Ha Long Bay
‘කු චි’ ගැන විස්තර කරපු ලිපියෙ කියපු විදිහට අපි එදා ‘කු චි’ උමං බලලා,(මුල් ලිපිය කියවන්න මෙතැනින් යන්න)
අතරමගදි වියට්නාම් බත් වේලකත් රස බලලා හවස සයිගොන් නුවර ඇවිද්දා. පහුවදා උදේම වියට්නාමයෙ අගනුවර, හැනෝයි (Hanoi) බලා ගමන් කිරීමයි බලාපොරොත්තුව. ඒ ලිපියෙ මුලින්ම සඳහන් කළ පරිදි අපේ වියට්නාම් ගමනේ ප්‍රධාන අරමුණවුණේ ‘හැලොං බොක්ක’ (Ha Long Bay) නැරඹීම.
හැ ලොං බොක්ක යුනෙස්කෝ සංවිධානයෙන් ලෝක උරුමයක් ලෙස නම්කර ඇත්තේ 1962දී. මෙහි ඇති කුඩා දිවයින් ගණන 1600ක්.
සයිගොන් සිට හැනෝයි කියන්නෙ පැය 2ක ගුවන් ගමනක්. අපි හැනෝයි වලට යනකොට ටිකක් දවල් වෙලා. අපිව පිළිගන්න ඇවිත් හිටියා, මෙතෙක් කල් මෙවැනි සංචාරයකදි අපිට මුණගැසුණු හොඳම මගපෙන්වන්නා, තියොං (Tiong). ගුවන්තොටුපොල සිට නගරයට යන ගමන හරිම නිස්කලංකයි. පාර දෙපැත්තෙම කොළ පාට. තියොං අපේ විස්තර අහනවා. ලංකාව ගැන දන්නවලු, ලස්සන රටක් කියලා අහලා තියනවලු. හරි සතුටුයි මට.
හවස් වරුව නිදහස් නිසා අපි හැනෝයි වල ඇවිදින්න තීරණය කළා. හරිම සුන්දර නගරයක්! සයිගොන් වගේම හැනෝයි කියන්නෙත්, වියට්නාමය ප්‍රංශ යටත් විජිතයක්ව පැවති කල ගොඩ නැගූ නගරයක්. හැනෝයි පුරාම ඇති ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තැනූ ගොඩනැගිලි නිසා දැනෙන්නෙ යුරෝපීය නගරයක ඇවිදිනවා වාගෙ. නගර මධ්‍යයේ තිබෙන විශාල වැව මෙහි සොඳුරු බව තවත් වැඩි කරනවා. අපි පයින්ම ගියා ‘පීසා හට්’ එකක් හොයාගෙන. ඒක නම් හරිම විනෝදජනක අත්දැකීමක්. කොයිතරම් දුරක් ගියාද කියලා මතකත් නැතිතරම්. නගරයේ ලස්සන නිසා වැඩිය ගමන් මහන්සියක් නම් නෑ. ඔන්න ඉතිං ගිහිං ගිහිං පීසා හට් එකක් නම් හොයාගත්තා.
අපේ සේවයට ආවෙ හරිම ප්‍රසන්න පිරිමි ළමයෙක්. හැබැයි ඉංග්‍රීසි වචනයක්වත් බෑ. බොහොමයක් වියට්නාමුවන්ගේ ඉංග්‍රීසි දැනුම බොහොම දුර්වලයි. කොහොම හරි මේ ළමයා ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් හොයාගෙන ඇවිත් අපේ කෑම ගෙනත් දුන්නා. ඉන් පස්සෙ හරිම අමාරුවෙන් හතර බීරි කතාවෙ වාගෙ භාෂා දෙකකිනුයි, හස්ත මුද්‍රාවෙනුයි ගැටගහගත්ත සංනිවේදන කටයුතුවල යෙදුණු අපි, කෑම කාලා ඉවරවෙන විට බොහොම කුළුපඟ වෙලා.
පහුවෙනිදා අපි පිටත්වුණා හැ ලොං බොක්ක, එහෙමත් නැත්නම් අපේ ගමනේ ප්‍රධාන අරමුණ බලා. හැනෝයි සිට ගමනට ගතවන කාලය පැය 3ක් විතර. මග දිගට තිබුණෙ කොළම කොළ පාට කෘෂිකාර්මික ඉඩම්. මෙන්න මේ ගමනෙදි තමයි, මම කලින් ලියූ ලිපියෙ සඳහන් කළ, දුක්බර වියට්නාම් ජීවිත ගැන විස්තර තියොං අපිට කීවෙ. ඔන්න ඉතිං අපි ගමනාන්තයට ආවා. එක එක ජාතියෙ බෝට්ටු පිරිලා. කීයක්ද කියලා හිතන්නවත් බැරිතරම්. අපේ බෝට්ටුව කොයි වගේද කියලා දැනගන්න කල් හදිස්සි වගේ. එක රැයක් මේ බෝට්ටුවක ගතකරන්නයි අපේ සැලැස්ම.
‘හැ ලොං ග්‍රීන්’, අපේ බෝට්ටුවෙ නම: ලස්සනයි, සුව පහසුයි. ලොකු බෝට්ටු ගමන් කළ නොහැකි තැන් වලට සංචාරකයින්ව රැගෙන යාමට කුඩා බෝට්ටුත් සූදානම් කර තිබෙනවා. අපිත් එක්ක තවත් කුඩා කණ්ඩායම් 4ක් හිටියා. ගමන පටන්ගත්තෙ දිවා ආහාරයත් එක්කම. වියට්නාම් කෑම හරිම රසයි. අපි හතරදෙනාම නිර්මාංශ නිසා ඒ තරම් විවිධත්වයක් අපි බලාපොරොත්තු වුණෙත් නෑ. ඒත් හැම කෑම වේලක්ම එකිනෙකට වෙනස්වුණා. කෑම කාලා අපි බෝට්ටුවෙ උඩ තට්ටුවට ගියා. කොයි වෙලාවෙ, කොතනින්ද අපි පළවෙනි දිවයින දකින්නෙ කියලා නොඉවසිල්ලෙන් හිටියෙ. හරියට තවානක් දාලා වගේ බෝට්ටු සිය ගණනක් මුහුදෙ. ටික වෙලාවයි යන්නවුණෙ...
මෙන්න බලන බලන හැම පැත්තෙන්ම දිවයිනක්! මට දැණුනෙ අපි කොහෙන්දෝ කඩං පාත්වෙලා වාගෙ පාරාදීසයකට. සුන්දරත්වය කොහොම ගොනු කරන්නද වචන වලට!
හැම දිවයිනක්ම මුහුදින් උඩට පැන නැගි, තිරස් අතට විහිදුණු හුණුගල් වලිනුයි නිර්මාණය වී ඇත්තේ. මේ හුණුගල් පර්වත මීටර් 50 සිට 100 දක්වා උස බවයි සඳහන් වෙන්නේ. මේවායේ ඇති විශ්මිත සෘජු ස්වභාවය නිසාම මේ දිවයින් මිනිස් වාසයෙන් තොරයි. මිනිස් පහසින් තොර නිසාම නොකිලිටියි.බොහෝ ඒවායේ වටේටම වතුර පාරට ඇතුලට ගෙවී ගිහින්. මේ වතුරට ගෙවී ගොස් සෑදෙන නිර්මාණ මෙහි වටිනාකම තවත් වැඩි කරනවා. සමහරක් තැන්වල ගුහා වල්. තවත් තැන්වල ආරුක්කු. සමහරක් ආරුක්කු කුඩා බෝට්ටුවක නැගී යටින් යන්නට හැකි තරමේ. වටේටම උස් දිවයින් වලින් වටවූ තැන් හරියට වැව් වගේ. උඩ බැලූවිට දැනෙන්නේ ගැඹුරු ළිඳකට වැටිලා වගේ. අපි ගියපු විදිහටම චූටි ආරුක්කුවක් යටින් ආයෙම එළියට ආවා.
මේ විශාල හුණුගල් පර්වතවල ඇති අනෙකුත් විශේෂත්වය තමයි මේවායේ පිහිටා ඇති විශාල හුණුගල් ගුහා. ඇතුලත හිතාගන්නත් බැරිතරම් විශාලයි, ඒ වගේම අලංකාරයි. අතිශයින් විසිතුරු නිර්මාණ වලින් සමන්විත මෙම ගුහාවල් වචනයේ පරිසමාප්ත අරුතින්ම ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයන්. අතිවිශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු මෙම ගුහාවල අඳුරු තැන්වලට විදුලි ආලෝකය සපයලා. එයින් මෙහි ඇතුලත අලංකාරය තවත් වැඩිවී පෙනෙනවා.
කයැක් බෝට්ටු හැ ලොං බොක්කෙ ජනප්‍රිය අංගයක්. මෙවැනි ක්‍රියාකාරකම් වලට මෙන්ම ගල්ගුහා නැරඹීමට යාම සඳහාත් බෝට්ටු තාවකාලිකව නැංගුරම් දාන තැන්වලට, බඩු විකුණන්න හබල් ගාගෙන බෝට්ටු වලින් එන මිනිසුන් හවස් වරුවට සුලබ දසුනක්. හැම බෝට්ටුවක් ළඟටම යනවා දැක්කත්, කවුරුත් බඩු ගන්නවා නම් දැක්කෙ නෑ.
