සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ගොල් කොණ්ඩා කොටුව දුරට පෙනෙන අයුරු

අපි විජය රජුගෙන් පැවත එන ආර්යයෝ වෙමු. එහෙයින්ම අපට අසල්වැසි ඉන්දියාව සමඟ ඇත්තේ අත්හල නොහැකි සබඳතාවකි.
විශේෂයෙන්ම අපට බුදු දහම ලැබුණේ ද ඉන්දියාවෙනි. බුදු හිමියන්ගේ ජීවිතය හා බැඳි සිද්ධස්ථාන වැඳ පුදාගන්නට අප සංචාරය කරන්නේ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයටය.

එහෙත් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ ස්ථාපිතව තිබුණා වූ ඉපැරැණි බෞද්ධ ශිෂ්ඨාචාරයක නටඹුන් අදටද දැකගන්නට එම ප්‍රදේශ වෙත යන සංචාරකයන්ට හැකිය. විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මක හා පරිසර හිතකාමී සංචාරවලට අන්ද්‍රා ප්‍රදේශය කදිම කලාපයකි.


බලකොටුවේ සිතියම
අන්ද්‍රා ප්‍රදේශ් සංචාරක සංවර්ධන සංස්ථාව (APTDC), චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත කරන ලද ඇරියුමකට අනුව ශ්‍රී ලංකා මහාබෝධි සමාගම මඟින් සංවිධානය කළ අන්ද්‍රා ප්‍රදේශ් මාධ්‍ය සංචාරයකට එක්වන්නට පසුගියදා අපට අවස්ථාව උදාවිය. මේ සංචාරයේදී අපට බෞද්ධ උරුමය මෙන්ම ඉපැරැණි ඉන්දියාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව දැකගන්නට ලැබිණි.
ජල කඳ මැද බුදුරුව
දැන් මා මේ ලිපි සමඟ ඔබ රැගෙන යන්නේ ඉපැරැණි අන්ද්‍රා ප්‍රදේශයේ ශ්‍රී විභූතිය දැකගන්නටයි. තමිල්නාඩු, කර්ණාටක, මහාරාෂ්ඨ, චේතිස්ගර, ඔරිස්සා ප්‍රාන්තවලට මැදිව අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය පිහිටා ඇත. සමස්ථ ඉන්දියාවේ ප්‍රාන්ත අතුරින් විශාලත්වයෙන් තෙවැනි තැන හිමිවන්නේ අන්ද්‍රා ප්‍රදේශයට යි.
මේ ප්‍රාන්තයේ ප්‍රධාන භාෂාව තෙළිඟු වන අතර වැඩිම පිරිසක් අදහන්නේ ඉස්ලාම් දහමයි. අනෙක් වැඩිම පිරිස හින්දු භක්තිකයෝ වෙති.

මෙවන් පුරවරයක ක්‍රි. පූ. දෙවැනි සියවසට අයත් බෞද්ධ සිද්ධස්ථාන පනස් එකක් සංරක්ෂණය වී අද එහි යන සංචාරකයන්ට, බැතිමතුන්ට දැක ගන්නට සලස්වා ඇත්තේ ඉන්දීය පුරාවිද්‍යාඥයන්ට පින් සිදුවන්නටය. අන්ද්‍රා ප්‍රදේශ් හි අග නගරය වන්නේ හයිඩ්‍රාබාද් නුවරයි.

තාරමතී මණ්ඩපය මත මම
හයිඩ්‍රාබාද් හි සංඛේතය වන්නේ සියවස් හතරක් ඉපැරණි චාමිනාර් පල්ලියයි. අධික ජනගහනයෙන් යුත් නගර මධ්‍යයේ ඉදිවී ඇති සුවිසල් පල්ලිය නගරයේ ම අණසක ඇත්තේ එහි බව ලොවටම කියාපායි.
මේ පුරවරයට යන සංචාරකයෙක් චාමිනාර් දැකගැන්ම මඟහරිත්නම් එය ජීවිතයේ කරන ලොකුම මෝඩකමකි.

