මම දැන් වයසක පුද්ගලයෙක් මි. ගෙවා දැමූ කාලය අර්ධ ශතකයකට ආසන්න ය. රැවුල ඉදී ඇත. කෙස් හැලීම ද මුහුණ රැලි වැටීම ද දෑස්
යටට ගිලීම ද පටන් ගෙන තිබේ. තවත් බොහෝ විපර්යාසයන් ද සිදුවෙමින් පවතී. පපුව ඉදිරියට දමා තනි කෙළින් ඇවිදගෙන ගිය ද ඒ
හැටි ආකර්ෂණයක් නැත. ලොකු ජවයක් නැති වා සේ ම කිසිවකු ගේ අවධානය ගැනීම ද අමාරු ය.
මා වැන්නෙකු අමුතු ගැම්මක් ගෙන ගමන් කළහොත් නිට්ටාවට ම ඒ විහිළුවක් බවට පත් වේ.
මේ සියලු කරුණු සාධාරණ ව සලකකා බලා අලුත් උපාය - මාර්ගයක් ඔස්සේ ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දමන්නට තීන්දු කෙළෙමි.
එනම් ඉතා සන්සුන් ව හා සාවධාන ව පාරේ කොනකින් බිම බලාගෙන ඇවිදීම ය. ඒ හැරෙන්නට අයිනක් අල්ලාගෙන හුදෙකලාව
කල්පනා කිරීම ය.
මගේ පියා එඹදු හුදකලා මිනිසෙකු බව ද අවංක හා සාධාරණ තැනැත්තෙකු බව ද බොහෝ දෙනා කියති. එහෙත් වසර ගණනාවකට පෙර
මිය ගිය ඔහු බැංකුවෙන් ලබා ගත් ණය මුදලක් පියවා නැත. ඒ ගැන කතාකිරීම සඳහා බැංකුවට එන ලෙස රාජකාරි ලියුමක් මා වෙත ලැබී
තිබේ.
මම ගාඩිනනර් මාවත දිගේ බංකුව වෙත යමින් සිටියෙමි.
වේලාව මධ්‍යාහ්නය යි. සූර්ය දිව්‍යරාජයා ශ්‍රී දූපතට සමීප ව ගමන් කරයි. වාතය ජලයෙන් සංතෘප්ත ය. සුළගක් ඇත්තේ ම නැත. බේරේ
වැව නිසොල්මන් ව මහා දුර්ගන්ධයන් මුදා හරී. ගිනි ගහන අව්ව නිසා නැගෙන දහදිය මගේ කොඳු නාරටිය දිගේ ගලා බසි. මේ කිසිවක්
මට යාදෙනේනේ නැත. හිස් මුදුනින් පටන්ගත් අධික දැවිල්ලක් පාදාන්තය තෙක් ගමන් කරන්න පටන් ගනී.
ජිවත් වීම මහා කරුමයක් යැයි මට සිතේ.
බේරේ වැවට ඉහළිත් ඇති විශාල පාලම උඩ ගුවන් හමුදා මුර කපොල්ල පසුකරන සිය ගණනක් සෙනග අතරට මම ද එක් වුණෙමි. මුළු
ඇග ම දවන දැඩි ඌෂ්ණය නිසා මගේ පය ඉක්මන් වි තිබිණි. එහෙත් එක් වරම ඇස ගැටුණු දර්ශනයකින් මගේ දෙපා ගල්වුවාත් මෙන්
එකතැන නැවතිණි. ..........කවුද මේ..........
හෘදයාංගම ලෙස මනසෙහි සටහන් ව තිබූ එක් ස්ත්‍රී රූප - කායක් මුහුණට - මුහුණ ලා නැවතී සිටී. වෙනසකට ඇත්තේ කලකට පෙර වූ
මනා අඟපසඟ කෙමෙන් වැහැරෙමින් තිබීම පමණි. ඇගේ දඟකාර කෙටි කොණ්ඩය අතරින් රිදීවන් සිහින් රේඛා එළියට පනී. දොඹ ගෙඩි
මෙන් වූ රවුම් දිළිසෙන දෑස් විශාල උපැස් යුවළකින් වැසී ඇත. නිතඹ පෙදෙස පහළට රූටා වැටෙන්නට පටන් ගෙන තිබේ . දෑත් මහත් වී
ඒවායේ ලප කැළැල් මතු ව තිබේ.
මගේ සිත චක්‍රාවාටය පුරා රවුමක් ගසා එක තැනෙක නැවතිණි.
ම්......මේ - න - කා.........
එහෙනම් නම තවම මතකයි ?
තවම පොත් කියවනවද ?
නැහැ.. මං ලංකාවේ නැහැ ..බෘනායි ගියා....
හොඳයි... හොඳයි....
ඔයාට කොහොම ද ? ළමයි ලොකු ද ?
ඔව් සේරම වෙන්ස් වෙලා....
මට මේක හීනයක් වාගේ....
අපට හීන දකින්න බෑ..මං මෙහේ යුද්ධෙකට මැදිවෙලා..
ඔයා ගේ කතාවනම් ඉස්සර වගේමයි...
අහම්බෙන් මුණ ගැහිචිචි එක ලොකු දෙයක්
මං හෙට ආයිමත් යනවා...
ගුවන් හමුදා නිලධාරියෙක් වහා පැමිණ අප දෙදෙනා අතර හිටගත්තේ ය. ඔහුගේ තියුණු දෑස මාගේ මුහුණ වෙත එල්ල වී තිබූ අතර ඔහු
අත stop යන පුවරුව විය. හැබැවටම අප මෙතැනින් නැවතිය යුතු ද ?
මහත්තයා කරුණාකරල වෙනින් තැනකට යනව ද? මෙතැන වැඩි වෙලාවක් ඉන්ඩ දෙන්නෙ නෑ...
සොරි...
මේනකා මට පෙර සමාව ඉල්ලා සිටියාය.
අද ද පෙර පරිදි ම මට වඩා ඇය ඉක්මන්ය. යුහුසුළුය. මේනකා තවත් වරක් මා දෙස බලා යන්නම් කියා අත වැනුවාය. මගේ සුරතද ඉබේම මෙන් සෙලැවිණි. සිතිවිලි ඈතට ඈතට ගමන් කරන්නට පටන් ගනී. බැංකුවට යාම කල් දමා සුපුරුදු හුදෙකලා ගුබ්බෑයමට රිංගා ගැනීම සඳහා මගේ ගමන් මග වෙනස් කළෙමි.
මිලට ගත් ගල් බෝතල් බාගෙන් අඩක් ඉතිරිව තිබේ. පොල් කෑලි හා කෑලි මිරිස්, මනාව මිශ්‍ර කරන ලද උණුසුම් කඩල තසිමක් ද මා ඉදිරිපිට තිබේ. දුම්වැටියක් ද දල්වා ගතිමි. පසුතැවිල්ල හා පාළුව මුසු සියුම් වේදනාවකින් සිත රිදුම්කන්නට විය. මේ ස්ථානය තවම බේබද්දන්ගෙන් පිරී නැති බැවින් මගේ සිත නිදහසේ අතීතය වෙත ගමන් කරයි. මේනකා මට හමුවූයේ මීට වසර විසි ගණනකට පෙරාතුවය. එකල ඇය මගේ කාර්යාලයේ උසස් නිලධාරියෙකුගේ ලේකම්වරිය ලෙස කටයුතු කළාය. තළෙලු ආකර්ශනීය සිරුරකට හිමිකම් කියූ මේනකා විවිධ ආලේපන හා නවීන මෝස්තර ආදිය මගින් තවදුරටත් කැපී පෙනෙන්ට වෑයම් කළා යැයි කීම නිවැරදිය. වරක් දුටුවකු නැවත නැවත ඈ දෙස හැරී බලන්නට පෙළඹෙනු නොවැලැක්විය හැකි විය. විශේෂයක් ලෙස නිරන්තරයෙන්ම ඈ අතෙහි පොතක් විය. මේනකාගේ එකම විනෝදාංශය පොත් කියවීමය.
එකළ මගේ වයස අවුරුදු 27කට වැඩි නැත. ඒ මගේ ජීවිතයේ හොඳම කාලය විය යුතුය. සිරුර නිරෝගී අතර සිත බොහෝ සැහැල්ලු විය. මේනකාගේ කාර්යාලයේ වෙනම අංශයක කළමනාකරුවකු ලෙසද සේවය කළෙමි. එහිම නමවන මහලේ කුලී ගෙයක් ද මට තිබිණි. අලුත්ම පොත් මිලට ගනිමින් බොහෝ වේලාවක් කියවීමට කැපකිරීමට එකල මගේ සිරිත විය.
මේනකා හා මා අතර වූ පලමු කතාබහ අද මෙන් මතකය.
'මහත්තය ළඟ හුඟක් පොත් තියෙනවලු නේද?'
'කවුද කීවේ?'
'කතාව ඇත්තනම් කියපු කෙනාගෙන් වැඩක් තියෙනවද?'
'ඔයා මොනවද කියවන්නේ?
'මං චෙකෝෆ්ට කැමතියි. ටෝල්ස්ටෝයි බර වැඩියි'.
'හෙමින්වේ ලස්සනට ප්‍රේමය ගැන කියනවා'.
'ඇයි සිංහල පොත් කියවන්නේ නැතිද?
'වික්‍රමසිංහ මහත්තයා ප්‍රේමය ගැන කියන විදිහට මම කැමති නෑ'.
'ඉතින් සරත්චන්ද්‍ර මහත්තයා කියවන්න'.
'ඔය කියන්නේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා ගැන නේ'
'ඒ දෙකම කියවලා තියෙනවා'
මේනකා පළමුවෙන්ම මා ඇමතුවේ මහත්තයා කියාය. දෙවනුව මිස්ටර් කෑල්ලක් මුලට දමා සම්පූර්ණ නම කීවාය. තෙවනුව සම්පූර්ණ නම කියන්නට පටන්ගත්තාය. නිතර මුනගැහෙන්නට පටන් ගත් දා සිට නමින් කෑල්ලක් කීවාය. අප දෙදෙනාගේ ඇසුර බොහෝ දුර දිග ගියේය.
දිනක් මධ්‍යහ්නයේ ඇයට දුරකතන ඇමතුමක් දුනිමි. ඒ මගේ නවාතැනෙහි සිටය. 'අලුත් පොත් වගයක් තියෙනවා. මගේ චමරියට එන්න. මම ඈට කීමි. විනාඩි 15ක් යාමට පෙර මගේ කුලී නිවසෙහි සීනුව නාද විය. අපි දෙදෙනා මගේ කාමරයේ තනි වුණෙමු. ඈ රාක්කයට එබී පොත් තෝරන අතර මම ඇගේ පිටුපසින් ගොස් මේනකා වැළඳ ගතිමි.
කවුරුවත් එයි ද ?
මෙහේ එන එකෙක් නෑ....
බොහෝ වෙලාවකට පසු මේනකා මට කියූ එක් දෙයක් සිහිපත් වේ. එනම් මං ඔයාට ආදරෙයි. අපි දෙන්න බඳිමු යන්න ය.
මේනකා හැම විටම හොඳ පොත් තෝරා ගත්තා ය. එය වහා කියවා ආපසු දුන්නා ය. එහෙත් ඈ සති තුනක අසාර්ථක විවාහයකින් වෙන් ව සිටි ගැහැණියකි. ඈ කිසිවතු පසුපස හඹා ගියේ නැත. මා පසු පස හඹා ආවේ ද නැත. ඇයට සාක්ෂාත් කරගත යුතු ලොකු බලාපොරොත්තු තිබුණේ ද නැත. ඈ පොත් කියවමින් ජීවිතයේ ගැඹුර නිරීක්ෂණය කරන්නට පෙළැඹුණා යැයි මට සිතේ. ඈ කිසි කලෙක මා හා උරණ වි නැත. මට බැණ වැදි නැත. අප හමු වූ බොහෝ අවස්ථාවන් කෙළවර වූයේ මේනකා ගේ සුපුරුදු වාක්‍යෙයන් ය. එනම් මං එයාට ආදරෙයි... අපි දෙන්න බඳිමු...යන්නෙන් ය.
ඊට ටික කලෙකට පසු වර්ජනයක් මෙහෙයවිමේ හේතුව මත මගේ රැකියා ව අහිමි විය. මම වෙනත් ආයතනයක රැකියාවක් ලබා ගතිමි. මේනකා අමතක කළෙමි. හිතාමතාම අමතක කළෙමි. යළි වසර විසි ගණනකට පසු මේනකා හමු වී ඇත. එහෙත් තාවකාලිකව ය. ඈ හෙට සිට නැත. මෙතෙක් ජීවිතයේ මට හමු වූ සුන්දරම ගැහැණිය මේනකා ය. ඈ හැමවිට ම නිවැරදි හා හොඳම පොත තෝරා ගත්තා ය. එහෙත් ජීවිතයට ගළපෙන හොඳම සහකරු තෝරා ගැනීමට ඈ අසමත් වූවා ය. ජිවිතය කෙළවරවීමට පෙර කිසියම් දිනෙක අහම්බෙන් හෝ ඈ මුණ ගැසුණහොත් ඇයට හොදම පොතක් තෑගි කළ යුතු ය.
මෙහි දෙවැනි කොටස සුදුහාමිනේත් ගැහැනියක් මෙතැනින් කියවන්න
මෙහි දෙවැනි කොටස සුදුහාමිනේත් ගැහැනියක් මෙතැනින් කියවන්න
පසු ලිවිම
මේකට උචිත පිංතූරයක් සොයා ගැන්මට නොහැකි විය.
කමෙන්ට් එකක් දාන්න කලින් අහන්න හිතුනේ... මේක ලිව්වේ නලීන් අයියද...???
ReplyDeleteමටත් ඒ ප්‍රශ්නෙ එහෙම්මම තියෙනවා...
Deleteමම හිතන්නේ නලින් අයියා ලිව්ව එකක්.මොකද වෙන කෙනෙක් ගේ නිර්මාණයක් නම් මෙතන පුරුදු විදියට ඒ කෙනාගේ නම තියෙන්න ඕනෑ.
Deleteසුපිරි කතාවක් වුණත් පරණයි වගේ....
ReplyDeleteමොකද බේරෙ වැවේ ගඳ දැනුලනු නේ.........
දැන් බේරෙ වැව ගඳ නෑනෙ නේද ?
Deleteකවුද බොලං බේරෙ වැව ගද නෑ කියන්නෙ...ගිහින් බලන්නකො කොටුවට...බේරේ සුවද වෑහේ...
Deleteමම ඊයෙ ඒ කිට්‍ටුවට ගියා ටිකක් ගඳයි,ඊට හපන් කිසි නඩත්තුවක් නැතිව වටේ.
Deleteගංගාරාමය පැත්තෙ...කුරුල්ලො ජරාකරල හොඳටම ගඳයි.
ඒකේ ගඳ අදටත් ඇත
Deleteඑහි යෑමට පව් කර ඇත
මට නම් දැන් ඇති වී ඇත
කොළඹ දමා මම යනු ඇත
නහය කපාගෙන ඒ පැත්තෙ යන එන හොදා !
Deleteපසුතැවිල්ල....
ReplyDeleteඇත්තටම මේක ලීවෙ ඔයාමද? නලින් මල්ලි. කාලෙකට පසුව හමුවූ පෙම්වතිය ගැන ආවර්ජනයේදී ගල් බෝතලේ එක්කාහු උන එක නම් අනුමත කරන්නෙ නෑ මම නම්. ලස්සන නිර්මාණයක් මල්ලි. ජය වේවා!
ReplyDeleteමන්දා මට වචනෙකින් විගහ කරන්න බැරි හැගිමක් දැනුණා
ReplyDeleteමම මේනකා උනානම්...........
පසුතැවිල්ලක් එක්ක දැනුන යටගියාවේ මතකයක්...හරිම ලස්සනයි
ReplyDeleteනලින්. මං කාලෙකට පස්සේ දැක්ක හොද ලිපියක් තමා මේක. එතැන ඔබ පවසන දේට වඩා දෙයක් මේ කතාව තුල තියෙනවා. ඒ වගේම ඔබ උවමනාවෙන්ම අතපසු කර දේවල් පවා තියෙනවා. ඒක අපට හිතන්නයි තියෙන්නේ. අනික මේනකා හොද ගෑනියෙක් බව ඔබ පොත් පත් වලින් පමණක් මැනල බලල නැති විත්තිය නම් කෙලින්ම කියත හැකි. මම බලන් හිටියේ උඹ බැංකුවට යනකං. අන්තිමට බෝතල් බාගයක් හිස් කරල මනෝ ලෝකේ හිටියට ඉතිරි භාගෙට කරපු දෙයක් නෑ. අනිවා ගිලින්න ඇති. මම අවංකව ඔබෙන් අහන්න කැමති නෑ මේක ඔබේ අත්දැකීමක්ද කියල, මොකද මේ වගේ දේවල් හැමෝටම තියෙන අත්දැකීම්. ඒක ඉදිරිපත් කිරීමට ඇති හැකියාවයි වැදගත්..ජය
ReplyDeleteඇත්තම කිවුවොත් නලින්ගෙ බ්ලොග් එකේ එක දිගට නිවුස් යද්දි මම එන එකත් සීමා කලා.. හැබැයි මේ කතාව මගෙග් හිත ගත්ත...අපූරුයි නලින්......
ReplyDeleteඅර හැමෝම අහන ප්‍රශ්නෙ, නලීන් මේක ලිව්වෙ උඹද කියන එක මාත් දැන ගන්න කැමතියි. මේක මම කැමති විදියෙ නිර්මාණයක්. මම මේ කමෙන්ට් එක දිනිතිගෙ කමෙන්ට් එක යටින් දැම්මෙ දිනිතිගෙ අදහසට මමත් එකඟ වෙන නිසා. මෙච්චර ලස්සන නිර්මාණ කරන්න හැකියාව තියාගෙන උඹ මොන එකකට මේක නිව්ස් බ්ලොග් එකක් කලාද කියලා මටත් හිතා ගන්න බෑ.
Deleteඅවංක හැඟීම කිව්වට උඹ අමනාප නොවෙයි කියලා දන්න නිසයි කිව්වේ.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මට මගහැරුණු නිර්මාණයක්... මටත් මුලින්ම අහන්න තියෙන්නේ ලිව්වේ නලින් යයද කියලා
Deleteඊළඟට කියන්න තියෙන්නේ දිනිතිට හිතිච්චා දේම මටත් හිතුනා කියලා
හ්ම්ම්...ආදරය පිටුපස සැමදා පසුතැවිල්ල සැඟවී තිබේ!
ReplyDeleteඇත්තමයි. ආදරය පසුපස පසුතැවිල්ල හා වේදනාව සැඟවිලා තියනවා. මමත් එකඟයි නාඩියා.
Deleteආදරය කියන්නේ කොහොමත් නලින් මහත්තයෝ එක්තරා විදියට පසුකාලීන පසු තැවීමක් වගේ තමා.....ඒත් ඒ හැමදාටම නෙවෙයි. හැමෝම හැමදාම දුක් වෙන්නෙත් නැහැ හැමදාම සතුට වෙන්නෙත් නැහැ. ජීවිතේ හැටි තමා !
ReplyDeleteඔබේ අත්දැකීමක්ද ?
ReplyDeletebohoma agei..
ReplyDeleteSamahara dewal tiyenawa,api hari kaledi hari tirane gatte na kiyala hithena.hitha mathama e awasthawen panala gya wage hagena..
Passeyi hithenne,ane e welawe e tirane gattanam mkada kyla..
Ehema tiranaya nokale ai kynda hethuwak hoya gandat ba.eth hadawatha ekaga na wage danenawa..
Wenadata wada apuru wenasak..
Niyamai nalin...
Ohoma tamai inda one.eka parata wenas dyk kaloth eka godak denekuta grahanaya wenawa...
Jayama wewa !!!
මෑතකදී කියවපු ලිපි අතරින්ම මගේ සිත තදින් බැඳගත් ලිපියක් . අතීතයත් වර්තමානයත් කියවන්නා තුල දුකක් ඇති කරනවා . කඳුලින් අවසන් උන තවත් ප්‍රේම කතාවක්.
ReplyDeleteme peththata ena paara wehila thibune ada. Wessa nisa wennathi neda,
ReplyDeletePost eke nam hodanna deyak ne. Pasta.
Meta samaana athdakemak wath tiyanawada kiyalath hithenawa.
Aparade skype eka illaganna beriwelane.
කතාව ලිව්වේ කව්රු වුණත් සාර්ථකයි.චිත්ත රූප ඇදුණා විස්තර කරල තියෙන විදියට
ReplyDeleteඑතකොට එයා ගියා ඈ?
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හිතාගන්න බැරි අමුතු ලියවිල්ලක්..!
ReplyDeleteඅවසානයට පෙර ඈ ගියා.....
ReplyDeleteඅයිය ද ලිවුවේ මේක???
ReplyDeleteකතාව ලස්සනට ලියල තියනවා.. තව තව ප්‍රශ්න නම් ටිකක් හිතට ආවා. ඒවා ඔය කට්ටිය උඩින් කියල තියන නිසා මං ආයේ අහන්නේ නෑ.
ReplyDeleteමෑතකදී කියවපු හොඳම කතාවක් නලීන්. කොයි කාලේ සිදු උනු දෙයක් උනත්, ඇත්ත අත්දැකීමක් බව පැහැදිලිවම පේනවා.
ReplyDeleteඇත්තක් වුණත් ප්‍රබන්ධයක් වුණත් මේ ලියැවුණු දේ ඇතුළත, හැඟීම්බර බොහෝදේ සැඟවී ඇති බව දැනෙනවා. ලස්සණයි; ලස්සණම ලස්සණයි!
ReplyDeleteComment ekea nemei eht mage punchi prashnayak titanawa ahanna. Thaman balaporiththu wunu, adaraya karapu kena (godakma sriously) wenath deyak thoragahtha nam thiyana hondama wisaduma mokadda? Life experiances wadipura thiyana, buddimath widiyata wagema madhyastawa hithanna puluwan wadihitiyek dena upadesak nam wadath sudusui, eth onema kenekge awawadayak ahanna kemathi.
ReplyDeletepatta lassanai.
ReplyDeleteඅහ්හ්...අඩේ මට මේක මග ඇරුනේ කොහොමද?...හ්ම්ම් මම හිතන්නේ නිවුස් අස්සේ මිස් වෙන්න ඇති.
ReplyDeleteඉහලයි...උපරිමයි...උත්කෘෂ්ටයි
හ්ම්ම්.. ලස්සනට ලියලා තියෙනවා..
ReplyDeleteකියවලා ඉවර උනාමත් නිකන් අන්ද මන්ද ගතියක් දැනෙනවා හැබැයි :)
කතාව ලස්සනයි
ReplyDeleteඅඩ්ඩේ . . . මේක නියමයි . . .
ReplyDeleteසරච්චන්ද්‍ර මහත්තයගේ ස්ටයිල් එකේ ටච් එකක් තියෙනවා වගේ කියලා හිතුනා.
හරිම අපූරුයි නලීන් අයියේ . .
නලින් අයියා කියවලා ඉවර වුනාම මට හිතුනේ අනේ මටත් මෙහෙම ලියන්න පුලුවන් නම් කියලා. ඒත් ඒ ඔයාගේ ක්‍රමේ නෙව. අපූරුයි මම හැමදේම දැක්ක වගේ දැනෙනවා.මට දැනුන හිතුන දේවල් අහන්න ඕන නෑ කියලා හිතුනා. ඒවෙනුවට මම හෙට ඔයාගේ රිප්ලයි ටික කියවනවා.
ReplyDeleteලස්සන කතාවක්..
ReplyDeleteලස්සන අදහසක්.ජීවිතේ වේදනාව හා පසුතැවිල්ල පෙන්නුම් කරනවා.
ReplyDeleteනලින්, චිත්‍රපටියක් බ්ලොගයේ මැව්වෙ කොහොමද? තාමත් ඒ පාලම උඩ හමුව, ගුවන් හමුදා නිළධාරියාගෙ පැමිණීම හිතේ ඇඳිලා ඇතිවුන වේදනාව හිතට දැනෙනවා. පට්ට ලිවිල්ලක නලින්. මට මේ සිද්ධිය වුනා වගේ දැනෙනවා.
ReplyDeleteකාලෙකින් හොඳ පොතක් කියෙව්වා වගේ හිතට දැනුනා...
ReplyDeleteඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteඅන්කල් ඔයා මේක කොහෙන් හරි කොපි කලාද ? කලා නම් තැන දානවද ? අර බෙන්තොට ෆොටෝ ටික අපෙන් උස්සල පොර ටෝක් දෙන්න ලැජ්ජ නැද්ද
ReplyDeleteහොඳ නිර්මානයක්??
ReplyDeleteමැණික්
" ඈ හැමවිට ම නිවැරදි හා හොඳම පොත තෝරා ගත්තා ය. එහෙත් ජීවිතයට ගළපෙන හොඳම සහකරු තෝරා ගැනීමට ඈ අසමත් වූවා ය. ජිවිතය කෙළවරවීමට පෙර කිසියම් දිනෙක අහම්බෙන් හෝ ඈ මුණ ගැසුණහොත් ඇයට හොදම පොතක් තෑගි කළ යුතු ය"
ReplyDeleteසුපිරියි නලීන් අයියේ, කතාව කියෙව්වද,නැත්තම් මම සිද්ධිය බලාගෙන උන්නද,,,,,මට තේරුනේ නෑ..