samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සුපුරුදු විදියට සෙනසුරාදා හැන්දෑවේ මමත් මුළුතැන් ගෙට ගොඩ වැදුණා. බොහොම සරළ ඉක්මනින් සාදාගත හැකි රසවත් රාත්‍රී ආහාරයක් තමයි මං පිළියෙල කෙරුවේ. තමන්ගේ කෑම වේල තමන් ම හදාගන කන එකෙත් පොඩි ලල් එකක් තියනවයි කියල දැනෙන්නේ එහෙම හදාගන කාපුවාම තමයි.
ඔන්න මං හැදුවේ ගාර්ලික් බ්‍රෙඩ් (garlic bread) එක්ක වෙජිටබල් මික්ස් චිකන් සුප් එකක් (chikan soup with wegitable). නිවාඩු පාඩු වෙලාවක මේ විදියටත් හදල බලන්නකෝ.


20150919_183356

ඉහළ පින්තූරයේ තියන විදියට එළවළු ටික හා මස් කෑල්ල සෝදලා තියාගත්තා පැත්තකින්.
ඔව් ඒ පිඟානේ තියෙන්නේ මෙන්න මේ දේවල්
1. කැරට් ලොකු කැබලි ලෙස
2. බී ලූණු 
3. සැල්දිරි අත්තක් ලොකු කෑලි ලෙස
4. කොත්තමල්ලි මුල් කෑල්ලක්
5. කොත්තමල්ලි කොළ ස්වල්පයක්
6. ලූණු කොළ ලොකුවට කපාගන
7. මල් ගෝවා
8. නිවිති කොළ
9. කුකුල් මස් කැල්ලක් කටු රහිත
මේ හදල තියන්නේ තනි කෙනකුට අවශ්‍ය ප්‍රමාණයටයි. ඔබගේ අවශ්‍යතාව අනුව ඒ ඒ දේ වැඩිකරගන්න.

ඉන් පසු මේ සේරම දේ (ලූණු කොළ හා කොත්තමල්ලි කොළ ටික හැර) ප්‍රමාණවත් භාජනයක හොදින් අසුරා සියලු දේ වැසීයට ප්‍රමාණයට වතුර දමා භාජනය වසන්නේ නැතිව ලිපේ තබා තද උෂ්ණත්වයේ පිසගන්න.
මස් කෑල්ල අතින් කැබලිවලට කැඩිය හැකි තත්ත්වයට එන තෙක් මෙසේ පිසගත යුතුයි. එසෙ පිසගන්නා විට කිසි විටකත් හැදි ගාන්න එපා.
20150919_183750

හොඳින් පිසෙන විට නටන ජලයේ උඩ මේද තට්ටුවක් දකින්න ලැබෙන අතර හැන්දක ආධාරයෙන් එම මේද තට්ටුව ඉවත් කරන්න. අනතුරුව මස් කැල්ල වෙනමත් අනෙක් සියලු එළවළු ටික වෙනමත් භාජනයකට ගෙන සුප් දියරය හොදින් පෙරා පැත්කින් තබන්න. 
දැන් තැම්බුණු මස් ටික අතින් කැබලි කරගන්න. එළවළු ටිකද ඔබට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න. දැන් මේ සියල්ල යළිත් භාජනයකට දමා පෙරාගත් සුප් වතුර සමග මද ගින්නේ රත්කරන්න. මේ අවස්ථාවේ ලූණු කොළ හා කොත්තමල්ලි කොළ ටික එකතු කරන්න. සුප් එකට ලුණු ගම්මිරිස් අවශ්‍ය පමණට එක්කගන්න. දැන් සුප් එක සූදානම්.


20150919_191629
සියල්ල කැබලි කළ පසු

20150919_192342
අවසන් පිස ගැනුම

ගාලික් බ්‍රෙඩ්. (garlic bread)

සුප් එක තැම්බෙන තුරු ගාර්ලික් බ්‍රෙඩ් සකස් කරගත හැකියි. අවශ්‍ය පමණට පාන් පෙති ගන්න. මා ගත්තේ රෝල් පාන් ය (roll bread ). සිහිනියට පෙති කපා පැත්තකින් තබා.

20150919_184744

20150919_185701

20150919_192350

20150919_191612

බ්ලෙන්ඩරයට බටර් මාගරින් හෝ චීස් මේයින් තිබෙන ඕනෑම දෙයක් දමන්න දැන් එයට සුදුළූණු බික් හයක් පමණ එනම් බටර් හා සම සමව සිටින සේ. එයට හීනියට කපාගත් සැල්දිරි ටිකක් තිබේ නම් තල ඇට ටිකක් ලුණු, ගම්බිරිස් කුඩු, මම නම් කැබලි මිරිස් ටිකක් ද එක් කෙරුවෙමි. මේ මිශ්‍රණය හොඳින් බ්ලෙන්ඩර් කරගන කපාගත් පාන් පෙති මත තවරන්න. දැන් මෙය අවන් එකට දමා හොදින් බේක් කරගන්න. මානම් කළේ පැන් එකට බටර් ටිකක් දමා ඒ මත පාන් පෙති අසුරා ටිකක් කර කර ගැනීමයි.


20150919_193152

20150919_193752

ඔන්න මගේ සෙනසුරාදා රෑ කෑම වේල. තනි නොතනියට සංගීතයයි සිතල බීර කෑන් එකකුයිත් ළග හිටියා.

71 comments:

  1. IMG_0203

    නරකම නෑ වැඩේ. කොහොමත් ඉතිං තමං හදාගෙන කන එකේ පොඩි ආතල් එකක් තියෙනව තමයි.
    බියර් කෑන් එකට එහාපැත්තෙන් තබ බෝතලයක් පේන්නෙ මට විතරද මන්ද.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒක එම්ටි එකක් මචෝ. ඒකේ වතුර තියෙන්නේ.

      Delete
  2. blogger_logo_round_35

    මටත් ඔය කියන බෝතලේ පෙනෙනවා නලියෝ

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒ වතුර බෝතලේ අයිලාෂ්

      Delete
  3. blogger_logo_round_35

    පහසු වෙලාවක
    මේක කියවල බලන්න. You will not regret reading this.

    ReplyDelete
  4. blank

    නියමයි නේ,, මං හිතුවේ එෆ් බී එක වැහුවයින් පස්සේ ඉවුම් පිහුම් නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ගූගල් ප්ලස් එකේ හදන්න ඕනි ඉවුම් පිහුම් ගෘප් එකක්.

      Delete
  5. 1+-+Copy

    chikan soup with wegitable & garlic bread

    chicken soup with vegetable & garlic bread

    Just doing my job.

    ReplyDelete
    Replies
    1. unnamed

      Pulled it up nicely Dude. Pretty sure no one else would see that..ha ha ..

      Delete
    2. blogger_logo_round_35

      වරද දුටුවෙමි අනේක වාරයක් ස්තුතියි මචං.

      Delete
    3. .com/img/b/R29vZ2xl/AVvXsEifNuUtK_aZoZCo9smGghd3F_vne-twT8G-z8VHyhthAo-GeFP2L6_0KcifoKCflNRaGindf-90jO3WQ4dNosRF6vdC85x6HoulC2P8xpcc9PEhIyd05nzaUj_3OKam1Q/s45-c/

      ගණන් ගන්න එපා නලින්, මව් භාෂාව මෙතරම් නසන කලෙක, සුද්දගේ භාෂාව ටිකක් වෙනස් කළහම වරදක් නැහැ. ඔය අකුරු ටිකක් මාරු වුණාට අපට තේරුම් ගන්න හැකිනේ.වර්ඩ් එකේ නොගැහුවොත් මාත් ඔයවගේ දේවල් කරනවා (තැන්ක්ස් බිල්) :)

      Delete
    4. blogger_logo_round_35

      මට ඉංග්‍රීසි කීබෝඩ් එකේ ටයිපින් කරන්න හුගක් අසීරුයි රයිගම්. ඒ වගේම ඉංග්‍රිසි අකුරු හුගාක් වරදිනවා. ඔබ කියනවා වගේ වර්ඩ්වල ටයිප් කළානං ගැටලුව හුගක් දුරට විසදෙනවා. ඒ වගේම ඩූඩ් ඔබට හුගක්ම ස්තුතියි වරද පෙන්වා දීම ගැන.

      Delete
  6. DDT

    ඔ්‍ය නලීන් අයියා වගේම වැඩක් නැති වෙලාවට මොනව හරි හදාගෙන කන්න මමත් කැමතියි. ඒත් දැන් කාලෙකින් ඒ වැඩේ කරන්න බැරිවුනා.

    සුප්වලට නම් මම අකමැතියි. මොන විදියෙ සුප් උනත් මට දැක්කම අප්පිරියයි. (අපේ ගෙදරින් ඒ ලෙඩේ තියෙන්නෙ මට විතරයි, අනිත් එවුන් අවුලක් නැතිව ඇදල දානව)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තනිපංගලමේ ඉන්නකොට මගේ හොඳ විනෝදාංශයක් තමා ඉවුම් පිහුම් වැඩ. ට්‍රිප් එකක් වගේ ගියාමත් මේ විදියට උයලා කෑවාම මාර ගති. සුප් මගේ ප්‍රියතම ආහාරයක්. ගෙදර ගැනු පරාණ ඉන්න වෙලාවට නං මං කුස්සිය පැත්ත පළාතක යන්නේ නෑ. එයාලත් එක්ක හවුලේ උයන එක පට්ටම අමාරුයි.

      Delete
  7. unnamed

    කටට කෙල ඉනුවා කියෝනකොට.. මම නම් උයන වැඩේට වස කම්මැලියි. එත් කන්න බොන්න නම් ආසයි..
    නලිය මේකට Knorr සුප් කැටෙකුත් දාන්න ඕනි කියල ලියල අර උඩම පින්තුරෙත් එක්ක Knorr කාරයට යැව්වනම් ගානක් ඉල්ලා ගන්නත් තිබ්බ.. :)
    එළය!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔය පිගාන මට හම්බවුණේ දවසක් ටවුන් එකේ knorr කාරයන්ගේ ප්‍රචාරක රථයක් ඇවිත් වැඩසටහනක් කරද්දි අතර මැද අහපු ප්‍රශ්නයකට මං උත්තරයක් දුන්නාම. වටේ ගැනු ගොඩක් හිටිය තැන මං පැනල දුන්නා උත්තරේ. කාටද ආඩම්බර. උන්ට කින්ඩියක් දාගනම පිගානත් අරං මං ආවා.

      Delete
  8. banda

    හදන්න ඕනේ සූපයක් මමත්. බේරේගෙදර ඉඳගෙන රිවිර බලන එකනම් කැතයි ආ............

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හැම පත්තරයක්ම බලන්න ඕනිනේ මචෝ. ඉතිං කිසි වෙනසක් නෑ හැම එකම බලනවා ඉඩ තියන විදියට.

      Delete
  9. blank

    chikan සහ wegitable කොහෙන්ද ගන්නෙ? ඇහුවමයි එහෙම ජාති.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වැරැද්ද පිළිගනිමි.

      Delete
    2. blogger_logo_round_35

      දැන් වරද නිවරද කරනවා ඩූඩ් හා ඇනෝ. ඒත් හෙඩිමට විතරයි. අනෙක් වරද එසේ තිබෙන්න හරිමි.

      Delete
    3. blank

      එල කොල්ලෙක්. බුදුසරනයි. වැරදි පිලිගැනීම ඉතා හොද ගුනයක්.

      Delete
    4. blogger_logo_round_35

      නලීන් ඔබ කීරති වරණකුලසූරියගෙන් ද ඉගෙන ගත්තේ මේ සිංහලලෙන් ලියා වරහන් ඇතුලේ ඉංගිරිසියෙන් වචන දාන්න?

      Delete
    5. blank

      තොට මොකටද ඒකෙ වගක්. තෝ දන්නේ ගිය ගිය තැන පොරත්වය පෙන්නන්න. ගස් ගෙම්බා

      Delete
    6. blogger_logo_round_35

      රසික මං එහෙම කරන්නේ මටම හිතුනු හන්දා. එත් කොහෙන් හෝ අනුකරණයක් වෙන්න ඇති නමුත් කීර්තිගෙන් නම් නෙමේ. කාව අනුකරණය කරාද යන්න මතකයක් නෑ.
      ඇනෝ මචෝ උඹල වාද වෙන්න එපෝ අපි කවුරුත් මිනිස්සුනේ.

      Delete
  10. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/
    Replies
    1. blogger_logo_round_35

      ඔව් ඔව් කෑම මේව වෙනද දැම්මේ මුහුණු පොතේ දැන් ඒකේ නැති හන්දා මේකේ දැම්මා.

      Delete
  11. blogger_logo_round_35

    සුප්.. ගස්ලබ්බා බොහොම මනාපයි.මොකද වැඩිය හපන්න කරන්න ඕන නෑ නෙ.. හෙහ් හෙහ්... නලින් අයියෙ එළවලු සුප් වලට අර සුදුපාට පිටි ජාතියක් දාන්නෙ මොනාද? අර ඉස්කෝලෙන් ඉස්සර බෙදුව සුප් වල තිබුනෙ.. කෝන් පිටි නෙමෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කෝන් පිටි නං දානවා එත් මං ඒකට එතරම් මනාපයක් නෑ. ඔයා කියන්නේ මොනව ගැනද? මට හෝදිසියක් නං නෑ.

      Delete
  12. kasun%252BNayanajith

    නලින් අයිය කියන විදිහේ සුප් එකකුත් හදවගෙන බලමු. බීර කෑන් එකක් ගන්න පුලුවන් දවසක ම හදන්න ඕනේ. එල එල.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හා හා ඒක නැතුවට කමක් නෑ නිකං හදල බලන්නකෝ

      Delete
  13. blogger_logo_round_35

    ට්‍රයි කොරලා බලන්න ඕනි වෙලාවක. මගෙත් විනෝදාංශය කුකිං. (නැත්නම් ගුටිකන්න වෙනවා)
    බියර් එකට හරියන්නෙ ක්‍රිස්පි බයිට් එකක්!

    ReplyDelete
    Replies
    1. kasun%252BNayanajith

      ඔව් ඔව් ගුටි කන්න වෙනවා කියල අර කැමර කටාගෙ බ්ලොගේ කියල තිබුනෙ.

      Delete
    2. blogger_logo_round_35

      නලියයියගෙනුත් ගුටිකන්න වෙනවා මෙහෙම ගියොත්!

      Delete
    3. blogger_logo_round_35

      ඔව් ඔව් ඒ වුණාට මේ වෙලාවේ මට සුප් එකත් ගැලපුණා. බලන්නකෝ හදලා.

      Delete
  14. photo

    ඒ පාන් වර්ගයට කියන්නෙ නලින් බගට් කියල.හදන්න දාන්නෙ පිටි වතුර ලුණු යීස්ට් සීනි පමණයි.උණුවෙන් පොල් සම්බෝලත් එක්ක හරිම රසයි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒක මං දැන්න් හිටියේ නෑ. මම කඩෙන් අරන් ආවේ ඒකේ ගහල තිබ්බේ රෝල් පාන් කියලයි.

      Delete
    2. MyPhoto

      French Bread කියන්නෙත් මේකටම නේද ?

      Delete
  15. 26FA8E93-3B1B-4FAA-A921-83CA523675E3

    Ane machan oka hadana badu wala ingirisi nam tikath liwwanam ammapa hetama hadanawa. Thanks..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      carrot
      onion
      celery
      corriander leaf & root
      green onion
      Cauliflow
      spinach
      chicken

      Delete
    2. blank

      Coriander leaves
      Cauliflower

      Delete
  16. 26167121_1955698251347682_217477604491202866_n

    නලීන් අයියා...
    චෙෆ් කෙනෙක් වෙලාද?
    ----------
    ට්‍රයි කරලා බලමු අපිටත් හරියියද කියලා.

    -----------
    සුපර්බ්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒක මගේ විනෝදාංශයක් මලයෝ.

      Delete
  17. blogger_logo_round_35
    Replies
    1. blank

      ඇයි උඹ කපන්නේ ගල් විතරද

      Delete
    2. blogger_logo_round_35

      වැරදිද රසික කපාගත් සැල්දිරි කියල කිව්වාම. එයින් මා අදහස් කළේ සැල්දිරි අත්තක් ලොකු කැබලි ලෙස කපාගන්න කියන එකයි.

      Delete
    3. blank

      ඇයි බන් ඇනෝ ඇවිත් බලු කමෙන්ට් දාන්නේ.... සිංහල බ්ලොග් වල ඇනෝ කමෙන්ට් දාන තරමක් දාන්නේ තමන්ගේ වෛරය පිරිමහන්න...

      Delete
    4. blogger_logo_round_35

      මොනවද ඒ සැල්දිරි කියන්නේ?
      මා ඒ නම මුලින්ම දැක්කේ මේ ලිපියෙනුයි!

      Delete
    5. blogger_logo_round_35

      සැල්දිරි යනු celery වේ. හොදි කොළ නම්න්ද හැඳින්වේ. http://evaldodarzoves.lt/wp-content/uploads/2011/10/Salieru-lapai.jpg

      Delete
  18. blogger_logo_round_35

    සිතල බීර සමග උනුසුම් සුප් හා ගාර්ලික් බ්‍රෙඩ්...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පොඩි ගතියක් තියනවා.

      Delete
  19. purity-color-lotus-flower-bud-15299186

    නියමයි. හොඳ රෑ කෑම වේලක්..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තැන්කු වේවා තුෂානි

      Delete
  20. blogger_logo_round_35

    ට්‍රයි එකක් දිලා බලමු වැඩෙට.නලීන් අයියේ හෙඩි සෙටි එකත් කෑම වටිටොරැවෙද.හරි හරි සිංදුවක් අහගෙන බියර් ටිකක් තොලගාමින් සුප් එක අරගන්න තියෙන්නේ.........

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ක්ලැසික් සිංදුවක් දාගන බිර උගුරක් තොල ගාමින් සුප් එක බොනකොට මාරයි.... පට්ට ආතල්.

      Delete
  21. blogger_logo_round_35

    චඃ...මල් හතයිනෙ. ඉක්මනින්ම දවසක හදලා බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අන්න වැඩේ ගෙදර උන්දැව මවිත කරවන්නකෝ හදලා.

      Delete
  22. photo

    හොඳ වැඩක්, මමත් හදලා බලන්න ඕන ... අපේ බොසාගෙන් ඇහුවනම් කියයි රහ ගුණ වැඩි වෙන ක්‍රම

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      චෙෆාකි බොසා නං හොදට දන්නවා ඇති මේවගේ ඒවා ගැන

      Delete
  23. blogger_logo_round_35

    මමත් ආසම දෙයක් සුප්...
    මේ දවස් වල හෙන ගේමක් දෙනවා තෙල් වැඩි කෑම අඩු කරන්න...නලීන් අයියගෙ රෙසපිය පූර්ණ කාලින වසයෙන් රාත්‍රියට භාවිතා කොරන්න ලේසි වගේ.....
    දැනම ටික ටික තෙල් වලින් ඈත් වෙන්න ඕඅනේ නැත්ත බොක්කෙ ඉදන් කොලෙස්ට්‍රෝල් කියයි ඩොකා...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔව් ඔව් මේක පහසුයි ගුණයි රසයි සෞඛ්‍ය සම්පන්නයි.

      Delete
  24. 4612_1153885331604_6370426_n%5B1%5D

    සුප් මගෙ ප්‍රියතම කෑමක් ( බීමක් වෙනකොට ඒතරම් ආස නෑ. කෑලි වැඩියෙන් හැපෙන්න තියන සුප් වලට තමා කැමති.)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ක්‍රීම් සුප් එකට වැඩිය කෑලි හැපෙන එකට මාත් මනාපයි.

      Delete
  25. Dracula-ChrisLee

    කෑම ටිකන් කටට කෙළ උනන ගතියයි (ගාලික් ඇර...)

    අර අයින් කරපු තෙල් තට්ටුවට මොකද කරන්නෙ? වැඩක් ගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔන්න ඩ්‍රැකි පහළින් හේතුව දැම්මා

      Delete
  26. MyPhoto

    මමත් අහන්න හිටියේ, තෙල් තට්ටුව අයින් කරන්නේ ඇයි කියලා? තෙල් නරක තමයි. මේක කරන්නේ ලස්සනටද, නැතිනම් රස ගුණ ගැන හිතලද ?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සත්ව මේදය අහිතකර නිසාත් එසේ මේද තට්ටුව පාවෙමින් තිබියදි අලංකාරයට බාධා ඇතිවන නිසාත් අයින් කරන්නේ. එම තෙල් තට්ටුව පෙන ගතියකින්ද යුතු වනවා.

      Delete
  27. blogger_logo_round_35

    මචං නලියා... කෑම හදන විදිහ වගේම බීර හදන විදිහත් කියලා දුන්නානම් අපේ කස්ටිය තවත් සතුටු වෙයි.. ගෙදරදීම බීර හදන විදිහත් දාමුකෝ....... අපිට නෙමෙයි මේ අටමාට, මෙන්ඩාට, විදානෙට ඒහෙම දැනගන්න ඔ්නෙලු...

    ReplyDelete
  28. 12832864909625

    සුපුයි බීරයි දෙකම බිව්වද අප්පා?

    ReplyDelete
  29. DSC002481

    රසයි වගේ
    මාත් කැමතියි මේ ජාතියෙ කෑම වලට

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT