සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ද අප සංචාරයේ දෙවැනි දිනයයි. අපගේ සංචාරක කාල සටහනට අනුව අප අද යා යුතුව ඇත්තේ පතායා වෙරළේ සිට මුහුදු සැතපුම් 7ක් පමණ දුරින් පිහිටි මුහුද යට කොරල් දූපත නැරැඹීමටයි.
තායිලන්තය සාමාන්‍යයෙන් වසර පුරා උෂ්ණ කාලගුණයකින් යුක්තය. දකුණු ප්‍රදේශවල සාමාන්‍යයෙන් ඍතු 2ක් තිබීම හැරුණුවිට තායිලන්තයේ සාමාන්‍යයෙන් ඍතු 3ක් ඇත.
Cool Season (ශීත ඍතුව-නොවැම්බර් සිට පෙබරවාරි දක්වා) Hot Season (උෂ්ණ ඍතුව මාර්තු සිට මැයි දක්වා) Rain Season (වර්ෂා ඍතුව - ජුනි සිට ඔක්තෝම්බර් දක්වා) තායිලන්තයේ උෂ්ණත්ව ප්‍රදේශ වනුයේ මධ්‍යම සහ වයඹ ප්‍රදේශයි.
මෙම ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40 දක්වා ඉහළ නගී. ශීත කාලයේ දී වුවද උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20 දක්වා අඩු වන්නේ කලා තුරකිනි.
ජුනි සිට ඔක්තෝම්බර් දක්වා කාලය වර්ෂා ඍතුව වුවද අප සංචාරය ජූලි මසට යෙදී තිබුණත් තායිලන්තයට වර්ෂාවක් නොමැත. මන්ද පෘථිවිය තුළ අද වනවිට පවතින කාලගුණික අසමතුලිතතාව මීට හේතුවයි.
තද හිරු රැසින් බර පතායා වෙරළ තීරය තවතවත් උණුසුම් වන්නේ හිරු කිරණ මුහුදේ ජල මතුපිටට පතිත වී පරාවර්තනය වන බැවිනි. එයින් එහි වායුගෝලය තවතවත් උණුසුම් වෙයි. අර්ද්‍රතාව ශුන්‍ය වී ඇත.
 දහදිය බිදු මුළු සිරුර පුරා දෝරේ ගලයි. කොපමණ පීඩාවට පත්වී සිටියත් අපගේ සංචාරක ගමන් ඇරැඹුම දැන් ළඟා වී හමාරය. ජීවිතාරක්ෂක අධිවේගි මෝටර් බෝට්ටුවකට නැඟි මමත්,
 නලිනුත් කෝලැන් (Koh Larn) කොරල් දූපත දක්වා ගමන් ඇරැඹුවෙමු.
කෝලැන් හෝ කෝලැන් ලෙස ව්‍යවහාර වන එහි අර්ථය ‘කොරල් දූපත’ යන්නයි. මෙය පිහිටා ඇත්තේ බටහිර පතායා සිට කිලෝමීටර් 12 ක් පමණ දුරින් වන අතර අධිවේගි බෝට්ටුවකින් විනාඩි 30 කින් යා හැකි ය.
මෙ ගමනේ දී මුහුද රළුනම් යමෙකුට කරකැවිල්ල හෝ වමනයද ඇතිවීමට ඉඩ ඇත. නමුත් මුහුදු ගමනේදී දිය බිඳී ඉදිරියෙන් හා පසුපසින් විහිදෙන්නේ ගතට සිසිලසක් දනවමිනි.
පතායාහි කළබලකාරි වෙරළට වඩා කොරල් දූපත් සන්සුන් ය. එසේ හෙයින්ම ඒවා ‘සන්සුන් දිවයින්’ (Island of Tranquility) ලෙස හැඳින්වේ. එහි වෙරළ සුන්දරය. මුහුදු ජලය වීදුරුවක් මෙන් පැහැදිලිය.
පුළුල් වැලි තලාවකින් යුත් වෙරළකින් සමන්විත කෝලෑන් දූපතේදී දිය යට කිමිදීම හා මුහුදු පතුලේ ඇවිද යෑම වැනි ආශ්චර්යමත් ක්‍රියාවන් වල නිරත විය හැකිය.
මෙහිදී වීදුරුමය පත්ලක් ඇති බෝට්ටුවක නැගී කොරල් වල සුන්දරත්වය අත්විඳිය හැකි සේම කිමිදුම් කට්ටලයක් පැළඳ දිය යට කිමිදී, දිය යට ඇවිදිමින් සුන්දර මසුන් සහ කොරල් නැරැඹිය හැකිය.
මුහුදු පතුලේ ඇවිදීම අමුතුම අත්දැකීමකි. මෙහිදී බෝට්ටුවේ එල්ලෙන කඹයකින් ඉනිමඟක ආධාරය ඇතිව කිමිදුම්කරුවකුගේ මාර්ගෝපදේශයෙන් මුහුදු පතුලට යා හැකිය.
මේ සඳහා වීදුරු ගෝලයක් හැඩැති හෙල්මටයක් සම්පූර්ණ මුහුණම ආවරණය වන පරිදි උර මත රඳවනු ලැබේ. මේ සඳහා වන ස්වසන උපකරණ සියල්ල බෝට්ටුව හා සම්බන්ධව පවතී.
පුද්ගලයන් 6 - 8 දෙනකුගේ කණ්ඩායමක් සමඟ එක් කිමිදුම්කරුවකු යෙදවෙන අතර ඔහු සියල්ලන්ටම අවට සිරි දක්වනු ලැබේ. එහි ලොකු කුඩා මසුන් බහුලය. මෙහිදී අප අත රඳවනු ලබන ආහාරවලට මසුන් කටගසන අයුරු අපට අත්විඳිය හැකිය.
සමහරවිට මසුන් අතපය කෑමටද හැකිවන්නේ ය. තවද මසුන් දහස් ගණනින් මුළු ශරීරය පුරාම වැතිරී ස්පර්ශ වීම අප ලබන මහත් ආශ්චර්ය ජනකම අත්දැකීම ය. මේ අභ්‍යන්තර මුහුදු අත්දැකීම විඳගන්නට ලැබෙන්නේ විනාඩි 30 - 45 ත් අතර කාලයක් පමණි. මේ සඳහා එක් අයකුගෙන් බාත් 1200ක් අය කරයි. මුහුදු පතුලේ අපට අත්විඳීමට සිදුවන ඒ වූ සුන්දර අත්දැකීම ඡායාරූප ගතකළ CD තැටියක් ඔබට ලබා ගැනීමට හැකිවන අතර ඒ සඳහා බාත් 700ක අමතර ගෙවීමක්ද කළ යුතුය.