දැන් අප පිවිසෙන්නේ අතීත හයිඩ්‍රාබාද් පුරවරයේ ශ්‍රී විභූතිය මැනවින් අද ලොවට කියාපාන ‍ෛඑතිහාසික ගොල්කොන්ඩා බළකොටුව වෙතටයි.
ස්වභායෙන්ම කළු ගල් නිධිවලින් සපිරි හයිඩ්‍රාබාද් පුරවරයේ මනරම් ගල්කන්දක් මත මේ ගොල්කොන්ඩා මහ බළකොටුව නිර්මාණය කොට ඇත්තේ එය දකින කවර තරාතිරමේ පුද්ගලයකු වුවද පුදුමයෙන් පුදුමයට පත්කරමිනි.

13 වැනි සියවසේදී හින්දු භක්තික කකාටිය රජු විසින් මේ බළකොටුවේ ඉදිකිරීම් ආරම්භකොට ඇතත් එය මහා බළකොටුවක් ලෙසින් ව්‍යාප්ත කොට ඇත්තේ අබ්දුල් කටූබ් ෂා රජු විසිනි. ඒ 1507 වකවානුවේ දීය.
ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍ර ඵලයක් ලෙසින් මේ ගොල් කොන්ඩා බළකොටුව අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය.

භාරාධරී මණ්ඩපය

මේ මහා බලකොටුව වටා දැවැන්ත ප්‍රාකාර 3කි. පිටතින්ම ඇති ශෛලමය ප්‍රාකාරය කිලෝ මීටර් 7ක් දිගය. අනෙක් ප්‍රාකාර දෙක ස්ථර දෙකකින් යුක්තව පිහිටුවා ඇත.
මේ අතර රජ මාලිගය හා ආරක්ෂාව වෙනුවෙන් ඉදිකෙරුණු දැවැන්ත ගොඩනැගිලිය. හාත්පස සිසාරා පෙනෙන මහා වේදිකා මණ්ඩපය දැවැන්ත කන්ද මුදුනේ ඉදි කොට ඇත.
මේ මණ්ඩපයට ගොඩවුණු කල්හි මුළු හයිඩ්‍රාබාද් පුරවරයම රිසි සේ දැක ගැන්මට හැකිය.
එකල අබ්දුල් කටූබ් ෂා රජ තෙමේ මේ මණ්ඩපයට ගොඩ වී ඈතින් පෙනෙන තවත් මණ්ඩපයක නර්ථනයේ යෙදුණු තාරමතී නම් නාටිකාංගනාවකගේ රැඟුම් නරඹා ඇතැයි ඉතිහාසයේ ලියැවී ඇත.
තාරමතී මණ්ඩපය ද්වාර දොළසකින් යුක්ත වූ බැවින් එය තාරමතී භාරාධරි නමින් හඳුන්වයි. අන්ද්‍රා ප්‍රදේශ් සංචාරක ප්‍රවර්ධන සංස්ථාව මඟින් පවත්වාගෙන යන සුපිරි සංචාරක නිකේතනය වූ තාරමතී භාරාධරි හරිත නිකේතනය පිහිටා ඇත්තේ මේ මනරම් මණ්ඩපය පාමුලය. එය සංචාරක සිත් පහන් කරවන දසුනින් යුතු නිමැවුමකි.
හයිඩ්‍රාබාදයට පිවිසෙන ඔබ නැරැඹිය යුතුම තවත් තැන් කීපයක්ම වෙයි. ඉන් පලමුවැන්න ලෝ ප්‍රකට හයිඩ්‍රාබාද් ජාතික කෞතුකාගාරයයි. පුරා විද්‍යා කෞතුකාගාරය හා හුසේන් සාගර් (සාගරය) මැද ලුම්බිනි උයනේ පිහිටි දැවැන්ත බුදු පිළිමයද ඔබ විසින් නැරැඹිය යුතුම තැන් දෙකකි.
නැවත අපි ඉර බැස යන සැන්දෑවේ ගොල් කොන්ඩා පිහිටි පීඨිකාවට පිවිසිය යුතුය. ඒ අන් කිසිවකට නොව ආලෝකය හා ශබ්දය පමණක් උපයෝගී කොටගෙන නිර්මාණය කොට ඇති ගොල් කොන්ඩා අතීත කතාන්දරය දැකගන්නටය.
මනහර විදුලි ධාරා මධ්‍යයේ දිගහැරෙන මේ දසුන් පෙලෙන් අපට එදා සියවස් හතරකට එපිටින් කාල වකවානුවට පිය නැගිය හැකිය. (Sound & light show) නමින් හඳුන්වන මේ මාහැඟි නිර්මාණය අන්ද්‍රා ප්‍රදේශ් සංචාරක ප්‍රවර්ධන සංස්ථාවේ තවත් අගනා ව්‍යාපෘතියකි.


සංචාරක සටහන
නලින් දිල්රුක්‍ෂ


විශේෂ ස්තුතිය


ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි සොයුරාට

15 comments:

  1. මොනවද මේ ලියන බොරු

    ReplyDelete
  2. මේව බොරු නෙමේ ගිහින් ම බලපන්.

    ReplyDelete
  3. හරිම අපූරු ලිපියක්.ස්තුතියි සහෝ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා.

      Delete
  4. යාදයි මේ පැත්තට ආවේ. නියම ලිපි ලියනවා. ඒත් අකුරු පොඩ්ඩක් පොඩියි කියවන්න අමාරුයි. theme එකේ අවුලක් වගේ edit html වලින් හදන්න බලන්න. ජය..

    ReplyDelete
  5. මනෝජ් සහෝදරයා ඔයා කියනනේ ඇත්ත.අකුරු හදන්න මම දන්නේ නෑ.දන්න තරමින් හැදුවා ඒත් වීව් එකට පෙන්නන්නේ මේ විදිහට.කවුරු හරි දන්න කෙනෙක් හමු වූ වහාම මේක හදනවා.මම බ්ලොග් හදන්න දන්නේ නෑ. ටිකක් ලියන්න ව්තරයි දන්නේ.දන්න හඳුනන මල්ලිලා ටිකක් තමයි මට මේක හදන්න උදව් කළේ.ඔයත් මට ශක්තියක් ජයවේවා.

    ReplyDelete
  6. බොහොමැ වැදගත් තොරතුරු ටිකක් දැනගතිමි...

    ReplyDelete
  7. නලීන් මලේ, බ්ලොග් එක අපූරුයි. මමත් සුලෝහිතයෙක්. 70 - 79 කාලයේ. මට බ්ලොග් ලියන්න ඉගැන්නුවේ හෙන්රි (හෙන්රි ජයවර්ධන) කියලා තවත් සුලෝහිතයෙක්. ඌ බ්ලොග් දෙකක් ලියනවා, ඒ දෙකට ගොඩවෙලා බලන්න.

    http://matahithenahatty.wordpress.com/
    http://dude-heydude.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හරිම සන්තෝෂයි. මම ඒ පැත්තට ගියා.සුලෝහිතයෙක් බව මැනවින් පේනවා ඒ නිර්මාණ තුළින්.

      Delete
  8. අපූරු ලිපියක්.නොදත් බොහෝ දේ දැනගත්තා.සංචාරයට අවස්ථාවක් ලැබුණොත් මේ ලිපිය ගොඩක් වැදගත් වේවි.ස්තුතියි නලීන්.

    ReplyDelete
  9. මේකනම් පොඩ්ඩක් තේරෙන්නේ නෑ හෆ්ෆා . මේක කියවනකොට අපි ලෝකේ ගැන කොච්චර පොඩ්ඩද දන්නේ කියලා හිතුනා .
    හරිම වටිනා ලිපියක් .

    ReplyDelete
  10. api vijayagen pewatha ennan nowe..Mahaa wanshaye palamu parichchedaya vijaya gena thiyena nisa oka patalawagena thiyenne..vijaya enna kalin lankawa janapadha karanayata lakwela thibune..vijaya ethulu pirisa lankawata awama api kanna dunneth bath..api vijayagen enne kiyala balen patawapu aakalpayak thiyenne..anuradhapura ethul nuwara excavtion walin 7BC walata eha yanawa ape history eka..me sadaka anuwa pamanai.namuth ita eha ithihasayak apita thiyanawa..

    ReplyDelete
  11. api vijayagen pewatha ennan nowe..Mahaa wanshaye palamu parichchedaya vijaya gena thiyena nisa oka patalawagena thiyenne..vijaya enna kalin lankawa janapadha karanayata lakwela thibune..vijaya ethulu pirisa lankawata awama api kanna dunneth bath..api vijayagen enne kiyala balen patawapu aakalpayak thiyenne..anuradhapura ethul nuwara excavtion walin 7BC walata eha yanawa ape history eka..me sadaka anuwa pamanai.namuth ita eha ithihasayak apita thiyanawa..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT