හිරු නැග හෝරා කිහිපයක් ගතවන තුරුත් මදක් අලසව පවතින සුන්දර පතායා වෙරළ තීරය කඩිසර වන්නේ පෙරවරු 10 පමණ වන විටය. ඉන් මදකට පසුව ගුවන් පාලම්වලත් මහ මගත් වාහන පිරී ඉතිරී යයි. දැන් වාහන වලින් සහ මහමග පිරුණු මග දෙපස කාර්යබහුලය.
තායිලන්තයේ බොහෝ ජනයා සිය ආහාර ගැනීමට පුරුදුව ඇත්තේ මහ මග දෙපස පිහිටි කුඩා අට්ටාල බඳු කෑම කඩවලිනි.සංචාරක නගරයක් වී ඇති පතායා නගරය නිතරම පාහේ සංචාරකයන්ගෙන් පිරී පවතී.
තායිලන්ත වැසියන්ගේ කාරුණිකත්වය ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය සංචාරකයන්ගේ සිත් ඇද ගැනීමට මහත් හේතුවක් වී ඇත.
නමුත් තායි භාෂාව හැරෙන්නට සෙසු භාෂාවක් පිළිබඳ අල්ප දැනුමක් හෝ තායි වැසියන්ට නොතිබීම නිසා සංචාරකයන්ට මග පෙන්වන්නකු නොමැති විට මුහුණ දෙන්නට සිදුවන ගැටලු අනන්තය. අප්‍රමාණය.
![]() |
ගමන අවසන් මොහොත |

එම පාවෙන පීඨිකාවේදී පැරාසේලිං ක්‍රීඩාව පිළිබඳ උපදෙස් මාලාවක් එය මෙහෙයවන්නන් විසින් ලබාදෙන අතර මේ සඳහා විශේෂ වූ ජීවිතාරක්ෂක කබායක්ද හෙල්මටයක් සහ පා ආරක්ෂණයක්ද ලබා දෙයි.
පැරසේල් ගමනකට මේ අයුරින් සූදානම් වන ක්‍රීඩකයකු පැරාසේලය අමුණා ගැනීමෙන් පසු වේගයෙන් ඉහළ අහසට ඉගිලී යනු ලබන අතර බෝට්ටුව වේගය පාලනය කරමින් මුහුද මත ගමන් කරන්නේ කඹය සෘජු අතට ඇදී පවතින අයුරිනි.
ක්‍රීඩකයා බෝට්ටුව දෙසට නොයන අතර සමබරතාව රැකගනිමින් ඉහළ අහසින් පියාසර කරයි. ත්‍රාසයත් විනෝදයත් ගෙන දෙමින් මෙහිදී ඉහළට එසවීම සිදු වන්නේ පියවර හතර පහකට පසුවය.
![]() |
ආරම්භයට පෙර සූදානම |
මෙහිදී ක්‍රීඩකයාට මෙහි ත්‍රාසය සහ විනෝදය උපරිමයෙන් ගෙනදීමට බෝට්ටුව මද දුරක් ගිය පසු එකවර වේගය අඩු කරයි. එවිට පැරාසේලය එකවර පහළට ඇදී ඇවිත් මුහුදේ පතිත වෙයි. ඉන් පසුව යළි ඉහළට එසවී ආරම්භක ස්ථානයෙන් ගමන අවසන් කරනු ලබයි.
![]() |
පැරාසේලිං මුහුද මැද පීඨිකාව |
නලින් සමඟ ආසිරි
තායිලන්ත සංචාරයකින් පසු...
ස්තූතිය
hemas travels (pvt) ltd හී මදූෂ වරුසවිතාන මහතාට
http://www.myprimetrip.com/
විශේෂ ස්තුතිය
http://www.nippolacpaints.com/products/locator.php
ආයතනයට හා මිහිරාන් ඕපාත මිතුරාට
හී... මරු නෙ...
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
මගහැරුණු පෝස්ට් එකක්. මම ආසයි මේ වගේ ත්‍රාසජනක ක්‍රීඩාවක් කරන්න. බලමු ඉදිරියට. බොහොම ස්තුතියි සටහනට.
ReplyDeleteමරු ක්‍රීඩාව . හඃ හඃ හඃ
ReplyDelete