සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ඇ.ඩො.7,80,000යි තුන්ඈවරයි ! ගනුදෙනු අවසන් ය.

එහෙත් අවසාන ය තවත් ප්‍රබල 
ආරම්භයක් වන්නට ද පුළුවන!

බ්‍රසීල තරුණියක් සිය කන්‍යා භාවය අලෙවි කිරීම පිළිබඳව අපි මීට කලින් පෝස්ටුවකින් කතා කෙරුවෙමු. එයට ලද ප්‍රතිචාර මත මෙය ලියැවිනි 


එම මුල් ලිපිය මෙතැනින් කියවන්න

මෙලොව සැරිසරන ගැහැනු ද – පිරිමි ද ආස්වාදයෙන් පිරි සුන්දර ලෝකයක් අපේක්ෂා කරති. එහෙත් කිසිවකුට කිසිකලෙක එහි උපරිමයට ළඟාවීමට ලැබෙන්නේ නැත. බ්‍රසීලියානු නූතන ආඛ්‍යානයේ මහා ප්‍රබන්ධකරු පාවුලෝ කොයියෝ කියන ලෙස ජීවිතයෙන් අඩක් සිහිනවලින් වැසී ඇත. ඉතිරි අඩ ඛේදවාචකයෙන් පිරී ඇත. බ්‍රසීලය ම ඊට කදිම සාක්ෂියකි.

 දකුණු අමෙරිකාවේ විශාල ම රාජ්‍යය වූ බ්‍රසීලය, නැවුම් කෝපිවලින් ද, අගනා රත්රන්වලින් ද පිරී තිබේ. ඒ සමඟ වැස්ස, ගංවතුර, භූ -චලන, නායයෑම් පමණක් නො ව දුප්පත්කම ද එහි වැසියාට පහර – පිට පහර දෙති. 2011 මුල් කාර්තුවේ දී රියෝ ද ජනෙයිරෝ හෙවත් ‘ජනවාරියේ ගංගාව’ නම් රමණීය නගරය එක ම මඩ ගොහොරුවක් බවට පත් විය. හය සියයක් දෙනා මඩ කාගෙන මළ හ. මුළු බ්‍රසීලයේ ම ජනගහනයෙන් 3/2ක් දෙනාගේ මාසික ආදායම ඇ.ඩො 500ට අඩු ය. බඩගින්න ඔවුන්ගේ සදාකාලික සතුරා ලෙස ජීවමානව නැඟී සිටී.



“කැරොලිනාගේ දිනපොත” කියැ වූ කෙනකුගේ සිහියට නැගෙනුයේ “අම්මේ මට බඩගිනියි” හෝ “අම්මේ තව නැතිද ?” යැයි හෝ ආයාචනාත්මක දෑසින් කෑමට යමක් යදින අහිංසක – පුංචි දරු පැටියකුගේ කෙසඟ රූපකායයි. මෙබඳු ජවනිකාවක් ඉදිරියේ මවකට අලෙවි කළ නො හැකි දේ කුමක් ද? සාකල්‍ය අර්ථයෙන් ගත් කළ බ්‍රසීලයේ කැත්රිනා යනු ද ගැහැනියෙකි. ඇය ද කෙදිනක හෝ මවක වනු ඇත. ඇගේ ආධ්‍යාශය වැස්සට තෙමෙන හා අව්වට වේළෙන දරු පැටවුන්ගේ හිසට සෙවණක් ලබා දීම ය. වෙනත් වචනයකින් කිවහොත් ඔවුනට ජීවිතයක් ලබාදීම ය. නිවසක් නැති තැන ජීවිතයක් ද නැති – බව කැතරිනාට වැටහෙන්නට ඇත.



බ්‍රසීල ජීවිත ගෙවී යන්නේ එක අතකින් ප්‍රතිවිරෝධයන් හා තව අතකින් උත්ප්‍රාසයන් සහිතව ය. ලෝක පූජිත පා - පන්දු ක්‍රීඩක පේලේ බ්‍රසීලයේ අපූරු නිෂ්පාදනයෙකි. පේලේට මෙන් ම පේලේගේ පා - පන්දුවට ද ගුවන් යානයේ අසුනක් වෙන් වූ අවස්ථා තිබේ. ඔහු ක්‍රීඩා කළ සැන්ටොස් ක්‍රීඩා සමාජය තව ම පවතී. හෙතෙම වරක් ඇමෙරිකාව කැටුව ගිවිසුමක් අස්සන් කළේ ඇ. ඩො. අනූලක්ෂයකට ය. ඒ වසර දෙක හමාරකට පමණි. පේලේ ඩොලර් ලක්ෂ ගණනින් උපයා ගත්ත ද බ්‍රසීලයේ හිඟන්නන් දෙස ආපසු හැරී බැලුවේ නැත. ඒ අතින් බලන විට කැත්රීනා ඇදහිය යුතු කාන්තාවක් නොවේ ද?

බ්‍රසීලයේ පුරාණ මහා කවියා වූ කැස්මේරේ ආබෲ “හිනැහෙන්න දරුව ජීවිතය සුන්දරයි!” යනුවෙන් කවි පද බැඳීය. “හඬනු මැන දරුව - ජීවිතය අමිහිරියි!” යනුවෙන් අද එය වෙනස් වී ඇත. ඒ පමණක් නො ව බඩගින්න දැනෙන නායකයෙක් අපට ඕනෑ යැයි බ්‍රසීල ජනතාව හැමවිට ම කෑ ගසා කියා සිටිති. දේශපාලන කුණාටුවලින්, දූෂණයෙන් හා සූරාකෑමෙන් පිරීගිය බ්‍රසීලයේ අනාගත ය ගැන කිසිදු විනිශ්චයක් අප සතු නොවේ. එබැවින් අවිනිශ්චිත රාජ්‍යයක යථාර්ථයක් වෙනුවෙන් තමාගේ ශරීරය අලෙවි කරන කැතිරිනා ගැන විනිශ්චයක් ද අපට තිබිය හැකි නො වේ.

මේ සිදුවීමට අදාළ මුල් ලිපිය “සමකය වටේ”  වෙබ් අඩවියෙහි පළ කැරිණි. ඔබද එය කියවන්නට ඇතැයි සිතමි. එයට සැලකිය යුතු ප්‍රතිචාර ලැබිණි. වැඩිදෙනකුගේ මතය වූයේ කන්‍යාභාවය සැලකිය යුතු දෙයක් නො වන බව හා එය වැදගත් කාර්යයක් සඳහා පූජා කිරීම අගය කළ යුතු බව ය. සමහරුන්ගේ අදහස වූයේ ඉතියෝපියාව වැනි රටකට කැත්රිනා වැනි කෙල්ලන් දහස් ගණනක් අවශ්‍ය බව ය. බොහෝ දෙනා කැතරිනා අගය කළ හ. තවත් අය බ්‍රසීලයට වීසා ලබා ගත හැකි මාර්ගය හා ඒ සඳහා වැය කළ යුතු මුදල විමසා සිටිය හ.

කුමක් වුව මේ සිද්ධිය විමැසිය යුතු තවත් විලාස කිහිපයක් තිබේ. ඉන් ප්‍රධාන වන්නේ කැත්රිනාට එල්ල වන ගණිකා චෝදනාව ය. කැත්රිනා දැන් ලෝකය පුරා ප්‍රසිද්ධ ය. ඈ පසු පස බොහෝ දෙනකු හඹා එන්නට පුළුවන. අසරණ - සරණ සේවාවකට ගිය කෙල්ල අවසානයේ අමාරුවේ වැටෙන්නට පුළුවන. ඇයට චෝදනා එල්ල වන්නට ද පුළුවන. එහෙත් ශරීරය අලෙවි කිරීම යනු මහා පාපයක් ද?

“මිනිසකුට පුංචි – ලිංගික ආස්වාදයක් ලබාදීම හිරේ දැමීමට තරම් වරදක් වන්නේ කෙසේ ද? මට නම්; එය අදහාගත නො හැකි ය. ගණිකා සේවය හරි හැටි විග්‍රහ කළ හැකි නම්; එය ඉතා අගනේ ය.”
-නිනා හෝම්

කුමන තත්ත්වයක් යටතේ වුව කැත්රිනා විවාහවිය යුතු ය. සාර්ථක පවුල් සංස්ථාවක් ගොඩනැඟිය යුතු ය. ඇය අනාගතයේ දී සිය වැදගත් අවස්ථා තීන්දු කරන්නේ කෙසේ ද යනු බලවත් ප්‍රශ්නයකි. ඇතැම් විට මේ වන විට ද ඇය අපේක්ෂාවෙන් සිටින නිහඬ හා අවංක පෙම්වතකු සිටින්නට පුළුවන. ඔහු මේ සිදුවීම දරුගන්නේ කෙසේ ද? දෙවියනේ මේ මගේ කැත්රිනාදැ’යි ඔහු සිතනු ඇත. ඉතින්; ගැහැනිය වටහා ගත හැකි විලාසය කුමක් ද?

