samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ඊයෙ(07) මම ගෙදර යනකොට වෙලාව පාන්දර 2.35යි.( සෙනසුරාදා අපට නිවාඩුනෙ) මම ඇහැරුණේ පහුවදා නමය හමාරත් පහුවෙලා. නැගිටිනකොට ඇඳේ කොනක පුංචි තෑග්ගක්.මගේ උපන්දිනේට.(ඇත්තටම මගේ උපන්නේ නොවැම්බර් මාසේ)
 කාගෙන්ද මේ තෑගි........ මගෙ පුංචි කෙල්ල කිකිණි ගෙන්.

 මෙන්න ඒ තෑගි සහ සුබ පැතුම


IMG00027-20120908-1048

IMG00025-20120908-1047

IMG00026-20120908-1047

IMG00029-20120908-1048


අහඹු මොහොතක දෙපාමුල තිබුණු මේ තෑග්ග, සුබ පැතුම හා ඉල්ලිම මගේ හදවත සසල කළේ , ජීවිතයේ කිසි දිනක නොලද වේදනාවක්, මට මම ගැනම කලකිරීමක් ඉතිරි කරමින්.

කිකිණි ගේ වයස යන්තම් අවුරුදු හය හමාර ලැබුවා විතරයි. අවුරුදු විසි අටකට පස්සේ මම මහා හයියෙන් හඬාවැටුනේ කොහොමද කියල මටවත් හිතාගන්න බෑ.කිකිණිත් අඬනවා. 

රත්තරං දුවේ මං ආයෙත් බොන්නෙ නෑ.....
ලියන්න දේවල් බොහොමයි ලියන්න බෑ.....


රත්තරං දුවේ මගේ රත්තරං දුවේ..
ඔබයි දිවිය අර්ථවත් කළේ.......

.

35 comments:

  1. aang-17610

    ආයෙත් බොන්න එපා මචං කෙල්ල වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      උපරිම උත්සාහය ගන්නවා...

      Delete
  2. 1+-+Copy

    උඹට සුභ උපන් දිනයක් නලීන්. ඒ එක්කම අර ඉල්ලීම ඉ‍ටු කරපන්. මමත් ඔයවගෙම දෙයක් කලා මගෙ පුතා වෙනුවෙන්. මෙන්න මෙතන කොටලා බලපංකො. උඹට තේරෙයි උඹ තනි නැති බව.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හරිම සන්තෝෂයි මචං.......අපි ජීවිතේ ටිකක් කැපකරන්න වෙනවා..

      Delete
  3. blogger_logo_round_35

    මට මේක කියෝපු ගමන් මතක් උනේ ඩූඩ් අයියව.... එයා මට කලින් ඇවිල්ලනේ..... කියන්න හැදුව දේත් කියලා....

    අවුරුදු හයාමාරේ පොඩි එකාට තේරන දේ මහඋන්ට තේරෙන්නෙ නැත්තේ මොකද කියලයි මට හිතාගන්න බැරි.....?
    හිතලා බලන්න කෙල්ල මොන තරම් හිතලද කියලා මේ ගැන......

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේ කෙල්ල මාව වෙනස්ම කෙනෙක් කරනවා හිරු.....

      Delete
  4. FB_IMG_1561654098205

    උඹ ගෑණු ගැට වලට අහු වෙලානේ.. අම්මලා තමා දරුවෝ නරක් කරන්නේ.. උඹ මේකට සසල් වෙන්නේ උඹේ බොක්ක හොඳ නිසා. ඒ බොක්ක හොඳ වෙන්නේ උඹ බොන නිසා.... පිස්සුද බන්.. මද පමණට ගනින්. මද පමණට....

    ReplyDelete
    Replies
    1. 1+-+Copy

      මේක අර විෂම චක්‍රයක්නෙ මේ මාතලං කියන හැටියට! සසලවුනේ බොක්ක හොඳ නිසා, බොක්ක හොඳ වුනේ බීම නිසා. ඒ නිසා... ! :D :D :D

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    2. blogger_logo_round_35

      මේක ගෑනු ගැටයන් නෙමේ මාතලන්....මමත් ටිකක් හොයලා බැලුවා.ඉඳහිට ටිකක් ගත්තට පොලිසියෙන් මට ඒතරං අවුලක් නෑ..මේ පැත්තට ආවට තුති.

      Delete
  5. Frangipani+Flowers
    Replies
    1. blogger_logo_round_35

      මගේ පිටුවට ආපු අලුත් අමුත්තියව සාදරෙන් පිළිගන්නවා.අවවාදයත් පිළිගන්නවා.අනේ මගේ උපන්දිනේ නෙවැම්බර් මාසේ....

      Delete
  6. blank

    මට කඳුළු පිරුනා අප්පා මේක කියවල..මාරම පව්..ඔබ ඒ විදිහටම ඇගේ ඉල්ලීම ඉටු කරයි කියල හිතනවා අන්කල්..:(මාරම අවුල් මේක බලල මටනම්..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මම දුවගේ ඉල්ලිම ඉටුකරනවා........

      Delete
  7. blogger_logo_round_35

    හිතට එන දේවල් ගොඩයි නලීන්. නැතිවෙන තත්පරයක්වත් ආයෙ ගන්න බෑ. චූටි දූගෙ ඉල්ලීම ඉටු කරනවා තියන්නෙ දූ හිතුව විදියටම අළුත් තාත්තා කෙනෙක් ඉපදෙනවා කියන එක නේද..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      උපරිමම උත්සාහය ගන්නවා......

      Delete
  8. sd

    මගේ 1ට ඇවිත් කියපු නිසාමයි මේ පැත්තේ ආවෙ.‍අනේ පව් පොඩ් එකී.දරුවො කැමති අප්පච්චි නොබී ඉන්නවනම්.ඒක අහිංසක ඉල්ලීමක් විතරයි.ඒ ඉල්ලීම ඉටු කරන්න උත්සාහ කරන්න.

    ආයෙත් එන්නම්කෝ මේ පැත්තේ....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      දැන් තේරෙනවනේ අප්පච්චිලා දුවලට හරිම ආදරෙයි.ඒත් ඒක පෙන්නන්නේ නෑ.

      Delete
  9. IMG_20190902_075227

    නලීන් මම මගෙ තාත්තාගෙ සිගරට් බීම කොහොම හරිම නවත්තා ගත්තා. නමුත් බීම නවතාගන්න බැරි උන එකට තාමත් දුක් වෙනවා. එයා ගොඩක් බොන කෙනෙක් නෙවෙයි, නමුත් ඉඳල හිටලා ටිකක් බොනවා. මම ඒ ටිකට වත් කැමති නෑ. ඊයේට මට වයස පනහ පිරුනා. මගෙ තාත්තාට දැන් වයස හැත්තෑ හයයි. දුවක් විදිහට මම හරිම වාසනාවන්තයි ඒ වගේ තාත්තෙක් ලැබීම ගැන. අපිට ලෝකෙ ගැන බොහෝ දේවල් කියා දුන්නෙ මගෙ තාත්තා. මට අවුරුදු දොලහේ දී තාත්තා පිටරට රැකියාවකට ගියේ. එදා ඉඳලා මට වයස විසි තුනක් වෙනකල් හැම රටක්ම බලා ගන්නට ඉඩ සලසා දුන්නා. වාසනාවකට මට ලැබුන මහත්තයා බොන්නේ නෑ. පිටරටකදී මට හමු උනත් ඔහු ඉතාම ආදරණීය කෙනෙක්. ඒ ගැන හරිම සතුටුයි. අපෙ පවුලේ සාර්ථක බව එතනයි තියෙන්නෙ. ඔයාගේ දූ සිඟිත්තී මේ ඉල්ලීම කරන්නට ඇත්තේ ඔබට තියෙන මහත්වූ ආදරය නිසයි. මම කලින් වතාවෙත් මේ ඉල්ලීමම කලා. මතකද? මවක් හෝ වැඩිමහල් සොයුරියක් ලෙස අදත් කරන්නේ ඒ ඉල්ලීමමයි. ආයෙත් බොන්න එපා. ඔබ වැනි අය අපිට, රටට වටිනවා. ඒ කාට නැතත් ඔබව ඔබේ බිරිඳට, දුවට හා පවුලේ අයට ඉතාම වටිනවා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔව් චන්දි බොන එක නවත්තන්න මම දැන් උපරිමම උත්සාහය ගන්නවා.ඡන්දෙ දවසෙ රෑ අපි වැඩ.හැම ඡන්දයක් දවසටම ප්‍රතිඵල ලියන ගමන් අපි බොනවා.මමත් බේබද්දෙක් වගේ බිව්ව කෙනෙක් නෙමේ විශේෂ අවස්ථාවල විතරයි බිව්වේ.ට්‍රිප් එකක් ගියාම පාටියකද වගේ.ඒත් මෙදා ඡන්දෙ දවසේ මම කටේවත් තිබ්බේ නෑ.බොන්න ඕන තරම් තිබුණා.තාම එහෙමමයි.උපරිම කැපවීම කරනවා.

      Delete
    2. IMG_20190902_075227

      හරිම සතුටුයි! මේ කියමන දැක්කාම. ඔබ ප්‍රතිපත්ති ගරුක නම් දුවගේ ඉල්ලීම සදා රකීවි. මේ බ්ලොග් සටහන් ඈ කවදා හෝ දකීවි. ඔබට එය මහත් ආඩම්බරයක් ගෙනදේවි. තෙරුවන් සරණින් ඔබ සියලු දෙනාට ජීවිත ගමන වාසනාව සතුට සම්පත් පිරි සාර්ථක ගමනක්ම වේවා!

      Delete
  10. FB_IMG_15874939874280230

    මටත් දුක හිතුනා.පව් ඒ අහිංසක ළමයා.මත් පැන් මිනිස් ජීවිත විනාශ කරන්නේ.ලොකු ලොකු මොළවල් වලට තේරුනේ නැති උනාට ඒ පුංචි මොළේට තේරුනානේ...

    ReplyDelete
  11. blogger_logo_round_35

    සමාවෙන්න පරක්කු උනාට...

    සුභම සුභ උපන්දිනයක්.... දූ පැටිය හරිම හුරතල් ඇති...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි මිත්‍රයා

      Delete
  12. 0-02-07-3f63af7d300f2e5611db6090e07335e8092fdd12d3a5d3c36d7c61d1ad51223f_full+-+Copy

    අපේ ඥාති අයියා කෙනෙක් ඉන්නවා. මිනිහත් හොඳ බොනපාට් කෙනෙක්. ඒත් එයාත් බීම නැවැත්තුවා. ඇයි කියලා ඇහුවාම එයා කිව්වේ "බීලා ගියාම දුව [අවුරුදු 6 ක් විතර වයස] තාත්තේ තාත්තා ගාව ගඳයිනේ. ඇයි මේ ගඳ? කියලා අහනවාලු. ඒක නිසාම බොන එක අත් ඇරියා කියලා...

    ReplyDelete
  13. blogger_logo_round_35

    ඔව් මල්ලී...මමත් අතඇරියා...

    ReplyDelete
  14. The+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F

    ඇඩෙනවනේ....අන්නසෝත්‍රටම වැදුනා...කියන්න මොකුත් නෑ..අයි බොන්නෑ කියලා දන්නවා..
    ජය

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මම පට්ට ආතල් ගත්තු එකෙක් මල්ලි.ලංකාවෙදි විතරක් නෙමේ පිට රට වලදිත්. දැන් ඒ සේරම නැවැත්තුවා.

      Delete
    2. The+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F

      ජීවිතේ කියන්නේ ජීවත් වෙන එකම විතරක් නෙවෙයිනේ අයියේ ජීවත් කරවන එකත් ජීවිතේනේ...

      Delete
  15. blank

    ආදර්ශවත් තාත්තෙක් සහ ආදරණිය දුවෙක්................
    දැන් දුවටත් කිසි බයක් නැතුව තාත්තා වගේම කෙනෙක් ප්‍රාර්ථනා කරන්න පුලුවන්.....
    :) :) :) :) :)

    ReplyDelete
  16. blogger_logo_round_35

    පුංචි දූ තාත්තට ගොඩක් ආදරෙයි වගේ.. ඔබට සුභ උපන්දිනක් වේවා.. ප්‍රමාද වෙලා කියෙව්වේ.

    කොහොම වුනත් මේ වගේ දෙයක් දැක්කම ටිකක් හිත සසල වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කියල වැඩක් නෑ ඇලෙක්ස්......

      Delete
  17. 10009894_725071690867582_1958134319_n

    උදේපාන්දර මටත් කියන්න කිසිමදෙයක් හිතාගන්න බැරිවුනා අන්කල්....ඇඟම නිකන් හිරිවැටිල වගේ ගියා.......

    ReplyDelete
  18. ds

    “සති දෙකයි අමතකයි“ සංගමයට එන්ට එපා. මේ අපි වගේ හරිය...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT