පතායා වෙරළ ආශ්‍රිත ක්‍රියාකාරකම් සහ ඈත දියඹේ සුන්දරත්ව විඳී අප සයුමි දූපතේ (Samui Island) සංචාරක නිවාඩු නිකේතනයෙන් නික්ම සංචාරක මඟ පෙන්වන්නා ද සමඟ යළි පතායා නගරයට පැමිණ පතායා හි සුවිසල් පාර්ක් ටවර් (Parktower) කුලුන නැරැඹීමට ගියෙමු.
පාර්ක් ටවර් (Parktower) පිහිටියේ තායිලන්තයේ නැගෙනහිර වෙරළේ පිහිටි පතායා උද්‍යාන වෙරළ නිකේතනයේ ය. සංචාරකයකු ජීවිතයේ කිසිදා අත් නොවිඳී ප්‍රමෝදයක් මෙහිදී අත් විඳීය හැකිය. මෙහිදී ස්කයි ෂටලය (Sky shuttle) ස්පීඩ් ෂටලය (Speet shuttle) හා කුලුනු පැනුම (Tower jump) යන අංගයන්හි ත්‍රාසජනක අත්දැකීම විඳ ගැනීමට හැකියාව ලැබේ. උස් කුලුනේ සිට අවට සිරි නැරැඹීමම චකිතය මුසු ප්‍රමෝදයක් ඇති කරවන්නෙකි.

මීටර් 240 ක් උස කුලුනේ මීටර් 170 ක උසක සිට වෙරළ තීරය දක්වා පහළට පැනීම හෝ ස්කයි ෂටලයෙන් (Sky shuttle) කණ්ඩායම් වශයෙන් ගමන් කිරීම වැනි ක්‍රියාකාරකම් වල යෙදිය හැකිය. තවද මෙහිදී ස්පීඩ් ෂටලය (Speet shuttle) මඟින් ගමන් කිරීමෙන් සංචාරකයන් ගමන් ගන්නා වේගය දෙගුණ තෙගුණ කරගත හැකි ය. මේ සියල්ලම නිරීක්‍ෂණ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත්විට නොමිලයේම අත්විඳීය හැකි ය.
කුලුනේ මුදුනේ සිට දක්නට ලැබෙන දර්ශනය කිසිදා අමතක නොවන අත් දැකීමක් වන අතර එහි 52, 53 සහ 54 වැනි මහල්වල පවත්නා මෙරිඩියන් රිවොල්වින් රෙස්ටොරන්ට් (Meridian Revoluing Restaurant) නම් කැරකෙන ආපන ශාලාවේ ආහාර භුක්ති විඳිය හැකි ය. මෙහිදී රසවත් ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන්, දැල්ලන් වැනි කෑමද මුහුදු ශාක ද බත්, නූල්ඩ්ස් වැනි ආහාර ද රස විඳිමින් පසු තලවල ඇති දර්ශනීය පරිසරයට ද නෙත යොමුකරමින් වඩාත් ආශ්චර්යමත් අත්දැකීමක් විඳ ගැනීමට හැකිවන්නේ ය. වෙරළ තීරය මෙන්ම පතායා නගරය ද මෙහිදී මුළුමනින්ම දර්ශනයට හසුකර ගැනීමට හැකි ය.





මදුෂ වරුසවිතාන මහතාට
http://www.myprimetrip.com/
සහ
මිහිරාන් ඕපාත මිතුරාට
සටහන
නලින් දිල්රුක්‍ෂ සමඟ ආසිරි මල්ලව ආරච්චි
තායිලන්ත සංචාරයෙන් පසු....
විශේෂ ස්තුතිය

http://www.nippolacpaints.com/products/locator.php
තායිලන්තේ යන්න හිතෙනවා පෝස්ට් එක දැක්කම...ලස්සනට ලියලා තියෙනවා..දිගටම ලියන්න...මම ලංකාව වටේ යමින් ලස්සන තැන් ගැන ලියනවා..ඒ පැත්තටත් ඇවිත් යන්න එන්න..මෙන්න ලින්ක් එක.http://yanaenaten.blogspot.com/
ReplyDeleteකීයක් හරි හොයාගන තායිලන්තේ ගිහින් එන්න.ලාබෙටම යන්න හා විනෝද වෙන හැටි මම ඉදිරි ලිපි මගින් හෙළි කරනවා.රු.40000කින් තායි ගිහින් එන්න හැකියි. හොඳට සැලසුම් කරන්න ඕනෑ.
ReplyDeleteඔයාගේ සටහන් පෙළත් කියවනවා. නලින්
හරිම ලස්සන තැනක්නේ, ආසාවෙන් කියෙව්වා.අදමයි මේ පැත්තට මම ආවෙත්..
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා මගේ නොදුටු මිතුරාව. මමත් ඔයාගේ අඩවියට පිය මැන්නා.අර්ථවත් දෙයක් දෙසට නෙත යොමු කරන්න කාලය හොඳයි නේද මල්ලි
ReplyDeleteඅගනා ලිපියක් මචං .... ජිවිතය නියම අරුත තියෙන්නේ සංචාරකයෙක් වගේ ලොකේ පුරාම ගියාම
ReplyDelete40000 ට මම හිතන්නේ දැන් දඹුලු ගොහින් තලගොයි මරාගෙන එන්නත් බෑ . හැක හැක හැක
ReplyDeleteතාම පුළුවන් වයලිනෝ.. මම මාස 3කට කලිනුත් ගියා. තලගොයි මරනවානං ටිකක් වැඩිය යනවා. තලගොයි බලල එන්නත් හැකියි.
Delete