ගොල් කොණ්ඩා කොටුව දුරට පෙනෙන අයුරු |
අපි විජය රජුගෙන් පැවත එන ආර්යයෝ වෙමු. එහෙයින්ම අපට අසල්වැසි ඉන්දියාව සමඟ ඇත්තේ අත්හල නොහැකි සබඳතාවකි.
විශේෂයෙන්ම අපට බුදු දහම ලැබුණේ ද ඉන්දියාවෙනි. බුදු හිමියන්ගේ ජීවිතය හා බැඳි සිද්ධස්ථාන වැඳ පුදාගන්නට අප සංචාරය කරන්නේ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයටය.
එහෙත් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ ස්ථාපිතව තිබුණා වූ ඉපැරැණි බෞද්ධ ශිෂ්ඨාචාරයක නටඹුන් අදටද දැකගන්නට එම ප්‍රදේශ වෙත යන සංචාරකයන්ට හැකිය. විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මක හා පරිසර හිතකාමී සංචාරවලට අන්ද්‍රා ප්‍රදේශය කදිම කලාපයකි.
![]() |
බලකොටුවේ සිතියම |
ජල කඳ මැද බුදුරුව |
මේ ප්‍රාන්තයේ ප්‍රධාන භාෂාව තෙළිඟු වන අතර වැඩිම පිරිසක් අදහන්නේ ඉස්ලාම් දහමයි. අනෙක් වැඩිම පිරිස හින්දු භක්තිකයෝ වෙති.
මෙවන් පුරවරයක ක්‍රි. පූ. දෙවැනි සියවසට අයත් බෞද්ධ සිද්ධස්ථාන පනස් එකක් සංරක්ෂණය වී අද එහි යන සංචාරකයන්ට, බැතිමතුන්ට දැක ගන්නට සලස්වා ඇත්තේ ඉන්දීය පුරාවිද්‍යාඥයන්ට පින් සිදුවන්නටය. අන්ද්‍රා ප්‍රදේශ් හි අග නගරය වන්නේ හයිඩ්‍රාබාද් නුවරයි.
තාරමතී මණ්ඩපය මත මම |
මේ පුරවරයට යන සංචාරකයෙක් චාමිනාර් දැකගැන්ම මඟහරිත්නම් එය ජීවිතයේ කරන ලොකුම මෝඩකමකි.
දැන් අප පිවිසෙන්නේ අතීත හයිඩ්‍රාබාද් පුරවරයේ ශ්‍රී විභූතිය මැනවින් අද ලොවට කියාපාන ෛඑතිහාසික ගොල්කොන්ඩා බළකොටුව වෙතටයි.
ස්වභායෙන්ම කළු ගල් නිධිවලින් සපිරි හයිඩ්‍රාබාද් පුරවරයේ මනරම් ගල්කන්දක් මත මේ ගොල්කොන්ඩා මහ බළකොටුව නිර්මාණය කොට ඇත්තේ එය දකින කවර තරාතිරමේ පුද්ගලයකු වුවද පුදුමයෙන් පුදුමයට පත්කරමිනි.
13 වැනි සියවසේදී හින්දු භක්තික කකාටිය රජු විසින් මේ බළකොටුවේ ඉදිකිරීම් ආරම්භකොට ඇතත් එය මහා බළකොටුවක් ලෙසින් ව්‍යාප්ත කොට ඇත්තේ අබ්දුල් කටූබ් ෂා රජු විසිනි. ඒ 1507 වකවානුවේ දීය.
ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍ර ඵලයක් ලෙසින් මේ ගොල් කොන්ඩා බළකොටුව අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය.
භාරාධරී මණ්ඩපය |
මේ අතර රජ මාලිගය හා ආරක්ෂාව වෙනුවෙන් ඉදිකෙරුණු දැවැන්ත ගොඩනැගිලිය. හාත්පස සිසාරා පෙනෙන මහා වේදිකා මණ්ඩපය දැවැන්ත කන්ද මුදුනේ ඉදි කොට ඇත.
මේ මණ්ඩපයට ගොඩවුණු කල්හි මුළු හයිඩ්‍රාබාද් පුරවරයම රිසි සේ දැක ගැන්මට හැකිය.
එකල අබ්දුල් කටූබ් ෂා රජ තෙමේ මේ මණ්ඩපයට ගොඩ වී ඈතින් පෙනෙන තවත් මණ්ඩපයක නර්ථනයේ යෙදුණු තාරමතී නම් නාටිකාංගනාවකගේ රැඟුම් නරඹා ඇතැයි ඉතිහාසයේ ලියැවී ඇත.
හයිඩ්රාබාදයට පිවිසෙන ඔබ නැරැඹිය යුතුම තවත් තැන් කීපයක්ම වෙයි. ඉන් පලමුවැන්න ලෝ ප්‍රකට හයිඩ්‍රාබාද් ජාතික කෞතුකාගාරයයි. පුරා විද්‍යා කෞතුකාගාරය හා හුසේන් සාගර් (සාගරය) මැද ලුම්බිනි උයනේ පිහිටි දැවැන්ත බුදු පිළිමයද ඔබ විසින් නැරැඹිය යුතුම තැන් දෙකකි.
නැවත අපි ඉර බැස යන සැන්දෑවේ ගොල් කොන්ඩා පිහිටි පීඨිකාවට පිවිසිය යුතුය. ඒ අන් කිසිවකට නොව ආලෝකය හා ශබ්දය පමණක් උපයෝගී කොටගෙන නිර්මාණය කොට ඇති ගොල් කොන්ඩා අතීත කතාන්දරය දැකගන්නටය.
මනහර විදුලි ධාරා මධ්‍යයේ දිගහැරෙන මේ දසුන් පෙලෙන් අපට එදා සියවස් හතරකට එපිටින් කාල වකවානුවට පිය නැගිය හැකිය. (Sound & light show) නමින් හඳුන්වන මේ මාහැඟි නිර්මාණය අන්ද්‍රා ප්‍රදේශ් සංචාරක ප්‍රවර්ධන සංස්ථාවේ තවත් අගනා ව්‍යාපෘතියකි.
සංචාරක සටහන
නලින් දිල්රුක්ෂ
විශේෂ ස්තුතිය
ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි සොයුරාට
මොනවද මේ ලියන බොරු
ReplyDeleteමේව බොරු නෙමේ ගිහින් ම බලපන්.
ReplyDeleteහරිම අපූරු ලිපියක්.ස්තුතියි සහෝ!
ReplyDeleteස්තුතියි සහෝදරයා.
Deleteයාදයි මේ පැත්තට ආවේ. නියම ලිපි ලියනවා. ඒත් අකුරු පොඩ්ඩක් පොඩියි කියවන්න අමාරුයි. theme එකේ අවුලක් වගේ edit html වලින් හදන්න බලන්න. ජය..
ReplyDeleteමනෝජ් සහෝදරයා ඔයා කියනනේ ඇත්ත.අකුරු හදන්න මම දන්නේ නෑ.දන්න තරමින් හැදුවා ඒත් වීව් එකට පෙන්නන්නේ මේ විදිහට.කවුරු හරි දන්න කෙනෙක් හමු වූ වහාම මේක හදනවා.මම බ්ලොග් හදන්න දන්නේ නෑ. ටිකක් ලියන්න ව්තරයි දන්නේ.දන්න හඳුනන මල්ලිලා ටිකක් තමයි මට මේක හදන්න උදව් කළේ.ඔයත් මට ශක්තියක් ජයවේවා.
ReplyDeleteබොහොමැ වැදගත් තොරතුරු ටිකක් දැනගතිමි...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනලීන් මලේ, බ්ලොග් එක අපූරුයි. මමත් සුලෝහිතයෙක්. 70 - 79 කාලයේ. මට බ්ලොග් ලියන්න ඉගැන්නුවේ හෙන්රි (හෙන්රි ජයවර්ධන) කියලා තවත් සුලෝහිතයෙක්. ඌ බ්ලොග් දෙකක් ලියනවා, ඒ දෙකට ගොඩවෙලා බලන්න.
ReplyDeletehttp://matahithenahatty.wordpress.com/
http://dude-heydude.blogspot.com/
හරිම සන්තෝෂයි. මම ඒ පැත්තට ගියා.සුලෝහිතයෙක් බව මැනවින් පේනවා ඒ නිර්මාණ තුළින්.
Deleteඅපූරු ලිපියක්.නොදත් බොහෝ දේ දැනගත්තා.සංචාරයට අවස්ථාවක් ලැබුණොත් මේ ලිපිය ගොඩක් වැදගත් වේවි.ස්තුතියි නලීන්.
ReplyDeleteමේකනම් පොඩ්ඩක් තේරෙන්නේ නෑ හෆ්ෆා . මේක කියවනකොට අපි ලෝකේ ගැන කොච්චර පොඩ්ඩද දන්නේ කියලා හිතුනා .
ReplyDeleteහරිම වටිනා ලිපියක් .
api vijayagen pewatha ennan nowe..Mahaa wanshaye palamu parichchedaya vijaya gena thiyena nisa oka patalawagena thiyenne..vijaya enna kalin lankawa janapadha karanayata lakwela thibune..vijaya ethulu pirisa lankawata awama api kanna dunneth bath..api vijayagen enne kiyala balen patawapu aakalpayak thiyenne..anuradhapura ethul nuwara excavtion walin 7BC walata eha yanawa ape history eka..me sadaka anuwa pamanai.namuth ita eha ithihasayak apita thiyanawa..
ReplyDeleteapi vijayagen pewatha ennan nowe..Mahaa wanshaye palamu parichchedaya vijaya gena thiyena nisa oka patalawagena thiyenne..vijaya enna kalin lankawa janapadha karanayata lakwela thibune..vijaya ethulu pirisa lankawata awama api kanna dunneth bath..api vijayagen enne kiyala balen patawapu aakalpayak thiyenne..anuradhapura ethul nuwara excavtion walin 7BC walata eha yanawa ape history eka..me sadaka anuwa pamanai.namuth ita eha ithihasayak apita thiyanawa..
ReplyDeleteඔබ හරි අජිත්
Delete