පුංචි බෝට්ටුවෙන් ගිය ගමන් ටික හමාර කරලා අපි ආපහු අපේ බෝට්ටු නිවහනට ආවා. දැන් නම් හොඳටම හවස් වෙලා. ඈත මුහුදෙ ඉර බහිනවා: හරිම අපූරු දසුනක්. ඉක්මනටම අඳුර ගලා එනවා. රාත්‍රී ආහාරයට යනකල් පුංචි විවේකයක් ලැබුණා. හැමෝම කාමර වලට ගිහින්. රෑ කෑමට තව වෙලා තිබුණත් අපි කලින්ම සූදානම් වෙලා උඩ තට්ටුවට ගියෙ මේ සුන්දරත්වය බිඳක්වත් අපතේ නොහැර උපරිමයෙන්ම විඳගන්න ඕනෙ නිසායි.
වට පිටාව හරිම නිශ්ශබ්දයි. ඇඳිරි වැටුනට පස්සෙ නම් බැලූ බැලූ අත ඇත්තෙ හරිම ගුප්ත බවක්. ඒත් මේ අඳුරු ගුප්ත බවෙත් මොකක්දෝ ලස්සනක් තියනවා. හැ ලොං බොක්ක පුරාම තැන් තැන්වල බෝට්ටු නැංගුරම් දාලා. බෝට්ටුවල දැල්වූ විදුලි එළි, මේ අඳුරු පරිසරයෙ මවන්නෙ ආකර්ශණීය දසුනක්. හරියට කළුවරේ පියාඹන කණාමැදිරියො රෑනක් වගේ.
අමතකවුණානෙ කියන්න, අපි මේ ගමන ගියෙ නත්තල් දවසෙ. ඉතිං එදා රෑ බෝට්ටුවෙ අපූරු නත්තල් සාදයක් අපිට.
සුවබර රාත්‍රී ආහාරයකට පස්සෙ, යාන්තම් ඉර පායාගෙන ආවා. රිදී පාටින් බැබලෙන මුහුද බලන්න ලස්සනයි. තවත් අළුත් දවසක්. උදේ ආහාරයෙන් පස්සෙ බෝට්ටු ඔක්කෝම ආපහු ගමන් අරඹලා. ටිකින් ටික අපි මේ අතිශයින් සුන්දරවූ පාරාදීසයෙන් ඉවතට යනවා.
හැම දිනකම අති විශාල සංචාරකයින් ප්‍රමාණයක් රැගෙන මෙහි සැරිසරන බෝට්ටු සිය ගණනක්! පුදුමය නම් චූටි පොලිතින් කැබැල්ලක්වත්, බෝතල් මූඩියක තරමේ අපද්‍රව්‍යයක්වත් දකින්න නැහැ. හැ ලොං බොක්ක ආරක්ෂා කිරීමට මෙහි ඇති වගකිවයුතු ආයතන සියල්ලක්ම සැදී පැහැදී සිටිනවා. පිරිසිදුකම, පිළිවෙල හා සංවිධානාත්මකබව අතින් මෙම සංචාරකපුරය ඇත්තේ ඉතාමත්ම ඉහළින් බව සඳහන් කළ යුතුමයි.

වියට්නාම් චාරිකාව ඇසුරින් සටහන කළේ
සමුද්‍රිකා හේරත්
අපූරු විස්තරයක් වියට්නාම් ගියා වගේ දැනුනා
ReplyDeleteමී මලයෝ දවසක කොහොම හරියමු
Deleteඅය්යාගේ බ්ලොග් එකේ තියන හැම තැනකටම යන්නනම්.. මට මහජන සම්පත 5ස් පාරක්වත් ඇදෙන්න ඔනේ.. ( පළවෙනි තෑග්ගම )
Deleteඒකනම් ඇත්ත මමත් මේ ලෝකෙ වටේ රවුම් ගැහුවේ රස්සාවට පිං සිදු වෙන්නයි මලයෝ.
Deleteමුලදී නම් ඒ තර්ම්ම ආසාවක් තිබුනෙ නෑ යන්න මේක කියෙව්වාට පස්සෙ නම් වියට්නාමෙට යන්නම හිතෙනවා.
Deleteමට දැනුනේ චරිකාවට මාත් එක්වුනා වගේ. පැහැදිලිව..නියමාකාරයව සටහන තියලා තියෙන නිසා මුළු ගමන පුරාම අපිවත් රඳවලා තියෙනවා... සුන්දර ගමනක් වගේ. සල්ලි ටිකක් එකතු කර ගත්ත දවසට යන්න හිතෙනවා :)
ReplyDeleteළිහිණිට අනිවාර්යෙන්ම යන්න පුළුවන් වෙනවා.
Deleteබොහොම ස්තුතියි ළිහිණි, හැම විචාරයක්ම දිරිගැන්වීමක්! ප්‍රාර්ථනා කරනවා ළිහිණිටත් වියට්නායම් අසිරිය විඳගන්න ලැබෙන්න කියලා.
Deleteඅන්තිම එක නං ලංකාවේ උපරිමේටම තියෙන්නේ...
ReplyDeleteපොලිතිං බෝතල් දකින්නවත් නෑ..
ඇවිදපු හැම රටකම තත්ත්වය හොඳයි. ඉන්දියාවේ චෙන්නායි ඇරෙන්න.
Deletepatta gmana
ReplyDeleteme vage ekak yanna bari unata apita hithin mava ganna vistharayak dunnata sthuthi..........!
ස්තුතියි සහෝදරයා.
Delete//////හැ ලොං බොක්ක ආරක්ෂා කිරීමට මෙහි ඇති වගකිවයුතු ආයතන සියල්ලක්ම සැදී පැහැදී සිටිනවා. /////
ReplyDeleteමට මුළු කතාවෙන්ම හිතට වැඩියම වැදුනේ මෙන්න මේ ටික.....
මේ කුරුල්ලට මම වෙඩි තියෙනවා කොයි වෙලාවේ හරි නලින් අයිෙය්..... හරිද.... හි හි....
පරණ එකේ රිප්ලයි එක දැනුයි දැක්කේ... එහෙනං අපි මේකව කූඩුවකටවත් දාමු.. හි හි...
Deleteමමත් ඉන්නේ මූ එලෝගන්න බැරිව අනේ.
Deleteඔව්ව් මුගෙන් මාර වදයක් තියෙන්නෙ.... දෙන්න හිතෙනව කණ පැලෙන්න
Deleteමේකව අයින් කරන ක්‍රමයක් දන්නවනම් කියන්නකෝ
Deleteඅනේ පවි අහිංසකයා ...
Deleteහුලේ හුලේ අයින් කල්ලා....
Deleteසැහ් මූ අයෙ අවිල්ලනේ රෙද්ද .. මගෙ කොමෙන්ට් එකත් අපරාදේ
Deleteමේකව අයින් කරන්න මම ක්‍රමේ දන්නේ නැ මලේ...
Deleteහරිම අපූරුයි අන්කල්!
ReplyDeleteස්තුතියි අපිටත් කියවන්න දුන්නට හ්ම්ම්..
හොඳයි හොදයි...
Deleteමේ මම ගිය එකක් නෙමේ මගේ යාළුවා සමූ ගිය ගමනක්.
ReplyDeleteමාත් ගියා එයත් එක්ක ඒ ගමන.. මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරනවට ස්තුතියි අන්කල්...
ReplyDeleteතව තව ලියන්න කියල ඉල්ලනවා...
බලමු බලමු පනුච්චියේ මේ මම ගිය එකක් නෙමේ මගේ යාළුවා සමූ ගිය ගමනක්
Deleteෂහ්... නියම ගමනක්.
ReplyDeleteලංකාව වටේ ඇවිදලා ඉවරවෙලා ලෝකේ වටේ ඇවිදින්න යන්න මටත් මාරම ආසාවක් තියෙනවා.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අන්න රජා නියම අදහස මමත් ලංකාව පුරාම අවුරුදු ගානක් තිස්සේ ඇවිදලා ඊට පස්සේ තමයි ලොකෙ වටේ යන්න පටන්ගත්තේ.
Deleteනියමයි.මං හෙන ආසයි ට්‍රිප් වල ෆොටෝස් බලන්න.මරු.
ReplyDeleteහොඳ හොඳ ඒව තියනවා ඒව දාන්න බෑ බං බලධරයා කපා හැර ඇත
Deleteමගේ හිතේ කොනක සැඟවිල තිබ්බ ආශාව එන්න එන්නම මෝදුවෙනවා මේ ලිපි පෙළ බලලා...... හම්මපා.... වලව්ව උකසට තියල හරි යනවා ඔය පැත්තේ සතියක් දෙකක් ඉඳල එන්න.
ReplyDeleteපතායා වත් ගිහින් එන්න බලමු. මාරම වෙනසක්....:)
Deleteහිතෙන තැනකට හිතෙන වෙලාවක යන්න් පුළුවන් නම් අපි කොච්චර වාසනාවන්තද? ලස්සන විස්තරයක්...
ReplyDeleteඒ වාසනාව පොඩ්ඩක් මට පිහිවලා තියනවා මලයා.මේ සේරම රස්සාව නිසා තමයි.
Delete