විමලදාස සමරසිංහ මහතාගේ “පරදාරක” නවකතාව විවිධාර්ථ සහිත දීර්ඝ ප්‍රබන්ධයෙකි. එක් අතෙකින් එය ජීවිත විවරණයක් සේ ගත හැකි ය. තව අතෙකින් එය සමාජ විශ්ලේෂණයක් සේ ගත හැකි ය. කුමක් වුව එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලාංකේය සමාජයෙහි පවුල් සංස්ථාව මුහුණ දෙන එක්තරා ඛේදවාචකයක් සියුම් ලෙස නිරූපණය කිරීම ය.
කුමන ප්‍රබන්ධයක් වුව ජීවිතයෙන් දුරස් වන්නේ නැත. ජීවිතය පිළිබඳ සැබෑ සංවාදය ආරම්භ වන්නේ මරණයෙන් මතු යැයි සිතේ. මරණය යනු අවසානයක් නො ව තවත් ප්‍රබල ආරම්භයක් යැයි කියති. මරණයෙන් කතාවක් ආරම්භ වීම අපට නුහුරුය. අමුතු ය.
සිය බිරියගේ නැඟණියගේ මංගල්‍යය දිනය දා අතුල ගෙල වැලලාගෙන සිය දිවි නසා ගනී. එක් අතෙක මංගල්‍යයෙකි. තව අතෙක අවමංගල්‍යයෙකි. එක් අතෙක පී‍්‍රති - ප්‍රමෝදයකි. තව අතෙක දුක්ඛ දෝමනස්සයකි. මේ වනා හී අතිශය ප්‍රබල නිරූපණයෙකි.
“මා දැන් නිකම්ම නිකම් මළ මිනියක් පමණි.
පේර ගසක කඹයකින් එල්ලී තිබෙන, සුළඟට
යාන්තමින් සෙලවෙන, අසාමාන්‍ය ලෙස හිස
පසෙකට ඇල වී ගිය, දිව ඇදී, මුව ඇල වී
විකෘති වී ගිය මළ මිනියක් පමණකි. එය දැන් නිසලය. ඇතුළතිනුත් නිසලය. පිටතිනුත් නිසලය. මගේ ශරීරය තුළ එවන් නිසලතාවක් මා ජීවත් වූ මුළු කාලය තුළ ම මා අත් දැක නැත.”
“ඒ මාලනීගේ නංගීගේ මඟුල් ගෙදරයි. දින දෙකකට පෙර අප මෙහි පැමිණිය ද මංගල උත්සවය තිබෙන්නේ අදයි. මාලනීගේ නංගී කැන්දාගෙන යන්නට ආ ඇගේ මනාලයා දෙපාර්ශ්වයේ නෑදෑ හිත මිත්‍රයන් සමඟ සතුටින් – සන්තෝෂයෙන් කල් ගෙවයි. මා තවදුරටත් ප්‍රමාද වන විට ඉණ තිබුණු පසුබිම්බියක් නැති වූ කලෙක මෙන් ඔවුන් මා කොහි ගියේදැයි විපරම් කරන්නට පටන් ගනු ඇත.”
(පරදාරක පිටු 07 - 08)
බැලූ බැල්මට පෙනෙනුයේ මරණය සුවදායක බව ය. ඉනික්බිති ජීවිතයේ සියලු ගැටලු නිමා වෙතැ”යි සිතමින් බොහෝ දෙනා දිවි නසා ගනිති. එහෙත් එය එසේ නො වේ. අරගලය පටන් ගන්නේ් මරණයෙන් මතුය. අතුල මිය ගොස් ගන්ධබ්බයකු සේ තම දිවි නසාගැනීම යුක්ති සහගතකිරීමට මාන බලයි. ඒ අතර ජීවත්වන සෙසු චරිතවලට ද්වේශ කරයි. ඔවුන් කෙබඳු හැසිරීම් ඇත්තේ දැයි තර්ක ගොඩනඟයි.
පරදාරක නවකතාවේ විශේෂත්වය නම්; එක ම සිදුවීමක් දෙස දෘෂ්ටි - කෝණ කිහිපයකින් බැලීමය. ඒ අතර එම දෘෂ්ටිය දරන්නාගේ චරිතයන් නිරූපණය වීම ය. මාලනී (බිරිය) සන්ධ්‍යා (නැඟණිය) අම්මා, පමණක් නොව බල්ලකු හා වඳුරකු මුල් කොට ද දෘෂ්ටියක් මතු කරනු ලැබේ. මෙයින් බල්ලාගේ හා වඳුරාගේ නිරූපණ පහසුවෙන් ම ඉවත් කළ හැකි ව තිබිණි. එම චරිත දෙක ම කතාව සංකීර්ණ තත්ත්වයකට ගෙන යෑම සඳහා යොදාගත් පුහු ආටෝපයක් පමණි. නවකතාවේ අන්තර්ගතයට එයින් ඉටු වන දෙයක් නැත. එහෙත් අනෙකුත් නිරූපණයන් වැඩදායක ය. මේ කර්තෘවරයාගේ පරිවර්තන දෙස බලන විට ලෝක ප්‍රබන්ධ කථා කලාව ගැන සැලකිය යුතු අවබෝධයක් තිබිය යුතුය. ලතින් අමෙරිකානු කතා කලාවේ එක් ප්‍රවණතාවක් වැරැදි ලෙස වටහාගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. (එම සාධකය වෙනත් දිනක සංවාදයට ලක් කරන්නට කැමැත්තෙමි) බල්ලා හා වඳුරා තෝරාගෙන ඔවුන් මගින් දෘෂ්ටියක් පළ කිරීමට උත්සාහ දරනුයේ ඒ නිසා ය.
මෙහි ලා අතුරු කතාවක් ලෙස තවත් දෙයක් කිව යුතු ය. අධියථාර්ථවාදය, මනෝ විශ්ලේෂණය, ව්‍යුහවාදය හා පශ්චාද් නූතනවාදය මේ රටේ තරම් වැරැදි ලෙස භාවිත කරන හා අනවශ්‍ය ලෙස උලුප්පා දක්වන වෙනත් රටක් ලෝකයේ කිසිදු තැනෙක නැත. ලොව ඇති රාජ්‍යයන් 193 න් තෝරා ගත හැකි එකම රට ශශ්‍රී ලංකාව වනු ඇත. විශේෂයෙන් එය අදාළ වනුයේ සිංහලෙන් නවකතා හා කෙටිකතා ලියන ප්‍රබන්ධ කථා රචකයනට හා විචාරකයනටය. මගේ වැටහීමට අනුව විමලදාස සමරසිංහ මහතා ද ඒ මුළාවේ වැටී ඇත. එහෙත් පුදුමයකට මෙන් ජෝන් ස්ටීන්බෙක්ගේ “ද පර්ල්” නම් නවකතාව සිංහලට පරිවර්තනය කර ඇත්තේ ද විමලදාස මහතා ය. එය යථාර්ථවාදය මුල්කරගත් නවකතාවකි. විමලදාස මහතා එය විශිෂ්ට ලෙස සිංහලයට නඟා තිබේ.
සිග්මන් ප්‍රොයිඩ්ට අනුව ලෝකය ලිංගිකත්වය මත රඳා පවතී. ලෝකයෙන් මිදීම සඳහා ද (එහි සත්‍යය දුකෙන් මිදීමය) ලිංගිකත්වයෙන් දුරස් විය යුතු ය. විමුක්තිය හෝ නිවන හෝ ඇත්තේ එහි ය. පවුල් ප්‍රශ්න ඇත්තේ ද එහි ය. සමාජ ප්‍රශ්න ඇත්තේ ද ඊට සම්බන්ධ සාධකවල ය. නැන්දා ලේලියට වෛර කරන්නේ ඇයි? මාමා ලේලිය දෙස අමුතු ලෙසින් බලන්නේ මන් ද? අම්මා පුතාටත් තාත්තා දුවටත් වැඩියෙන් ආදරය කරන්නේ මන්ද සිග්මන් ප්‍රොයිඩ් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සංකල්ප බිඳ දැමිය නො හැකි ය.
ශ්‍රී ලාංකේය සමාජය නිරීක්ෂණය කරන්න. සෑම ගැහැනියක්ම මාලිනියට සමාන වේ. ඇය විරුද්ධ ලිංගිකයකුට ආදරය කළ යුතු ය. එම ආදරයේ සැබෑ සාධකය කුමක් ද? ලිංගිකත්වය නො වේ ද? අතුල සමඟ පෙමින් බැඳෙන මාලිනිය සති කිහිපයකින් රංජි අයියාට ළංවන්නේ කෙසේ ද? මේ අතර සංස්කෘතික කඩතුරාවක් තිබේ. එහි ඇත්තේ කන්‍යාභාවය රැක ගැනීම, පතිවත දිවි හිමියෙන් රැකීම වැනි සාධක ය. එම සාධක හා සැබෑ ජීවිතය නිරන්තර ගැටුමකට ලක් වේ. මාලනීගේ චරිතයෙන් නිරූපණය වන සත්‍යය එය ය.
අතුල යනු කවරෙක් ද? ඔහු ද අපේ සමාජය නියෝජනය කරන සාමාන්‍ය තරුණයෙකි. ඔහු සිය ආදරවන්තිය සමඟ හැකි විගස කාමරයක තනිවීමට අපේක්ෂා කරයි. ඔහු මුළා වෙයි. කේන්ති ගනියි. හඬයි. කරුණාව දක්වයි. මේ සියල්ල බොරු නො වේ. අද ජීවිතයට මුහුණ දෙන සෑම තරුණයකුගේ ම සැබෑ තත්ත්වය එය යි. මරණයක් මුල් කොට කතා වස්තුවක් ගොඩනඟන නවකතාකරුවා විවිධ විලාසයන් ඔස්සේ මෙරට තරුණ පරම්පරාවේ ජීවන යථාර්ථය හෙළි කරයි. මගේ දැක්මට අනුව නම්; මේ නිරූපණයන් ඉතා වටී.
නූතන පේ‍්‍රමය, ආදරය, පවුල් සංස්ථාව, සමාජ සංවාද ඉතා සියුම් නිරීක්ෂණයකට හසු කරමින් විමලදාස මහතා මේ කතාව ලියා තිබේ. ඔහුගේ මරණයත් සමඟ මළ ගෙදර මතුවන සාකච්ඡාවක් ද මළ ගෙදරින් පසුව ඇතිවන සාකච්ඡාවන් ද ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. සාකල්‍යයෙන් ගත්කළ කතුවරයාගේ මුඛ්‍යාව්‍යාර්ථය වී ඇත්තේ ආදරය නම් ප්‍රෝඩාව යටින් දිවෙන ලිංගිකත්වය හෙළි කිරීම ය.
අද පළ වන සිංහල නවකතාවල ප්‍රධාන දුර්වලතාව වන්නේ ඒවායින් හෙළිවන සමාජ යථාර්ථයක් හෝ පුද්ගල යථාර්ථයක් හෝ නො වීම ය. දෙවන දුර්වලතාව වන්නේ චරිත හා සිද්ධි නිරූපණයේ දී දක්වන අතිශය ව්‍යාජ භාවය ය. තෙවන දුර්වලතාව වන්නේ අප ගේ සාංස්කෘතික කියැවීමට අදාළ කථාන්දරයක් නොවීම ය. (කථාන්දරය යනු මුල-මැද-අග සහිත කතාව යන අර්ථය නොවේ.) හතර වන දුර්වලතාව වන්නේ අතිශයින් දුර්වල භාෂා භාවිතයන් පැවැතීම ය. පස්වන දුර්වලතාව වන්නේ එම නවකතා කුහුලෙන් යුතු ව කියැවීමට නො හැකි වීම ය.
අප ගේ වැටහීම ට අනුව විමලදාස සමරසිංහ මහතා ඉහත කී අභියෝග යම් තරමකින් හෝ ජයග්‍රහණය කර තිබේ. පසුගිය වසර කිහිපය තුළ විවිධ ආයතන වෙතින් සම්මාන ලැබූ හොඳම නවකතා වලට වඩා දෙගුණයක්වත් ඉදිරියේ “පරදාරක” නවකතාව තබන්නට අපි කැමැත්තෙමු. එහි කියැවීමේ රුචිය තිබේ. යම් පෙළක් තිබේ. නිර්මාණාත්මක භාෂාවක් ද තිබේ.
මේ කෘතිය පොත් ගෙඩියක් යැයි සලකා ඉවතලන කෙනකු වෙතොත් ඔහු පොත් ගැන නො දන්නා මෝඩයකු වනු ඇත. මෙහි උඩ පෙළ හඳුනාගන්නා තැනැත්තා පොත මේසය මතට නො දා වේගයෙන් කියවාගෙන යනු ඇත. මෙහි උඩ පෙළ හා යටි පෙළ යන දෙක ම හඳුනාගන්නා තැනැත්තා පොත කියැවීමෙන් අනතුරුව ජීවිත ගැන සිතන්නට අලුත් විලාසයක් ඇති කර ගනු ඇත.
පරදාරක කතාව අනුන් ගේ දරුවකු මුල්කොට ප්‍රබන්ධ කරන ලද කතාවක් වුව ඉන් ප්‍රමුඛ කොට නිරූපණය වන්නේ ආදරය හා විවාහ සංස්ථාව ගැනය. සාකල්‍යයෙන් ගත් කල ඒ වනා හී අපගේ ජීවිතය වනු ඇත. ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය ජීවිත ගැන යම් බඳු වැටහීමක් මේ මඟින් ලබා ගත හැකි ය. මෙහි ඇති ප්‍රධාන දුර්වලතා තුනක් තිබේ.
* බල්ලා හා වඳුරා මඟින්
අනවශ්‍ය විශ්ලේෂණයකට යෑම
* එක ම කරුණු නැවත – නැවත කීම
* ප්‍රබල හා සාධාරණ අවසානයක් නොවීම.
එකී දුර්වලතා තිබුණ ද “පරදාරක” යන සමාජ කතිකාවකට මුල පිරිය යුතු ප්‍රබන්ධයක් ලෙස පෙන්වා දෙන්නට කැමැත්තෙමු. එය දීර්ඝ ප්‍රබන්ධයකි. එක ජාතියක පොත් ගෙඩියකි.
රන්ජන් අමරරත්න
හ්ම්!! කියවල බලමු!!
ReplyDeleteබලමු නිපුන්
Deleteවිචාරයේ අපුරුත්වය නිසාම පොත කියවන්න හිතුණා..
ReplyDeleteගයනී ස්තුතියි ඇගයීමට
Deleteපරදාරක... නමෙන්ම හරි
ReplyDeleteහම්........
Deleteකියවල තමයි යමක් කියන්න පුළුවන් වෙන්නේ. බලමු කියවන්න ඉදිරියේදී..!
ReplyDeleteබලමු බලමු චන්දන
Deleteකියවන්න උත්තේජනයක් ලැබුනා..!
ReplyDeleteවිචාරය කියවලා... හා හොඳයි... කියලා යන්න තමයි මට හිතෙන්නේ...
ReplyDeleteඅනේ ඇයි හිරුවෝ..
Delete‘ප්‍රබල හා සාධාරණ අවසානයක් නොවීම‘ කියන කරුණ නම් ටිකක් සැලකිල්ලට ගන්න ඕන කාරණයක් නේද? කොයි තරම් හොඳට භාෂාව හසුරුවල තිබ්බත්, කොයිතරම් හොඳ සමාජ විවරණයක් වුනත්, අනෙක්ව කොච්චර හොඳ වුනත් කතාවට සාපේක්‍ෂව හොඳ අවසානයක් නැත්නම් ඒක සාර්ථකයි කියල මට නම් හිතෙන්නෙ නෑ. අන්තිමට නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නැති ජාතියේ වැඩක්.
ReplyDeleteකොහොම වුනත් මම මේ පොත කියවල නෑ, ඉස්සර පුස්තකාල දෙකක සාමාජිකත්වය තිබුණු නිසා සතියකට පොත් 4ක් අනිවාර්යෙන් කියෙව්ව, දැන් ඉතිං මම සල්ලි දීල ගන්න පොතක් විතරයි කියවන්න වෙන්නෙ, ඒනිසා කියවන්න පොත් ලැබෙනව අඩුයි.
ඔබේ වටිනා අදහස නියමයි.
Deleteරංජන්ගෙ විචාරය නිසාම කියවන්නට සිතුනා. නමටම ගැලපෙන පොතක් වගේ. කියවපු දිනෙක විස්තරයක් කරන්නම්.ස්තූතියි! නලීන් දෙන්නාටම .
ReplyDeleteස්තුතියි චන්දි...
Deleteකියවන්න වටිනා පොතක් ලස්සනට විචාරය කරලා තියෙනවා.
ReplyDeleteලංකාවට ආවාම කියවමුකෝ
Deletematath asa hithuna kiyawanna
ReplyDeleteස්තුතියි උමා.
Deletekiyawannama one kiyalaa hithunaa.. wiwidha drushtikona walin balala liyapu kathaa walin mama kamathima podu purushayaata...
ReplyDeleteපොදු පුරුෂයා හොඳම පොතක් නේ.
Deleteඅන්න බලහං පොදු පුරුෂයා ලියල තියෙන විදිය. මේ පස්ට බ්ලොග් පරාදයි
Deleteකියවලම බලමු කෝකටත්...
ReplyDeleteහරි සිරා මලේ
Deleteබොහොම ස්තූතියි.. මේක නිසා දිණමින පත්තරයක් විකිනෙන එක අඩු උනා. මචෝ උඹ ඉන්නේ පත්තර මහ ගෙදරනේ. නරකද ඔතන ඉන්න පත්තර කාරයෝ ඉන්ටවීව් කරනවා වගේ පෝස්ට් ටිකක් දාන්න. හැබයි ඉතින් අර ටී වී එකේ කෙල්ලො අහන ප්‍රශ්ණ නෙමෙයි. ටිකක් වෙනස් විදියේ. මම හිතන්නේ නැගලම යයි.
ReplyDeleteමේ හැම පෝස්ට් එකක්ම දිනමිණ පත්තරේ යනවා. මේ ලිපිය මම ඊයේ බ්ලොගයට දැම්මට මේකම අද දිනමිණ පත්තරයටත් දැම්මා.
Deleteමම හිතන්නේ මම කියපු දේ උඹට තේරිලා නෑ. මේකත් මරු. මේකම කියවන්න ගත්ත බදාදා දිනමිණ මම දැන් ගන්නෙ නෑ. අනික මම කිව්වේ අර විදියට ඉන්ටවීව් කරලා පෝස්ට් එකක් විදියට දාන්න කියලා. ඇයි බන් ඔතන නේ ඉන්නේ පත්තර පොරවල්.
Deleteහරි මාතලං සහෝ හොඳ අදහසක් බලමු වැඩේ ගැන.
Deleteමේ පොත නම් කියෝලා නෑ. හොයාගෙනම කියෝලා බලමු !
ReplyDeleteබලමු..
Deleteබෑ බං ඔය විදියට ලිව්වම කියවන්න හිතෙන්නේ නෑ. ආලවඩන විදියට ලියන්න ඕන. මටත් ඔය කෙං ගෙඩිය හරියට කොරගන්න බෑ. ඒත් තවඑකෙක් එහෙම කරනවා බලං ඉන්නත් බෑ. මම කියන්නද ටිකක් වැඩිපුර බ්ලොග් කියවමු.. මේක ගලක් හරිය...
ReplyDeleteනියමයිනේ ආදේශකයා....මාත් ආස ගල්වලටම තමා බං.
Deleteමාත් කියවන්න ඔනා ස්තුතියි ඔබට
ReplyDeleteහරි මලයා කියවන්නකෝ..
Deleteඅයියේ ගන්න තියෙන තැනක කොයන්නකෝ පොඩ්ඩක්,,,,
ReplyDeleteසැම කඩයකම වගේ තියෙනවා.
Deleteවිචාරය නිසාම මටත් පොත කියවන්න හිතුනා.. අපූරුයි!!
ReplyDeleteනිකමට හරි තව කාගෙන් හරි අහලා බලන්නකෝ
Delete