සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අද මේ පෝස්ටුවෙන් ඔබ වෙතට ගෙන එන්නේ අතිශය දුර්ලභ අවස්ථාවක් පියවරෙන් පියවර. ඇතැමෙකුට ‍මේ සේයා රූ අප්‍රසන්න විය හැකියි. ඒත් මෙය දුර්ලභ අවස්ථාවක් නිසයි මෙසේ සමකයට එක්කරන්නේ.

අම්පාර පැත්තට මේ දවස්වල බොහොම තදට වැස්ස. ඒත් පහුගිය දොහේ උහුලගන්න බැරි තරම් නියඟය.

පසු ගිය වසරේ පැවැති නියඟයේ දි වන සතුන් හට ජලය හිග වුණා. ඉතින් අහුවෙන හැම දේම ගිල දාන්න ඒ සතුන් හට සිදු වෙනවා. මේ ඒ කතාවේ දුක් බර සිදු විමක්. 

අම්පාර බුද්ධංගල අභය භූමියේ අලි පැටවෙකු මියගොස් තිබුණා .මේ අලියා මිය ගියේ ඇයි දැයි හොයන්න වන ජිවි දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයා සහ අනෙක් සහයක නිළධාරින් ප්‍රස්චාත් මරණ පරික්ෂණය කරන්න සුදානම් වුන හැටි දකින්න අවස්ථාවක් ලැබුණා. 

මේ දර්ශන එතරම් රමණිය නොවේ. වන සතකු වුවත් ආයුධයකින් කපන අයුරු දකින්න ශිෂ්ඨ සම්පන්න කිසිම අයෙකු කැමති නෑ. 

මේ වන ජිවි නිලධාරීන් මේ කටයුත්ත කරන්නේ තවත් අලියෙකුට එහෙම වෙන් ඇති ඉඩ කඩ අහුරන්න යි. අලි පැටියා මිය යන්නට හේතුව හා වෙනත් තොරතුරු ලබා ගත යුතු නිසයි මේ විදියට කරන්නේ . 
නැවතත් කියනවා මේ රුප සටහන් බලන්න අමාරු ඇති. නමුත් මේ දේ දකින්න ලැබෙන්නේ කලාතුරකින්.
මේ ජායා රූප තව දුරටත් සගවා ගෙන සිටිනවට වඩා වන සතුන් වෙනු වෙන් අප මනුසත්  උයනේ මිනිසුන් කැපවෙන හැටි ලොවට කියන්න මෙය අවස්ථාවක් කරගන්නවා. 
මෙය දුර්ලබ සේයාරූ එකතුවක කතාවක්.
මෙම සැත්කම සිදු කරණු ලැබුයේ වෛද්‍ය  ප්‍රමුදිත් දේවසුරේන්ද්‍ර මහතා සහ සහයක නිලධාරින් පිරිසයි.  මේ සේයා රූ පෙළේ හිමිකරු මා හිත මිත්‍ර දිගාමඩුල්ලේ චන්දන ලියනාරච්චි සොයුරා යි. මේ රූ උපුටා ගත්තාට කම් නැත. එවිට චන්දනගේ හිමිකම සුරකින්න .


















































---------------------------------------------------------------------------------------

10 comments:

  1. අනේ සංසාරේ..!!!
    මිනිසකුගෙ උනත් ඔහොමනේ..!

    ReplyDelete
  2. වීයා කියනවා වගේ මිනිසා උනත් ඔහොමනේ.එත් ඒ මිනිසා අතින් අද සිදු වන දේවල් දෙස බැලුවම මේ සැකිල්ල පිනවන්න කරන දේයක්.
    නලින් අයියේ දුර්ලඹ ඡායා රූප ටිකක්.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  3. තවම හොයාගෙන නැද්ද මරුන හේතුව.මම දැක්කා එක පැටියෙක් කොඳු ඇට පේලියට වෙඩි වැදිච්ච අලි පටියෙක්ව මේ ඌ ද?

    ReplyDelete
  4. හ්ම්ම්....අර විය කියන්නා වගේ අපේ වුනත් ඔච්චර තමා.....

    ReplyDelete
  5. දුකයි තමයි. පින්තුර ටික බලන්න අමාරුයි වුනත් නැෂනල් ජියෝග්‍රපි වගේ සඟරාවකට මේවා යවන්න හැකි නම් හොඳයි

    ReplyDelete
  6. දුක හිතෙනවා දැක්කම. ඇත් පැටියෙක් නේද..? දලයක් තියනවා වගේ පේන්න තියනවා..

    ReplyDelete
  7. කෝ කැපුවට ලේ එන්නෙ නෑනේ... පව් අහිංසකයා..

    ReplyDelete
  8. මනුස්සයෙක් ගේ පශ්චාත් මරණ පරීක්ෂණය දැකල තියද..?සත්තු තව හොඳයි...
    ලස්සනට අපි ඇඳුම් ඇඳලා..රටේ තියන තරම් ක්‍රීම් ගාලා..ඉන්න ශරීරය අපායක් .අලියා තව හොඳයි....

    ReplyDelete
  9. මියගිය සතෙක් නිසා අවුලක් නෑ. ලෙඩේ හොයාගැනිම වැදගත්

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT