තායිලන්තය සාමාන්‍යයෙන් වසර පුරා උෂ්ණ කාලගුණයකින් යුක්තය. දකුණු ප්‍රදේශවල සාමාන්‍යයෙන් ඍතු 2ක් තිබීම හැරුණුවිට තායිලන්තයේ සාමාන්‍යයෙන් ඍතු 3ක් ඇත.
මෙම ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40 දක්වා ඉහළ නගී. ශීත කාලයේ දී වුවද උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20 දක්වා අඩු වන්නේ කලා තුරකිනි.
ජුනි සිට ඔක්තෝම්බර් දක්වා කාලය වර්ෂා ඍතුව වුවද අප සංචාරය ජූලි මසට යෙදී තිබුණත් තායිලන්තයට වර්ෂාවක් නොමැත. මන්ද පෘථිවිය තුළ අද වනවිට පවතින කාලගුණික අසමතුලිතතාව මීට හේතුවයි.
නලිනුත් කෝලැන් (Koh Larn) කොරල් දූපත දක්වා ගමන් ඇරැඹුවෙමු.
කෝලැන් හෝ කෝලැන් ලෙස ව්‍යවහාර වන එහි අර්ථය ‘කොරල් දූපත’ යන්නයි. මෙය පිහිටා ඇත්තේ බටහිර පතායා සිට කිලෝමීටර් 12 ක් පමණ දුරින් වන අතර අධිවේගි බෝට්ටුවකින් විනාඩි 30 කින් යා හැකි ය.
මෙ ගමනේ දී මුහුද රළුනම් යමෙකුට කරකැවිල්ල හෝ වමනයද ඇතිවීමට ඉඩ ඇත. නමුත් මුහුදු ගමනේදී දිය බිඳී ඉදිරියෙන් හා පසුපසින් විහිදෙන්නේ ගතට සිසිලසක් දනවමිනි.
පතායාහි කළබලකාරි වෙරළට වඩා කොරල් දූපත් සන්සුන් ය. එසේ හෙයින්ම ඒවා ‘සන්සුන් දිවයින්’ (Island of Tranquility) ලෙස හැඳින්වේ. එහි වෙරළ සුන්දරය. මුහුදු ජලය වීදුරුවක් මෙන් පැහැදිලිය.
පුළුල් වැලි තලාවකින් යුත් වෙරළකින් සමන්විත කෝලෑන් දූපතේදී දිය යට කිමිදීම හා මුහුදු පතුලේ ඇවිද යෑම වැනි ආශ්චර්යමත් ක්‍රියාවන් වල නිරත විය හැකිය.
මෙහිදී වීදුරුමය පත්ලක් ඇති බෝට්ටුවක නැගී කොරල් වල සුන්දරත්වය අත්විඳිය හැකි සේම කිමිදුම් කට්ටලයක් පැළඳ දිය යට කිමිදී, දිය යට ඇවිදිමින් සුන්දර මසුන් සහ කොරල් නැරැඹිය හැකිය.
මුහුදු පතුලේ ඇවිදීම අමුතුම අත්දැකීමකි. මෙහිදී බෝට්ටුවේ එල්ලෙන කඹයකින් ඉනිමඟක ආධාරය ඇතිව කිමිදුම්කරුවකුගේ මාර්ගෝපදේශයෙන් මුහුදු පතුලට යා හැකිය.
මේ සඳහා වීදුරු ගෝලයක් හැඩැති හෙල්මටයක් සම්පූර්ණ මුහුණම ආවරණය වන පරිදි උර මත රඳවනු ලැබේ. මේ සඳහා වන ස්වසන උපකරණ සියල්ල බෝට්ටුව හා සම්බන්ධව පවතී.
පුද්ගලයන් 6 - 8 දෙනකුගේ කණ්ඩායමක් සමඟ එක් කිමිදුම්කරුවකු යෙදවෙන අතර ඔහු සියල්ලන්ටම අවට සිරි දක්වනු ලැබේ. එහි ලොකු කුඩා මසුන් බහුලය. මෙහිදී අප අත රඳවනු ලබන ආහාරවලට මසුන් කටගසන අයුරු අපට අත්විඳිය හැකිය.
සමහරවිට මසුන් අතපය කෑමටද හැකිවන්නේ ය. තවද මසුන් දහස් ගණනින් මුළු ශරීරය පුරාම වැතිරී ස්පර්ශ වීම අප ලබන මහත් ආශ්චර්ය ජනකම අත්දැකීම ය. මේ අභ්‍යන්තර මුහුදු අත්දැකීම විඳගන්නට ලැබෙන්නේ විනාඩි 30 - 45 ත් අතර කාලයක් පමණි. මේ සඳහා එක් අයකුගෙන් බාත් 1200ක් අය කරයි. මුහුදු පතුලේ අපට අත්විඳීමට සිදුවන ඒ වූ සුන්දර අත්දැකීම ඡායාරූප ගතකළ CD තැටියක් ඔබට ලබා ගැනීමට හැකිවන අතර ඒ සඳහා බාත් 700ක අමතර ගෙවීමක්ද කළ යුතුය.
![]()
මුහුදු පතුලේ කොරල්පර නරඹන කණ්ඩායමක්
| ![]()
මත්ස්‍යයන් ස්පර්ශ කරමින්...
|
වටිනා දේශාඨන සටහන් පෙලක්ම කියවන්න ලැබෙයි වගේ ඉදිරියේදිත්. රට රටවල් වල යන ගමන් ලැබෙන විවේකයේදි මේ වගේ අන් අයවත් දැනුවත් කරල අද්දැකීම් බෙදාගන්න එක ගැන සතුටුයි. සුභ පතනව !!
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලියා. ඔයාලගේ අද්දැකීම් වලටත් ඉඩ තියනවා ලියලා එවන්න මගේ විද්‍යුත් තැපෑලට.
ReplyDeletehoda wenasak digatama liyanna yaluwa
ReplyDeleteඅනිවා හොඳ ලිපි ටිකක් ලියනවා.
ReplyDeleteෂා....... මරු ඈ..කියවන්න කියවන්න ආස හිතෙවා..
ReplyDeleteපටිට අැ සුපිරි තව ලිපි ලියන්න
Deleteන
තව ගොඩක් දේවල් තියනවා විවේක තියන වෙලාවට ලියනන්නම්. මගේ පිටුවට ආවට ස්තුතියි.
ReplyDeleteහරිම ලසනයි. මම හදවතින්ම සුභ පතනව!!!!
ReplyDeleteවාව්..මරු..මුහුද යට මාර ලස්සනයි නේ?
ReplyDeleteදවසක මේ අද්දැකීම ගන්න බලන්න රෙහානි.හරිම සුන්දරයි
Deleteවතූර යටට බහින වැඩේ මරුනේ අප්පා
ReplyDeleteමරේ මරු.....මේ අද්දැකීම වචනෙන් කියන්න අමාරුයි
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවේ එන්න පාර මතක තියාගත්තා බලන්න වටිනා තැනක් නේ සමකය කියන්නේ
ReplyDeleteබොහොම ස්තුතියි කෝරලේ මහත්තයා මම ඔබව සාදරයෙන් පිළිගන්නවා .වලව්ව පැත්තට මමත් අනිවාර්යෙන්ම එනවා.
Deleteඔය අල්ලන්න හදන මාළුවා නම් හොඳ එකෙක් නෙවේ..
ReplyDeleteහම් හම් මටත් නොතේරුණා නෙමෙයි ඇලෙක්ස්
ReplyDeleteෂා.... මරු.. පනුච්චිටත් ආස හිතුන...
ReplyDeleteකවදා හරි දවසක ගිහින් එන්න.
Deleteවෙනමම ලෝකෙකට ගියා වගේ. මම මුහුද යට දැකලා තියෙන්නේ හික්කඩුවේ බෝට්ටුවෙන් කොරල් බලන්න ගිය වෙලාවක විතරයි. කිමිදෙන වැඩේට ආස උනත් අවස්තාවක් ආවේ නෑ. දැන් ඉන්න තැන හැටියටනම් මුහුදක් දකින්නත් ප්ලේන් එකක යන්න වෙනවා :(
ReplyDeleteනම සයුරි.ඒත් මූද බලන්න ගුවනින් යන්න වෙනවා.හරි පුදුමයි.ඒත් මං ප්‍රාර්ථනා කරනවා සයු..ට කිමිදෙන්න අවස්ථාවක් ලැබෙන්න කියලා. මේ ඒක නෙමේ ඔයා ඉන්නේ කොහෙද.
Deleteහ්ම්ම්..ඒකනේ. මම ඉන්නේ හඳ අල්ලපු රටේ (ඇමරිකාවේ) මැද හරියට වෙන්න. ඉතින් කොහෙන් ගියත් මූද දුරයි.
Deleteහරි සයුරි සොයුරිය...ඔබට මගේන් සුබ පැතුම්
Deleteමේ අත්දැකීම නම් බොහොම සොදුරුයි වගේ...
ReplyDeleteසොඳුරුදත් කියල අහනවා..පට්ටම ආතල් එක...
Deleteමරු අත්දැකීමක් !
ReplyDeleteමරේ මරු ටිපේ ටිප් ටිප් ටොප්....
Deleteනලින් අයියට මේ වගේ සොඳුරු අත්දැකීම් වලින් නම් අඩුවක් නෑ නේද?
ReplyDeleteපෙර පිනකට මට එහෙම චාන්ස් එකක් ලැබිලා තියනවා අලුත් මලේ...
Deleteයන ඒන ගමන් මග ඔෙබ් ගිමන් හෙෙල් නිවා ගතිමි ගිමන්.වටිනා වාර්ථාමය ලිපියක්
ReplyDeleteබොහොම සාදරයෙන් පිළිගන්නවා ඔබව.මේ දිරිමත් කිරීම මට රටක් වටිනවා.
Deleteෂා,.... නියම අත්දැකීමක්නේ!
ReplyDeleteලහිරු ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා
ReplyDeleteමේ බ්ලොග් එක ත් මගේ බ්ලොග් රෝලට දාගන්න ඕන .. ගොඩක් අයට වැදගත් විස්තර තියෙන තැනක් . .
ReplyDeleteබොහොම අගෙයි නලින් මේක නියම බ්ලොග් එකක් . .
ස්තුතියි දුකා..
Deleteලංකාව වටේ ඇවිදින කිලෝමීටර් නැති පිස්සෙකුත් ආවා ලෝකේ වටේ යන කෙනාව බලලා යන්න. ඔන්න අපිත් පාර මතක තියා ගත්තා. ජය වේවා
ReplyDeleteඑළනේ .අසවේ බෑ මෙහෙම යන්න .:)
ReplyDeleteහැබෑට.. පරදෙසකට යන්න ඇති උනු පළැවැනි ආසවද මංදා...
ReplyDeleteමචං . . මේ දෙසැම්බර් නිවාඩු යනවා සති දෙකකට . . වයිෆ්ගෙන් මම අහුවා තායිලන්ඩ් යමුද කියලා දවස් 3කට හෝ හතරකට . . ස්කයි එකෙන් උඹ එක්ක පොඩි චැටක් දාන්න තිබ්බ නම වැඩි විස්තර ගනන් තිබ්බා . . . මට ඊමේල් එකක් එවන්න ඇහැක්ද උඹට උඹේ ස්කයිප් අයි ඩී එක කියලා . .
ReplyDeletenuwandil231 my skype id
Deleteසමකය වටේ රවුමක් යන්න අද තමයි මුල්ම වතාවට එකතුවුනේ..
ReplyDeleteබලන් ගියාම ලෝකය කොයිතරම් ලස්සනද.. තායිලන්තය වගේ රවල භාවිතා වන මෙවන් මුහුදයට නිරීක්ෂණය කල හැකි වීදුරු හෙලිමට් සහ තාක්ෂනයක් අපිටත් කිබුනනම් අපේ රට වටේ මුහුදු අසිරිය බලන්න තිබුනා.
ඒත් අපි අද දකින්නේ බෝට්ටුවේ පතුලේ විදුරුව හරහා මහුදු පතුලයි.
දැන් දිගටම එන්න පුලුවන්
සාදරයෙන් පිළිගනනවා මිත්‍රයා..
Deleteමේක නම් නියම බ්ලොග් එකක්!!!වගෙ
ReplyDeleteබොහොම ස්තුතියි නිනූ....
Deletethanx lot
ReplyDeleteසමකය වටේ යන්න මාත් ආවෝ. මාරය්යගෙ පෝස්ට් එකෙන් ආවෙ :)
ReplyDeleteතැන්කු යාලුවා .
Deleteවෙනස්ම අද්දැකීමක් කියවද්දිත් වෙනස් බවක් දැනුනා. අර විදියට මුහුද පතුල බලන්න තිබුනම් මරු..මම දැකල තියෙන්නේ හික්කඩුවේදී විදුරු බෝට්ටුවෙන් ගියපු වේලාවකදී විතරයි.
ReplyDeleteමාර ආතල් බං පතුලේ ඉන්නකොට
Deleteමේක නම් අපුරු සංචාරයක්..කියවද්දි අපිත් සාභාගි වුණා වගේ දැනුනා..සමකය වටේ හුගාක් ස්තූතියි..හැමදාම දැනුමෙන් සන්නද්ධ කරවනවාට...!!
ReplyDeleteස්තුතියි චමින්ද
Deleteරටවටේ යන එක අවසන් කරල ලෝකේ වටේ ගමන් බිමන් පටන් ගතිද්දීකරන්න ඕන.
ReplyDeletehttp://sulakkhana.blogspot.com/
යමු යමු ඒකත් මාර අද්දැකිමක් තමා සුලා
Deleteමේ පැත්තේ එන්න අවකාශය ලැබුණේ කාලෙකට පස්සේ....මේ වගේ දේශාටනය ගැන ලියවුණු ලිපි වලට මම පෙරේතයි.දිගටම එන්නම් ඉතිං.
ReplyDeleteනියමයි නේ
ReplyDeleteයන්න ඕන දවසක නාගෙන එන්න . හැබෑටම ඔය බාත්ද මොකද්ද එකක් රුපියල් කීයක් විතර ඇත්ද ?
ReplyDelete