කුමාර සිරිවර්ධන කියන්නේ අපේ පත්තර මිත්‍රයෙක්. මම මීට කලින් කුමාර ගැන ලියල තියනවා. ඔහු ලංකාවේ ඉන්න රාජ්‍යසම්මාන ලාභී පරිවර්තකයෙක්. ඔන්න කුමාර ගැන වැදගත් ආරංචියක් මේ දැන් ලැබුණා. ඒ තමයි මේ පාර රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ හොඳම පරිවර්තන නව කතා පොතට පිදෙන සම්මානය සඳහා නිර්දේශිත නම් තුන අතරට කුමාරගේ පරිවර්ථනයක් ඇතුළත්ව තිබීම.
ඉන්දීය ලේඛක raja rao ගේ - kanthapura (කන්තපුර) නවකතාව කුමාර පරිවර්ථනය කළේත් කන්තපුර නමින්මයි. අපේ එකෙක් මේ තරම් දුර ආ එක ගැන අපට ඇත්තේ අපරිමිත සතුටක්. ඉතින් අපේ ප්‍රාර්ථනය හොඳම පරිවර්තනයට හිමි සම්මානය කුමාරටම ලැබෙන්න කියන එකයි. මීට පෙර කුමාරගේ ජොආනා පරිවර්තනයටත් රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා.
සුබපැතුම්
ReplyDeleteස්තුතියි සන්ජය
Deleteකුමාර සිරිවර්ධනට සුබ පතනවා... ජොආනා නම් කියවලා තියෙනවා...
ReplyDeleteසම්මාන ගැන නම් එච්චර යහපත් හැඟීමක් නැත.... පොත් පහම බාප්පා අරං තිබුණ නිසා මෙදා පාර ගත්තේ නෑ... එයා කිව්ව විදියට නම් මෙලෝ වැදගැම්මක් නෑ වගේ තමා හැඟුනේ... කොහොමත් කියලා බලා යමක් ලියන්න ඕනේ කියලා හිතා ගත්තා....
හැබැයි මම පැය පැය දෙක තුනක් තිස්සේ ඕක ඇතුලේ කැරකුනත් අර සඟරාව දැක්කේ නෑ...
ඔබ හරි හිරුවො. සම්මාන ගැන මගේත් එතරම් පැහැදීමක් නෑ. ඒත් අපේ එකෙකු නිර්දේශ වුණාම පොඩි ත්‍රිලක් එනවා.
Deleteඔහුට අපේ සුභපැතුම්...දැනුවත් කළ ඔබට අපේ ස්තූතිය....
ReplyDeleteඅලුත් මල්ලී ස්තුතියි
Deleteමාත් අහලා තියෙනවා කුමාර කියන්නෙ ජනප්‍රිය ලේඛකයෙක් කියලා..
ReplyDeleteදක්ෂ ලේඛකයෙක්
Deleteකෝපි කඩේ නිමල් නේද?
ReplyDeleteහරියටම හරි
Deleteපොත් ප්‍රදර්ශනයට ගියා නලින්. පොත් ගන්න තියා හුස්මක් ගන්නවත් ඉඩක් නෑ. අමාරුවෙන් පොත් කීපයක් අර ගත්තා. මේ පොත දැක්කා. නමුත් ඒ වෙලාවෙ දැනන් හිටියේ නෑ. ඔබ දමා තිබූ ගිණිසුළගේ සිරකාරී අරගත්තා. ස්තූතියි.
ReplyDeleteඔවි ඒක මගේ වරද මම දැම්මේ ජනප්‍රිය කතා ටික විතරයි චන්දි
Deleteපොත හම්බ උනොත් අනිවා කියවනවා :)
ReplyDeleteයාලුවට මඩයාගෙන් සුභ පැතුම් ....!
ස්තුතියි මඩේ මලයා
Deleteනියමයි! අපිත් සුභ පැතුවා කියන්න අංකල් හ්ම්ම් :)
ReplyDeleteතව මොහොතයි මම දැන් ඉන්නේ සම්මාන දෙන උත්සවේ. ලැබෙයිද දන්නේ නැ
ReplyDelete