සමකය වටේ බ්ලොග් අඩවිය හරහා මා ඇති කළ සංවාදයට යළිත් වෙනත් අදහසක් එවා ඇත. මෙතැන් සිට කියවමු චන්දනගේ ආකල්පය
යාථාර්ථ
වාදි සිනමාවක් හෞතික භාජනයක්
ඇතුළත රදවන්න පුළුවන් බව කර්ම
පහදා දෙන්න උත්සහ දරණවා .
ඒ
කියන්නේ කර්ම යාථාර්ථවාදි
සිනමා බසක් විය නොහැකි නිසා.
චරිත
තුනක් ඇතුළේ මේ කතාව අඩුක්
කරලා පෙළගස්සලා තියා ගන්න
පුළුවන් උනා නම් හොදයි කියලා
කියන්න කාටවත් බැරි වුනා.(ප්‍රසන්නට
බයේ වෙනන බෑ)
වෙන
කුමක් හෝ හැගිමක් නිසාවෙන්න
ඇති.
පවතින
පංතිය නියෝජනය කරන්න මිට වඩා
හොද ක්‍රමයක් තියෙනවා.
ඒක
කර්ම චිත්‍ර පටය තුළ තේරුම්
කරාට වඩා Uberto
Pasolini මචං
චිත්‍රපටය තුල කතා කරන්න උත්සහ
කරා. උන්
උන්ගේ ලෝක වල සැරිසරණ විට උන්
උන්ගේඅත් දැකිම් පරිබෝජනය
කරන්නේ තම තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට
තැනක් දෙන ගමන් කියලා.
Uberto Pasolini කිව්වා
.පිට
රටක මිනිහෙක් උනාට
Uberto Pasolini මේ
හැම දෙයක් ම දැක්කා හරියට ලිදේ
ඉන්න එවුන් ගැන පිට ඉන්න එකෙක්
දකිනවා වගේ .මචං
චිත්‍රපටය සරලයි ඒක කලාව
හින්දා හදපු ඒකක නොවේ එක්
මිසුන් වෙනුවෙන් හදපු ඒකක් කියලා බොහො අය තේරුම් ගත්තා.ඒ
කියන්නේ කාලාව කලාව සදහා නොවේ
මිනිසුන් සදහා කියලා.
1977 පස්සේ
මේ රටේ රෝපනය කරපු බීජ පැලවෙන
කොට ඒවා ධනවාදිද සමාජවාදිද
කියලා බේදාගන්න බැරි වෙන
විදියට අමුවෙන්ම අනලා දැම්මා.දැන්
ඒ නියෝජනය ගැන කතා කරන බුද්ධිමත්
සිනමාව ඇතුලේ කර්ම සිනමා පටයක්
විදියට එළියට දලා .ගුනදාස
කපුගේ කියන ගීතයක් අහන අය
දකින්, කියන,
කතා
අකෘතිය මේ කර්ම ඇතුලේ රදවන්න
ගන්න උත්සහය ගැන (තවත්
අය) මට
කියන්න බැරි කර්ම බොරුවට
අදහන්න බැරි නිසා වෙන්න ඇති.
ජංගම
දුරකතනයකින් කෑ ගසා යන (සිනමා
පටය තුල )තිරය
හාරහා යන නළුවෙක් වෙන්න හදන
පියල් මේ තරම් කෑ ගහන්නේ මේ
රටේ කාටද ?
පවුල
කියන පොදු සාධකය මේ රටේ තියෙන
තැන නියෝජනය කරන්න වෙන්න ඇති
.කලළය
විනාශ කරන්න නදි ගන්නා උත්සහය
නියෝජනය කරන,
දේශපාලනය
ගැන එළිපිට කතා කරන්න බැරි
වෙන තරමට කර්ම ගුහාවක් වුනේ
සිනමා පටයේ ගැඹුර පෙන්වනනද?අමන්දා
විසින් සිරකරණු ලැබු ගැහැණුකම
පිරිමින් දෙදෙනෙකු හමුවේ
පාපොච්චාරණය කරනට යාමේදි එකම
වර්ගයේ සතුන් දෙදෙනෙකු ගේ
රුච්කත්වය මත නටබුන් බවට
පත්වනුයේ මෙරට පංතියට ආගන්නතුක
පසුබිමක් ඉදිකරමින්ය.
ගැහැණිය
වස්තුවක් බවට භාවිතා කිරිම
තුල ඇතිවන කම්පන දරා ගන්න තරග
කාරි චරිත දෙකක් ප්‍රසන්න
නිර්මාණය කරනු ලැබුයේ තෙලට
මිරිසට දෙකටම අමන්දා ගැලපෙන
බව කියන්නට විය යුතුය.මේ
ලිපිය ඇතුලේ ප්‍රසන්නව හොදයි
කියන්න බෑරි ඇයි කියලා සමහරු
අහාවි ප්‍රසන්නත් එක්ක තරහක්
තියෙනවද කියලත් අහවි.
නෑ
කර්ම විනාඩි අසුවක් බලන්
හිටියේ ප්‍රසන්නට කිසිම දෙයක්
කියන්නේ නෑතිව ඒ කාලය තුල වෙන
අය කියපුව හිතපුව මට ලියන්න
බෑ .
අද
වෙන කොට කර්ම රිගල් එකට ඇවිලා
දවස් ගානක් වෙනවා මගේ යාළුවෙක්
කිපසැරයක්ම කර්ම බැළුවා කිව්වා
ඒ වෙන දෙයක් නිසා නොවේ තේරුම්
ගන්න උත්සහ කරන්න .දෙයියනේ
ඌ අයිත් බලන්න යනවා කිව්වා.මෙකත්
කලාවක් මේ කලාව කාටද කියලා
කියන්න පුළුවන් කාටද.රුපයක්
හෝ වර්ණයක් නොමැති නම් සිනමාවක්
මේ කියන භාෂාව භාවිතා කරණ විට
බිම් මට්ටමේ ඉන්න පැල්කවියක්
ලස්සනට කියන මිනිස්සුන්ට
දෙයියන්ගේ පිහිටයි.මේ
කලාව කාටද’ කර්ම හොද සිනමා
පටයක් බව විචාරය කරන්න පුළුවන්
නම් කියලා මටත් හිතේනවා.
කර්ම
චිත්‍රපටය ගැඹුරට බලපු විදියට
ලියන්න. අනේ
එතකොට මේ රටේ අහිංසක ප්‍රෙක්ෂකයිනට
මොනවද වෙන්නේ .මම
ලියපුවත් කතාවත් කර්මයක්
වෙනවා.
බටහිර
සිනමාවේ පහල වු ඉහලපෙළේ සිනමා
කෘති මේ රටේ සිංහල විතරක් දන්න
මිනිස්සු බොහො දෙනෙක් බැළුවේ
ඉංශ්‍රිසි දැනගෙන නොව සිනමා
අක්ෂර නිසි විදියට භාවිතා කර
ඇති නිසා ඒ තුලින සිනමා රසය
විදිමින්ය.
නිර්මාණය
හදපු හාදයා කියන කතාව අහන්න
අයට එතනින් එළියට යන්න යන්න
විදියක් නෑ .පරිකල්පන
විද්‍යාව දියුණු වු අය තම මතය
කියන එක සාමන්‍ය දෙයක් වෙන්නේ
පුළුවන් ටි බනිස් ගෙඩියට කොළඹ
යුගයේ කවින් විවිධ කවි හැදුවා
. අද
කාන්තාවට කියන්නේ බඩුව කියලා
එහෙම උපකල්පන සමාජය පිළිගත්තා.
එක
නිසා අදත් පාරිබෝජනය කරන්න
පුළුවන් දෙයක් විදියට කාන්තාවට
බඩුව කියනවා .
කර්ම
හදපු ප්‍රසන්න ගැන ප්‍රශ්නයක්
නෑ. ඒ
උනත් කර්ම ච්ත්‍රපටියක්
නොවේ.එක
කැමරාවට ගත්ත ලස්සන රු රාමු
ටිකක් නරක නෑ බලන් ඉන්න පුළුවන්
.ප්‍රසන්න
සංකාර හදපු වේලාවේ කියපු කතා
තමත් ආඩම්භරයි.
මේක
ප්‍රසන්න යාළු කරගන්න කියන
කතාවක් නොවේ .අපි
අදුරණ අය නොවේ .නමුත්
කර්ම උපකල්පනය කරන්න යන එක
විහිළුවක් .
ජිවිතය
ලඝ්‍ර කොට රග දක්වන නදි පියල්
අමන්දා එකම වලක් යට නිදන නමුත්
වෙනස් අදහස් දරණ පිරිසක් බව
කියාපයි.
මේ
රටේ කලාවත් ආගමත් දෙක නැතිව
දේශපාලනය කරන්න බෑ.
මේ
මතය මුළු ලෝකයටම පොදුයි.ආණ්ඩු
දන්නවා මේ දෙක සරළ රේඛා දෙකක්
වගේ ගමන් කර වන්න බැරි නම්
වැඩක් නෑ කියලා .
ආණ්ඩු
කරන්න බෑ කියලා .මිනිසුන්ට
තේරෙන විදියට සිනමාව ගොඩ නගන්න
උත්සහ කරනවා නම් මේ කලාව තුලින්
විශාල වෙනසක් ඇති කරන්න පුළුවන්
.ප්‍රසන්න
හෙට අපිට තේරුම් ගන්න පුළුවන්
වේවි.
චන්දන
ලියනාරච්චි
මම බැලුවෙ දැන් සින්දු කියන්නෙ නැද්ද කියලා
ReplyDeleteචන්දන ලියනාරච්චි
මාත් ආවේ ඒ චන්දන ලියනාරච්චි ද බලන්න
Deleteමේ ගායකයා නෙමෙයි. පහළ ඡෘයාරූපයේ ඉන්නේ මේ ලියපු කෙනා. මෙයා සිනමා හෝ ටෙලිවලට සම්බන්ධ කෙනෙක් මා හිතන්නේ. අතේ කැමරාවකුත් තියාගෙන ඉන්නේ
Deleteඅද නිවාඩු දවසේ ගිහින් බලන්න ඕනා. පේරාදෙනිය විශ්ව විද්‍යාලයට හොඳ හොඳ චිත්‍රපටි තිරගත වෙන කාලෙදීම හම්බ වෙනවා. එක වතාවක් මට මතකයි විදු චිත්‍රපටිය පෙන්නුවා. පස්සේ අශෝක හඳගම මහත්තැන්ගේ කතාවකුත් තිබ්බා.
ReplyDeleteවිශ්ව විද්‍යාලය තියෙන එකෙන් අපි වගේ අහල පහල උන්දෑලාට හොඳ නාට්ටි, චිත්‍රපටි සහ සංගීත සංදර්ශන බලා කියා ගන්නත් පුලුවන්.
හැකි නම් යන්න මලේ මාත් එන්න උත්සාහ කරනවා.
Deleteමමත් ආවේ සිංදු කියන එක්කෙනා වැඩේ නවත්තලා කැමරාකරණයට ඇවිත්ද බලන්න..
ReplyDelete:)
Deleteහ්ම්ම්ම් අදහසක් නම් නැත නලින් අයියේ.
ReplyDeleteඅපේ රටේ දැන් හැදෙන පරම්පරාවට පරිකල්පන ශක්තියක් නැහැ. ඒක දැන් දශකයක විතර කාළෙක ඉඳලා බිඳ වැටෙමින් පවතිනවා. මේකට රූපවාහිනිය ඇතුණ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වගකිව යුතුයි. මොකද ඒ අය මිනිස්සුන්ට පෙන්වන ලෝකය වෙනත් එකක්.. නමුත් ලෝකය ඔවුන් පසුකර ඉදිරියට ගිහින්... ගවු ගානක් ඉදිරියට ගිහින්...
ReplyDeleteප්‍රසන්න ඉන්නෙ මෙන්න මේ ඉදිරියට ගිහිපු ලෝකයෙ. තවත් අතලොස්සක් ඉන්නවා. ඉතිං ප්‍රසන්න චිත්‍රපටිය හදලා තියෙන්නෙ ඒ ලෝකයට ගැලපෙන්න - නරකයි කියනවා නොවෙයි. නමුත් මොට වෙච්ි රසඥතාවයක් තියෙන මිනිස්සු ඉල්ලන්නෙ වෙනත් දෙයක්. ඒකයි වෙනස...
මම කර්ම බලලා නැහැ.. මම අබා බලලත් නැහැ. කුවේණී බලලත් නැහැ... මම ඉන්නෙ ලංකාවෙ නොවෙයි... නමුත් මට බලන්න හිතෙන්නෙත් නැහැ.. ඊට වඩා හොඳයි පරණ බ්ලැක් ඇන්ඩ් වයිට් චිත්‍රපටියක් බලනවා... මම තවමත් ඒවට ආසයි... මම දන්නෙ නැහැ ඇයි කියලා
සමහරවිට මම ජීවත් වෙන්නෙ තවම අතීතයෙ වෙන්න ඇති...
මේ මගේ සත දෙක.....
-හොඳ ලිපියක්
ඇල්කෙම්යා මහතාව ඉතාමත් සාදරයෙන් මේ අඩවියට පිළිගන්නවා...
Deleteප්‍රසන්න ඉදිරියට ගිය කෙනෙක් කියලා පිළිගන්නවා. ඒ නිසාම නොවැ කර්ම බලන්න ගියේ. නමුත් ඔහු ඔහුගෙු අනික් නිර්මාන හා බැලීමේදි මෙතැන වරදක් කරගෙන ඇතැයි යන්න මගේ හැගිමයි. ඔබත් සිනමා පටයම (සම්පූර්ණ) බැලුවානම් අප හා එකඟ වේවි
මාර මාකටින් පාරක් දෙන්නේ.. සද්ද නැතුව.. මේක තමයි ඔය වගේ ෆිල්ම් හදන අයගෙ මෙතඩ් එක. ඉස්සෙලම පොරක් වෙනවා. ඊට පස්සෙ අනික් උන් නොමිලේ පබ්ලිසිටි දෙනවා. එහෙම පොරවල් වෙන අයගේ අගය කළ යුතු දේත් තියෙනවා. ඒත් මේක ගැන නම් කියන්න තියෙන්නේ..
ReplyDeleteඅපරාදේ සල්ලි කියලා.. සෙක්සි කෑල්ලක් නම් ඉන්නවා..
ඇත්ත කතාව මාතලං. ප්‍රසන්න පොරක් ඒත් මේ කර්ම වලින් නං නාගෙන .
Deleteහෑ මන් හිතුවේ චන්දන කිව්වම කවුද කියලා.. :)
ReplyDeleteපස්සේ ලියනාරච්චි කිව්වම හිතුවේ ගායකයද කියලා.
දෙන්නම නොවෙයි මලේ
Deleteහ්ම්ම්ම්ම්ම් වටිනා ලිපියක් ...
ReplyDeleteඔන්න අද මාත් ආවා මේ පැත්තට නලීන් අයියා බලල යන්ට. මාව නිකන් උස්සල පොළොවෙ ගහපු වගේ උනා මේ මොකක්ද කියල, මීට කලින් මේ ගැන ලිපි කීපයකින්ම සංවාදයක් ගිහින් තියෙනවනේ, මම නිකම් මැදදි ඇවිත් උඩින් පහත්වෙච්ච ගානයි.
ReplyDeleteකොහොමටත් මම මේ ෆිල්ම් එක බලලත් නෑ. සාමාන්‍යයෙන් මම සිංහල ෆිල්ම් බලන්නෙම නෑ. දැන් හැදෙන හුඟක් සිංහල චිත්‍රපටිවල සිනමාත්මක ගතියක් ඇත්තෙ නැති තරමයි, ඒව නිකම් අර ටීවී එකේ යන බාල ටෙලි වගේ. ඒ වුනාට ඔය පත්තරවල යන සිනමා විචාර එහෙම අහුවුනාම කියවනව, ඒව කියෙව්වම හිතෙන්නෙත් ඉතිං නොබලපු එක හොඳයි කියල, සමහරු ලියනවනේ ඉතිං ඇස්ටි හැලෙන්න, අර ප්‍රියන්ත කොඩිප්පිලි අයියා ඉරුරැසට ලියන ලිපිය නම් නිතරම කියවන්ට ලැබෙනව. මොනා නැතත් අත දිගඇරල ලියන ලිවිල්ලට නම් මම කැමතියි.
ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා ddt ඔබව. ඔබේ ආගමනය මට මහත් සතුටකි. මන්ද යත් මා බ්ලොග් කලාවට නවකයෙකු බැවිනි.
Deleteඅමතක උනා අහන්න, අර මාතෘකාවෙ ප්‍රසස්ත, ප්‍රසස්ති කියල වෙනස් වෙන්න ඕන නේද? ‘ප්‍රසස්ති ගායනා‘ කිව්වම නම් ඒකෙ තේරුමක් තියෙනව.
Deleteමේවා ගැනම මොකෝ අන්කල් දැන්??
ReplyDeleteකාලීන ප්‍රොඩාවක් හෙළිදරව් කිරීම සදහා.
Deleteමගේ අදහස් කියවලා අදහස් දක්වන සියළුදෙනාට මගේ ස්තුතිය පිරිනමන්න කැමති මේ මගේ අදහස් මේ කර්ම මිනිස්සු අතර ප්‍රසිද්ධ කරන්න කරණ වැඩක් නොවේ .අපේ රටේ පවුල් වාදයට යටවෙලා මුදල් වාදයට යටවෙලා කැළැ පාරෙන් යන සිනමාව නිවැරදි මාරගයකට ගන්න එක වැයමක් විතරයි .මේ රටේ චිත්‍ර පට හදන්න මිනිස්සු හදන්න ඉස්සර හොද රාසස්වාදයක් විදින මිනිස්සු හදන්නත් ඕන අපේ රටේ පස්වන මණ්ඩලයේ සිනමා කෘතියක් සතියකදි ගැලවිලා යන සිනමාශාලා වහලා කඩකාමර විදියට කුලියට දෙන සමාජයක අපි ඉන්නේ මාතර අම්පාර පැත්තේ සිනමා ශාලා අද වෙළද ව්‍යාපාර බවට පත්කරලා අද එවයේ චිත්‍රලට පෙන්වන්නේ නෑ .කෝ මෙවා දකින් අය අද සිනමාව නගා සිටවන්න නළුනිළියන් සැනසුවාට වැඩක් නෑ.ඒ අය ඉන්න කම් කාලා ඇදලා යයි එක් අනාගත සිනමාව මේ රටේ සිල්ලර කඩ බවට පත් වෙලා මේ ඇත්ත කතාව .
ReplyDeleteටෙලිසන් කුරේ කරණ වැඩකට හිනාවෙන ප්‍රෙක්ෂකයින් විතරක් හැදුවේ කව්ද මේ ප්‍රශ්න වලට පිලිතුරු නෑ කියලා කව්රු හරි කියනවා නම් වරදි මේ රටේ නළුවෝ වෙන්නේ පවුල් අතර විතරයි නැත්තනම් චිත්‍රපට කරණ මිනිස්සුත් එකක් රැට රැට බොන අය විතරයි මෙක ඇත්ත කතාවක් .මේ රටේ විශ්වවිද්‍යල වල අවුරුදු ගණන් ඉගෙන ගෙන කෙස් පැලෙනකම් සිනමාව කලාව ගැන තර්ක කරලා උපාධි ගත්ත කී දෙනාද මේ කලාව ඇතුලේ ඉන්නේ .ඇයි එහෙම වෙන්නේ කෝ අළුත් සිනමා භාසාවක් හොයන උන් ඒ හැමොම එලියට අවිල්ලා ජිවත් වෙනවා විතරයි .කලාව හදාරලා එළියට එන කැම්පස් සිසුන් මේ කලා කෙත වපුරනවා නම් මොනවා කරන්න බැරිද.අවුරුද්දකට මේ කලා උපාධි අරගෙන කී දෙනෙක් එළියට එනවද මේ රටේ .ඒකට තියෙන කොඩි විනය තමයි මේ චිත්‍රපට රස්සාව ඇතුලේ ඉන්න පවුල් වාදින් වගෙම සල්ලි කාරයේ ටික .එන හැම රඩයක්ම හදන්න මේ අය මහන්සි වෙනවා එකට හෙතුව කලා පවුල රැක ගන්න.මේ නිර්වචනය බොරුවක් කරන්න බෑ.එක ඇත්තක්
ඒ නිසා මේ හඩ නගන්නේ කර්ම ප්‍රසිද්ධ කරණන නොවේ .එක නිෂ්පාදක වරයා කරගෙන යනවා .මේ නැවේ රුවල් හැරවෙන්නේ නිවැරදි දිසාවක් තුල සිනමාවක් ගොඩනගන්න .හෙට කලා ගරයෙක් හැටියට නිරිමාණ බිහිකරණ මිනිස්සුන්ට හයියක් වෙන්න. උන්ව තනි නොකර තියා ගන්න
අවංකවම කිව්වොත් "Lost" TV Series එක කොපි කරන්න හදපු ෆිල්ම් එකක්. මට නම් එච්චරයි කියන්න තියෙන්නේ.
ReplyDeleteඅඩේ තැන්කූ මචෝ මේකේ ලින්ක් එකක් හොයලා දීපන්කෝ.
Delete