහත ඡේද දෙකෙන් මාට්ටු වූ හැටි පැහැදිලි වනවා මදිද? සත්‍ය හැගුම මට කියන්න මිතුරනේ එය නොවැටහේනම් මගේ ලියැවිල්ල දුර්වලය.

      Delete
    2. නැත නැත මේ ඩුඩෙ කියවලා නැත... අජෝව් ඩුඩෙ හරියට කියවපං බං...

      Delete
  20. අපුරුයි....ජිවිතේ...
    මට හිතේනවා මහගම සේකර රමණි ගැන කියපු කතාවත් මේ වගේ කියලා
    ඒ කියන්නේ තවත් සේකරලා ඉන්නවා.................
    අපිට පාළු නෑ තවත් සුදු හමිනේ කෙනෙක් තවත් සේකර කෙනෙක් තවත් ....මේ මට හිතෙන හැටි...............
    අපුරු රසයක්...

    ReplyDelete
  21. හප්පේ නලිනයෝ. උඹටත් වෙන වැඩ.. කමක් නෑ.. මචෝ ඔහොම තමා.. උඹ බය නැතිව ලිව්වා.. මම නං අහුඋනොත් හම ගහවිද මන්ද?? උඹට ඕන එකක් ලියපං. කාලය ගත වෙද්දී හැම දේම තේරුම් යාවි. අනිවා..

    ReplyDelete
  22. පෙරුම් පුරලා අයිති කරගත්ත දෙයක් බෙදාගන්න කවුද කැමති නලීන්; මොහොතකටවත් ..

    ReplyDelete
    Replies
    1. පට්ට ලැයික් සමු...

      Delete
  23. Replies
    1. කෝ බොලව් ක්මෙන්ටුව :O

      Delete
    2. අමතක වෙලා වගේ ද? අකමැති නිසා නොදා ඉදලද? හිතාගන්න අමාරුයි

      Delete
  24. අනේ මන්දා මොනා කියන්නද කියලා.... මේක ඇත්තම ඇත්තක්ද, එහෙම නැත්තන් නලින් අයියගේ කතා ලිවීමේ හැකියාව නිසා අපිට ඇත්තම ඇත්ත වගේ දැනෙනවද......
    මොනවා වුනත් හරිම අපුරුවට ලියල තියෙනවා. හැබැයි මේක කියවල එක පාරට මගේ හදවත නැවතුන වගේ වුනා.....

    ReplyDelete
  25. නියමයි නලියා සුපිරියටම ලියලා තියෙනවා..

    ReplyDelete
  26. සුදුහාමිනේ නුබ කොතනද අද දවසේ . හරි අපූරු කතාව . හිතට දැනෙන්නම ලියල තියෙනවා .

    ReplyDelete
  27. නලීන් සාර්ථකයි... ඒ ගැන කැකයකුත් නෑ.. ඒත් මීට වඩා දෙයක් සමාජය ඉල්ලන්නේ....

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඔව් ඔව් අපි ඉල්ලන්නේ ගල් පාටියක්...බොට තේරුනා නෙවද??

      Delete
  28. අපි ඔයා ගැන නොදැන මේක කියෙව්වනම් කියල හිතෙනවා. මොකද හැම වෙලාවේම හිතට එන්නේ මේක ඔයාටම වුනා කියලා. සමහරවිට එහෙම වෙන්නත් බැරි නෑ. රසවත් ලියවිල්ලක්.

    ReplyDelete
  29. පළමු කොටස කියෙවුව නිසා දෙවෙනි කොටස නොකියවා කොහොමද.... ඉතින් මම ආවා... උපරිම රසවින්දනයක් එයිනුත් ලැබුණා...හිතට වදින්නම ලියල... නියමයි නලීන්...

    ReplyDelete
  30. අයියෝ නලින් මල්ලිටත් වෙනවැඩ! මොනව උනත් කතා දෙකම උපරිමෙන්ම රසවින්දා. හරිම තාත්විකයි. හදවතට දැනෙන්න ඒ පරිසරයේම ගිලෙන්න ලියල තියෙනවා.

    ReplyDelete
  31. හරිම තාත්විකයි . .

    ඒකාංගික ටෙලියකට නියමෙට මැච් වෙයි . .

    ඔයාගේ යාලු ඩිරෙක්ටර්ලා ඇතිනේ යවලා බලන්නකෝ නලින් අයියේ . .

    කතාවෙන් විස්තර කරන සිදුවීම් ගැන කිව්වොත් . .

    පරන මතකයන් හිතේ තියෙනවා

    ඒවා සමහර විටෙක ලිව්වට පස්සේ තව දුරටත් ඒවා හිතේ කොන් වල තියෙන දේවල් නෙමේ . . .

    ඒ මතකයන් එක්කම ජීවත් වෙන්න ඕන නම් අපි වෙන කෙනෙක් ගැන නොහිතා ඉන්නවනේ කියන දේ ගෑනුන්ට තේරුම් කරලා දෙන්න අමාරුයි.

    පරන සිදුවීමක් විස්තර කරපු ගමන් ගෑනු හිතන්නේ අපේ හිතේ තාමත් ඉන්නේ ඒ අයයි අපි ගතින් මෙයා එක්ක හිටියට හිතින් එයාලා එක්කයි කියලා . .

    ඒක එහෙම නෙමෙයි කියලා කවදාවත් තේරුම් කරලා දෙන්න බෑ එයාලට මොකද එයාලා ගෑනුනේ . . :D

    ReplyDelete
  32. පිරිමි අතීත කාමයට ලොබ බදිනවා... ගැහැණු වර්තමානය සහ අනාගතය පිලිබදව වද වෙනවා... සුදු හාමිනේත්, මේනකාත් දෙන්නම ඈත, සහ මෑත අතීතයන්ගෙන් මිදිලා වර්තමානය සහ අනාගතය තුල ජීවත් වෙන නිසා අයියට සුදු හාමිනේත්, දරු දෙදෙනාත්, ඉතුරු වුනා.. මේනකා ගැන සුන්දර අතීතයත් ඉතුරු උනා.. නැත්නම් ඉතින් අතීතයත් නෑ, වර්තමානයත් නෑ තමයි...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්