ඊයෙ(07) මම ගෙදර යනකොට වෙලාව පාන්දර 2.35යි.( සෙනසුරාදා අපට නිවාඩුනෙ) මම ඇහැරුණේ පහුවදා නමය හමාරත් පහුවෙලා. නැගිටිනකොට ඇඳේ කොනක පුංචි තෑග්ගක්.මගේ උපන්දිනේට.(ඇත්තටම මගේ උපන්නේ නොවැම්බර් මාසේ)
කාගෙන්ද මේ තෑගි........ මගෙ පුංචි කෙල්ල කිකිණි ගෙන්.
අහඹු මොහොතක දෙපාමුල තිබුණු මේ තෑග්ග, සුබ පැතුම හා ඉල්ලිම මගේ හදවත සසල කළේ , ජීවිතයේ කිසි දිනක නොලද වේදනාවක්, මට මම ගැනම කලකිරීමක් ඉතිරි කරමින්.
කිකිණි ගේ වයස යන්තම් අවුරුදු හය හමාර ලැබුවා විතරයි. අවුරුදු විසි අටකට පස්සේ මම මහා හයියෙන් හඬාවැටුනේ කොහොමද කියල මටවත් හිතාගන්න බෑ.කිකිණිත් අඬනවා.
රත්තරං දුවේ මං ආයෙත් බොන්නෙ නෑ.....
ලියන්න දේවල් බොහොමයි ලියන්න බෑ.....
රත්තරං දුවේ මගේ රත්තරං දුවේ..
ඔබයි දිවිය අර්ථවත් කළේ.......
ආයෙත් බොන්න එපා මචං කෙල්ල වෙනුවෙන්
ReplyDeleteඋපරිම උත්සාහය ගන්නවා...
Deleteඋඹට සුභ උපන් දිනයක් නලීන්. ඒ එක්කම අර ඉල්ලීම ඉටු කරපන්. මමත් ඔයවගෙම දෙයක් කලා මගෙ පුතා වෙනුවෙන්. මෙන්න මෙතන කොටලා බලපංකො. උඹට තේරෙයි උඹ තනි නැති බව.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හරිම සන්තෝෂයි මචං.......අපි ජීවිතේ ටිකක් කැපකරන්න වෙනවා..
Deleteමට මේක කියෝපු ගමන් මතක් උනේ ඩූඩ් අයියව.... එයා මට කලින් ඇවිල්ලනේ..... කියන්න හැදුව දේත් කියලා....
ReplyDeleteඅවුරුදු හයාමාරේ පොඩි එකාට තේරන දේ මහඋන්ට තේරෙන්නෙ නැත්තේ මොකද කියලයි මට හිතාගන්න බැරි.....?
හිතලා බලන්න කෙල්ල මොන තරම් හිතලද කියලා මේ ගැන......
මේ කෙල්ල මාව වෙනස්ම කෙනෙක් කරනවා හිරු.....
Deleteඋඹ ගෑණු ගැට වලට අහු වෙලානේ.. අම්මලා තමා දරුවෝ නරක් කරන්නේ.. උඹ මේකට සසල් වෙන්නේ උඹේ බොක්ක හොඳ නිසා. ඒ බොක්ක හොඳ වෙන්නේ උඹ බොන නිසා.... පිස්සුද බන්.. මද පමණට ගනින්. මද පමණට....
ReplyDeleteමේක අර විෂම චක්රයක්නෙ මේ මාතලං කියන හැටියට! සසලවුනේ බොක්ක හොඳ නිසා, බොක්ක හොඳ වුනේ බීම නිසා. ඒ නිසා... ! :D :D :D
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මේක ගෑනු ගැටයන් නෙමේ මාතලන්....මමත් ටිකක් හොයලා බැලුවා.ඉඳහිට ටිකක් ගත්තට පොලිසියෙන් මට ඒතරං අවුලක් නෑ..මේ පැත්තට ආවට තුති.
Deleteආයෙත් බොන්න එපා. සුභ උපන් දිනයක් !!!
ReplyDeleteමගේ පිටුවට ආපු අලුත් අමුත්තියව සාදරෙන් පිළිගන්නවා.අවවාදයත් පිළිගන්නවා.අනේ මගේ උපන්දිනේ නෙවැම්බර් මාසේ....
Deleteමට කඳුළු පිරුනා අප්පා මේක කියවල..මාරම පව්..ඔබ ඒ විදිහටම ඇගේ ඉල්ලීම ඉටු කරයි කියල හිතනවා අන්කල්..:(මාරම අවුල් මේක බලල මටනම්..
ReplyDeleteමම දුවගේ ඉල්ලිම ඉටුකරනවා........
Deleteහිතට එන දේවල් ගොඩයි නලීන්. නැතිවෙන තත්පරයක්වත් ආයෙ ගන්න බෑ. චූටි දූගෙ ඉල්ලීම ඉටු කරනවා තියන්නෙ දූ හිතුව විදියටම අළුත් තාත්තා කෙනෙක් ඉපදෙනවා කියන එක නේද..
ReplyDeleteඋපරිමම උත්සාහය ගන්නවා......
Deleteමගේ 1ට ඇවිත් කියපු නිසාමයි මේ පැත්තේ ආවෙ.අනේ පව් පොඩ් එකී.දරුවො කැමති අප්පච්චි නොබී ඉන්නවනම්.ඒක අහිංසක ඉල්ලීමක් විතරයි.ඒ ඉල්ලීම ඉටු කරන්න උත්සාහ කරන්න.
ReplyDeleteආයෙත් එන්නම්කෝ මේ පැත්තේ....
දැන් තේරෙනවනේ අප්පච්චිලා දුවලට හරිම ආදරෙයි.ඒත් ඒක පෙන්නන්නේ නෑ.
Deleteනලීන් මම මගෙ තාත්තාගෙ සිගරට් බීම කොහොම හරිම නවත්තා ගත්තා. නමුත් බීම නවතාගන්න බැරි උන එකට තාමත් දුක් වෙනවා. එයා ගොඩක් බොන කෙනෙක් නෙවෙයි, නමුත් ඉඳල හිටලා ටිකක් බොනවා. මම ඒ ටිකට වත් කැමති නෑ. ඊයේට මට වයස පනහ පිරුනා. මගෙ තාත්තාට දැන් වයස හැත්තෑ හයයි. දුවක් විදිහට මම හරිම වාසනාවන්තයි ඒ වගේ තාත්තෙක් ලැබීම ගැන. අපිට ලෝකෙ ගැන බොහෝ දේවල් කියා දුන්නෙ මගෙ තාත්තා. මට අවුරුදු දොලහේ දී තාත්තා පිටරට රැකියාවකට ගියේ. එදා ඉඳලා මට වයස විසි තුනක් වෙනකල් හැම රටක්ම බලා ගන්නට ඉඩ සලසා දුන්නා. වාසනාවකට මට ලැබුන මහත්තයා බොන්නේ නෑ. පිටරටකදී මට හමු උනත් ඔහු ඉතාම ආදරණීය කෙනෙක්. ඒ ගැන හරිම සතුටුයි. අපෙ පවුලේ සාර්ථක බව එතනයි තියෙන්නෙ. ඔයාගේ දූ සිඟිත්තී මේ ඉල්ලීම කරන්නට ඇත්තේ ඔබට තියෙන මහත්වූ ආදරය නිසයි. මම කලින් වතාවෙත් මේ ඉල්ලීමම කලා. මතකද? මවක් හෝ වැඩිමහල් සොයුරියක් ලෙස අදත් කරන්නේ ඒ ඉල්ලීමමයි. ආයෙත් බොන්න එපා. ඔබ වැනි අය අපිට, රටට වටිනවා. ඒ කාට නැතත් ඔබව ඔබේ බිරිඳට, දුවට හා පවුලේ අයට ඉතාම වටිනවා.
ReplyDeleteඔව් චන්දි බොන එක නවත්තන්න මම දැන් උපරිමම උත්සාහය ගන්නවා.ඡන්දෙ දවසෙ රෑ අපි වැඩ.හැම ඡන්දයක් දවසටම ප්‍රතිඵල ලියන ගමන් අපි බොනවා.මමත් බේබද්දෙක් වගේ බිව්ව කෙනෙක් නෙමේ විශේෂ අවස්ථාවල විතරයි බිව්වේ.ට්‍රිප් එකක් ගියාම පාටියකද වගේ.ඒත් මෙදා ඡන්දෙ දවසේ මම කටේවත් තිබ්බේ නෑ.බොන්න ඕන තරම් තිබුණා.තාම එහෙමමයි.උපරිම කැපවීම කරනවා.
Deleteහරිම සතුටුයි! මේ කියමන දැක්කාම. ඔබ ප්‍රතිපත්ති ගරුක නම් දුවගේ ඉල්ලීම සදා රකීවි. මේ බ්ලොග් සටහන් ඈ කවදා හෝ දකීවි. ඔබට එය මහත් ආඩම්බරයක් ගෙනදේවි. තෙරුවන් සරණින් ඔබ සියලු දෙනාට ජීවිත ගමන වාසනාව සතුට සම්පත් පිරි සාර්ථක ගමනක්ම වේවා!
Deleteමටත් දුක හිතුනා.පව් ඒ අහිංසක ළමයා.මත් පැන් මිනිස් ජීවිත විනාශ කරන්නේ.ලොකු ලොකු මොළවල් වලට තේරුනේ නැති උනාට ඒ පුංචි මොළේට තේරුනානේ...
ReplyDeleteස්තුතියි ධම්මික
Deleteසමාවෙන්න පරක්කු උනාට...
ReplyDeleteසුභම සුභ උපන්දිනයක්.... දූ පැටිය හරිම හුරතල් ඇති...
ස්තුතියි මිත්‍රයා
Deleteඅපේ ඥාති අයියා කෙනෙක් ඉන්නවා. මිනිහත් හොඳ බොනපාට් කෙනෙක්. ඒත් එයාත් බීම නැවැත්තුවා. ඇයි කියලා ඇහුවාම එයා කිව්වේ "බීලා ගියාම දුව [අවුරුදු 6 ක් විතර වයස] තාත්තේ තාත්තා ගාව ගඳයිනේ. ඇයි මේ ගඳ? කියලා අහනවාලු. ඒක නිසාම බොන එක අත් ඇරියා කියලා...
ReplyDeleteඔව් මල්ලී...මමත් අතඇරියා...
ReplyDeleteඇඩෙනවනේ....අන්නසෝත්රටම වැදුනා...කියන්න මොකුත් නෑ..අයි බොන්නෑ කියලා දන්නවා..
ReplyDeleteජය
මම පට්ට ආතල් ගත්තු එකෙක් මල්ලි.ලංකාවෙදි විතරක් නෙමේ පිට රට වලදිත්. දැන් ඒ සේරම නැවැත්තුවා.
Deleteජීවිතේ කියන්නේ ජීවත් වෙන එකම විතරක් නෙවෙයිනේ අයියේ ජීවත් කරවන එකත් ජීවිතේනේ...
Deleteආදර්ශවත් තාත්තෙක් සහ ආදරණිය දුවෙක්................
ReplyDeleteදැන් දුවටත් කිසි බයක් නැතුව තාත්තා වගේම කෙනෙක් ප්‍රාර්ථනා කරන්න පුලුවන්.....
:) :) :) :) :)
ස්තුතියි අමා...
Deleteපුංචි දූ තාත්තට ගොඩක් ආදරෙයි වගේ.. ඔබට සුභ උපන්දිනක් වේවා.. ප්‍රමාද වෙලා කියෙව්වේ.
ReplyDeleteකොහොම වුනත් මේ වගේ දෙයක් දැක්කම ටිකක් හිත සසල වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි.
කියල වැඩක් නෑ ඇලෙක්ස්......
Deleteඋදේපාන්දර මටත් කියන්න කිසිමදෙයක් හිතාගන්න බැරිවුනා අන්කල්....ඇඟම නිකන් හිරිවැටිල වගේ ගියා.......
ReplyDelete“සති දෙකයි අමතකයි“ සංගමයට එන්ට එපා. මේ අපි වගේ හරිය...
ReplyDelete