මුහුදු පතුලේ කොරල්පර නරඹන කණ්ඩායමක්

මත්ස්‍යයන් ස්පර්ශ කරමින්...

55 comments:

  1. වටිනා දේශාඨන සටහන් පෙලක්ම කියවන්න ලැබෙයි වගේ ඉදිරියේදිත්. රට රටවල් වල යන ගමන් ලැබෙන විවේකයේදි මේ වගේ අන් අයවත් දැනුවත් කරල අද්දැකීම් බෙදාගන්න එක ගැන සතුටුයි. සුභ පතනව !!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මල්ලියා. ඔයාලගේ අද්දැකීම් වලටත් ඉඩ තියනවා ලියලා එවන්න මගේ විද්‍යුත් තැපෑලට.

    ReplyDelete
  3. hoda wenasak digatama liyanna yaluwa

    ReplyDelete
  4. අනිවා හොඳ ලිපි ටිකක් ලියනවා.

    ReplyDelete
  5. ෂා....... මරු ඈ..කියවන්න කියවන්න ආස හිතෙවා..

    ReplyDelete
    Replies
    1. පටිට අැ සුපිරි තව ලිපි ලියන්න

      Delete
  6. තව ගොඩක් දේවල් තියනවා විවේක තියන වෙලාවට ලියනන්නම්. මගේ පිටුවට ආවට ස්තුතියි.

    ReplyDelete
  7. හරිම ලසනයි. මම හදවතින්ම සුභ පතනව!!!!

    ReplyDelete
  8. වාව්..මරු..මුහුද යට මාර ලස්සනයි නේ?

    ReplyDelete
    Replies
    1. දවසක මේ අද්දැකීම ගන්න බලන්න රෙහානි.හරිම සුන්දරයි

      Delete
  9. වතූර යටට බහින වැඩේ මරුනේ අප්පා

    ReplyDelete
  10. මරේ මරු.....මේ අද්දැකීම වචනෙන් කියන්න අමාරුයි

    ReplyDelete
  11. අදමයි මේ පැත්තේ ආවේ එන්න පාර මතක තියාගත්තා බලන්න වටිනා තැනක් නේ සමකය කියන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෝරලේ මහත්තයා මම ඔබව සාදරයෙන් පිළිගන්නවා .වලව්ව පැත්තට මමත් අනිවාර්යෙන්ම එනවා.

      Delete
  12. ඔය අල්ලන්න හදන මාළුවා නම් හොඳ එකෙක් නෙවේ..

    ReplyDelete
  13. හම් හම් මටත් නොතේරුණා නෙමෙයි ඇලෙක්ස්

    ReplyDelete
  14. ෂා.... මරු.. පනුච්චිටත් ආස හිතුන...

    ReplyDelete
    Replies
    1. කවදා හරි දවසක ගිහින් එන්න.

      Delete
  15. වෙනමම ලෝකෙකට ගියා වගේ. මම මුහුද යට දැකලා තියෙන්නේ හික්කඩුවේ බෝට්ටුවෙන් කොරල් බලන්න ගිය වෙලාවක විතරයි. කිමිදෙන වැඩේට ආස උනත් අවස්තාවක් ආවේ නෑ. දැන් ඉන්න තැන හැටියටනම් මුහුදක් දකින්නත් ප්ලේන් එකක යන්න වෙනවා :(

    ReplyDelete
    Replies
    1. නම සයුරි.ඒත් මූද බලන්න ගුවනින් යන්න වෙනවා.හරි පුදුමයි.ඒත් මං ප්‍රාර්ථනා කරනවා සයු..ට කිමිදෙන්න අවස්ථාවක් ලැබෙන්න කියලා. මේ ඒක නෙමේ ඔයා ඉන්නේ කොහෙද.

      Delete
    2. හ්ම්ම්..ඒකනේ. මම ඉන්නේ හඳ අල්ලපු රටේ (ඇමරිකාවේ) මැද හරියට වෙන්න. ඉතින් කොහෙන් ගියත් මූද දුරයි.

      Delete
    3. හරි සයුරි සොයුරිය...ඔබට මගේන් සුබ පැතුම්

      Delete
  16. මේ අත්දැකීම නම් බොහොම සොදුරුයි වගේ...

    ReplyDelete
    Replies
    1. සොඳුරුදත් කියල අහනවා..පට්ටම ආතල් එක...

      Delete
  17. මරු අත්දැකීමක් !

    ReplyDelete
    Replies
    1. මරේ මරු ටිපේ ටිප් ටිප් ටොප්....

      Delete
  18. නලින් අයියට මේ වගේ සොඳුරු අත්දැකීම් වලින් නම් අඩුවක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. පෙර පිනකට මට එහෙම චාන්ස් එකක් ලැබිලා තියනවා අලුත් මලේ...

      Delete
  19. යන ඒන ගමන් මග ඔෙබ් ගිමන් හෙෙල් නිවා ගතිමි ගිමන්.වටිනා වාර්ථාමය ලිපියක්

    ReplyDelete
    Replies
    1. බොහොම සාදරයෙන් පිළිගන්නවා ඔබව.මේ දිරිමත් කිරීම මට රටක් වටිනවා.

      Delete
  20. ෂා,.... නියම අත්දැකීමක්නේ!

    ReplyDelete
  21. ලහිරු ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා

    ReplyDelete
  22. මේ බ්ලොග් එක ත් මගේ බ්ලොග් රෝලට දාගන්න ඕන .. ගොඩක් අයට වැදගත් විස්තර තියෙන තැනක් . .
    බොහොම අගෙයි නලින් මේක නියම බ්ලොග් එකක් . .

    ReplyDelete
  23. ලංකාව වටේ ඇවිදින කිලෝමීටර් නැති පිස්සෙකුත් ආවා ලෝකේ වටේ යන කෙනාව බලලා යන්න. ඔන්න අපිත් පාර මතක තියා ගත්තා. ජය වේවා

    ReplyDelete
  24. එළනේ .අසවේ බෑ මෙහෙම යන්න .:)

    ReplyDelete
  25. හැබෑට.. පරදෙසකට යන්න ඇති උනු පළැවැනි ආසවද මංදා...

    ReplyDelete
  26. මචං . . මේ දෙසැම්බර් නිවාඩු යනවා සති දෙකකට . . වයිෆ්ගෙන් මම අහුවා තායිලන්ඩ් යමුද කියලා දවස් 3කට හෝ හතරකට . . ස්කයි එකෙන් උඹ එක්ක පොඩි චැටක් දාන්න තිබ්බ නම වැඩි විස්තර ගනන් තිබ්බා . . . මට ඊමේල් එකක් එවන්න ඇහැක්ද උඹට උඹේ ස්කයිප් අයි ඩී එක කියලා . .

    ReplyDelete
  27. සමකය වටේ රවුමක් යන්න අද තමයි මුල්ම වතාවට එකතුවුනේ..

    බලන් ගියාම ලෝකය කොයිතරම් ලස්සනද.. තායිලන්තය වගේ රවල භාවිතා වන මෙවන් මුහුදයට නිරීක්ෂණය කල හැකි වීදුරු හෙලිමට් සහ තාක්ෂනයක් අපිටත් කිබුනනම් අපේ රට වටේ මුහුදු අසිරිය බලන්න තිබුනා.

    ඒත් අපි අද දකින්නේ බෝට්ටුවේ පතුලේ විදුරුව හරහා මහුදු පතුලයි.

    දැන් දිගටම එන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගනනවා මිත්‍රයා..

      Delete
  28. මේක නම් නියම බ්ලොග් එකක්!!!වගෙ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිනූ....

      Delete
  29. සමකය වටේ යන්න මාත් ආවෝ. මාරය්යගෙ පෝස්ට් එකෙන් ආවෙ :)

    ReplyDelete
  30. වෙනස්ම අද්දැකීමක් කියවද්දිත් වෙනස් බවක් දැනුනා. අර විදියට මුහුද පතුල බලන්න තිබුනම් මරු..මම දැකල තියෙන්නේ හික්කඩුවේදී විදුරු බෝට්ටුවෙන් ගියපු වේලාවකදී විතරයි.

    ReplyDelete
    Replies
    1. මාර ආතල් බං පතුලේ ඉන්නකොට

      Delete
  31. මේක නම් අපුරු සංචාරයක්..කියවද්දි අපිත් සාභාගි වුණා වගේ දැනුනා..සමකය වටේ හුගාක් ස්තූතියි..හැමදාම දැනුමෙන් සන්නද්ධ කරවනවාට...!!

    ReplyDelete
  32. රටවටේ යන එක අවසන් කරල ලෝකේ වටේ ගමන් බිමන් පටන් ගතිද්දීකරන්න ඕන.
    http://sulakkhana.blogspot.com/

    ReplyDelete
    Replies
    1. යමු යමු ඒකත් මාර අද්දැකිමක් තමා සුලා

      Delete
  33. මේ පැත්තේ එන්න අවකාශය ලැබුණේ කාලෙකට පස්සේ....මේ වගේ දේශාටනය ගැන ලියවුණු ලිපි වලට මම පෙරේතයි.දිගටම එන්නම් ඉතිං.

    ReplyDelete
  34. යන්න ඕන දවසක නාගෙන එන්න . හැබෑටම ඔය බාත්ද මොකද්ද එකක් රුපියල් කීයක් විතර ඇත්ද ?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT