![]() |
වර්ණ සළුවෙන් හැඩ වුණු එතිපොතලා |
අන්ද්‍රා ප්‍රදේශ් සංචාරයේ දී නාගර්ජුන්කොණ්ඩා දැකගත් අපි සැඳෑ වරුව වෙන් කළේ එතිපොතලාහි සුන්දර නිවුන් දිය ඇලි නැරඹීමටයි. නාගර්ජුන් සාගර් නගරයේ සිට කිලෝ මීටර් 11ක් පමණ දුරකින් එතිපොතලා නගරය පිහිටා ඇත.
මේ දිය ඇලි පිහිටා ඇති ස්ථානය ආසන්නයේ අන්ද්‍රා ප්‍රදේශ් සංචාරක දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන මනරම් සංචාරක නිකේතනයක් ඇත.
දිය ඇල්ලේ පහස විඳින්නට යන කොයි කවුරුත් මේ සංචාරක නිකේතන භූමියට පිවිස ඒ ඔස්සේ දිය ඇලි කරා යායුතු වෙයි.
![]() |
සූර්යවංක ඇල්ල |
විවේකී දවසක් ගෙවන්නට මෙතැන කදිම ස්ථානයකි. අලංකාර ගෙවත්තේ ඇවිද යමින් අපි දිය ඇල්ලේ නැරෑඹුම් පීඨිකාව වෙතට පිවිසුනෙමු.
මනස්කාන්ත දසුනකි අප ඉදිරියේ දැන්..... අප සිටින පීඨිකාවට පහළින් නිවුන් දිය ඇලි සොයුරියෝ කඩා හැලෙත්. අඩි සිය ගණනක් පහළ පිහිටි තටාකයට ජලකඳ මහ ඝෝෂාවක් නඟමින් කඩා හැලේ.
අමරාවතී චෙත්යෙය් අනුරුව ඉදිවෙමින් |
බුද්ධවනම් ගම්මානයේ දසුන් |
දෙපසකින් කඩා හැලෙන මේ දිය ඇලි සොයුරියෝ සූර්යවංක හා චන්ද්‍රවංක ලෙසින් හැඳින් වෙයි.
මෙහි සුන්දරත්වය නිසි ලෙස විඳගන්නට නම් රාත්‍රිය ද මෙහි ගතකළ යුතුමය.
ක්‍රිෂ්ණා ගංගාව හරස්කොට |
දිය දහර කඩාවැටෙන ජල තඩාකය තවත් ආකර්ශනීය ස්ථානයකි. එහි කිඹුලන් බෝකරන මධ්‍යස්ථානයකි.
දිය ඇලි නැරැඹිමට එන සංචාරකයෝ මෙහි දී කිඹුලන්ට කෑම දීම සිරිතකි. බලධාරීන් නියමකරන ආහාර වර්ග මෙහි දි කිඹුලන්ට ලබා දෙමින් ජනතාව මහත් විනෝදයක් ලබති.
මිහිර රිසි සේ විඳි අප එතැනින් සමුගත්තේ යළිත් නාගර්ජුන් සාගර් හි පිහිටුවා ඇති බුද්ධවනම් බෞද්ධ උද්‍යානයට යාමටයි. එය තෙළිගු අධිරාජ්‍යයක ස්ථාපිත කළ බෞද්ධ ගම්මානයක් වැනිය.
බුදු දහම පැතිරී ඇති ලොව සියලුම රටවල වන්දනීය පූජාබිම් ඒ අයුරින්ම මෙම උද්‍යානයේ ස්ථාපිත කිරීමට බළධාරීන් කටයුතු යොදා ඇත.
සුප්‍රකට අමරාවතී චෛත්‍යෙයේ අනුරුවක් එම ප්‍රමාණයටම මෙම උද්‍යානයේ ඉදිවෙමින් පවතී.
ලොව වෙසෙන ඕනෑම බෞද්ධයෙකුට මෙහි පැමිණ ආගම හදාරන්නට ආගමික වැඩසටහන් ක්‍රියාවට නංවන්න අවස්ථාව ඇතැයි ඔවුහු අප හා පැවසූහ.
මෙහි ඉදිකෙරෙන නිර්මාණ ඒ ඒ බෞද්ධ රටවල් මඟින්ම බරපැන දරා ඉදි කරනු ලබයි. ශ්‍රී ලංකා රජය මඟින්ද මෙහි ථූපාරාම චෛත්‍යෙයේ අනුරුවක් ඉදිකරමින් පවතී.
එයට අමතරව මෙම භූමියේ ලොව බුදු දහම ප්‍රචලිත රටවල් 10ක චෛත්‍යයන්ගේ අනුරුවන් ද ඉදිවෙමින් පවතී. මෙම උද්‍යානය අක්කර 355ක් පුරා පැතිරී පවතී.
මෙහි තවත් පසෙක බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් නිරූපණය කෙරෙන ස්මාරක සමූහයකි. මෙවන් උද්යනයක් ඇතිකිරීම මඟින් අන්ද්‍රා ප්‍රදේශ් රජය බලාපොරොත්තුවන්නේ ලෝකයේම පවතින බුදු දහම පිළිබඳව එකම ස්ථානයක සිට දැකගන්නට අවස්ථාව උදාකර දීමයි.
මේ වසර නිමාවට පත්වන්නට පෙර බුද්ධවනම් උද්‍යානයේ වැඩ නිම කරන බව එහි බලධාරීහු අප හා පැවසූහ.
අන්ද්‍රා ප්‍රදේශ් හි සංචාරක කර්මාන්තයට අදාළ සියලු කටයුතු සිදුවන්නේ එහි රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිවයි. නවාතැන් පහසුකම් , ප්‍රවාහන පහසුකම්, සංචාරක මඟපෙන්වන්නන්මෙන්ම සියලුම සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථාන ප්‍රාන්ත රජයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි.
එය සංචාරකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් ප්‍රශංසනීය මෙහෙවරකි.
සංචාරක සටහන හා ඡායාරූප
නලීන් දිල්රුක්ෂ
ස්තුතිය
සමන් අතාවුදහෙට්ටි මහතාට
ඇත්තටම වැදගත් සංචාරක සටහනක්. සුබ පැතුම්. ජය...!
ReplyDeleteස්තුතියි මිත්‍රයා.
Deleteමාත් කොහේදේ තැනක ඉදලා අහම්බයෙන් වගේ මෙතනට ආවා. මේකනම් නියම අදහසක්... ලෝකෙ වටේ ගොඩක් දේවල් තියනවා අපි දන්නෙ නැති නමුත් හරිම ලස්සන සහ පුදුමාකාර. ඒ තැන් ගැන වැඩිවැඩි යෙන් ලියන්න කියලා ආරාධනා කරනවා. විකියෙ වගේ තැන් වල තියන ඒවා පරිවර්තනය කරල හරි ලියලා අපිටත් අලුත් දේවල් දැක බලාගන්න ඉඩදෙනව නම් ගොඩක් හොදයි.
ReplyDeleteනිතර ගොඩවෙන්න අමතක වෙයි.. ඒනිසා සින්ඩි වලට දාන්න.. දැක්කොත් එනවා බලන්න...
--- www.EduLanka.LK ---
හරිම සන්තෝසයි ඔයාගේ අදහස් දැක්වීම ගැන. තව හොඳ ලිපි පෙළක්ම ලියනවා.දැනට මම ලියන්නේ මා ගිය තැන් ගැනයි.අනික් හැමෝටමත් ලියන්න අවස්ථාව තියනවා.
Deleteඔබට ජය!
ReplyDeleteහරිම අපූරුයි මෙහෙම වැදගත් දේ ලියවෙන එක.
මෙහි තිබෙන බෞද්ධ උද්‍යානයේ සංකල්පය වගේම කටයුතු නම් සැබවින්ම අගය කල යුතුයි
ReplyDeleteතෙළිගු අධිරාජ්‍යයක් මැද මේ ඉදිවන උද්‍යානය සැබවින්ම අගය කළ යුතුයි
Deleteඅපූරු ලිපියක්.
Deleteස්තුතියි මිතුරාණනේ
Deleteමේ වගේ තැනක ස්තූපයක අනුරුවක් ඉදිවෙනවා කියලා දැනගත්තම හරිම සන්තෝසයි !
ReplyDeleteවයලිනෝ අද සංචාරක පෝස්ට් සේරම කියවනවා වගේ.
Delete