![]() |
වියට්නාම් ගෙවිලියක් |
සමුද්‍රිකාගේ චාරිකා සටහන
“වියට්නාම්?” ,
“ඇයි වියට්නාම්, මොනවද එහෙ බලන්න තියෙන්නෙ?”,
“ඇයි යුරෝපෙ කොහෙ හරි යන්න තිබුණනෙ, වියට්නාම් වලට සංචාරකයො යනවද?”,
වියට්නාම් යන්න තීරණය කරාට පස්සෙ මේ වගේ ප්‍රශ්ණ කීයකට නම් උත්තර දෙන්න වුණාද. කොහොම උත්තර දුන්නත් හුඟක් දෙනෙක්ට තේරුම්ගන්න බැරි උනා ‘ඇයි වියට්නාම්’ කියලා, අපි ආපහු ඇවිත් පිංතූර පෙන්නනකල්ම: විස්තර කියනකල්ම. වියට්නාම් යන්න ඕනෙ කියලා හිතුණෙ, රූපවාහිනී වැඩසටහනක ‘හැලොං බොක්ක’ (Ha Long Bay) දැක්කට පස්සෙ. අපේ අදහස දැනගත්ත, කාලයක් එහෙ පදිංචි වෙලා හිටපු යාළුවෙක් ‘කු චි උමං’(Cu Chi Tunnels) ගැනත් කිව්වා. ඊටපස්සෙ තමයි ගමන හරියටම තීරණය වුණෙ.
![]() |
අමෙරිකානුවන්ට ඇටවූ මර උගුල් |
මෑත අතීතය වෙනකල්ම යුද්ධෙන් බැටකාපු වියට්නාමය, දැන් ආර්ථික වර්ධන වේගය අතින් ලෝකයෙ ඉහළින්ම ඉන්න රටක්. හැබැයි තාමත් ජනගහනයෙන් වැඩි කොටසක් ඉතාමත්ම දුප්පත් බවයි කියන්නෙ. මේ ජනගහනයෙන් වැඩි ප්රයමාණයක් පදිංචි ගම්බද පළාත්වල. බොහෝ දරුවන් පාසල් ගමන අතරමග නතර කරනවලු දෙමව්පියන්ගෙ ජීවනබරට උරදෙන්න. ලිපියෙ මුලින්ම මේ කරුණු සඳහන් කරාට, දුප්පත් වියට්නාම් ජනතාවගෙ දුක්බර ජීවිතය ගැන බොහෝ දේ දැනගත්තෙ, අපිට ගමනෙ අවසාන කොටසෙ මග පෙන්වූ ‘තියොං’ (Tiong) කීව තොරතුරු වලින්.
![]() |
ට්යට්කොං උගල |
![]() |
උමං කටක් |
![]() |
උමග ඇතුළත දසුනක් |
ගමනෙ ප්‍රධාන අරමුණ ‘හැලොං බොක්ක’ උනත් ඉස්සරලා ‘හෝ චි මිං’ (Ho Chi Minh) නුවරට ගිහින් ‘කු චි උමං’ බලන්නයි අපි සැලසුම් කලේ. ‘හෝ චි මිං’, වියට්නාමයෙ විශාලතම නගරය. කලින් හැඳින්වුවෙ ‘සයිගොන්’ (Saigon) නමින්. දකුණු වියට්නාමය ප්‍රංශයට යටත් වෙලා තිබුණු කාලෙ අගනුවර වුණෙ ‘සයිගොන්’. හරිම අපූරු නගරයක්. මෙහි යන ඕනෙම කෙනෙක් පළමුවෙන්ම දකින දේ තමයි පාරෙ වැඩි කොටසක් අයිති කරගෙන ඉන්න පුංචි මෝටර් සයිකල්. ලංකාවෙ වගේමයි; පවුල පිටින්ම සයිකලේ. ලියන්නම ඕනෙ, අපි ගියෙ දෙසැම්බර් මාසෙ. අපේ නවාතැන තිබුණු පාර නත්තල් අසිරියෙන් නැහැවිලා. පාර දිගට තිබුණු සැරසිලි ළඟ තරඟෙට පිංතූර ගන්නවා. මේ ක්රිතයාශීලී විසිතුරු නගරය දුටුවාම, පැය ගුවන් ගමනක වෙහෙස නොදැනීම නිවිලා.
![]() |
උමං පද්ධතියේ සැලැස්ම |
![]() |
උමග ඇතුළට යන්න සූදානමින් |
සුවබර රාත්‍රියකට පස්සෙ පහුවදා උදේ අටට අපි පිටත්වුණා ‘කු චි’ උමං බලන්න. ‘කු චි’ කියන්නෙ ‘හෝ චි මිං’ සිට පැය දෙකක විතර ගමනක්. මග දිගට පාර හරියට ලංකාවෙ ගම්බද පළාතක් වගේ. හරිම ලස්සනයි. කොළ පාටට ගස් පාර දෙපැත්තෙම. දේශගුණයත් ඒ වගේමයි. ඇතුලට යනකොට ඉස්සරලාම ඇහුණෙ නොකඩවා නැගෙන වෙඩි ශබ්දයක්. හරියට යුද්ධය මතක් කරන්න වගේ. කැමති නම් වෙඩි උණ්ඩ මිළට ගෙන, නවීන තුවක්කුවකින් වෙඩි තියන්න සංචාරකයින්ට අවස්ථාව ඇති බව පස්සෙ දැනගත්තා. අපිට ඇහුණෙ ඒ සද්දෙ. ‘වියට්නාම් යුද්ධය’ ඇමරිකානුවන්ට මතක හිටින පාඩමක් ඉගැන්වූ බවයි ඉතිහාසයෙ සඳහන් වෙන්නෙ. යුද්ධය දිනීමට, වියට්කොං ගරිල්ලන් තැනූ ‘කු චි’ උමං පද්ධතිය විශාල වශයෙන් දායක වූ බව එහි යන ඕනෙම කෙනෙකුට පහසුවෙන්ම වැටහෙනවා. කිලෝ මීටර් 121ක් දිග මෙම උමං ජාලය විශ්වාස කළ නොහැකි තරම් සංකීර්ණයි. උමග හෑරීමට බොහෝවිට ඔවුන් උපයෝගී කරගෙන ඇත්තේ ගස්වල කෝටු ආදී ප්රාශථමික ආයුධ හා බොහෝවිට, තමන්ගේ නිරාවරණ දෑත්. වියට්නාම් ජනතාව ස්වභාවයෙන්ම ශරීර ප්රමාණයෙන් කුඩයි. ඔවුන්ගේ ශරීර ප්රමමාණයට සෑහෙන තරමට පමණයි උමං කට තනා ඇත්තේ. කුඩා ලෑලි කෑල්ලකින් වසා උඩින් තණකොළ අතුරා ඇත්තේ කිසිවෙකුට සැක නොසිතෙන පරිදි. යුද්ධය පැවති මුළු කාලය පුරාවටම ‘කු චි’ ගම් වාසීන් ජීවත්වී ඇත්තේ මේ උමං තුළ. උමං කට පමණක් නොවෙයි, උමග ඇතුළත පවා තනා ඇත්තේ ඔවුනට පමණක් දෙකට නැමී ගමන් කළ හැකි ප්රටමාණයට. සංචාරකයින්ට විවෘත කළ පසු මෙම උමං වල කොටසක් තරමක් විශාල කර තිබුණත්, අපිට ඇවිදින්න වුණෙත් දෙකට නැමීගෙන. ඇවිදිනකොට පේන්නෙ බිම විතරයි. ඔළුව උස්සන්න තියා හිතන්නවත් බෑ. ටිකක් දුර ඇවිදිනකොට ඇති කියලා හිතුණොත් පිටවෙන්න තැනුත් මග දිගට තියනවා (හොඳ වෙලාවට). බිමට යාන්තම් එළියක් වැටිලා තියනවා දකිනකොට තමයි දැනගන්නෙ මෙතනින් එළියට යන්න පුළුවන් කියලා. ඇමරිකානුවෙක් නම් අඩි දෙක තුනක් යන්නත් කලින් අනිවාර්යයෙන්ම හිරවේවි.
ඇමරිකානුවන් පැමිණෙන්නට කලින් ‘කු චි’ පැවතී ඇත්තේ ඉතාමත් අලංකාර, සාමකාමී නගරයක් ලෙස. ඇමරිකානුවන් ආවට පසු ජන ජීවිතය මුලුමනින්ම අවුල්වෙලා. බේරෙන්න උමං තනාගත් අතරෙ ඔවුන් ගම පුරාම නොයෙකුත් ආකාරයේ උගුල් අටවලා සතුරන්ට එරෙහිව. සමහරක් තැන්වල ගැඹුරු වලවල් හාරා උල් කරපු උණ බම්බු පතුරු, යකඩ කූරු ආදිය හයි කරලා. තවත් තැනක සර්පයින්, ගෝනුස්සන් වැනි විසකුරු සතුන් පිරවූ පෙට්ටි අටවලා තිබුණලු බෝම්බ පිපිරවූවිට ඇඟට වැටෙන විදිහට. නගරය විනාශ කරගෙන ඇමරිකානුවන් හෙලන බෝම්බ වලින් ආරක්ෂා වෙන්න ‘කු චි’ උමං මොනතරම් උදව්වුණත්, බිම්ගෙය තුළ ජීවිතය ඔවුන්ට පහසු වෙලා නැහැ. පොඩ්ඩක් හිතන්න මුළු ගමක්ම බිම් ගෙයක ජීවත්වෙනවා කියලා. රෝහල්, රැස්වීම් ශාලා ආදී සාමාන්යැ නගරයක පවතින සියල්ල ඔවුන් පොළව යට පවත්වාගෙන ගිහින්. දහවල් කාලයේ බිම්ගෙය තුළ සිටි ඔවුන් රාත්රීූ කාලයේ තමයි ගොවිතැන් කටයුතු පවා කර ඇත්තේ. වර්ෂා කාලයන්ට සමහරවිට එක දිගට සුමාන ගණනාවක් උමග තුළ ඉන්න සිදුවුණාලු. පත්තෑයන්, මකුළුවන් වැනි සතුන්ගෙන් පැමිණි උපද්රගව වගේම, මැලේරියාවෙනුත් ‘කු චි’ වාසීන් විඳ ඇත්තේ අතිවිශාල පීඩාවන්. යුද්ධය අවසන් වනවිට, මැලේරියාවෙන් මියගිය සංඛ්යාතව දෙවෙනි වී ඇත්තේ යුද්ධයෙන් මියගිය සංඛ්යාඳවට පමණයි. ඉතා දිගු කාලයක් බිම් ගෙයක් තුළ ඔවුන් විඳි දුක් අපිට නම් හිතාගන්නත් බැරිතරම්.
ඒ කාලෙ යුද්ධ කරන්න වියට් කොං ගරිල්ලන් යොදාගත් උපක්රහම, පාවිච්චි කල ආයුධ, ඇඳුම් ආදිය සංචාරකයින් සඳහා ප්රවදර්ශනය කර තිබෙනවා. සමහර තැනක ඔවුන් ගත් ආහාර, එකල විදිහටම දර ලිපක පිසින අයුරුත් බලාගන්න පුළුවන්. ඇවිදලා මහන්සි වුණු සංචාරකයින්ට, රසම රස මඤ්ඤොක්කා වේලක් රස විඳින්න ලබාදෙන අවස්ථාව නම් අමතක නොවන අත්දැකීමක්. ඊට අමතරව, මම කලින් සඳහන් කළ වෙඩි තියන තැනත් සංචාරකයින් ආකර්ශණය කරගන්නා වැදගත් ස්ථානයක්.
යුද්ධය පැවති ස්ථාන අතුරින් මේ වනවිට වියට්නාමයෙ ඉතිරිවී ඇත්තේ ‘කු චි’ පමණක් බවයි කියවෙන්නේ. අද බොහෝ වියට්නාම්වරුන්ට යුද්ධය පිළිබඳ මතකයක් නැතිතරම් යැයි සංචාරකයින් ලියූ බොහොමයක් ලිපිවල සටහන් කර තිබුණෙ දුක්බර කරුණක් ලෙසින්. රජය විසින් ස්ථාපිත කළ ‘අපි සියල්ලෝම මිතුරන්’ යන සංකල්පය සමාජයෙ කිඳා බැසගෙන. ඔවුන් ඇමරිකානුවන්ව පවා දැන් සලකන්නේ මිතුරන් ලෙස.
කු චි වලින් පිටවනවිට මේ ගම්වාසීන් ගැන හිතේ රැඳී තිබුණෙ, ගෞරවය මුසු ආදරණීය හැඟීමක්! වසර තුනකට ආසන්න කාලෙකට පස්සෙ, මේ සටහන ලියන විටත් ඒ හැඟීම නැවත නැවතත් අළුත් වෙනවා වගේ දැණුනා. කරුණු තහවුරු කරගන්න අන්තර්ජාලයෙ තොරතුරු සොයද්දිත් මට දැණුනෙ මම නැවතත් ‘කු චි’ වල ඇවිදිනවා වගේ.
පැය ගණනක් ‘කු චි’ වල ඇවිදලා, ආපහු එන මගදි ටෝෆුයි බටුයි එක්ක ගත්ත වියට්නාම් බත් එකේ රසත් මට තාමත් මතකයි!
සමුද්‍රිකා හේරත්
වියට්නාම් සංචාරයකින් පසු
හරිම වටින ලිපියක්. හැබෑටම වියට්නාමේ කොයිතරම් වටින දේවල් තියෙනවද බලන්න. බොහොම ස්තූතියි බෙදාගත්තට.
ReplyDeleteස්තුතියි ඩිල්ශාන්!
Deleteදැන් මේ සංචාරය ගියේ සමුද්‍රිකාද? නලීන් නෙවෙයිද? නලීන් දන්නවද නෙලුම් විල බ්ලොග් එක ලියන බින්දි ඉන්නෙ වියට්නාමෙ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මේ චාරිකාව ගියේ සමුද්‍රිකා. බ්න්දිගේ බ්ලොගය බලන්නම්
Deleteඅපේ අඩවියට නිතර එන ඔබටත් ස්තුතියි.
ReplyDeleteහොද විස්තර ටිකක්.
ReplyDeleteස්තුතියි මිත්‍රයා
Deleteසතුටුයි ...මේ ගැන ලිව්වට
ReplyDeleteස්තුතියි බින්දි. ඔබ දැනට ජීවත් වෙන්නේ වියට්නාමෙ නේද
Deleteමාත් මේ ගැන මුලින්ම දැනගත්තෙ බින්දිගෙ නෙළුම් විලෙන්. ස්තූතියි! සමුද්‍රිකා මේ ගැන වැඩි විස්තර ලිව්වාට. සංචාරය කරන්න හරිම ආස නිසා කවදාහරි මෙහෙත් යන්න හිතා ඉන්නවා.
ReplyDeleteඅනිවාර්යයෙන්ම යන්න. හැම දවසක්ම අළුත් අත්දැකීමක් වේවි. අදහස් ලීවාට ස්තුතියි චන්දි!
Deleteහරිම රසවත් ලිපියක්! මම හරිම කැමතියි මේ ලිපියට!
ReplyDeleteබොහොම ස්තුතියි!
Deleteවියට්නමය කිවම හුගක් වෙලවට මතක් වෙන්නෙ කාලයකදි ඈමරිකාවේන් බොහොම බෑටකාපු රටක් . මේ ලිපිය කියෙව්වාම සන්වේදි කමක් දෑනුනා. මොකද අපෙ රටටත් මේ දේවල් හුගක් සමීප නිසා....රසවත් ලිපියෙ පුන්චි අඩුපාඩුවකුත් කියන්නම්.සමහර වචනවල අකුරු වෙනස් වෙලා තිබුනා දෑක්කා.ඊලග ලිපියෙදි මේ ගෑනත් ටිකක් හිතුවොත්...ඒ ලිපිය මීටත් වඩා රසවත් වේවි
ReplyDeleteසිංහල යුනිකෝඩ් වල ඇති අඩුපාඩුවක් හේතුවෙන් අකුරු කීපයක් වෙනස් වෙලා තියනවා එය වෙලාවක් ලද වහාම හදනවා.බොහොම ස්තුතියි.
Delete'සංවේදී‘ කමක් දැණුනනම් සතුටුයි, මොකද ‘කු චි‘ වලට ගිහාම මට දැණුනෙත් ඒ දේමයි.
Deleteවටිනා ලිපියක් දිගටම ලියන්න ජය
ReplyDeleteස්තුතියි සචිත්!
Deleteමමත් මේ සිරි ලංකාවෙන් පිට ගිහිල්ලා නැති උනත් වියට්නාමේ කු චි උමං ගැන අවුරුදු 15කට විතර කලින් මුතුහර සඟරාවක කියෙව්ව විස්තරයක් තාමත් මතකයි...ඇමරිකානුවන්ට ජය ගත නොහැකි උන වියට්නාමයේ මේ උමං පද්ධතිය ගැන ඒකේ තිබුන රසවත් තොරතුරක් මෙතන සදහන් කරන්නම්....
ReplyDeleteමුලින් මේ උමං පද්ධති අස්සේ රිංගන්න උත්සාහ නොකරපු ඇමරිකානු සෙබලු කලේ උමගක් හම්බුනාම ඒකට විශ වායු බෝම්බයක් දැමීමලු... පස්සෙ එයාලා දැන ගත්තලු මේ උමං ඇතුලේ වැදගත් ලිපි ලේඛන තියෙනවා කියලා... ඊට පස්‌ෙස් මේ උමං ඇතුලට රිංගන්න ආයුධ සන්නද්ධ සාමාන්‍ය ඇමරිකානු සෙබලුන්ට අමාරු උන නිසා හැම කාණ්ඩායමකම හිටියලු “උමං මීයෝ“ කියලා සෙබලු කට්ටියක්... එහෙම කිව්වේ ඒ අය කුඩා සිරුරු වලින් යුත් අය වීම නිසා... මේ අය සන්නද්ධ වෙලා හිටියේ දුම් බෝම්බ සහ වෙස්මුහුණු වලින්ලු.... දුම් බෝම්බ යොදා ගත්තේ ඇතුලේ අටවලා තියෙන උඟුල් වලින් බේරෙන්න සහ උඩට එනකොට අනිත් අයට දැනුම් දෙන්නලු... එහෙම දැනුම් දෙන් නැතුව උඩට ආපු උමං මීයෝ තමන්ගේම සහොදර සෙබලුන් වෙඩි පහරින් මිය ගිය අවස්ථා තිබුනලු....
මේ විස්තරේ මට ආයිත් මතක් කරලා දුන්න මේ ලිපියට ස්තූතියි....
ස්තුතියි හිරු, අළුත් තොරතුරු එකතු කලාට!
Deleteආ..හිරු...ඔයත් සමකට වටේ යන්න ආපු එක ගැන හරි සතුටුයි.
Deleteහොද දේවල් හොයා ගෙන එනවානේ... හි හි....
Deleteමටත් මතකයි මේ ලිපිය. විස්තරේ එක්ක පොඩි රූප සටහනක් දාල තිබුනා මතකයි.
Deleteඅපේ ජනපතිතුමාත් මේ උමඟට බැහැලා ඉන්න ෆොටෝස් වගයක් කලකට ඉස්සර වෙලා දැක්කා
ReplyDeleteවෙන්න ඇති ඒක මට මතක නෑ
Deleteමේකට කොමෙන්ටුවක් දමන්න පරක්කු උනේ මම මේ ගැන බලල තිබුණා ෆිල්ම් එකේ නම අමතක වෙලා තිබ්බේ.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/1968_Tunnel_Rats
මේකෙන් ඔය ගැන ලොකු අදහසක් ගන්න පුළුවන්.තව පරණ මුතුහර සඟරාවක මේ ගැන දීර්ග ලිපියක් තියනවා.
ස්තුතියි මානවක.මම ලින්ක් එක බලන්නම්.
Deleteබොහොම ස්තුතියි මානවක. මම ඔය ෆිල්ම් එක අමතක වෙලා හිටියේ. බොහොම ස්තුතියි ආපහු මෙතැන දැම්මට. ඊට අමතරව රම්බෝ සිනමා පටයකත් මේ දේ තිබුනා මතකයි.
Deleteකාම්බෝජයට ගියෙ නැද්ද?
ReplyDeleteවියට්නාම යාළුවො කීප දෙනක්ම මාත් එක්ක වැඩ කළා. හොඳ අවංක මිත්‍රශීලී අය. යුද්දයේදී ඇමරිකාව ප්‍රංශය පරාජය කිරීම නිසා මට වියෙට්නාම් වරු ගැන තියෙන්නේ ගව්රවනීය හැගීමක්.... "එන්ගුයෙන් තයි හොන්ග්" පූ බන් මාවෝ" "ලා මින්ග්හ්" මගේ අමතක නොවෙන වියෙට් මිතුරු මිතුරියන්.
ReplyDelete