රන්ජන් අමරරත්න

56 comments:

  1. ගැහැනියකගේ කන්‍යාභාවයට වඩා මුදල් කියන දේ අද ළෝකයේ වටිනවා. මම හිතන්නේ නෑ මේ කෙල්ල ඒ තත්වෙට වැටෙයි කියලා. බ්‍රසීලය සෙක්ස් ෆ්‍රී රටක්. එහේ කැතරින්ලා ඕන තරම් ඉන්නවා. ඔබ ඔය අහන ප්‍රශ්නයට ලස්සන පිලිතුරක් හැමෝම බබෙක් කියලා හිතන අනර්කලි උත්තර දීලා තියෙනවා. මේ සැරේ රාවය බැලුවනම් හරි.

    ReplyDelete
    Replies
    1. එකඟයි ඔබ සමග මලේ. අනර්කෙළිගේ කියමනත් මා දැක්කා. මේ හැම දෙයක්ම මාකටිං තමා.වෙන කියන්න දෙයක් නැ

      Delete
  2. හැබැයි ඔය ක්‍රමය ලංකාවට ගැලපෙන්නේ නැහැ. එයා එ මුදල් යොදවන්නේ තමන් වෙනුවෙන් නොව අසරණ වුවන් වෙනුවෙන් නිසා ඒ ගැන කතා කිරීමෙන් වලකිනවා හොඳ විචාරයක්

    ReplyDelete
    Replies
    1. රට රාජ්ජවල ඉන්න කෝරලේට ඉතිං මං මොනවා කියන්නද.

      Delete
  3. මොනව කියුවත් කැතරින් කරන්නෙ හොඳවැඩක් කියල කියන එක තරම් නරක වැඩක් තවත් නැති වෙයි. මේ ගැන කතා කරද්දි බ්‍රසීලෙ සංස්කෘතියක ඉඳන් ලංකාවෙ කතාකරන එකත් නරක වැඩක්. මොකද එහෙට මේව සාමාන්‍ය වුණාට ලංකාවට කොහො‍මත් ගැලපෙන්නෙ නැති නිසා.

    ReplyDelete
    Replies
    1. අප උත්සාහ කළේ එහේ සිද්ධියක් අපේ රටට ආරෝපනය කිරීම තුළින් ඇතිවන තත්ත්වය කෙබඳුද යන්න නිරීක්ෂණය කිරීමයි.ස්තුතියි පාඨකයා.

      Delete
  4. ගණිකාව හා ගනිකා ව්‍යාපාරය කියනදේ ගැන හරියට නිර්වචනයක් ඔනේ කියන දේ බො‍හෝම පැහැදිලී . කැතරින් කරපුදේ අපිට හරි තමයි ඒත් ඇයගේ සමීපතමයන්ගේ මේ පිලිඹද ප්‍රතිචාරය ටමනෙ වගේ වේවිද !!!!!

    ReplyDelete
    Replies
    1. උන්ගේ රටට මේවා බොහොම පොඩි දේවල් අනේ.

      Delete
  5. ඒ රටේ සාමාජීය පසුබිමත් එක්ක ඔවුන් මේක එච්චර බරපතල ලෙස සලකන්නේ නැතුව ඇති.

    ReplyDelete
  6. කැතරින්ගේ කන්‍යාබාවය ගියාට පස්සේ ඔය ලංසුව සෑහෙන්න අඩු වෙනවා. ඊට පස්සේ ඕනනං බැරිය අපටත් ලංසු තියන්න නේද???

    ReplyDelete
    Replies
    1. පෂ්ෂේ තමා දැක්කේ අපිත් ගල් වලට වැඩි පුර කැමතී

      Delete
    2. හැමදේකටම වටිනා කමක් ඇති වෙලේ තමයි මේ විකිණිම කර ඇත්තේ.

      Delete
  7. අනේ මන්දා... එක එක කාලේට රැල්ල වගේ එන දේවල්. කැත්‍රින් වගේම ඒ රටේම පිරිමි ළමයෙකුත් තමන්ගෙ කුමර බඹසර විකුනන්න යනවයි කියන්නෙ... දැන්නම් ඔය කතා විහිළුවක් වගේ..

    මට නම් ඔක්කෝටම වඩා හිනා යන්නෙ අර පිස්සු ජපනා ගැන. මෙච්චර සල්ලි ගොඩක් වියදම් කරලා කන්‍යාවියක් එක පැයකට ගන්න යන්නෙ... කැත්‍රින් ඒ දේට යොමු වෙන්නෙ කිසිම හැඟීමකින්ද.... හිනාත් යනවා අප්පා...අනේ කාලේ..වනේ වාසේ ...

    ReplyDelete
    Replies
    1. ජපනට පිස්සු නැ ළිහිණි. ඌ කළේත් මාකටින් පාරක්. මොනතරම් සල්ලි තිබුණත් ඒකාව ලොකයේ කවුරුවත් දන්නේ නැති එකෙක්. ඒත් අද තත්ත්වය වෙනස් නේද.අද ලෝකයම ඒකාව දන්නවා. වියදම් කළ මුදල වගේ හත් අට ගුණයක් ඕකා මේ සිද්දියෙන් හොයනවා.

      Delete
  8. අනේ මන්දා, අහන්න වෙන ඒවා.. මුදල් යොදවන්නේ තමන් වෙනුවෙන් නෙමෙයි අසරණ අය වෙනුවෙන්..ඒත් වැඩේ වැරදි..(ක්‍රෙ‍මේ)...හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. පොඩි කෙල්ලන්ට මේක තේරෙනව මදි වගේ..

      Delete
  9. අසහනකාරී කෝටිපති පිරිමියෙක්ගෙන් මුදලක් ලබාගෙන ඒ මුදලින් අසරණයින්ට පිහිට වෙන මේ කෙල්ල කරන්නෙ විශාල සමාජ සත්කාරයක්..

    ReplyDelete
    Replies
    1. එය අසහනය නොවේ මාකටිං පාරක් කියලයි අපට හැගෙන්නේ කැක්කා

      Delete
  10. ඒක අනිත් අයට පූර්වාදර්ශයක් නොවෙනවනම් තමා හොද. නැත්නම් කෙල්ලෙක්ගෙ තියෙන වටිනාකම සල්ලි මත්තෙම තීරණය වෙයි

    ReplyDelete
    Replies
    1. ලෝකේ හැමදේම සල්ලිවලට යටකර ඉවරයි මේ වනවිට. අනිත් කතා මවන දේවල්.

      Delete
  11. මම කලිනුත් තැනක මේක කිව්වා....

    මේ සිද්ධිය අලුත් දෙයක් නෙවෙයි.... ගැහැණීයකගේ කන්‍යාභාවය, ඇයගේ පතිවත මුදලට විකිණෙන එක අලුත් දෙයක් නෙවෙයි... ඊයේත්, අදත් විකිණුනා වගේම හෙටත් විකිණෙයි....

    කී දෙනෙක් ගැහැනූ, කන්න බත් පතට, හිසට වහලකට, අම්මා තාත්තාගේ ජීවිතවලට, තමන්ගේ දරුවන්ගේ බඩ පුරවන්න මේ දේම කරනවද.... මුදල විශාල උනාය කියලා මේකෙයි ඒකෙයි වෙනසක් මට නම් පේන්නේ නෑ... අනිත් එක විශාල මුදලක් වැය කරපු මේ පරිමියගෙන් සහ පැයට 1000ක් ගෙවන අපේ පිරිමින්ගෙයි මට නම් කිසිම වෙනසක් පෙන්නේ නෑ....

    වෙනසකට තියෙන්නේ මේ සිද්ධියට ලැබුණ ප්‍රචාරය නිසා හෙට දවසේ මේ ගැහැණියව දකින අය, ඇය කන්‍යාවියක් නොවෙන බව දැන ගැනීම සහ ඇගේ කන්‍යාභාවය නැති උනේ කො‌ෙහාමද කියලා දැනගන්න එක විතරයි...

    ඒ වගේම තව ටික දවසකින් ඇයව සාන්තුවරියක් බවට පත් කළාය කියලා කිව්වොත් මම ඒක ගැන පුදුම වෙන්නේ නෑ.... දුප්පතුන්ට ගෙවල් හදන්න තමන්ගේ කන්‍යාභාවය පූජා කළ සාන්තුවරිය කියලා....

    මට මේ සිද්ධිය දැකපු වෙලේ ඉඳලම අයෝමා ෆිල්ම් එක මතක් වෙන්නේ.. මුදල් නිසා, අසරණකම නිසා ඇය කී දෙනෙක් අතින් අත යනවද...

    ReplyDelete
    Replies
    1. ඔබ සමග හදවතින්ම එකඟයි.මේ තුළ ඇත්තේ ව්‍යාපාරයක් විතරයි.ප්‍රසිද්ධියේ නොවිකුණු දෙයක් මාර ප්‍රචාරයක් දී උපරිම අගයක් ලබාගැනීම විතරයි මෙතැන ඇත්තේ.

      Delete
  12. අනේ මන්ද ඉතින් එයාට හොඳනම් මට අවුලක් නෑ :)

    ReplyDelete
    Replies
    1. හැම තැනම මුල් තැන ඉන්න හිරුහිමාවි ගෙන් මං හිතුවේ මෙයට වඩා වැඩි සවිස්තරාත්මක පිළිතුරක් ලැබෙයි කියලයි. සමහර විට වෙලාව ගැටලුවක් ඇති..

      Delete
  13. කන්න තැනි දරිද්‍ර‍තාවය හමුවෙ කන්‍යා භාවය හරි විකුණලා ජීවත් වෙන එකේ වැරැද්දක් මට පේන්නෙ නෑ... ඉන්දියාවෙ උන් ජීවත් වෙන්න වකුගඩු විකුණන්නෙ...

    ReplyDelete
    Replies
    1. සිරා ඔබ හරි...එකඟයි.

      Delete
  14. මේ කන්‍යාභාවය ගැන පහුගිය කාලා කතා ටික කියවන්න ඕන . .

    ඇත්තෙන්ම සමහරු (සමහර පිරිමි) මේ කන්‍යාභාවය කියන මගුලේ එල්ලිලා ඉන්නවා හැබැයි එහෙම ඉන්න උන් ඔක්කෝම පඳුරක් පඳුරක් ගානේ නිදිවැදපු උන් . . (මම දැකපු දේවල් ඇසුරින් කිව්වේ)


    මේ කෙල්ල එහෙම වෙන්දේසි කරන්නේ උතුම් පරමාර්ථයකින් නම් . . උඹ මාරයි නංගියේ කියනවා ඇර වෙන කියන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. ඔබ කි සේරම ඇත්ත.පරමාර්ථය අනුව ගෙවලුත් හැදෙයි. ඒත් වෙලා තයෙන්නේ මාකටින් කියන දේ උපරිමයට ගිය අවස්ථාවක් ලොවට නිරාවරණය වීමයි.

      Delete
    2. කන්‍යාබාවයෙන් වැහිල තිබුනට ඒ පරමාර්ථය තමා වටින්නේ. අපිත් කරන්නේ ඒ කෙල්ලගේ කන්‍යබාවය දිහා බලාගෙන තොල කට ලෙව කන එක නේ. ඇස් අරින්න ඉතිං

      Delete
  15. සල්ලි හම්බ කරන්න මිනිස්සු කොච්චර නම් දේවල් කරනවද?? එක අතකින් බැලුවම නලු නිලියන් කියන්නෙත් එක්තරා විදිහක ගනිකාවෘත්තියේ යෙදෙන්නන් පිරිසක්.. ලංකාවේ එච්චරම නොවුනත් හොලිවුඩ් බොලිවුඩ් දෙකේම නිරුවත්, අඩනිරුවත් ජවනිකා කොච්චර තියෙනවද?? නලුවන් හෝ නිලියන් තමන්ගේ ඇග බලන්න දෙනවා.. ගණිකාවන් තමන්ගේ ඇග පාවිච්චි කරන්න දෙනවා.. කොහොම උනත් ලංකාවට ඔය වැඩේ ගැලපෙන්නෙ නෑ.. කරපු වැඩේ හරිද වැරදිද කියන්න මම දන්නෙත් නෑ...

    ජය..

    ReplyDelete
    Replies
    1. ඔබ තරමක් දුරට මේ සිද්ධිය තේරුම් ගෙන තිබෙනවා.

      Delete
    2. කන්‍යාභාවය සල්ලි හොයන්න පාවිච්චි කරන එකේ යම් ගැටලුවක් තියෙනවා. කොහොම වෙතත් කන්‍යාභාවය නැතිකරගත් පමණින් ඒ කාන්තාව සමාජයෙන් කොන් කරනව වගේ අන්තවාදයකට යන්නත් අපට බෑ.

      Delete
  16. මට මේ දේ පේන්නෙ ගැහැණුකම මුදලට විකිණුනු තවත් එක් අවස්ථාවක් විදිහට විතරයි. කන්‍යාභාවයට වටිනාකමක් නැති සමාජයක කැතරිනා කරන දේ වරදක් විදිහට දකින්න බෑ. කැතරිනාගේ අරමුණ කොයිතරම් වටිනවද.
    කන්‍යාභාවයට ලැබෙන වටිනාකම කුමක් වුණත්, කොයි තරම් වයසට ගියත් කන්‍යාවියකගෙ පහස ලබන්න කැමති පිරිමි අය කොයිතරම් ඉන්නවද කියලත් මේ කතාවෙන් පේනවනෙ :)

    ReplyDelete
    Replies
    1. ඔබ සමඟ එකඟ වෙන්නම වෙනවා. ඒත් ඒ වටිනාකම වෙළඳ උපක්‍රමයක් කරගෙන. ඉදිරියේදි මේක විලාසිතාවක් කරන්නත් ඉඩ තියනවා. ඒ මට හිතෙන හැටි.

      Delete
  17. මම ඔන්න පතෝල වගේ උත්තරයක් දෙනව. :) ඔය වැඩේ හරියි කියන්නත් බෑ, වැරදියි කියන්නත් බෑ. ඒක ඉතිං සාපේක්‍ෂයිනේ. කොහොම උනත් ඔය කන්‍යාභාවය කියන එකනම් මහ විකාරයක්.

    ReplyDelete
    Replies
    1. DDT කවදාවත් පතෝල උත්තර දෙනවා මං දැකලා නෑනේ.ඇවිදපු කිසිම තැනක. ඒත කමක් නැ ආ එකත් වටිනවා.

      Delete
  18. එයාලට හොඳනම් අපිට මොකෝ. මේක publicity stunt එකක්!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. කිසිම තැනක ලිස්සලා නොයන ඩූඩ් මොකද මේ ප්‍රශ්නයේදී හැංගෙන්නේ..

      Delete
    2. මොනවා කියන්නද මචං? මම හැංගුනේ නෑ. මම කිව්වෙ මේක පබ්ලිසිටි ස්ටන්ට් එකක් කියලනෙ. අර උඩ ළිහිණිට උඹ දීලා තියෙන උත්තරෙත් ඒකමනෙ. මේක ජප්පට වගේම කෙල්ලටත් එහෙම එකක් තමයි.

      ඉතින් මට ඕකට විරුද්ධ වෙන්නත් බෑ මොකද උන්ට හොඳනම් අපිට මොකෝ. පක්ෂ වෙන්නත් බෑ, මේක ‍රැල්ලකට ගියොත් කොතනින් නතර වෙයිද දන්නෙ නැති නිසා.

      ඇයි බං අදත් ළමයව ඉස්කෝලෙට දාන්න අධ්‍යක්ෂකත් එක්ක බුදියෙන අම්මලා ඉන්නෙ. අපි ඒක දකින්නෙ කොහොමද? මේකට ඊට වැඩි ලංසුවක් තියෙන්නෙ ගාන වැඩි නිසාද? නිවාස යෝජනා ක්‍රමය නම් පොදු අරමුණ නිසාද?

      මට නම් මේක පබ්ලිසිටි ස්ටන්ට් එකක් විතරයි මචං. ඒකයි එහෙම කිව්වෙ.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  19. අපේ ඇහෙන් බැලුවොත් නම් ඉතින් ගල් ගහන්න තරමේ වරදක් නේ. ඒත් ලංකාවේ වුනත් තරුණ පරපුර ඔය දේවල් ඔය තරම් හොයන්නේ නෑ හිතෙනවා. ඒ විතරද, ඔය වැඩිහිටියන්ට පමණයි ඒවාගේ හිටිය පැමිලා ඇන්ඩර්සන් ඔය ඉන්නේ අපුරුවට. රැල්ල යනකම් යයි. ඉවර වුනාම එහෙම එකෙක් හිටියද මතක නෑ එකෙක්ට.

    ReplyDelete
    Replies
    1. වෙළෙන්දෝ විකිණිය හැකි හැම දේම උපරිම මිලට විකුණනවා. එපමණයි මෙතන තයෙන්නේ.

      Delete
  20. මටනං හිතෙන්නේ දැං ඕක කතා කලා ඇති කියලා..
    එයාගේ කන්‍යාභාවය එයාගේ සල්ලි..
    අපිට ඕකෙං වැඩක් නෑනේ..
    මොකෝ අපේ කෙල්ලෝ කන්‍යාභාවය විකුනනවයැ...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාවත් හරි. ඒත් අවංකව කියන්න ඔයා හොයන්නේ කන්‍යාවක් නෙමේද.උත්තර එපා නිකං ඇහුවේ.

      Delete
  21. උන්ට හොඳ නම් අපිට මොටෝ?.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මඩියා මලේ..

      Delete
  22. උනහපුලුවගෙ පුතා උට ලස්සනයි කිව්වලු :P

    ReplyDelete
    Replies
    1. ඈ කව්ද බං එහෙම කිව්වේ

      Delete
  23. ලංසුවේ විතරයි වෙනස තියෙන්නේ...ලංකාවට ගැලපෙන්නේ නැ ගැලපෙන්නේ නැ කියලා කොච්චර කැ ගැහුවත් ලංකාවෙත් කොච්චර ඕක වෙනවද??? සමාජයේ ඉන්න බොහෝ පිරිසක් ඕකට යටයි.උකස් හිමියාට ගෙදර ගැනී, නෝනට ඩ්‍රයිවර් , අධ්‍යක්ෂකට අම්මා..තව කොච්චර තියනවද??? ගොඩක් ඕක වෙන්නේ හොඳ පින්කාර අසරණ හේතු මත තමා..හේ..

    ReplyDelete
    Replies
    1. තවත් දෙයක්...මේ කතාව බ්‍රසිලේවත් සිංහල බ්ලොග් අවකාශේ තරම් මාකට් වෙන්න නැතුව ඇති.ඕනෑ නම් එක පාරක් නිවුස් වලට කියන්න ඇති...හේ...

      Delete
  24. කැරලිකාරියේ අපිත් මේ සිද්ධිය මාකටිං කළා.වරදක් නැනේ..

    ReplyDelete
  25. Danata Muslim kello vitharai thamange vatinaakama ithuru karan, berilaa inne.

    ReplyDelete
  26. කන්‍යාභාවයට තියෙන්නෙ සංස්කෘතික වටිනාකමක් විතරයි. වෙන කිසිම දෙයක් නෑ ඉතින්.

    ReplyDelete
  27. බ්‍රසීලයේ දී සිතිවිල්ල මෙහෙම වුණාට මේ අවස්ථාව අරගෙන ඕන කෙනෙකුට ඕන විදියට අරුත් ගන්වන්න පුළුවනි. වඩා වැදගත් වෙන්නෙ හැබැයි සිතිවිල්ල. පිහිය රත්තරන් වුණත් බෙල්ල කපාගන්න ඕන නැහැනේ...

    ReplyDelete
  28. බටහිර යුරෝපීය සංස්කෘතිය මුල්බැසගත් සමාජයක් ඇති බ්‍රසීලයත් බටහිර සමාජය වෙනස් වූ ආකාරයට ඒ ගමන්මගේමයි යන්නේ. මෙතනදී කන්‍යාභාවය වගේ දේවල් ඔවුන්ට එපමණ වැදගත් යැයි අපට හිතන්න අමාරුයි. ඇත්තටම මගේ පුද්ගලික අදහසනම් කන්‍යාභාවය මත ඕනාවට වඩා එල්බගෙන සිටීමත් ඒ තරම් සුදුසු නෑ කියන එක.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT